පොහොය දොළහේ වැදගත්කම

පොහොය දොළහේ වැදගත්කම

පසළොස්වක පොහොය දොළහේ වැදගත්කම


වෙසක් පසළොස්වක පොහොය

wesak-718101.gif



  • සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේබුදුවීම, සහ බුදුන් වහන්සේ ගේපරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.

  • දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

  • කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.

  • බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

  • බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

  • විජය කුමරු ලංකාවට පැමිනීම.

  • පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.

  • දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

  • අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

  • ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.

  • මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

  • ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.





 
Last edited:
පොසොන් පසළොස්වක පොහොය

pls8.jpg



  • අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

  • බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
 
ඇසළ පසළොස්වක පොහොය

250px-Nawan%2Bpoya.jpg



  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම

  • සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.

  • රාහුල කුමරුගේ උපත.

  • බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

  • ගණෟඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.

  • මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම.

  • ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

  • ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.

  • අරිෂෟඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.

  • ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.

  • බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

  • මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

  • කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

  • ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.
 
බිනර පසළොස්වක පොහොය

z_pic350.jpg




  • මෙහෙනි සස්නේ ආරම්භය.
බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.


 
Last edited:
වප් පසළොස්වක පොහොය

z_pic350.jpg



  • සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.

  • සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.

  • කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.

  • අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.

  • මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.



 
ඉල් පසළොස්වක පොහොය

z_pic350.jpg





  • මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.

  • ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.

  • බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.

  • පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.

  • චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.

  • අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
 
උඳුවප් පසළොස්වක පොහොය

Sri_ma_bo.jpg



  • සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.

  • මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.

  • සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.
 
දුරුතු පසළොස්වක පොහොය

z_pic350.jpg



  • බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය

  • බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස සිය දහම් මගට හරවා ගත්හ.

  • පසුව ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවනින් පහලව බුදුරැස් මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.

  • ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.
 
නවම් පසළොස්වක පොහොය

z_p04-aga.jpg



  • රජගහ නුවර වේලුවනාරාමයේදී සැරියුත් මුගලන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුර ලැබීම.

  • තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරිම.

  • බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත් හැරීම.
 
මැදින් පසළොස්වක පොහොය

z_pic350.jpg



  • බුදුරදුන් 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය.

  • රහල් කුමරු පැවිදි වීම

  • නන්ද කුමරු පැවිදි වීම
 
බක් පසළොස්වක පොහොය

z_p04-maha.jpg



  • ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්,බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන්නොයෙක් සනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.

  • බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

  • සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් වටිනා හරවත් පොස්ට් එකක්
    බොහොම පින්
    එත් රෙප් දෙන්න බැලූ නේ ඉතින්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තොත්තබබා;7727708 said:

    • කිසාගෝතමී දේවිය විසින් "අග්ගෝ හමස්මි"යන නිබ්බුත පද පැවසීම.



    නිබ්බුත පද කියන්නෙ ''අග්ගෝ හමස්මි'' කියන ගාථාව නෙවෙයි,,
    කිසා ගෝතමී කිව්වෙ '' නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතා නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරී, යස්සායන් ඊදිසෝපතී''
    ඕකටයි නිබ්බුත පද කියනෙ :dull::nerd:

    anyway nice thread , thnx