~ ළමා ගී එකතුව/Lama Gee ~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
    Malak Nela Genavith Budhu Saduata Piduva

    මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
    ඒ දැක බුදුසාදු මදෙස හෙමිහිට බැලුවා
    බොරුවක් නොව මේ කියන්නෙ
    ඇත්තම ඇත්තෙන්
    මේ මල මම නෙලා ගත්තෙ
    මගෙ මල් වත්තෙන්
    නොදැනෙන නොහැ‍ඟෙන හින්දයි මේ විමසන්නේ
    ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනහෙන්නේ

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි කාලේ දඟ කෙරුවාම
    Podi Kale Danga Keruvama

    පොඩි කාලේ දඟ කෙරුවාම
    හඬමින් කරදර කෙරුවාම
    ඔබ දෑතට අරගෙන මාව
    නලවා දොයි දොයි කිව්වා
    අම්මා පෙම්බර අම්මා
    තාත්තා පෙම්බර තාත්තා

     
    • Like
    Reactions: Clerk_Kent

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රුං රුං හඬ දීලා
    Run Run Handa Deela

    රුං රුං හඬ දීලා
    හොඳ ම තැනක් බලලා
    මුං ඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
    එක පිට එක තබලා
    රං කුඹලා උලුවස්සේ උඩ අපෙ
    පුංචි ගෙයක් හැදුවා

     
    Jul 24, 2008
    1,633
    33
    0
    මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
    Malak Nela Genavith Budhu Saduata Piduva

    මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
    ඒ දැක බුදුසාදු මදෙස හෙමිහිට බැලුවා
    බොරුවක් නොව මේ කියන්නෙ
    ඇත්තම ඇත්තෙන්
    මේ මල මම නෙලා ගත්තෙ
    මගෙ මල් වත්තෙන්
    නොදැනෙන නොහැ‍ඟෙන හින්දයි මේ විමසන්නේ
    ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනහෙන්නේ

    :):):) come on Malinga.. gr8 support!!! keep it up..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරතල් නංගියෙ
    Surthal Nangiye

    සුරතල් නංගියෙ අපෙ අම්මා
    ඇඟ ලේ කැටි කිරි කර නම්මා
    පොඩි අවදියෙ අප හට පෙව් හින්දා
    අම්මට මම වැන්ඳා

    අයියා කීවා මට හරි නෑ
    තාත්ත අම්මට වැඩිය හොඳයි
    නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
    පියාට මම වැන්ඳා

    .......................

    සිරි අය්යේ කරුණක් අසමී
    අම්ම ද තාත්ත ද වැඩිය අගේ
    කරුණාවෙන් සිරි අය්යා අප හට බේරා දෙනවා දෝ
    අම්ම හොඳයි කීවත් වැරදී
    තාත්ත හොඳයි කීවත් වැරදී
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොඳය කියා


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝනික්කා තරහ වෙලා - මාධවී ශිල්පාධිපති
    Bonikka Tharaha Vela - Madhavi Shilpadhipathi

    බෝනික්කා තරහ වෙලා
    පොල්කටු ටික ලිප දාලා
    මගෙ සෙල්ලම් ගේ කැඩිලා
    කරදර මට ගොඩ ගැහිලා

    උදේට පොත් ගොඩක් අරං ඉස්කෝලේ මා යනවා
    අකුරු ලියනවා ගණන් හදනවා
    ලියල ලියල අනේ මගේ අතත් රිදෙනවා
    පන්‍තියෙ ‍වැඩ පාඩම් වැඩ ටියුෂන් වැඩ අමතර වැඩ
    මේ ඔක්කොම වැඩ වැඩිවී ඔළුව රිදෙනවා

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දියබෙරලිය දළු - හර්ෂණ දිසානායක
    Diyaberaliya Dalu - Harshana Dissanayeke

    දියබෙරලිය දළු නෙලන්න ගිය දා
    වැටුණු අනෝරා මහ වරු‍සවේ
    කිරිල්ලියක සේ මා උණුසුම් කර
    පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ

    හේලංකඩ යට හීතල හෙවනේ
    අමල් බිසෝ ගැන කථා කියා දී
    ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
    නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කන් කන් බූරු
    Kan Kan Booru

    කන් කන් බූරු කන් කන් බූරු
    සින් සින් නෝරු සින් සින් නෝරු

    මං කීදේ කරනවද
    ඕඕ..ඕඕ..
    මං කීදේ අහනවද
    ඕඕ..ඕඕ..
    දුවල දුවල දුවල ගිහින්
    සුදු පූසිගෙ චූටි කනින්
    ඇදල මගේ ලඟට දුවල දුවල එන්නකෝ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාන්දරින් ඉස්කෝලෙට - හර්ෂණ දිසානායක
    Pandarin Iskoleta - Harshana Dissanayeke

    පාන්දරින් ඉස්කෝලෙට ටැන්තු කරත්තෙන්‍
    තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
    හනි හනිකට උඹ යනකොට
    පාර කියන් නෑ තෝණෙන්
    පාර තියන් නෑ කෙවිටෙන්