~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

nwnbs

Member
බොහොම හොඳ වැඩක්නෙ නංගා... :D හැමෝටම එකම තැනකින් සිංදු ටික හොයාගන්න පුළුවන්. ඔයා කලින් දුන්න ඒවට අමතරව මෙතන තියෙන අනිත් සිංදු ටිකත් බලල ගන්නම්කො හිමින් සැරේ... :D බොහොම ස්තුතියි නංගියො... බොහොම පිං... :)
කුමාර සහෝදරයටත් ගොඩක් ස්තුතියි දක්වන සහයෝගයට... :D
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ
රබන් හඬට බබරු නටන ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ





කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ
රබන් හඬට බමරු නටන ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ


 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
KOHA HADAI AURUDU EI

LATHA WALPOLA




කොහා හඬයි අවුරදු එයි //
රටේ තොටේ ඇසුනා රබන් සුරල් නාදේ
කොහා හඬයි අවුරදු එයි //

කිරිබත් කැවුම් කොකිස් මේසෙට හැඩවී එනවා
සිරිකත ගරු කරලා නැකතට සළු පළඳිනවා
සිංහල කෙළි සැල්ලම් පැවතෙන කල රජ වෙනවා
සාමය සමඟි බලේ අප රට තුල පැතිරෙනවා
සිංහල අවුරුද්දේ මංගල වෙඩි සද්දේ
ජයවේ ///

කොහා හඬයි අවුරදු එයි //
රටේ තොටේ ඇසුනා රබන් සුරල් නාදේ
කොහා හඬයි අවුරදු එයි //

ආශිර්වාද ලබා ගන්නට මුනිඳුන් පුදලා
මේ නව අවුරුද්දේ පන්සල් යමු පෙල ගැසිලා
මගෙ රට සරු වෙන්නට පතනෙමු දෙවිඳුන් යැදලා
කිරි පැණි ඉතිරේවා සම්පත සුබසෙත ලැබිලා

සිංහල අවුරුද්දේ මංගල වෙඩි සද්දේ
ජයවේ ///

කොහා හඬයි අවුරදු එයි //
රටේ තොටේ ඇසුනා රබන් සුරල් නාදේ
කොහා හඬයි අවුරදු එයි //


 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වන නැකත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ






මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ මැවෙද්දෙන් නෑගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා //
පංච වඩම් පළඳා

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ

ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නගාලට පින් පලදේ අවුරුදු ජයවී
එක මව් කුසයේ උපදීවා //
මතු මතු සංසාරේ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ


 
Last edited:

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තවත් හොඳ වැඩක් නංගී. ගොඩක් දෙනෙක් තව ටික දවසක් යනකොට මේ ගීත සොයන්න පටන් ගනීවි. ඒ අයට මේ මගේ එකම තැනකින් අවශ්‍ය සියලුම ගීත ගන්නට හැකියාව ලැබෙන එක හරිම පහසුවක් වගේ ම අවුරුද්දට හොඳ තෑග්ගක් වෙයි. මේ වෙන මහන්සියට බොහොමත් ම ස්තූතිය.

    issarahata thama owa oni wenne :P okkoma dl kara gaththa :) thanks

    hehe mage birthday ekath laga enawa :P

    Nice post thanks akka :)

    බාමින් පවතියි....එලමකිරි
    තැන්ක්ස්:yes::cool:

    Niyama vadak sis....thanku so much...gedara gihilla me serama dl karaganna one...

    Nice post akka :D

    Niyamai Elakiri nangi thanxxxxxxx

    :rolleyes::angry:oya nam karoth karanne me wage honda wadak:angry:

    good work sis

    ELA ELA SIS NIYAMAY

    බොහොම හොඳ වැඩක්නෙ නංගා... :D හැමෝටම එකම තැනකින් සිංදු ටික හොයාගන්න පුළුවන්. ඔයා කලින් දුන්න ඒවට අමතරව මෙතන තියෙන අනිත් සිංදු ටිකත් බලල ගන්නම්කො හිමින් සැරේ... :D බොහොම ස්තුතියි නංගියො... බොහොම පිං... :)
    කුමාර සහෝදරයටත් ගොඩක් ස්තුතියි දක්වන සහයෝගයට... :D

    Bohoma Hoda Wedak Thankss Songs Walata

    thnx all for commenting and thnx kumara ayya for the songs and Chrisanthie for the lyrics :D:)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආවා අවුරුදු දේවී//
    සෑදී සතුට සැපත කිරි ඉතිරේවී
    ආවා අවුරුදු දේවී//





    ආවා අවුරුදු දේවී //
    සෑදී සතුට සැපත කිරි ඉතිරේවී
    ආවා අවුරුදු දේවී

    කාලෙට ලැබිලා වැසී
    යල මහ සරුවී පැසී
    අටු කොටු වීයෙන් පිරී
    බත බුලතින් සරුවේවා .. හයි

    ආවා අවුරුදු දේවී //
    සෑදී සතුට සැපත කිරි ඉතිරේවී
    ආවා අවුරුදු දේවී

    සාමයෙ මල් පිබිදේවා
    සිරිකත මෙන් හිනැහේවා
    දෙස බස රැස බැබලේවා
    හළබිම ජයබිම වේවා .. හයි

    ආවා අවුරුදු දේවී //
    සෑදී සතුට සැපත කිරි ඉතිරේවී
    ආවා අවුරුදු දේවී

    වෙනුදෙවි රකිනා සමේ
    සුරිඳුනි සමන් බිමේ
    දෙවිඳුනි කතරගමේ
    මගෙ මව්බිම රැකදේවා .. හයි

    ආවා අවුරුදු දේවී //
    සෑදී සතුට සැපත කිරි ඉතිරේවී
    ආවා අවුරුදු දේවී

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ - වික්ටර් රත්නායක
    http://www.mediafire.com/?ijyzjm5zjmz


    බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
    බක් මහටයි අවුරුද්ද පුරන්නේ
    බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
    බක් මහටයි අපි දීගෙක යන්නේ //

    මහ වැහි වහිනා බක් මාසේ
    හෙන හඬ තලනා බක් මාසේ
    බක් මාසේ
    කොවුලන් හඬනා බක් මාසේ
    පැණි රහ කැවෙනව බක් මාසේ //

    බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
    බක් මහටයි අවුරුද්ද පුරන්නේ
    බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
    බක් මහටයි අපි දීගෙක යන්නේ //

    කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත් //
    දෙන්නා කැමැත්තෙන් හැංගිල යන්නෙත් //
    මංගල මාසේ //
    මංගල මාසේ බක් මාසේ ////
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අවුරුදු ආවා නව අවුරුදු ආවා//
    බක් මාසේ මංගල්ලේ ආවා
    අරබදු මල් පෙති අතු අග සැනහී
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ






    අවුරුදු ආවා නව අවුරුදු ආවා //
    බක් මාසේ මංගල්ලේ ආවා
    එරබදු මල් පෙති අතු අග සැනහේ
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ

    ඔංචිල්ලා පැද්දේ මල්වාරම් සද්දේ
    හරි සාරයි ගම්මානේ බැද්දේ
    දුක් දොම්නස් නෑඟේ සැණකෙලියක් වාගේ
    ජය පාටයි කාටත් අවුරුද්දේ
    කාට කාටත් ජයවේ කාට කාටත් සුබවේ //
    සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
    එරබදු මල් පෙති අතු අග සැනහේ
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ

    අවුරුදු ආවා නව අවුරුදු ආවා //
    බක් මාසේ මංගල්ලේ ආවා
    එරබදු මල් පෙති අතු අග සැනහේ
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ

    රන් පාටයි නෑනේ පින් පාටයි මූණේ
    ටිකිරි හිනා ගම් මැද්දේ පාවේ
    රබන් සුරල් නාදේ මංගල වෙඩි සද්දේ
    කොහෝ හඬින් දස දේසේ නෑවේ
    කාට කාටත් ජයවේ කාට කාටත් සුබවේ //
    සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
    එරබදු මල් පෙති අතු අග සැනහේ
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ

    අවුරුදු ආවා නව අවුරුදු ආවා //
    බක් මාසේ මංගල්ලේ ආවා
    එරබදු මල් පෙති අතු අග සැනහේ
    කාගෙත් සිත් තුල සම්පත හිනැහේ


    එච්.ආර්.ජෝතිපාල
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අවුරුදු නව සඳ පායන්නේ
    කවුරුත් හිසතෙල් ගාගන්නේ
    සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ
    ආවා අවුරුදූ ආවා//






    ලා ලා ල ලා
    හො හො හො හෝ
    ල ල ලා
    හො හෝ හම් හම්

    අවුරුදු නව සඳ පායන්නේ
    කව්රුත් හිස තෙල් ගාගන්නේ
    සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ
    ආවා අවුරුදු ආවා ////

    හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ //
    මේ ජාතික සිරිතෙ ගැලීලා හිස තෙල් ගාලා දිය නාලා//
    පෙර සේම හෙළයාගෙ ජීවිතේ වෙලේ
    ආවා අවුරුදු ආවා ////
    හෝ හෝ හෝ
    අවුරුදු නව සඳ පායන්නේ
    කව්රුත් හිස තෙල් ගාගන්නේ
    සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ
    ආවා අවුරුදු ආවා ////

    පියා සහ අම්මා මාමා නැන්දම්මා //
    මේ අවුරුදු දිනයේ වැඳලා සිදුවූ වැරදී දුරු කරලා //
    පෙරසේම හෙළයාගෙ සිරිත කියා
    ආවා අවුරුදු ආවා ////

    හෝ හෝ හෝ
    අවුරුදු නව සඳ පායන්නේ
    කව්රුත් හිස තෙල් ගාගන්නේ
    සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ
    ආවා අවුරුදු ආවා ////


     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අවුරුදු ලඟාවුනා එරමුදු මල් පිපුනා//
    හෙලයේ මංගලයි මංගලයි මංගලයි
    නටපල්ලා සිරි සුභ නැකත බලා වැඩ අල්ලා//





    thilzz, this link is not working. can you pl. reload the song.
    Thanks.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු

    චක් ගුඩු ගුඩු.. චක් ගුඩු ගුඩු.. //
    චක් ගුඩු ගුඩු .. චක් ගුඩු ගුඩු //
    චක් ගුඩු ගුඩු ගුඩේ කියල
    ගුඩු පනින්න එමුයි කියල
    කොල්ලො කොල්ලො එකට ඉඳල
    දෙන්න දෙන්න දෙකට බෙදිල
    උච්චි උච්චි.. තෝල් තෝල්..
    ඉරද හඳද.. ඉර.....






     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වික්ටර් රත්නායක-බක් මහටයි

    බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ - වික්ටර් රත්නායක
    http://www.mediafire.com/?ijyzjm5zjmz
    බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
    බක් මහටයි අවුරුද්ද පුරන්නේ
    බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
    බක් මහටයි අපි දීගෙක යන්නේ //

    මහ වැහි වහිනා බක් මාසේ
    හෙන හඬ තලනා බක් මාසේ
    බක් මාසේ
    කොවුලන් හඬනා බක් මාසේ
    පැණි රහ කැවෙනව බක් මාසේ //

    බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
    බක් මහටයි අවුරුද්ද පුරන්නේ
    බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
    බක් මහටයි අපි දීගෙක යන්නේ //

    කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත් //
    දෙන්නා කැමැත්තෙන් හැංගිල යන්නෙත් //
    මංගල මාසේ //
    මංගල මාසේ බක් මාසේ ////


    මෙන්න mp3 එක ;)
    Victor Rathnayake-Bak Mahatai.mp3