migaramk's tour of jaffna and යාපනය සවාරියට පෙර ඔබ දැනගත යුතුදේ.....!

Treveen

Member
Aug 4, 2009
225
21
0
ඔබ යාපනය හා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවක් ඇතැයි කියා මම සිතමි,
මෙහි අඩංගු වන්නේ මාගේ යාපනය සවාරියේදී ලද අත්දැකීම් හා ඔබට එයින් ගතහැකි දේ වේ.



මුලින්ම හමුවූයේ මුහමලේ ආරක්ෂක කපොල්ලයි. උතුරට ඇතුළුවන්නේ මෙයින්ය. මෙහිදී ඔබගේ සියලු විස්තර ලබාගනී. සම්පූර්ණ සෝදිසියකටද ලක්වේ.
හැකි ලෙස උදයේ පැමිණීමෙන් ඇතිවන තදබදය වලක්වාගන්න. සති අන්තයේ පැය 5ක පමණ පෝලිම් ඇතිවේ.

24pl57b.jpg


මෙය පසු කළ විට ඇතුළුවන්නේ තදින් දූවිලි සහිත ප්‍රදේශයකට වේ. A.C රහිත වාහනයක යනවානම් මුඛ වැස්මක් තබාගැනීම වාසිය.

1zmgftj.jpg




පසුව වව්නියාව, කිලිනොච්චිය හමුවේ.....

දහවල් ආහාරයට කිලිනොච්චිය නගරයේ අවන්හල් ඇත. හමුදාව මඟින් ඒවා පවත්වාගෙන යයි.

4iebkh.jpg


කිලිනොච්චිය නගරයේ විනාශ වූ ජල ටැංකිය..

a310y0.jpg




ඉරණමඩු වැවද ඔබ නැරඹිය යුතුය..
මෙය උතුරු ප්‍රදේශයට ඇති එකම වැව වේ.

a9mi4h.jpg




අලිමංකඩ මීළඟට හමුවේ....
ඉතාම සුන්දර කලපු ප්‍රදේශයක් වේ, සුදු පාට වැල්ල හා ඈතට පෙනෙන කඳවුර ඔබ ලබාගත යුතුම අත්දැකීමකි.

2rgnv51.jpg


2ppm0l4.jpg


2rh4vpt.jpg


හසලක ගාමිණී විරුවා විනාශකළ ත්‍රස්තවාදී බුල්ඩෝසරය.

2u8dqgl.jpg


2eupn3o.jpg


ජෙනරල් කොබ්බෑකඩුවගේ විනාශවූ රථය..

2czdijq.jpg




පසුව නාගදීපයට යනවානම් හොදය..
නැතහොත් බෝට්ටුක් අල්ලාගැනීමට පැය ගනනාවක් පෝලිමේ සිටීමට සිදුවිය හැක.
සති අන්තයේනම් පැය 12කට වඩා පොලිමක් පවතී. අමුතුම ගමනකි පැරණි බෝට්ටු වලින් යන මෙම ගමනට විනාඩි 20ක් පමණ ගතවේ.
පොඩි යාත්‍රාවට මිනිසුන් 100ක් පමණ පටවයි, බියජනක ගමනකි.

v654cn.jpg


නාගදීප විහාරය..

2i9pgci.jpg


eg7jhs.jpg


34f0l1e.jpg


නාගදීප කෝවිල..

20hulck.jpg


නාගදීප ජැටිය..

o107dg.jpg


නාගදීපයට යෑමට පෙර විශේෂ කරුණු,
1.දූපතේ ජලය පානයට නැත, බෝතල් ගැනීමටද නැත. ජලය රැගෙන යන්න.
2.සනීපාරක්ෂක පහසුකම්ද අඩුවක් පවතී.
3.දූපතේ රාත්‍රී නාවාතැනක් අවශ්‍යනම් පවතී.
4.රාත්‍රීයේදී වැලි පොළඟුන් බහුල බැවින් ආලෝකයක් නැතිව දූපතේ රාත්‍රී ගමන අනතුරුදායකවේ.
5.බෙල්ලන්, වාලම්පුරි, සිප්පි අඩු මිලට විකිණීමට ඇත.
6.තල් රා සොයාගැනීමට අපහසු නැත.



පසුව දඹකොළ පටුන....
සුන්දර වෙරළකි, නෑම සඳහා බෙහෙත් පොකුණ නම් ස්ථානයක් ඇත.

2z9mbn6.jpg


16kxv7t.jpg


2dlj1q1.jpg




යාපනය නගරය....
දැන් ඉතාම දියුණුය. ජනාකීර්ණවේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගැනීමට ඇත.
තල හකුරු, කොට්ට කිලංගු මිලදී ගැනීමට අමතක නොකරන්න.

2ujnlvt.jpg


11toewg.jpg


යාපනයට ආවේණික මෙය ඦායාරූපගත කිරීම පරිස්සමින් කරන්න..

344y07l.jpg


යාපනයේ නවාතැන් පහසුකම් බහුලවේ. නිවසක් දිනකට රු 3000-රු 10000 දක්වා මිලවේ.
කාමර රු 1000ක් පමණ වේ.
කඩ වලින් ආහාර ගත් විට ජලය ලෙස ඔබ ගෙන ගිය ජලය හෝ බෝතල් ජලය භාවිතාකරන්න.



නල්ලූර් කෝවිල....
ලංකාවේ විශාලම කෝවිල මෙය වේ. පිරිමින් උඩුකය නිරුවතින් ඇතුළුවිය යුතුය.

2wox9cm.jpg


කෝවිල ඇතුලේ ඡායාරූප ගැනීම තහනම්වේ. මේවා විශේෂ අවසරයකින් ලබාගත්තේය.

2ufzltt.jpg


2en21wm.jpg



ගමනේ විශේෂ ස්ථාන සියල්ලම පාහේ මෙහි මම ඇතුලත් කර ඇත.
අලිමංකඩින් පසු dialog වලට පමණක් signal ඇත, යාපනය නගරයේදී dialog, mobitel signal ඇත.

http://kantharaya.wordpress.com/
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
අපිත් 2009 ජූලි මාසයේදී ගියා, ඒ වනවිට A9 මාර්ගය විවෘත කර තිබුනේ නැහැ. ගුවන් මගින් යාමටත් අපට පැය 10ක් පමණ ගතවුනා, ගුවන් සේවයේ ප්‍රමාදය සහ ආරක්‍ෂක සෝදිසිය සඳහා ගතවන කාලය නිසා. යාපනයේ ජනයා අපව ඉතා කරුණාවෙන් පිළිගත්තා. ඔවුන් දකුනේ ජනයාට වඩා ඉතාම ආචාරශීලී බව නොකියාම බැහැ. විශේෂයෙන් පාරේ රිය පදවන ආකාරය දකුණේ අයට හොඳ ආදර්ශයක් ( යාර 100න් 100ට හමුදා ආරක්‍ෂක කුටි තිබෙන නිසාද දන්නේ නැහැ. ) කෙසේ වෙතත්, වසර 30ක් පුරා අප සටන් කලේ මෙවැනි ආචාර සම්පන්න අහිංසක ජන කොටසක් සමඟ බව නම් අදහා ගැනීමටත් බැහැ.
යාපනය නගරයේ කිසිම බියකින් තොරව පයින් ගමන් කල හැකියි. ආසියාවේම සුප්‍රසිද්ධ, ඉහතදී ගිණි තබා විනාශ කරන ලද යාපනය පුස්තකාලය, විශ්ව විද්‍යාලය, නාගදීප පන්සල සහ කෝවිල,ආදිය දැක බලාගත්තා. ප්‍රභාකරන් කුඩා කාලයේදී මව්පියන් සමඟ ජීවත්වූ වෙරළබඩ නිවස පවා දැක බලා ගත්තා. එහි වහලය කැඩී ගිහින්. ගරා වැටුනු බිත්ති පුරාම සටන් පාඨ ලියා තිබුනා.
ඔව්,නාගදීපයට මුහුදින් යන විනාඩි 15ක කාලය ටිකක් බියකරුයි, නමුත් සුන්දරයි. ආපසු එන ගමනේදී මුහුද රළු නිසා අපට ආරක්‍ෂක ඇඳුම් ( life jackets ) පවා පැළඳගන්න සිදුවුනා. ගොඩබිමට එන තුරු බියෙන් සිටියෙ.
අප සීංහල බව දැනගත් හැම ආරක්‍ෂක නිලධාරියෙක්ම අපට ඉතා ඉහලින් සැලකුවා. camera phone එක පවා නාගදීපයට ගෙනයාමට, එහි සිටින ස්වාමීන් වහන්සේට කතා කර, විශේෂ අවසර කබා දුන්නා. ස්වාමීන් වහන්සේ කොතරම් සතුටු වුනාද කීවොත් උන්වහන්සේ පවා අප සමඟ ඡායාරූප වලට පෙනී සිටියා.
කෝවිලක පූජාවක් දැකගත්තේ ප්‍රථම වරටයි. පූජාවෙන් පසු, සියළු දෙනා, බිම එලන ලද පැදුරු වල වාඩිවී, එම පරිශ්‍රයේම පිසින ලද දිවා ආහාරයට සහභාගි වන්නේ නියම සහෝදරත්වයෙන්. එහිදී කිසිම උස් පහත් භේදයක් නැහැ. එම දර්ශන අප විසින් වීඩියෝ ගත කිරීම ගැන ඔවුන් ඉතා සතුටු වුනා. කෝවිල ඉදිරිපිට හිඟමන් යදින කාන්තාවක්, අප සමඟ ඡායා රූපයකට පෙනී සිටීමට බැගෑපත්ව ආයාචනා කලා. එම ඉල්ලීම ඉටුවූ පසු, ඇගේ ඉහේ මලක් පිපුනා වගේ අහිංසකව සතුටු වුනා. අපටත් දැනුනේ එවැනිම සතුටක්.
යාපනය අපේම රටේ කොටසක් බවත්, එහි වෙසෙන ජනතාව අපේම සහෝදර ජනයා බවත්, තදින්ම හිතට වැදුනේ යාපනයට ගිය පසුයි.
ඔබ ලබාදී ඇති ඡායාරූප, මගේ සිතට ලස්සන සිහිවටන ගෙනආවා. එයට ස්තුතියි.


:):):):)
 

izzardahamad

Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    nice post , i have been to those places in 2003, that time we could not walk on other than the roads,landmine problems, how about now?
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    mail eka awa, mage thread ekama copy karala, balapan

    nallur kowile pictures wala right side eke migaramk kiyala thiyenawa, eka copy karapy eka dakala na...

    oya mail eka mulinma ewapu ekage mail eka puluwannam hoyala diyan...
    kellek oka kara kiyala mata news ekak awa...
    ok machan mama try karannam
    11.gif