ඔන්න තවත් ටිකක්..
.
දානයේ ආනිසංස ලැබීමට හේතුවන කාරණා තියෙනවා...
ඒ සියලූම කාරණා සපුරා දෙන දානයක ලැබෙන කුසලයේ වටිනාකම විවිධ වෙන්න පුලූවන්ද...?
උදාහරණයක් විදියට කුසගින්නේ ඉන්න අසරණයෙකුට දෙන ඇඳුමකයි, කඨින චීවරයක ලෙස දෙන වස්ත‍්‍රයෙහි ආනිශංස වෙනස් වෙන්නේ කොහොමද....? ඒකේ අඩු වැඩිය තක්සේරු කරන බාහිර බලවේගය කුමක් ද? මට පොඞ්ඩක් ඔය ටික පැහැදිලි කරල දීපංකෝ කොපි පේස්ට් නොකර....
මොකද තමන් කරන කි‍්‍රයාවේ වගකිව යුත්තා තමා මිසක අනෙකකු නොව, අනුන් කළ කී දෑ, කළ දෑ නොතකන්න කියල සඳහන් වෙනවා.... ඒ හින්ද අපි කරන කුසල කර්ම සංඝයාට කළොත් වැඩියි, හි`ගන්නාට කළොත් අඩුයි, කඨින චීවරයට වැඩියි, නිකං පිරිකරට අඩුයි කියල මනින්නේ කවුද...?
ඔය හැම එකක්ම අත්හැරීමේ චේතනාවෙන් දුන්නාම ලැබෙන්නේ ඕන එකම මට්ටමේ (උපරිම මට්ටම* ආනිශංස නෙවෙයිද....?





