පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුමුදු වළාවක අදුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිදු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කල සිතක මතු

    චන්දන ලියනාරච්චි
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න
    අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න
    සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න
    අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න

    ඒ සුළඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න
    ප්‍රඥාවේ මිණි පහණින් එළිය ලබා රැදී ඉන්න

    දේදුන්නේ පාට වලින් පියවි දෑස අන්ධ නොවන
    මුළු සක්වල ගී නාදය ඔබ සවනට රැගෙන එන්න

    වඩබා ගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න
    දණින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න

    සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න
    අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න
    සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළුවන්න
    අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වරල පීරා.........
    මල් ගවසා
    ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
    නුඹ මා දිහා හොරැහින් බලා
    කී කතා ගොලූවෙලා ගියා
    ආදරේ හින්දා........

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පාට දේදුණු සේදිලා
    ඈත කදු යායේ
    සීත රෑ සද පීදිලා
    නීල තරු යායේ

    ඈ ළවන් තෙරේ
    සෝ ගී සුසුම් නැගේ
    මීදුම් වළා ලෙසින් පාවී
    ඈතින් හැපී බිදේ

    මා නුවන් දියේ
    පීනා නැගෙම් සදේ
    පායා දුරින් ඇදී ඈ මෙන්
    පාවී නොයන් සදේ

    ~සුනිල් එදිරිසිංහ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වරල පීරා.........
    මල් ගවසා
    ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
    නුඹ මා දිහා හොරැහින් බලා
    කී කතා ගොලූවෙලා ගියා
    ආදරේ හින්දා........

    මේක කාගාවවත් නැත්ද දන්නෑ :nerd:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නොදනිමි :no: රූපවාහිනියේ නවක ගායන තරගයකදි ඇහුනේ කාලෙකට ඉස්සෙල්ල


    සිංදුව නම් මරු... ඒත් කියන්නෙ කවුද කියල දන්නෙ නැහැනෙ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ නැත බැබලෙන්න
    නොපෙනෙයි තරු ගොන්න
    සුනිල් සුලෝචනියේ
    ඔබනෙත් හැර හිනැහෙන්න
    උපුල් නුවන් එළියේ
    අරුමැසි සැනකෙළියේ
    මම සැරිසරමි සඳා
    ප්‍රිය සනහස් සිලි සිලියේ
    සඳ නැත බැබලෙන්න.....

    ╗ ජේ. ඒ. මිල්ටන් පෙරේරා ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳක් නිවී අළුත් සඳක් පිපෙන ලතාවේ
    සිතක් නිවී ලැගුම් ගනී නිවන් තලාවේ

    අතින් අතට මල් සුවඳයි
    සිතින් සිතට මෙත් සිහිලයි
    තුඩින් තුඩට මුණි වරුණයි දෙරණ තලාවේ
    තුඩින් තුඩට මුණි වරුණයි දෙරණ තලාවේ

    සුදින් සුදට සළු සලඹයි
    පියෙන් පියට මුදු ගමනයි
    වතින් වතට සිල් සුවඳයි දෙරණ තලාවේ
    වතින් වතට සිල් සුවඳයි දෙරණ තලාවේ

    මුවින් මුවට තුටු ගඟුලයි
    හඬින් හඬනට තුන් සරණයි
    දුරින් දුරට සඳ කිරණයි ගුවන් තලාවේ
    දුරින් දුරට සඳ කිරණයි ගුවන් තලාවේ

    සඳක් නිවී අළුත් සඳක් පිපෙන ලතාවේ
    සිතක් නිවී ලැගුම් ගනී නිවන් තලාවේ....

    ╗ වික්ටර් රත්නායක ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
    නෑ ආදරේ ඈ සිතේ මා තරම්

    ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
    නෑ ආදරේ ඈ සිතේ මා තරම්

    -TMJ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

    මගෙ පාළු ලෝකයෙ තනිවූ මෙමා
    සක්විතිරජුන් හමුවේ නැත හිස නමා
    සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

    ඔබෙ චේතනා අගනා මා සිතදනි
    අවට ලෝකයෙ බැලුම් විෂකටු වැනි
    ඒ කටු අපේ දෙහදේ පතුලේ ඇනි
    ගන දුක් වේදනා රුධිරය වැනි

    මිල්ටන් මල්ලවාරච්චි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Life it seems will fade away
    Drifting further everyday
    Getting lost within myself
    Nothing matters no one elase

    Fade To Black by METALLICA
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Looking for

    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැතේ

    - චන්දන ලියනාරච්චි -

    හරිම ලස්සන සිංදුවක් :ඔව්:
    කා ගාව හරි තියෙනවනම් දෙන්න :කැපිටල් ඩී:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Looking for

    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැතේ

    - චන්දන ලියනාරච්චි -

    හරිම ලස්සන සිංදුවක් :ඔව්:
    කා ගාව හරි තියෙනවනම් දෙන්න :කැපිටල් ඩී:
    PM එකකින් දෙන්නම් :rofl:
     
    • Like
    Reactions: Zeus
    Status
    Not open for further replies.