ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිටියෙ_අප්පු;7038053 said:
අඩු ප්‍රමාණයෙන් සුවද දුම් වගේ දෙයක් අල්ලා බලන්න

සුවද දුම් මගින් කෘමීන් පලවා හැරීම හොද අදහසක්..එහිදී කෘමීන්ට වන හානියත් සාපේක්ෂව අවමයි. මෙතන අපිට අවශ්‍ය කෘමීන් එළවා දැමීම විනා ඔවුන් මරා දැමීම නෙමේ. පොළොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජතුමාගෙ සමයේ ලංකාවෙ හාල් බුරුමයට අපනයනය කරලා තියනවා..ඒ තරම්ම සාර්ථක අස්වැන්නක් ලැබුණෙ..කෘමිනාශක ගහලා නෙමේනෙ..;) මෙතනදි පැහැදිලි වෙන තවත් කාරණයක් තියනවා..මෙතනදි එක සත්ත්වයෙක් නිසා තවත් සත්ත්වයෙක්ට කරදරයක් වෙලා තියනවා..ඇත්තටම Intelligent design කියලා දෙයක් තියන creation එකක්නං එක සතෙක්ගෙ ක්‍රියාකලාපක් නිසා හෝ එක සතෙක් නිසා තව සතෙක්ට හානි වෙන්න විදියක් නෑ. දෙගොල්ලොන්ටම අවුලක් නැතිව ඉන්න පුලුවන් තත්ත්වයක් තියෙන්න ඕනි..නමුත් අපි හැමෝම සාමාන්‍ය දැනීමෙන් දන්නා පරිදි එමෙන්ම මෙම සිද්ධියෙන් පැහැදිලි වෙන පරිදි එක සත්ත්වයෙක්ගෙ සතුට වෙනුවෙන් තවකෙක් මරන්න වෙනවා කියන්නෙ එතන හොද බුද්ධිමත් මැවීමක් නැති බවයි. එයින් පැහැදිලි වන්නෙ මවන්නෙක් කියලා කෙනෙක් කොහෙත්ම නැති බව.
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
බුදු හාමුදුරුවො නිගන්ටනාතපුත්තගේ දරුනු ප්‍රායොගික නොවන අවිහින්සාවාදි ප්‍රතිපත්තිය ප්‍රතික්ශේප කලා.
නිඝණ්ඨනාටපුත්ත කියන්නෙ අවිහිංසාවාදයේ කෙළවරටම ගිය කෙනෙක් ..ඒ අය වතුර බිව්වත් බොන්නෙ ජලයේ ඉන්න කුඩා ප්‍රාණීන් ගැන සැලකිළිමත් වෙලා , ඇවිද්දත් , ඉදගත්තත් එහෙමයි ... ඒත් බුදුහාමුදුරුවො කිසි දවසක තමන්ගේ ශ්‍රාවකයනට උපදෙස් දුන්නෙ නෑ මේ විදිහට හැසිරෙන්න කියලා මොකද එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි ... අපි ඇවිදිනකොට කෑම කනකොට නොදැනුවත්වම කී දාහක් ජීවීන් අපි අතින් මැරෙනවද ... ඒත් ඒවායින් අපිට අකුසල කර්ම ඇති වෙන්නෙ නෑ ... අපිට ඒ සත්තු මරණ චේතනාවක් නැති නිසා
" චේතනාහං භික්ඛවේ කම්මං වදාමි "