මිනිසා

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තමන්ගේ දැනුම අපිත් එක්ක බෙදාගෙන මේ කරන වැඩේ නම් නියමයි බ්‍රෝ..මම ඔක්කොම කියෙව්වා..වැඩිය දන්නෙ නැති උනත් උවමනාවෙන් කියෙව්ව:):)..ගොඩක් ස්තූතියි ..දිගටම කරන් යමු බ්‍රො..ජය වේවා :):):):):)
     
    Last edited:

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඊලඟට රුධිර සංසරණය ගැන කතා කරන්න හිටියත් කට්ටියට ස්නායු පද්ධතිය පිළිබඳ කුතුහලයක් තිබුන නිසා ඒක ගැන කතා කරන්න හිතුවා.

    ස්නායු පද්ධතිය ගැන කියන්න කලින් ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලික ඒකකය ගැන කියලා දෙන්නම්.


    දේහයේ අනික් හැම තැනම වගේ ස්නායු පද්ධතියත් හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල වලට විශේෂ නමක් කියනවා.ඒ තමයි නියුරෝන කියන නම.



    tetanus-neuron.gif


    neuron.jpg

    මේ තියෙන්නේ සාමාන්ය නියුරොනයක හැඩය.

    නියුරොනයක ප්‍රධාන කොටස් 2ක් පවතිනවා.ඒ තමයි සෛල දේහය(cell body) හා ඉන් පැනනගින ප්‍රසර.ප්‍රසර ද නැවත කොටස් 2කට බෙදෙනවා.දිගින් අඩු ප්‍රසර අනුශාඛිකා(dendrites) ලෙසත් දිගින් වැඩි ප්‍රසරය(Axon) ලෙසත් හඳුන්වනවා.

    සාමාන්යෙන් නියුරෝනයකට එක් අක්සනක් ද අනුශඛිකා කීපයක්ද දක්නට ලැබෙනවා.නියුරොන වල සෛල දේහයේ කේන්ද්‍රිකා ලෙස හැඳින්වෙන සෛල බෙදීමට අවශය කොටස නැති බැවින් නියුරොන වලට බෙදීමට නොහැකි බව විශ්වාස කරනවා.මේ නිසා මොලයේ ඇති නියුරොන විනාශ වුවහොත් නැවත ඇති නොවේ.

    අනුශඛිකා වලට සාපේක්ශව දිගින් වැඩි අක්සන වටා මයලින් නම් මේද ස්තරයක් තැන්පත්ව තිබෙනවා.මෙමගින් ස්නායු ආවෙග වල වේගය වැඩි කරනවා.මෙම මයලින් ස්‍රාවය කරනු ලබන්නේ ශ්වාන් සෛල නම් සෛල වලින්.මෙම මයලින් කොපු අක්සන වටා එති පවතිනවා.නමුත් එක දිගටම අඛණ්ඩව දක්නට ලැබෙන්නේ නැ. මයලින් කොපු 2ක් අතර ඇති ඉඩ රැන්වියර් ගැට ලෙස හඳුන්වනවා

    මෙම නියුරොන වල කාර්යය වන්නේ ආවේග රැගෙන යාමයි.නියුරොනයක් හරහා ආවෙග ගමන් කරන්නේ අනුශාඛිකා දෙස සිට අක්සන දෙසටයි.


    නියුරොන හරහා ආවේග ගමන් කරන අයුරු පසුව සලකා බලමු.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    82713806.png


    නියුරෝනයක් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ඡායාරූපයක්..
    එක් නියුරෝනයක සෛල දේහයත් ඊට සම්බන්ධ වන තවත් නියුරෝනයක උපාගාම කුඩුම්බිත් මෙහි දැක්වේ.:rolleyes:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    82713806.png


    නියුරෝනයක් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ඡායාරූපයක්..
    එක් නියුරෝනයක සෛල දේහයත් ඊට සම්බන්ධ වන තවත් නියුරෝනයක උපාගාම කුඩුම්බිත් මෙහි දැක්වේ.:rolleyes:


    thx.keep posting
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
    මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D

    ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
    අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
    ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
    අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
    අලින්ට හොදට පීනන්න පුළුවන් :P
    කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
    ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
    ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
    සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
    මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(


    • ජිරාෆ්ට ග්‍රෛවී කශේරුකා 7 කි. අනෙක් ක්‍ෂීරපායින්ටද බෙල්ලේ කශේරුකා 7කි.:nerd:
    • ඩොල්ෆින් මසුන් හුස්ම ගන්නේ වාතයෙනි.ඒ නිසා උන්ට වැඩි වෙලාවක් වතුර යට ඉන්න බෑ..කොහොමද වතුරෙ ගිලිලා මැරිච්ච ඩොල්ෆින් කෙනෙක් හම්බුනොත් :rofl:
    • පැස්බර බිත්තරය කිකිළි බිත්තර 30කට වඩා ලොකුයි.තැම්බුවොත් පැය 2 ක් යනවා :rolleyes:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Ela ela wade nam niyamai :):)mamath hama ekama wage kiyawanawa :)digatama karagana yanda O/L A/L kattiyata godak prayojanawath wei:):)
     

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    ඊලඟට රුධිර සංසරණය ගැන කතා කරන්න හිටියත් කට්ටියට ස්නායු පද්ධතිය පිළිබඳ කුතුහලයක් තිබුන නිසා ඒක ගැන කතා කරන්න හිතුවා.

    ස්නායු පද්ධතිය ගැන කියන්න කලින් ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලික ඒකකය ගැන කියලා දෙන්නම්.


    දේහයේ අනික් හැම තැනම වගේ ස්නායු පද්ධතියත් හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල වලට විශේෂ නමක් කියනවා.ඒ තමයි නියුරෝන කියන නම.



    tetanus-neuron.gif


    neuron.jpg

    මේ තියෙන්නේ සාමාන්ය නියුරොනයක හැඩය.

    නියුරොනයක ප්‍රධාන කොටස් 2ක් පවතිනවා.ඒ තමයි සෛල දේහය(cell body) හා ඉන් පැනනගින ප්‍රසර.ප්‍රසර ද නැවත කොටස් 2කට බෙදෙනවා.දිගින් අඩු ප්‍රසර අනුශාඛිකා(dendrites) ලෙසත් දිගින් වැඩි ප්‍රසරය(Axon) ලෙසත් හඳුන්වනවා.

    සාමාන්යෙන් නියුරෝනයකට එක් අක්සනක් ද අනුශඛිකා කීපයක්ද දක්නට ලැබෙනවා.නියුරොන වල සෛල දේහයේ කේන්ද්‍රිකා ලෙස හැඳින්වෙන සෛල බෙදීමට අවශය කොටස නැති බැවින් නියුරොන වලට බෙදීමට නොහැකි බව විශ්වාස කරනවා.මේ නිසා මොලයේ ඇති නියුරොන විනාශ වුවහොත් නැවත ඇති නොවේ.

    අනුශඛිකා වලට සාපේක්ශව දිගින් වැඩි අක්සන වටා මයලින් නම් මේද ස්තරයක් තැන්පත්ව තිබෙනවා.මෙමගින් ස්නායු ආවෙග වල වේගය වැඩි කරනවා.මෙම මයලින් ස්‍රාවය කරනු ලබන්නේ ශ්වාන් සෛල නම් සෛල වලින්.මෙම මයලින් කොපු අක්සන වටා එති පවතිනවා.නමුත් එක දිගටම අඛණ්ඩව දක්නට ලැබෙන්නේ නැ. මයලින් කොපු 2ක් අතර ඇති ඉඩ රැන්වියර් ගැට ලෙස හඳුන්වනවා

    මෙම නියුරොන වල කාර්යය වන්නේ ආවේග රැගෙන යාමයි.නියුරොනයක් හරහා ආවෙග ගමන් කරන්නේ අනුශාඛිකා දෙස සිට අක්සන දෙසටයි.


    නියුරොන හරහා ආවේග ගමන් කරන අයුරු පසුව සලකා බලමු.

    ස්නායු පද්ධති වැඩේ නැගල යනෝ. ආවේග යන හැටිත් ඉක්මනට දාපන්zzzz. එල එල:)
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ස්නායු පද්ධති වැඩේ නැගල යනෝ. ආවේග යන හැටිත් ඉක්මනට දාපන්zzzz. එල එල:)

    thx bro.menna demma....thx for all...

    හරි..මේක කියන්න කලින් පොඩි වචන ටිකක් තියෙනො මතක තියාගන්න...

    ධ්‍රෑවණය-නියුරෝනයක සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් පැවතීම.(ආවේගයක් නොලැබෙන අවස්ථාවේ.)

    විධ්‍රෑවණය-ආවේගයක් ලැබුනු මොහොතේ සෛල පටලයේ පිටත - විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව + විභවයකුත් ඇතිවීම.

    ප්‍රතිධ්‍රෑවණය-ආවේගය ගමන් කිරීමේන් පසුව නැවතත් සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් ඇතිවීම.

    දැන් හරි.මෙන්න කතාව...

    නියුරෝන සෛලයක සෛල පටලය ඇතුල් පැත්තේ වැඩිපුර පොටැසියම් අයන(K+) හා කාබනික ඇනායන දක්නට ලැබේ.සෛල පටලයට පිටින් ඇත්තේ සොඩියම් අයන(Na+) හා ක්ලොරයිඩ් අයනයි(Cl-).මෙම සෛල පටලය Na+ වලට ඉහල පාරගම්යතාවක් දක්වයි.මේ නිසා ආවේගයක් නොමැති සැම මොහොතකම සෛලය තුලට එන Na+ ශක්තිය වැය කර නැවත සෛලයෙන් පිටතට යවයි.අනෙක් අයන දක්වන්නේ Na+ට වඩා අඩු පාරගම්යතාවකි.

    එසේම මෙහි ආවේගයක් ගමන් නොකරන විට ඇතුල් පැත්තේ පොටැසියම් අයන වලට වඩා කාබනික ඇනායන දක්නට ලැබේ.පිට පැත්තේ ක්ලොරයිඩ් අයන වලට වඩා වැඩියෙන් සොඩියම් අයනද දක්නට ලැබේ.මේ නිසා පිටතට සාපේක්ශව ඇතුලත - විභයක් ගනී.ආවේගයක් ගමන් නොකරන විට මෙම වෝල්ටියතා වෙනස -70 mV පම්ණ වේ. මෙය ධ්‍රෑවණය යි.


    800735_com_restingpot.png

    සංවේදී අවයවයකට ආවේගයක් ලැබුන පසු එක වරම ඊට සම්බන්ධ නියුරෝනයේ අවයවයට ආසන්නතම කෙලවරේ
    ධ්‍රෑවීයතාව වෙනස් වේ.එනම් එක්වරම නියුරොනයේ සෛල පටලයේ Na+ තිබු බාධාව නැති වේ.මේ නිසා වේගයෙන් සෛලය තුලට Na+ ඇතුල් වේ.නමුත් ඊට සාපේක්ශව K+ පිටතට යන්නේ ඉතා අඩුවෙනි.මේ නිසා සෛල පටලය තුල විභවය වැඩි වේ.මෙය +40mV පම්ණ වේ.මෙම විභවය ක්‍රියා විභවය(action potential) ලෙස හැඳින්වේ.මෙම සිදුවීම විධ්‍රෑවණයයි.

    actpot.JPG

    රූපයේ 1 කොටසේ පරිදි නියුරොනයේ එක් තැනක ක්‍රියා විභවයක් ජනිතවේ.මේ නිසා එම කොටසේ සෛලය තුල + විභවයක් ඇතිවේ.නමුත් ඊට යාබද කොටසේ සෛලය තුල - විභවයක් ඇත.මේ නිසා + සිට - ට ස්ථානිය ධාරාවක් ඇතිවේ.මේ ආකාරයට සංවේදි අවයවයේ සිට ස්නායු පද්ධතිය දක්වා ආවේගය ගමන් ගනී.

    2 හා 3 කොටස් වල පරිදි ආවේගය ඉදිරියට සම්ප්‍රෙශණය වූ විට නියුරොනයේ සෛල පටලය නැවත පෙර පරිදිම අයන හුවමාරුව සිදුවී -70 mV විභවය පවත්වාගනී.මෙසේ නැවත මුල් පිහිටුමට පත් වීම ප්‍රතිධ්‍රෑවණය ලෙස හැඳින්වේ.