මල්සෙවන් ආයෙත් ගියා ආත්මෙට.
මේ ප්රශ්නය වැරදී. පංචස්කන්දයේ ආත්මය ඇත නැත කියනකොට ආත්මයක් කියන සංකල්පය තහවුරු කරං ඉවරයි. ඒ ප්රශ්නය ඇසිය යුත්තේ,
"සත්වයා විසින් ආත්මයක් කොට ගන්නා දෙය, ආත්මයක් (මමය මගේය) විදිහට ගන්න/සලකන්න පුලුවන්ද කියල" (ඇත නැත නෙමෙයි ඔන්න, ආත්ම අසම්ප්ශන් එක)
ඒ කියන්නෙ ආත්ම කොට තකන්නෙ මොකද්ද කියන තැනට ඇවිත් ප්රශ්නකරනකොට තේරෙනව එහෙම "ආත්ම" කොට ගැනීමක් කරන්න බෑ කියල. (අනුරාධ සූත්රයෙ මේක පංචස්කන්ධය මාර්ගයෙනුයි, පොට්ටපාද සූත්රයෙ මේක ඒ ඒ අය ආත්ම කරගෙන තිබෙන ආකාරවලිනුත් විසඳනව බුදුන්). පංචස්කන්ධ ආශ්රයෙන් මේ ප්රශ්නය "විසඳීමකුයි" බුදුන් කරන්නෙ.
මල්සෙවංට වෙලා තියෙන්නෙ දුටුවෙහි දුටුබවක් පමණක් නොගෙන දුටු දෙයක් අරභයා හිතන එක. දුටුබවින් තොරව/නතරනොවී තිබෙන සෙරෙප්පුවක් අරඹයා තර්ක කරන එක.
බාහිය සූත්රය
"දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති. එවඤ්හි තෙ, බාහිය, සික්ඛිතබ්බං."
"දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය"
ඉතිං දැං දුටුවෙහි දුටුබවක් පමණක ශික්ෂණය අතහැරල දුටුබවෙන් සංකේතවත් කරගත්ත සෙරෙපුපුවට යනකොට සෙරෙප්පුව දුටු කෙනෙක් බිහි වෙලා. දුටුබවෙහි/දක්නාලදබවෙහි දක්නාලද බව පමණක් නොවී දක්නා දෙයක්,දක්නා කෙනෙක් දකිනකොට වැඩේ වැරදිලා ඉවරයි. ඉතින් එතන ඉඳලයි ඔය සෙරෙප්පුව ගැන අහන්නෙ. මල්සෙවන් වැරදි උපකල්පනයට ගිහින් ඉන්නෙ. ඔතන ඉඳන් නගන මේ ප්රශ්නවල මුලම වැරදී.
හිතුවට "ආත්ම ඇත ආත්ම නැත කියනදේ ප්රතික්ශේප කරලයි මම(මල්සෙවන්) ග්රීන්තන්ඩර්ගෙන් මේ ප්රශ්නෙ අහන්නෙ" කියල, මල්සෙවන් දුටුවෙහි දුටුබවින් නොනැවතී දුටු දෙයක් දුටුකෙනෙක් හඟවගෙන ඉවරයි. ඉතින් අහන ප්රශ්නය/යට තියන අසම්ප්ශන් එක දොස් සහිතයි.
අනාත්ම යනු මමය,මගේය මගේ ආත්මයය යනුවෙන් ගන්න නොහැකියාව/යුතු නැති/සැලකිය නොහැකි බවයි..
මෙච්චර කියලත් ඔබතුමාට මේ බුද්ධ වචනයේ තියන සියුම් දාර්ශනික ආකල්පය වැටහෙන්නෑ. ඉතිං වහරක/අභය සරල බණ තමා හරියන්නෙ. ගැඹුරු ධර්ම පර්යායන් නොතේරෙන නිසා ඒව "තමන්ගෙ සිඟිති මොල" වලට තේරෙන හැටියට විකෘති කරල හදාගෙන, විලම්බීත විදිහට පාලියට සිංහලෙන් පද නිරුක්ති දීල යනගමනක් ඕක.
මේ කතාබහ දැකල එකම එක අයෙක් හෝ කඳුබොඩ/නිස්සරණ වන සෙනසුන ආදී (තවත් හොඳ ස්ථාන තියෙනව) සතර සතිපට්ඨානය පුහුණු කරන ආයතනයකට ගොස් එක සතිදෙකක් මෙය පුහුණුවෙනවා කියන තැනට ආවානම්, එසේ පුහුණුවෙලා සතිපට්ඨානය මම බහුල කොට වඩනවා, සිහිය පුරුදු පුහුණු කරනවා, එසේකරල මේකෙ ඇත්ත නැත්ත බලනවා කියන මතයට ආවනම්, මගේ උත්සාහය සාර්ථකයි. එයත් සිදුනොවුනානම් එය උත්සහයකුත් පමණයි.
ඔබතුමා යනගමන ගිහින් බලන්න...