පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහණක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මම මතු සක්විති වෙයි සිතලා දෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පණමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුණේ
ඉහිලා හඳවට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්ප ද නුඹ හා එක මුල්ලේ

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහණක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මම මතු සක්විති වෙයි සිතලා දෝ
...

- වික්ටර් රත්නායක

නුඹ මට සඳකි

 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    පෙරුම් පුරා මම පැතුවට සසරේ
    වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිනේ
    හැඟුම්බරව මම සිටියෙමි මිතුරේ
    තවත් කෙනෙකු මා වෙනුවට පැමිනේ.. ..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ සුසුම් හෙළන්න ඒ සුසුම් සිහිල මට විදගන්න :cool:
    රැය ගුළීවී ඉන්න ළය යහන් තලේ උණූසුම දෙන්න :baffled:

    ඔබ පුරහද වෙන්න ඒ පුරාහදේ ගුළීවී ඉන්න
    මම තරුවක් වෙමි රාත්‍රියට අහසේ පිපෙන

    ඔබ කවියක් වෙන්න ඒ කවිය මිහිරි හඩින් ගයන්න
    මම මිහිරක් වෙමි ඒ කවියේ රස තැන් පුරන




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Amila Malli...Puluwannam Me sinduwe Ithiri Kotasa Post Karanna Ko...

    Kandulu Hela Nebiliyata Sahal Garana Amma...
    Susum Hela Gini dalu gena Lipa Molawana Amma...

    ( Deepika Priyadarshani )

    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
    සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
    ඉණිවැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා

    මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්දා හඬාලා

    කඳුළු හෙලා..

    දරුවන් අනේ රජවෙන තුරු මග බැලුවා
    දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුලක්? කරවා
    බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා///

    ගී පද:රඹුක්කන සිද්ධාර්ථ හිමි

    dl link: http://www.mediafire.com/?2wjd2njizkk
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    I once knew a girl
    In the years of my youth
    With eyes like the summer
    All beauty and truth
    In the morning I fled
    Left a note and it read
    Someday you will be loved.

    I cannot pretend that I felt any regret
    Cause each broken heart will eventually mend
    As the blood runs red down the needle and thread
    Someday you will be loved

    You'll be loved you'll be loved
    Like you never have known
    The memories of me
    Will seem more like bad dreams
    Just a series of blurs
    Like I never occurred
    Someday you will be loved

    You may feel alone when you're falling asleep
    And everytime tears roll down your cheeks
    But I know your heart belongs to someone you've yet to meet
    Someday you will be loved

    You'll be loved you'll be loved
    Like you never have known
    The memories of me
    Will seem more like bad dreams
    Just a series of blurs
    Like I never occurred
    Someday you will be loved

    You'll be loved you'll be loved
    Like you never have known
    The memories of me
    Will seem more like bad dreams
    Just a series of blurs
    Like I never occurred
    Someday you will be loved
    Someday you will be loved


    DEATH CAB FOR CUTIE
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සිදී වියෙලන දිය පොදක් නොව
    ගලා බසිනා උල්පතක් වෙමු
    හැගුම් මත ජීවිතය නොතබා
    බුද්ධියේ ණැන පහන් දල්වමු..

    ඉඩක් නොතියමු කදුලු බිදකට
    සිනහ තවරමු රිදුම් දෙන හද
    පරජිත සුසුමක හඬක් නොව
    දහස් සුවහස් ජය හඬක් වෙමු..

    නැගී සිටිමු අපි අප වෙනුවෙන්
    දිලී නැගෙන හිරු කිරන ලෙසින්
    නැගී සිටිමු යලි යලි විරියෙන්
    හඹා ඇදෙමු හී සර විලසින්..

    නැගී සිටිමු නිදහස වෙනුවෙන්
    නැගී සිටිමු අපි රට වෙනුවෙන්
    නැගී සිටිමු දස්කම් වෙනුවෙන්
    නැගී සිටිමු අප අප වෙනුවෙන්..
     

    nwnbs

    Member
    සක්වල එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහිතලයම කම්පා කරවන
    එකම හඬයි අම්මා...

    මෙතේ බුදුන් දැක නිවන් දකීවා
    ගෙදර බුදුන් අම්මා...

    කල්ප කාල දිගු ගමන් තලාවේ...
    ගිමන් නිවාලන දිය කඳූලයි ඔබ

    කරපිට හිඳුවා එගොඩට පීනා
    සමුදුර තරණය කරලා
    මවකගෙ මුවඟින් විවරණ ලැබුවා
    බුදු හිමි බුදු බව පතලා...


    සුරංඟනාවන් පැල් බැඳ අහසේ
    දොහොත් මුදුන් දී වැඳවැටෙනා සඳ

    රතු ලේ කිරි කල පින් මහිමයටයි
    අම්මාවරු දුක් ගන්නේ...
    ඒ කිරි සුවඳට පරිභව කල පුතු
    නිරයේමයි උපදින්නේ...


    -
    නන්දා මාලිනී / එඩ්වඩ් ජයකොඩි-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ සුන්දර රාත්‍රියට
    තරු එළියට සඳ පානට
    මේ තරමට පෙම් කරන්න
    මට කියා දුන්නෙ ඔබමයි

    දීපිකා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තව ටිකයි... 10,000ට... :D
    ගහපු ගැහිල්ලට මං හිතුවේ අද මං එනකොට 10 කෑලිත් නැතිවෙයි කියලා
    3.gif
    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amila Malli...Puluwannam Me sinduwe Ithiri Kotasa Post Karanna Ko...

    Kandulu Hela Nebiliyata Sahal Garana Amma...
    Susum Hela Gini dalu gena Lipa Molawana Amma...

    ( Deepika Priyadarshani )

    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
    සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
    ඉණිවැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා

    මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්දා හඬාලා

    කඳුළු හෙලා..

    දරුවන් අනේ රජවෙන තුරු මග බැලුවා
    දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුලක්? කරවා
    බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා///

    ගී පද:රඹුක්කන සිද්ධාර්ථ හිමි

    dl link: http://www.mediafire.com/?2wjd2njizkk

    බොහොම ස්තූතියි තිළිණි..පොඩි දෙයක් කීවට අමනාපවෙන එකක් නෑනේ..

    ගීත රචකයා රඹුකන සිද්ධාර්ථ හිමි( රඹුක්කන නෙවේ)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ
    ඇයි ගොළු ගැහුනේ
    සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ


    කපුගේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිනිකැට පොදි
    සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිදුනා..
    සිරි සිරි ගා සැලුනා.. පිනි කැට බිදුනා..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තාරකා මල් පිපී හිනැහෙන
    ප්‍රේමයේ මල් මාවතේ
    පා නගා යමු ඈත ලොවකට
    නිවා ලතැවුල් ජීවිතේ....
     

    nwnbs

    Member
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකෙන් අදිනවා වාගෛය් අහිංසකී
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ එව්වේ ඇයි අළුත් වෙවී
     

    nwnbs

    Member
    පියුම් ගෑවෙන ඔබේ සුදෝ සුදු සළුවේ
    මුවා වී තුරුළු වී නිදන්නට මට හිතයි
    හංස ගීතාවේ... ගායනා තාලේ...
    හංසියේ...සුදෝ සුදු හංසියේ මගේ...

    :rofl:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මල් පොට්ටු පොට්ටු සරසා ගත හැඩ වැඩ වෙනවා
    ගී සින්දු සින්දු මියුරස රැව්පිලි රැව් දෙනවා..
    :) :)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    සුලඟ සේ පාවී ඈ යලි යාවී මා යලි තනිවී පෙර ලෙසේ . .
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිතුරු කොදෙව්වේ
    සමණල හීන ඉසවුවේ
    අතුරු මිතුරු දඹදිවතුරු
    සමණලියේ
    අපි ඉමු තුරු
    පෙම් පුර හද පේන හීනයේ
    මල් මුවරඳ සිඹින දනව්වේ
    එන්න යන්න වන්දනාවේ

    හිමරු & වින්දක
     
    Status
    Not open for further replies.