මම නම් කියන්නේ මචං පිළිකාවට සිංහල බෙහෙත් වලින් ගොඩ යන්න අමාරුයි කියලා. මම දන්න කීප දෙනෙක්ම සිංහල බෙහෙත් කරන්න ගිහිල්ලා අන්තිමට මැරුණා. තව දෙයක් තමයි ලංකාවේ මහරගම අපේක්ෂා රෝහලේ තියෙන මැෂින් ගොඩක් යල්පැනපු පරණ ඒවා. ඒක නිසා මම හිතන්නේ පිළිකාවක් කල්තියාම හදුනාගන්න ගොඩක් අමාරුයි. ලංකාවේ මිනිස්සුන්ට හැදෙන පිළිකා සනීප කරන්න අමාරු වෙන්න එක හේතුවක් තමයි යල්පැන ගියපු technology එකක් ලංකාවේ පිළිකා රෝහලේ තියෙන එක. ඊට අමතරව ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර පුරුදු පිළිකා ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා ඇති. ඒත් ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවහම යුරෝපයේ තියෙන රටවල් වලට වඩා ලංකාවේ පිළිකා රෝගීන් අඩුයි.