ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?

    ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?
    1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය සහ ටි.බි.ඉලංගරත්න මැතිදුන්,එවකට මෙරටේ තෙල් ව්යාපාරයේ නියැලුනු ෂෙල්,කැල්ටෙක්ස්
    ,එසෝ,මොබිල් වැනි විදේශීය සමාගම් වලින් බේරා ගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ තෙල් සම්පතේ ඇති වටිනාකම එම නායකයන් අවබෝධ කරගත් නිසාවෙනි.එතැන් පටන් 2003 වනතෙක් මෙරට ජනතාවගේ ඉන්ධන මගින් වන අවශ්යතාවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුරන ලදි.
    ඉන් පසු 2003 වසරේ එ.ජා.ප.ආණ්ඩුව මගින් සංස්ථාවේ තෙල් ඒකාධිකාරය බිඳ දමමින් ඉන්දියන් ඔයිල් සමාගම(I.O.C.)මෙ
    රටට ගෙන්වාගෙන ඛනිජ තෙල් ව්යාපාරය කෑලි කෑලි වලට කඩන ලදි.

    01) ලෝකයේ දෙවැනි ස්වාභාවික වරාය සමග සංස්ථාව සතු තෙල් ගොඩබෑමේ,පැටවීමේ පසසුකම් සහිත ජැටිය,තෙල් ටැංකි 99 අයත් අක්කර 800 වැඩි භූමි භාගය සමගින් අවු.35 ට ගෙඩිය පිටින් එක් ටැංකියක් වසරකට ඇ.ඩො.1000 බැගින් බදු දෙන ලදි.චීන වරායේ ඉන්ධන ව්යාපාරයේ සම්පූර්ණ අයිතිය හා පාලනය මෙමගින් ඉන්දියාවට අයත් වන ලදි.

    02) කොලඹ නගරයේ විශාලතම භූමිභාගයක් වන අක්කර 106 සමග කොලොන්නාව නිමාවේ තෙල් ටැංකි,ගොඩනැගිලි,බෙදාහැරීම් පද්ධතිය,මුතුරාජවෙල තෙල් ටැංකි,නවීන තාක්ෂණයෙන් යුත් බෙදාහැරීම් පද්ධතිය,ලංකාව පුරා විසිරී ඇති තොග තෙල් ගබඩා 12ට අයත් භූමි,බෙදාහැරීම් පද්ධතිය ඇතුලත් සම්පූර්ණ වත්කම් cpstl (සිලෝන් පෙට්ට්රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් )නමින් සමාගක් පිහිටුවන ලදි.ඉන් 1/3 කොටසක අයිතිය ද රැ.බි.7.3 වැනි සොච්චම් මුදලකට IOC සමාගමට භාර දෙන ලදි.

    ඉන් පසු මේ සියලු වත්කම් වලින් 1/3 කොටසක භුක්ති විදීමේ අයිතිය නීතියානුකූලව IOC සමාගමට හිමි විය.
    තවත් 1/3 කොටසක් CPC ආයතනයටත්,අනෙක් 1/3 කොටස ඉන්දියන් භාරත පෙට්ට්රෝලියම් ආයතනයට විකිණීමට සූදානම් වූ අවස්ථාවේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් එය රැකගත් අතර 2009 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් එය නැවත් සංස්ථාවට ලබාදෙන ලදි.

    දැන් බලපා ඇති ඉන්ධන හිගයට මෙය බලපාන්නේ කෙසේද?

    කොලොන්නාව නිමාවේ පෙට්ට්ර්ල් ගබඩා කල හැකි සම්පූර්ණ ධාරිතාවය මෙට්ට්රික් ටොන් 48000කි.
    1) 92 ඔක්ටේන් 32000
    2) 95 ඔක්ටේන් 16000
    මුතුරාජවෙල පර්යන්තය..
    92 ඔක්ටේන් මෙට්.ටොන්.60000.
    වශයෙන් බෙදී යයි.IOC සමාගම හා CPC ආයතනය ගෙන්වනු ලබන ඉන්ධන කාල සටහනකට අනුව එකගතාවය මත මෙරටට ගෙන්වා වරාය සිට එකම නල පද්ධතිය භාවිතා කර කොලොන්නාව නිමාවටත්,මුතුරාජවෙල බෝයාව භාවිතාකර මුතුරාජවෙල ටැංකි සංකීර්ණයටත් ආයතන දෙකම ගොඩබා තමන්ගේ ඉන්ධන අවශ්ය තාවයන් සපුරා ගනු ලබයි.මේ අනුව IOC සමාගමට වෙනමම වෙන්කරන ලද ටැංකි කොලොන්නව නිමාවේවත්,මුතුරාජවෙවත් නොමැත.
    මේ අනුව.

    01) IOC සමාගම ගෙන්වන ලද මෙට්.ටොන් 30000 යුත් TORM ASTRID නැමති නැව 2015.10.15.දින කොලඹ වරායට ලගා වුන අතර එහි තෙල් වල ගුණාත්මක භාවයේ පවතින ගැටලුවක් මත සස්ථාව එම තොගය ප්රතික්ෂේප කරන ලදි.ඒ අනුව එම නැව වෙනුවට වෙනත් නැවක් ගෙන එන බවට IOC සමාගම සංස්ථාවට පොරොන්දු වුනත් මේ වන තෙක් එය IOC සමාගම ඉටුකර නොමැත.

    02) සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබූ මෙට්.ටොන් 4000 යුත් NAVSkA LADY නැමති පෙට්ට්රල් නැව 2017.11.02,03 කොලඹ වරායට ලගාවීමට නියමිතව වුවත් දැනට ලැබෙන තොරතුරු අනුව එය 2017.11.08 හෝ 09 එන බව පැහැදිලිය.
    දැනට ඇති තෙල් සංචිත (පෙට්ට්රල් )
    කොලොන්නාව .
    92 ඔක්ටේන් 3000mt
    95 ඔක්ටේන් 500 mt
    මුතුරාජවෙල .
    92 ඔක්ටේන් 4500 mt.
    ලංකාවේ ඉන්ධන බෙදාහැරීම දිනකට පෙට්ට්රල් (mt)
    කොලොන්නාව .
    92 ඔක්ටේන් 1500-2000
    95 ඔක්ටේන් 450-500
    මුතුරාජවෙල .
    92 ඔක්ටේන් 1500-2000.
    මේ අනුව රටේ තෙල් ව්යාපාරය ඉන්දියාවට ලබාදීම තුලින් තෙල් බෙදාහැරීමට IOC සමාගම කෙලින්ම දායක වී ඇති බව මනාව පැහැදිලි වේ.

    01)2017.10.15 ප්රතික්ෂේප නැව වෙනුවට වෙනත් නැවක් ගෙනෙනවා යැයි සංස්ථාවට වූ පොරොන්දුව කඩකිරීම .

    02)ඒ තුලින් රට තුල ඇති අර්බුදය හමුවේ ඔවුනගේ බාල තෙල් රට තුලට ගොඩ බෑමට උත්සාහ කිරීම.
    මේ වන විට මෙමෙ නැව ත්රීකුණාමලය ප්රදේශයේ මුහුදේ නැංගුරම් ලා සිටින බවට තොරතුරු ලැබේ.

    03) මේ වන විට ගෙන්වන පෙට්ට්රල් ලීටරයකින් රු.20/= වැඩි මුදලක් පාඩු ලබන බැවින් IOC සමාගමට රටේ ජන ජීවිතයේ ඉන්ධන අව්ශ්යතාවය සපුරාලීමට බැදී නොසිටීම.

    යන කරුණු තුලින් ඛනිජ තෙල් ව්යාපාරය විදේශිය කරණය,පුද්ගලික කරණය කිරීමේ ප්රතිවිපාක අමන පාලකයින්ට මෙන්ම රටේ ජනතාවට මනාව පිලිඹිබු වන අවස්ථාවක් බවට මෙය හොදම නිදසුනකි.
    පසුගිය කාලය පුරාවටම ජාතික සම්පත් රැකගැනීම උදෙසා ඛනිජ තෙල් සේවකයින් ඇතුලු වෘත්තිය සමිති ව්යාපාරය මෙන්ම රටට ආදරේ කරන සියලූ ප්රගතීශීලි දේශපාලන නායකයින් සහ ජනතාව ඉදිරිපත්වී බේරාගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අයිතිය බව අවසන් වශයෙන් සටහන් තබමි.
    බන්දුල සමන් කුමාර.
    සභාපති.
    ශ්රි.ල.නි.සේ.සංගමය .
    ඛනිජ තෙල්.
     
    • Like
    Reactions: Reebat

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අර්ජුන රනතුංග මෛත්‍රී ගේ සරම ගලවලා තමයි යන්නේ. අර්ජුන වගේ එකෙක්ට බරපතල ඇමතිකම් දුන්න එකම ගොනා මෛත්‍රී.රනිල් රවියට දීලා අන්තිමට රවී රනිල්ගේ කලිසම ගැලෙව්වා. මේ වගේ හරක්ට බරපතල මැතිකම් දුන්නම ආන්ඩුවත් සුස් ගාල වැටෙන්න පුලුවන්:dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    owa danagena ayith munta kathira gahapu pal modayo tikakuth hitya ne
    awlak naha horu alluwa ne
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වැඩක් නැ කතා කරලා රටම කාලකන්නි වෙන්නේ ඔය දියවන්නාවේ ඉන්න ගොන් හුයන්නලා නිසා තමා
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Ooka ohoma wenna oona mkada petrol lankawe ne kiyana eka ape unta terum yanna oona ooka ratin gewana ekak kiyala terenna oona..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෙල් සංස්තාව විතරක් නෙවෙයි බන්... නැව් සංස්තාව ටයර් සංස්තාව පේශ කර්මෙ ඇතුලු සියලු සංස්තා වලට කෙලියෙ යුන්පි උන් තමා... කිරි මණ්ඩලේ තාම ඉතුරු වෙලා තියනවා පොන්නයොන්ට මොන කිරිද කියලා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Now the Chairman of CPC is the brother of Arjuna a former Singer sales guy , Dhammika Ranatunaga. Similae credentials as the one who lost billions for CPC , Ashantha De Mel.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක බාල තෙල් නැවක්නම් මේක තාම නවත්තගෙන ඉන්නවනම් ඕක ආපහු බනවනම් ආන්ඩුවට ඕක හෙලුවෙන් තමයි බාන්න වෙන්නේ.මොකද පහු ගිය ආන්ඩුව කාලෙත් ඔය වගේ එකක් ගෙනෙල්ල බාලා වාහන වලටත් තෙල් ගැහුවා.මේක ගෙනාවේ කවුද? තෙල් ගේන මේ සමාගම මොකක්ද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෙල් සංස්තාව විතරක් නෙවෙයි බන්... නැව් සංස්තාව ටයර් සංස්තාව පේශ කර්මෙ ඇතුලු සියලු සංස්තා වලට කෙලියෙ යුන්පි උන් තමා... කිරි මණ්ඩලේ තාම ඉතුරු වෙලා තියනවා පොන්නයොන්ට මොන කිරිද කියලා
    JUL
    30
    තවත් බාල තෙල් නැවක් කොළඹ වරායට

    තවත් ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000 ක නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙන බව ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බාල පෙට්‍රල් තොගයේ නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බවට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරික්ෂණාගාරය විසින් පරික්ෂාවෙන් පසු දැනුම් දි ඇත. මෙම පෙට්‍රල් තොගයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000 ක් ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල්වන අතර මෙට්‍රික් ටොන් 5000 ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වේ. එම තෙල් තොගය ‘චයිනා ඔයිල් කම්පැනි’ නම් සිංගප්පුරු සමාගමෙන් ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ආනයනය කර ඇති අතර නැවෙන් ලබාගත් පළමු තෙල් සාම්පලය පරික්ෂා කිරීමේදි එහි නියමිත ඔක්ටේන් ප්‍රමාණය නොමැති බව සපුගස්කන්ද තෙල් පරීක්ෂණාගාරය විසින් දැනුම් දි ඇත
    http://athulatha-chathuri.blogspot.com/2013/07/blog-post_2439.html
    මේ දිනවල රැව්පිළිරැව් දෙන බාල ඩීසල් ප්‍රශ්නයේ අහිතකර බලපෑම් අප මුලින් සිතුවාටත් වඩා වැඩිය. දුම්රියට, ලංගමයට, තැපෑලට මෙන්ම එම රාජ්‍ය ආයතනවල මහජන සේවාවන් අඩාල කිරීමට ද "බාල ඩීසල්" ප්‍රශ්නය හේතු වී තිබේ.

    පසුගිය වසරේ බාල පෙට්‍රල් ප්‍රශ්නයේදීත් අපට ඇසුණේ ඉදිරියට එවැනි දේ නොවීමට පියවර ගන්නා බවයි. දැන් මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ ඒ කතාවමය. හෙජින් ගිවිසුම්වලට වගකිවයුත්තන් සම්බන්ධයෙන්ද නීතිපති උපදෙස්‌ විමසා ඉදිරි පියවර ගන්නා බව ඔහු ගිය වසරේ (2011) දී ප්‍රකාශ කළත් එවැනි දෙයක්‌ද සිදුව නැත. කවරක්‌ නමුත් කොයි කාලයේ සිදු වුවද තෙල් සංස්‌ථාවේ සිදුවන මේ පාපකර්මවලට මහජනතාව වගකිව යුතු නැත. එසේ නම් හෙජින් සහ බාල තෙල් පාපකර්මවල කරුමය මහජනයා පිට නොපැටවීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හෝ ගත යුතුව තිබේ. එම වැරැදිවලට ඇමැති ප්‍රේමජයන්ත පෞද්ගලිකව වගකිව යුතු නැති වුවත්, වත්මන් විෂයභාර ඇමැතිවරයා ලෙස ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත්තේ ඔහු විසින් ය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

    දුම්රිය, බස්‌ රථ සහ වරායේ දොඹකර ඇතුළු ඩීසල් වාහන ලෙඩ කළ බාල ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ සිදු කළ රසායනාගාර වාර්තා අනුව එම තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. එහෙත් එම තෙල් භාවිතයෙන් වාහන ලෙඩ වෙනවා නම් එම ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. එය පිළිගන්නා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා (07 දා) "දිවයින" සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ ප්‍රකාශ කර තිබිණි.

    "ප්‍රශ්න මතු වූ ඩීසල් සම්බන්ධව කළ රසායනාගාර පරීක්‍ෂණ වාර්තා අනුව ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නෑ. නමුත් වාහන 150 ක්‌ අතරමග නතරවීම, දුම්රිය එන්ජින් පහක්‌ නතර වීම නිසා ඩීසල්වල ප්‍රශ්නයක්‌ ඇති බව පිළිගන්නවා. ඒ නිසයි මම උපදෙස්‌ දුන්නේ ඩීසල් සාම්පල් මැදපෙරදිග රටකට අමතරව යුරෝපයේ රටකට යවා පරීක්‍ෂා කරන්න කියලා."

    විදෙස්‌ රටවලට යවා මේ තෙල් සාම්පල් පරීක්‍ෂා කිරීමටද බර වියදම් දැරීමට සංස්‌ථාවට සිදුවනු ඇත. එහෙත් එය සිදුකරන එක හොඳය. එමගින් තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හරිහැටි සොයාගෙන එසේම රජයේ විගණකාධිපතිවරයා මගින් සිදු කරන විගණන පරීක්‍ෂණයෙන් ද මීට වගකිවයුත්තන් ද සොයාගෙන, ඔවුන්ට එරෙහිව නිසි පියවර ගත හැකි නම් වඩාත්ම හොඳය. ඒ අනුව වරදකරුවන්ට නීතියෙන් දඬුවම් ලබා දී රජයට (මහජනතාවට) සිදුවන පාඩුව ඔවුන්ගෙන් අය කර ගත යුතු බව අපේ හැඟීමයි. එසේ නොකර මේ බාල තෙල් ප්‍රශ්නය ගැන මොන තරම් පරීක්‍ෂණ පැවැත්වුවත්, එම තෙල් සාම්පල් විදෙස්‌ රටවලට යවා පරීක්‍ෂා කරනු ලැබූවත් අවසානයේ සිදු වන්නේ එම විදෙස්‌ රසායනාගාර වාර්තා ලබා ගැනීමට යන වියදම් ද තෙල් සංස්‌ථාවේ දැවැන්ත පාඩුවට එක්‌වී එය මහා භාණ්‌ඩාගාරය හෝ තෙල් මිල ගණන් හරහා, මේ ප්‍රශ්නවලට වගකිවයුතු නැති මහජනතාව පිට පැටවීමයිá ඩීසල් වාහනයක්‌ තබා පාපැදියක්‌වත් නැති ජනතාව මත ද පැටවීමයි. වරදක්‌ සිදු වී ඇත්නම් වරදකරුවන් ද සිටිය යුතුය. මේ බාල ඩීසල් ප්‍රශ්නයේදීවත් එම වරදේ කරුමය මහජනතාව පිට නොපැටවෙන ලෙස පියවර ගන්නැයි මහජනතාව වෙනුවෙන් අපි ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්තගෙන් මෙන්ම එම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංගගෙන්ද ඉල්ලා සිටිමු. මෙය අපට ලිවීම පහසු කටයුත්තක්‌ වුවත් එම වගකීම් ඉටු කිරීමට අපහසු දේශපාලන සංස්‌කෘතියේ ප්‍රශ්න එම දෙපළටම තිබෙනවා විය හැකිය. ඒ නිසා බාල තෙල් ප්‍රශ්නවලදී පමණක්‌ නොව රාජ්‍ය අංශයේ සිදුවන සියලුම වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීමට නම් ජනාධිපතිවරයා ද ඒ සම්බන්ධයෙන් තදින් සිටිය යුතුය.

    මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විවිධ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සංවර්ධන රැස්‌වීම්වලට සහභාගි වෙයි. මේ අනුව අගෝස්‌තු 06 වැනිදා පැවැති බදුල්ල දිස්‌ත්‍රික්‌ විශේෂ සංවර්ධන රැස්‌වීමේදී ජනාධිපතිවරයා, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන්ට නියෝග කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ සිදු කෙරෙන දැව ජාවාරම් හා සතුන් දඩයම් කිරීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. එසේම ජනාධිපතිවරයා තවත් මහජන ප්‍රශ්න රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට උපදෙස්‌ දෙන අයුරුද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වගකීම් මතක්‌ කර දෙමින් තදින් කතා කරන අයුරුද අපට විද්යුත් මාධ්‍ය මගින් දැක ගැනීමට ලැබිණි. මේවා අපි අගය කරමු. එහෙත් මේ පිළිවෙත බාල තෙල් ප්‍රශ්නවලදී, හෙජින් ප්‍රශ්නයේදී මෙන්ම සෙසු මහා පරිමාණ දූෂිත තත්ත්වයන්ට එරෙහිව ද එක ලෙසම තිබිය යුතු බව මහජනතාවගේ අපේක්‍ෂාවයි. ඒ නිසා රාජ්‍ය අංශය තුළ සිදුවන වැරැදිවලට එරෙහිව නිසි පියවර ගැනීමේ පිළිවෙත සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ වැරැදිවලට ද එක සමානව ක්‍රියාත්මක විය යුතුය. ලොකු වැරැදිවලට වගකිවයුත්තන් නිදැල්ලේ සිටියදී පොඩි වැරැදි කළවුන්ට පමණක්‌ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ විෂම පිළිවෙත නතර විය යුතුය. එසේම වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගැනීම මාධ්‍ය සංදර්ශනවලට පමණක්‌ සීමා නොවී සැබැවින්ම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක්‌ විය යුතුය. එහෙත් රජයේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් තුළින් අපට පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

    ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පවසන පරිදි බාල ඩීසල් භාවිතයෙන් ලංගම බස්‌ රථ 250 ක්‌ ලෙඩ වී ලංකා ගමනාගමන මණ්‌ඩලයට රු. ලක්‍ෂ 60 ක පාඩුවක්‌ සිදුව ඇත. මේ බස්‌වල, හානියට පත් ඔයිල් ෆිල්ටර් දැමීමට ලක්‍ෂ හයක්‌ පමණ වැය වී තිබේ. බස්‌ ලෙඩ වීමෙන් ලංගමයට ගමන්වාර 289 ක්‌ අහිමි වූ අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්‌ රථ ද ඊට ඇතුළත් වූ බැවින් එම ගමන්වාර 38 ක්‌ ද අහිමි විය. මේ බාල ඩීසල් භාවිතයෙන් ලංගමයට සිදුවූ අලාභය තෙල් සංස්‌ථාවෙන් අයකර ගැනීම සඳහා ලංගමය දැන් තෙල් සංස්‌ථාවත් සමඟ සාකච්ඡා කරමින් සිටී. එසේ සාකච්ඡා කර ලංගමයට සිදුවූ පාඩුව තෙල් සංස්‌ථාවෙන් අය කර ගනු ලැබුවද සිදුවන්නේ ඒ පාඩුව නිසා තෙල් සංස්‌ථාවේ පාඩුව තවත් වැඩිවීමයි. මේ නිසා රාජ්‍ය ආයතන අතර බාල තෙල් පාඩුව කෙසේ හුවමාරු කර ගනු ලැබුවත් එහි බර මේ රටේ මහජනයා පිට පැටවීම වැළැක්‌විය නොහැකිය. එසේ වැළැක්‌වීමට නම් වැරැදි කළවුන්ට දඬුවම් දීමට අමතරව එම සිදුවූ පාඩුව ඊට වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතු ද වෙයි.

    බාල ඩීසල් යෙදීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ලෙඩ වූ වාහන ගණන 26 කි. මේ නිසා තැපැල් ප්‍රවාහන කටයුතු අඩාල වී තැපැල් දෙපාර්තමේන්තුවට රු. දශ ලක්‍ෂයක පමණ පාඩුවක්‌ සිදුව ඇතැයිද වාර්තා වේ. බාල ඩීසල් නිසා ලෙඩ දුන් වාහන විසි හයේම තිබූ ඩීසල් සියල්ල ඉවත් කරනු ලැබූ අතර ඒවාට අලුත් ඔයිල් ෆිල්ටර් සවි කර අලුත්වැඩියා කිරීමට සිදුව ඇත. මේ සඳහා යෙදූ එක්‌ ඔයිල් ෆිල්ටරයකට වැය වී ඇති මුදල රු. 7,550 කි. තැපැල් දෙපාර්තමේන්තුවට සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා දිනකට වාහන 50 ක්‌ අවශ්‍ය වුවද වාහන 26 ක්‌ ලෙඩ වීම නිසා එම ප්‍රවාහන කටයුතු අඩාල විය. ඒ අනුව සිදුවූ දේ නම් ලියුම් කණුවල ඇති ලිපි එකතු කර ගැනීමේ සහ බෙදාහැරීමේ කටයුතු අඩාල වීමයි මහජනතාවට නියමිත දිනට වඩා ප්‍රමාද වී අදාළ ලිපි ලැබීමයි. මේ නිසා කී දෙනෙක්‌ට නියමිත සම්මුඛ පරීක්‍ෂණ දිනයට පසුව අදාළ ලිපි ලැබුණේ දැයි අපි නොදනිමු. තව කී දෙනෙක්‌ කවර අපහසුතාවන්ට මුහුණ දුන්නේද යන්නත් අප දන්නේ නැත. තෙල් සංස්‌ථාවේ පසුගිය වසරක කාලයේදී සිදු කළ ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳ විගණනයක්‌ කිරීම සඳහා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ට දැනුම් දී තිබේ. මේ විගණනය තුළින් බාල ඉන්ධන ගෙන්වීමට සම්බන්ධ නිලධාරීන් සහ ඉන්ධන මාෆියාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැති ප්‍රේමජයන්ත මාධ්‍යයට පවසා තිබිණි. එම විගණන වාර්තාව ලැබුණු පසු එම අකටයුතුකම්වලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා තිබිණි. 2011.08.01 සිට 2012.07.31 අතර කාලයේ ක්‍ෂණික ඉන්ධන මිලදී ගැනීම් හා ඉන්ධන තොග කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මේ විගණන කටයුතු සිදු කිරීමට නියමිතය.

    තෙල් සංස්‌ථාවේ මේ බලවත් අපල අතරේ පෙරේදා (07 දා) දිනයේ සංස්‌ථාවේ ඩීසල් බවුසරයක්‌ පෙරළී ගිය පුවතක්‌ද වාර්තා වී තිබිණි. එය තෙල් සංස්‌ථාවට අයත් මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ සිට හැටන් කොටගල පිහිටි ගබඩා සංකීර්ණය දක්‌වා ගමන්ගත් ඩීසල් ලීටර් 33,000 ක්‌ රැගත් බවුසරයකි. ඒවාත් බාල ඩීසල් දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් එම ඩීසල් විශාල ප්‍රමාණයක්‌ කඳු බෑවුමෙන් ගලා බසින මහවැලි ගඟට ගලා ගොස්‌ ඇති බවද සිද්ධිය වන අවස්‌ථාවේ බවුසරය පැද වූ රියෑදුරා බීමත්ව සිටි බවද ඔහුව අත්අඩංගුවට ගත් බවද ගිනිගත්හේන පොලිසිය පවසා තිබිණි. බීමත්ව රිය පැදවීම අනතුරුදායක ක්‍රියාවක්‌ බව අපි දනිමු. එසේ තිබියදී "වහා ගිනි ඇවිලෙන සුලුය" කියා තෙල් බවුසරයේ ම ප්‍රදර්ශනය කරගෙන යන තෙල් සංස්‌ථාවේ රියෑදුරන් බීමත්ව ඒවා ධාවනය කිරීම වඩාත්ම අනතුරුදායකය.

    තෙල් සංස්‌ථාවේ ඉහළ නිලධාරීන් මෙන්ම පහළ සේවකයන් ද වගකීමෙන් තොරව කටයුතු කරන බව ඉහත සිදුවීමෙන් අපට පෙනේ. එහෙත් වෙනසක්‌ ඇත. එනම් හෙජින් වැනි මහා පරිමාණ අකටයුතුකම්වලට වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු පියවරක්‌ නොගනිද්දී පහළ මට්‌ටමේ සේවකයාට නීතිය වෙනස්‌ අයුරින් ක්‍රියාත්මක වීමයි. ඉහත සඳහන් කළ ඩීසල් බවුසරය පැද වූ රියෑදුරු වහාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් තෙල් සංස්‌ථාවේ මෙන්ම රාජ්‍ය ආයතනවල මහා පරිමාණ මට්‌ටමේ වැරැදි කරන නිලධාරීන්ට එරෙහිව වහාම හෝ ප්‍රමාද වී හෝ මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක්‌ අපට දකින්නට නැත. "ආසියාවේ ආශ්චර්යය" කරා රට ගෙන යනවාය කියන ආණ්‌ඩුව මේ මහා පරිමාණ වැරැදිවලට එරෙහිව නිසි ලෙස ක්‍රියා නොකිරීම ගැන අපට කීමට ඇත්තේ එය "ආසියාවේ ආශ්චර්යය" කරා යන ගමනට එරෙහි වීමක්‌ බවයි. එසේම එය එම වැරැදිවලට වගකිවයුතු නැති යුද ජයග්‍රහණයේදී මෙන්ම තවමත් රජයට ශක්‌තිය දෙමින් සිටින බහුතර මහජනයාට කරන බලවත් සතුරුකමක්‌ ද වන බවයි. රාජ්‍ය අංශය තුළ සිදුවන මේ මහජන සතුරුකම් මුළුමනින්ම නතර වීම කෙසේ වෙතත් ඒවා හැකිතාක්‌ උපරිම මට්‌ටමක්‌ දක්‌වා අවම කර ගැනීමට රජය පියවර ගත යුතුව තිබේ. එය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා රැගෙන යැමට අත්‍යවශ්‍ය දෙයකි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත - දිවයින පුවත් පත අනුග්‍රහයෙනි
    උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

    ලංකාවේ ජනතාව මැරී ඉපදී ඇතැයි සිතා සුදනෙකු වීමට වලිකන තෙල්-බාල සුසිල් හෙවත් සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිව සිටියදී ලමුන් සුපිරි පාසැල් වලට ඇතුලත් කරවීමට සිය බිරිඳ ලවා පගාව ගෙන හසුවීම නිසා බිරිඳ වස බිව් පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    සුසිල් ප්‍රේමජයන්ත යනු බණ්ඩාරනායක පවුලේ ඉඩ කඩම් සම්බන්ධයෙන් කටයුතු කළ පවුලේ නීතිඥවරයා ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් පවුලේ හිතවත් කම මත වෙනත් ජ්‍යෙෂ්ඨයන් සිටියදී බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ධූරය සුසිල් ප්‍රේම ජයන්තට ලබා දුන්නාය. ඉන් නොනැවතුනු චන්ද්‍රිකා ජනාධිපතිවරිය සුසිල් ප්‍රේම ජයන්තව පසුව පාර්ලිමේන්තුවට ගත් අතර ඔහුට අධ්‍යාපන ඇමැති ධූරය ද තම පවුලේ බූදලය මෙන් තිබූ අත්තනගල්ල සංවිධායක ධූරයද ලබා දුන්නාය. ජාන ගත වංචනිකයෙක් වූ සුසිල් ප්‍රේම ජයන්ත විසින් කෙළේ චන්ද්‍රිකාගේ විශ්වාසය තහවුරු කිරීම නොව සුපිරි පාසැල් වලට ලමුන් ඇතුලත් කිරීමට තම බිරිඳ හරහා පගාව ගැනීමයි. චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ හිතවත් අයගෙන් පවා සුසිල් සහ බිරිඳ පගාව ගැනීම නිසා මේ පුවත චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ කණට වැටුනා ය. එවිට ඇය සුසිල්ගේ බිරිඳ අමතා දැඩි ලෙස බැන වැදී තමා සුසිල්ව අධ්‍යාපන ඇමැති ධූරයෙන් ඉවත් කරන බවද පැවසුවාය. තම ස්වාමියා සමග පගා ගැනීම හෙලිවී තමා පමණක් බැණුම් ඇසීම නිසා ලැජ්ජාවටත් කම්පනයටත් පත් සුසිල්ගේ බිරිඳ ඊට දිනකට පසු සිය දිවි නසා ගැනීම සඳහා නිදි පෙති පානය කළාය. පසුව වහ වහා රෝහලට ඇතුලත් කර ගැනීම නිසා ඇයගේ දිවි බේරුනාය. මෙම සිදුවීමෙන් ටික දිනකට පසුව සුසිල් ප්‍රේම ජයන්තගෙන් අධ්‍යාපන ඇමැති ධූරය යලි ගත් චන්ද්‍රිකා ජනාධිපතිවරිය එය ඇය යටතේම තබා ගත්තා ය.

    චන්ද්‍රිකාගේ ඇවෑමෙන් හොරකමට ආශිර්වාදයක් වූ රාජපක්ෂලා බලයට පැමිණීමෙන් පසු රාජපක්ෂ රෙජීමය විසින් වැඩියෙන්ම වංචා කළ හැකි, වැඩියෙන්ම කොමිස් ගැසිය හැකි ඛනිජ තෙල් ඇමැති ධූරය සුසිල් ප්‍රේම ජයන්ත වෙත ලබා දුන්නේය. රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කොමිස් ගහමින් වැඩි කොටස රාජපක්ෂ වරුන්ට ලබා දෙමින් ඉතා අනගි “සේවයක් “ සුසිල් විසින් රාජපක්ෂලා වෙනුවෙන් ඉටු කරන ලද නමුත් වැඩේ වකූරු වූයේ විශාල කොමිස් කුට්ටියකට වතුර සහිත බාල ඉන්ධන තොගයක් ගෙන්වීම නිසා ය. එම කොමිස් කුට්ටිය ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගියේ සුසිල්ගේ පුත්‍රයා ය. වතුර සහිත ඉන්ධන ගැසූ වාහන රට පුරාම අතර මග නතර වූ අතර රට පුරා දැවැන්ත විරෝධයක් පැන නැගිණ. මේ හේතුව නිසා කෙතරම් කොමිස් මුදල් බෙදා හදා ගත්තද සුසිල් ප්‍රෙම් ජයන්තව ඛනිජ තෙල් ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට රාජපක්ෂලාට සිදුවූ අතර එම ඇමැතිධූරය ඊලඟ විශ්වාසවන්ත කාක්කා වූ අනුර ප්‍රියදර්ශන වෙත බාර දුන්නේය. අනුර ප්‍රියදර්ශන ඛනිජ තෙල් ගැහිල්ල කෙතරම් සාර්ථක ලෙස ඉටු කරමින් රාජපක්ෂ රෙජීමයේ විශ්වාසය දිනා ගත්තාද යත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප ලේකම් ධූරය හැර පියා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පැමිණි පසු ශ්‍රීලනිපයේ ලේකම් ධූරය ලබා දුන්නේද අනුර ප්‍රියදර්ශනට ය.

    අද මහින්ද රාජපක්ෂ නම් නීල කාස හොරා යලි බලයට ගෙන ඒමට පක්ෂයේ සභාපතිවරයාටත් හොරා වැදගත් වැඩ කොටසක් කරන ලද්දේ සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන දෙදෙනාය. සන්ධාන ලේකම් සහ ශ්‍රීලනිප ලේකම් ලෙස ඒ කුමන්ත්‍රණ දෙදෙනා විසින් ඉටු කෙළෝය. මෛත්‍රීපාල සභාපතිවරයා විසින් සදන ලද නාමයෝජනා ලැයිස්තුව මේ දෙදෙනා විසින් රාජපක්ෂවරුන් සමග කතා කර වෙනස් කරන ලදැයි මර්වින් සිල්වා හෙළිදරව් කර තිබිණ. මොවුන් එතරම්ම රාජපක්ෂ හොරුන් සමග ඇදී බැඳීමක් පවතී.

    මෙහි ඇති අපූර්වතම උපහාසය නම් අද පැවැති එක්සත් ජනතා නිදහස් සංධාන මංගල රැලියේදී සුසිල් ප්‍රේමජයන්ත සිදුකළ කතාවයි. අද පවතින මූල්‍ය අපරාධ විශේෂ විමර්ශන ඒකකය වෙනුවට ඔවුන්ගේ ආණ්ඩුවක දී පාර්ලිමේන්තු පනතක් මගින් දූෂන සෙවීමට නව ආයතනයක් පිහිටුවන බව පැවසීම එකී උපහාස කතාවයි. වසර 10 ක් බලයේ සිටි රාජපක්ෂලා සහ සුසිල්ලා විසින් එවැනි ආයතනයක් පිහිටැවූයේ නැති අතර ඒ වසර 10 තුල සුසිල්ගේ බිරිඳට සිය දිවි නසා ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුනේ ද නැ
    රජය හදන්නේ බාල තෙල් ගෙන්වීමේ වගකීම බලධාරීන්ට දීලා ඇඟ බේර ගන්න – රවී කරුණානායක
    Written by Admin on 21 ජූලි 2011
    ravi press newලංකාවට රජයේ අනුමැතියකින් තොරව ඇල්පෙනෙත්තක්වත් ගෙන්වන්න බැරි මේ කාලයේ බාල තෙල් රටට ගෙන්වීම අත්වැරැද්දකින් සිදුවූවා යැයි පැවසීම විහිළුවක් බව අද (21) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වූ එජාප ජාතික සංවිධායක රවී කරුණානායක පවසයි. තවද මෙම වංචාවද වෙනදා මෙන්ම බලධාරීන් වෙත පටවා රජය ඇඟ බේරා ගැනීමට උත්සාහ කරන බවද රවී කරුණානායක පවසයි. මෙලෙස ලංකාවට ගෙන ආ කෝටි ගණනක් වටිනා තෙල්වල ඉමල්ෂි ෆයර් නැමැති රසායන ද්‍රව්‍ය 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් අඩංගුව තිබූ බව අවධාරණය කරන රවී කරුණානායක, මේ බාල තෙල් යෙදීම නිසා එජාප නායකගේ වාහනයට රු.95000ක් වියදම් වූ බවත් එජාප භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුවගේ වාහනයට රු.75000ක් වියදම් වූ බවත් අවධාරණය කරයි. තවද මෙම තෙල් යෙදීම නිසා රට පුරා වාහන 10000කට පමණ මේ ඉරණම අත්ව ඇති බව ද හෙතෙම පවසයි. රජය මේ සිදු කරන වංචාවෙන් පෙනී යන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් ගෙන්වීමට හැකියාව තිබියදී වැඩි කොමිස් මුදලක් ලබා ගැනීම පිණිස සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකින් තෙල් ලබා ගනීම බව රවී කරුණානායක අවධාරණය කරයි.
    රාජපක්ෂ ආන්ඩුව ඉන්න කාලේ නම් සුපිරිම තෙල් ගෙනාව මතකයි:lol::lol::lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    CEYPETCO eka strike karama ratatama thel denne IOC eka witharai.

    CEYPETCO karayo awurudata 2-3 serayak wath strike neda? :lol:
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක බාල තෙල් නැවක්නම් මේක තාම නවත්තගෙන ඉන්නවනම් ඕක ආපහු බනවනම් ආන්ඩුවට ඕක හෙලුවෙන් තමයි බාන්න වෙන්නේ.මොකද පහු ගිය ආන්ඩුව කාලෙත් ඔය වගේ එකක් ගෙනෙල්ල බාලා වාහන වලටත් තෙල් ගැහුවා.මේක ගෙනාවේ කවුද? තෙල් ගේන මේ සමාගම මොකක්ද?
    During the last CPC strike, People had no option other than IOC.

    There are contractual procedures that need to follow in returning goods brought by sea. That takes few days and that need to be understood.

    Its time to introduce a third player into fuel market and give customers choice rather than solely depend on IOC and CPC union mafia.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ට්‍රින්කො තෙල් ටැංති ටික දුන්නම ඉතිරි අඩුපාඩුවත් හරියයි.......