ෆයිසාල් රජු මරා ඇමරිකාව සවුදියට නාස් ලණුව
ෆයිසාල් රජු මරා ඇමරිකාව සවුදියට නාස් ලණුව දාගත් කතාව!
මෙම ලිපියෙහි මුල්කොටස මුස්ලිම් බල කේන්ද්‍රය කොයිබටද? යන මාතෘකාවෙන් පලවිය. ඇමෙරිකාව විසින් සෞදි තෙල් සම්පත කොල්ල කෑවේ අරැම්කො නොහොත් සෞදි ඇමෙරිකානු තෙල් සමාගම හරහාය. මෙම ව්‍යපෘතියෙන් ඇමෙරිකානුවන් පලවාහැරීමට ෆයිසාල් රජු සැලසුම් කලේය. 1975 වන විට සමාගමේ උපසභාපතිවරයා සහ 60 % ක අයිතිය දේශීය ආයෝජකයන් සතු කොට තිබුනි. 1976 වසර වනවිට සෞදි- අරැම්කො සමාගම 100% සෞදීන් සතු විය යුතු බව ප්‍රකාශ කෙරිනි. 1975 මාර්තු මස 25 දින ෆයිසාල් රජු ඝාතනයට ලක් විය.
ෆයිසාල් රජු ඝාතනයට ලක් වූයේ ඊට දින කිහිපයකට පෙර ඇමෙරිකාවේ සිට පැමිනි ඔහුගේ බෑනා කෙනෙකු වූ බින් මුසෙයිඩ් අතිනි. මුසෙයිඩ් හට එක් සහෝදරයෙක් විය. ෆයිසාල් රජු සෞදියට රූපවාහිනිය හදුන්වා දීමට එරෙහිව ඔහු සටන් කලේය. රියාද්හිදී පැවැත්වූ විරෝධතාවක් අතර තුර පොර බැදීමකදී ඔහු මරනයට පත් විය.
මෙම සිදුවීමෙන් පසුව මුසෙයිඩ් ඇමෙරිකාව බලා පිටත් විය. මුසෙයිඩ් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූ අයෙක් විය. ඔහුගේ පෙම්වතිය වූයේ ඊශ්‍රායෙල් අක් මුල් සහිත ක්‍රිස්ටිනා සුර්මා නම් කාන්තාවකි. මුසෙයිඩ් මත්ද්‍රව්‍ය වලට යොමු කලේ ඇය බව සනාථ විය. මුසෙයිඩ් ගේ නාස් ලනුව ඇය සතුව විය. ෆයිසාල් රජුගේ ඝාතනයෙන් මුලු රජ පවුලම බියෙන් තැති ගෙන තිබුනි. ෆයිසාල් රජු ඝාතන ව්‍යාපෘතිය මොසාඩ් මෙහෙයවූ එකක් බව මැනෙවින් පැහැදිලි විය.
1980 – 88 කාලය පුරා ඉරාන ඉරාක යුද්ධය පැවතුනි. ලෝක බල කදවුරේ සහාය ලැබුනේ ඉරාක පර්ශවය වෙතය. යුද්ධය පුරාවට සෞදි අරාබිය ඉරාකය වෙනුවෙන් මුදල් පොම්ප කලේය. ඉරානයේ දර්ශනය වූයේ උනුත් එකයි මුනුත් එකයි යන්නය. බටහිර හෝ නැගෙනහිර කිසිදු රටක් මත ඉරනය නො යැපුනේය. තමන්ට අවශ්‍ය යුධ උපකරණ ඉරානය තුලම නිෂ්පාදනය කලේය. මේ හේතුවෙන් ඉරානයේ යුධ ශක්තිය අසම සම විය. කෙසේ වුවද සිරියාව ලිබියාව උතුරු.කොරියාව සහ චීනය, ඉරානය වෙත ආධාර ලබා දුනි. 1988 දී ඉරාන-ඉරාක යුද්ධය අවසන් වුවද ඉරානයේ පසමිතුරු හංවඩුව සෞදියට වැදී තිබුනි.
සෞදි අරාබියාව සහ රුසියාව අතර මිත්‍රත්වයක් එදා සිටම නොපැවතුනි. සෝවියට් දේශයයේ ඇෆ්ගන් ආක්‍රමණය සෞදිය විසින් හෙලා දුටුවේය. සෝවියට් හමුදාවට එරෙහි කැරලිකරුවන් ප්‍රමෝට් කලේ සෞදි අරාබියයි (මුජහිඩීන්වරුන්). කුප්‍රකට බින්ලාඩෙන්ද සෞදි- ඇමෙරිකා නිෂ්පාදනයක් විය. 1991දී වසරේ සොවියට් දේශය බිද වැටුනු අතර පෞර රාජ්‍යය කැබලි වලට වෙන් විය. බිඳ වැටුනු සෝව්යට් දේශයේ වහාබිවාදය අවුලුවාලූයේ සෞදි අරාබිය විසිනි. චෙචින්, හර්සගෝවියා ඇතුලු බොල්ශෙවික් කලාපයේ මුස්ලිම් කැරලි කරුවන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුනේ සෞදි අරාබියෙනි.
මේ සියලු කරුනු කාරනා වලටත් වඩා වැදගත් වූයේ බොර තෙල් වෙලඳ පොලයි. ලොව වැඩිම තෙල් නිෂ්පාදනයක් සහිත රට රුසියාවයි. නමුත් රුසියාව ඔපෙක් සංවිධානය තුල නැත. අඩුම පිරිවැයකින් තෙල් බැරලයක් නිෂ්පාදනය කරන්නේ සෞදි අරාබියයි. සෞදින්ගේ බොර තෙල් බැරලයක පිරිවැය ඩොලර් 10 කටත් අඩුය. රුසියාවට ඩොලර් 35 ක පමන පිරිවැයක් දැරිය යුතුය. පවතින වෙලද මට්ටම් යටතේ අයවැය බැලන්ස් කිරීමට රුසියාව බොර තෙල් බැරලයක් ඩොලර් 120 කට විකිනිය යුතුය. සෞදි අරාබියට අවශ්‍ය වන්නේ ඩොලර් 80 පමණි. පිරිවැය අඩු නිසා තෙල් මිල හැසිරවීම සෞදින්ට ලේසිය.
ලොව තෙල් මිල හසුරුවීම සිදුවන්නේ සෞදි- ඇමෙරිකා හවුලට අනුවය. යුරෝපයේ ප්‍රධාන බොර තෙල් සැපයුම්කරු රුසියාවයි. රුසියානු බොර තෙල් බැරලයක නිෂ්පාදන පිරිවැය අධිකය. එහෙයින් නල මාර්ගයක් එලා ඉරානයේ තෙල් තම අත යටින් යුරෝපයට විකිනීම රුසියාවේ සැලසුම විය. එම සැලසුම ක්‍රියාත්මක වූ විට යුරෝපයේ බොර තෙල් ඒකාධිකාරිය රුසියාව සතු වනු ඇත. මෙම නල මාර්ගය ගමන් ගන්නේ ඉරානය , ඉරාකය , සිරියාව හරහා යුරෝපය වෙතය. මේ අනුව රුසියාවට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකුම බා ගත හැකිය.
නමුත් ඊට ප්‍රතිවිරුද්ධ සැලසුමක් සෞදි- ඇමෙරිකා හවුල ගෙන ආවේය. ඒ කටාර් හා සෞදි තෙල්, ජොර්දානය , සිරියාව සහ තුර්කිය හරහා යුරෝපය වෙත යැවීමය. කවර නල මාරගයක් වුවද සිරියාව හරහා යා යුතු විය. සිරියාවේ ජනපති බශාර් අල් අසාද් සෞදි ඇමෙරිකා හවුලේ සැලසුමට එකඟ නොවිනි. ඔහු ඉරාන- රුසියා සැලසුමට එකඟ විය. ඒ අනුව 2012 වසරේදී රුසියාවේ ගෑස්ෆ්රොම් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේය. සිරියානු ජනපතිගේ ගෑස්ෆ්රොම් අවබෝදතා ගිවිසුම සෞදි -ඇමෙරිකා හවුලේ ඇසට කටු අනින්නාක් විය. ඒ අනුව සිරියා ජනපති බශාර් අල්-අසාද් පන්නා දැමීමට සැලසුම් කලේය.
සෞදි- ඇමෙරිකා හවුල විසින් නිෂ්පාදනය කල අයි.එස් කැරලිකරුවන් සිරියානු ජනපති එලවීමේ සටනට යොදා ගත්තේය. ඉන් නොනැවතුනු ඔවුන් රුසියා- ඉරාන තෙල් නලය ගමන් ගන්නා වූ කලාපය ස්වාධීන ඉස්ලමික් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කලේය. සෞදි ඇමෙරිකා හවුල අයි එස් කැරලිකරුවන් මෙහෙයවන විට සිරියාවේ ආරක්ෂාවට රුසියාව සහ ඉරානය පැමිනියේය.
මැද පැරදිග නැව් ගමනාගමන්යේ තීරනාත්මකම සමුද්‍ර සන්ධියක් වන හෝමුස් හි පාලනය ඉරානය සතුය. යුරෝපයට පිවිසෙන රතු මුහුදේ තීරනාත්මක සමුද්‍ර සන්ධියක් වන බාබ් එල්මන්ඩෙබ් හි පාලනය එක් පසෙකින් යේමනය සතුය. අනෙක් පසින් ජිබොටි රාජ්ය සතුය. යේමනය යනු ඉරාන සලකුන යෙදූ රටකි. යම් හෙයකින් මෙම සමුද්‍ර සන්ධි දෙක අවහිර කලහොත් සෞදියේ නාවික කටයුතු අඩපනය.
ගල්ෆ් කලාපයේ උපාය මාර්ගික වරායක් ගොඩනැගීම සෞදි- ඇමෙරිකා හවුලේ ප්‍රධාන අවශ්‍යතාවයකි. ඔවුන්ගේ ඉලක්ක ස්ථානය නම් යේමනයේ මුකල්ලාහ් වරායයි. යේමනයට බොරතෙල් සැපයීම සදහා දැනටමත් එම වරාය සෞදිය හා සම්බන්ධ කොට ඇත. සෞදිය විසින් යේමනය ආක්‍රමනය කිරීමේ පිටුපස කථාව නම් මෙම වරාය අත්පත් කර ගැනීමයි. යේමන ආක්‍රමණය සදහා සෞදිය සමග කුවේට්, ඊජිප්තු, සුඩාන, ඔමාන් සහ එමීර් රාජ්‍යය දායක වී සිටියි.
සෞදි – ඇමෙරිකා සැලසුමට එරෙහිව නැවත වරක් ක්‍රියාත්මක වූයේ ඉරානයයි අද සිරියාවේ ආර්ථිකය රැදී පවතින්නේ ඉරාන ආධාර මතය. සිරියාවේ රජයේ හමුදාවන්ට වැටුප් ගෙවන්නේ ඉරානය විසිනි. යේමනයේ හවුති සටන් කරුන්වන්ගේ බර පැන දරන්නේ ඉරානය විසිනි. පකිස්ථානු යුධ ශක්තියේ ප්‍රධාන අනුග්‍රාහකයකු වන්නේ ඉරානයයි.
මෑතක් වනතුරු ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාදක පනවා තිබුනි. සෞදි – ඇමෙරිකා හවුල විසින් බොර තෙල් බැරලයක මිල අසාමාන්‍ය ලෙස පහත හෙලුවේ ඉරානය අඩපන කිරීමටය. නමුත් ඒ කිසිවකින් ඉරානය වැටුනේ නැත. ඉරානයේ ශක්තිය ලෝකයට ප්‍රෙහෙලිකාවක් විය ඉරානය වෙත කටාර් රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන බවට කාලයක් තිස්සේ සැක සංකා පැවතුනි. කටාරය විසින් හමාස් සහ හිස්බුල්ලා වෙත දක්වන අන්‍රග්‍රහය කෙසේ වෙතත් තෙල් ගවේෂනය සහ අලෙවි කිරීමෙදී දෙරට අතර සිදුවන සිදුවන ගනුදෙනු සැගවිය නොහැක.
මෙම ප්‍රවණතාවය යුරෝපය යාකරන යෝජිත කටාර්-සෞදි-තුර්කි තෙල් නලයට කන කොකා හැඩීමකි. ගල්ෆ් කලාපයේ විශාලතම ඇමෙරිකන් හමුදා කදවුර ඇත්තේ කටාර් වලය. කටාර් දෙබිඩි පිලිවෙත ඇමෙරිකාවට උහතෝකොටිකයකි. උනු නිසා බීමට බැරිය කිරි නිසා අහක දැමියද නොහැක. කටාර් රාජ්‍යයට එරෙහිව සෞදිය කටාර් කොටවන්නේ මේ හේතුව නිසාය.
ශිව සේනා, 969, අයි-එස්, අල් කයිඩා, බොදු බල සේනා, තව්හීද් ජමාත් වැනි විවිධ කන්ඩායම් කලින් කලට පැමිනෙයි. බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු, පද, පේලි යොදා ඔවුන්ගේ දැක්ම කැටයම් කර ඇත. පිරිසක් ඔවුගේ අභිලාශ සමග ඇලෙයි, තවත් පිරිසක් ගැටෙයි. සරලව කියතොත්. කෙනෙක් සිතන්නේ ඥානසාර හිමි හෙලයා රකින බවය. අයි-එස් දෙස බලා කෙනෙක් සිතන්නේ ඔවුන් නියම ඉස්ලාමය රැගෙන ආ බවය. මතු වීම සත්‍යයේ ස්වභාවයයි. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල අවැඩක් මිස සේවයක් නොමැත. අයි.එස් සටන්කාමීන් ඉස්ලාමයට කල අවැඩක් මිස සේවයක් නොමැත. මෙම කල්ලි දෙකම කලේ රහස් සංවිධානයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමය. අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ.
භූදේශපාලන කරලියේ බැලූබැල්මට දිස් වන්නේ එක් කතාවකි. තිරය පිටුපස ඇත්තේ තවත් කතාවකි. ලොව වහල් ආධිපත්‍ය බිඳ වැටුනද එය වෙනස් අයුරකින් ක්‍රියාත්මකය. සෘජු යටත් විජිත බිද වැටුනද වක්‍රව එය ක්‍රියාත්මකය. ලෝකයේ දිශානතිය තීරනය කරන්නේ එක් සුවිශේෂි වාණිජ පැලන්තියක් විසිනි. ට්‍රම්ප්ලා, මෝදිලා, සල්මාන්ලා මෙහි ඉත්තන් පමනි.
ලොව තීරනාත්මක දේශපාලන, ආර්ථික සාධක හසුරුවන්නේ යටකී ධන කුවේරයන් විසිනි. නොඅවනත උන්ට මිහිපිට පැවැත්මක් නැත. ඔවුන් අදහන්නේ විශේෂිත ආගමකි . ඔවුන්ට සේවය කරන රහස් සංවිධාන නන් දෙස පැතිර ඇත. දැන් හෝ නොදැන ඔබත් මමත් එහි සාමාජිකයෙකු විය හැක.
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක
[email protected]
source

Last edited:

+9 