අවි ගනුදෙනුවේ මුදල් වංචා නිසා ෆොන්සේකා හි
අවි ගනුදෙනුවේ මුදල් වංචා නිසා ෆොන්සේකා හිරගෙට නියම වුණා
සරත් ෆොන්සේකාට සිරදඬුවම් නියම වූයේ යුද අවි මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩල සභාපති ධූරය දරමින් සිටියදී සිදුකර ඇති මූල්‍ය වංචාවන්ට වරදකරු වූ නිසා බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.
සරත් ෆොන්සේකා එම ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස එහි සභාපති ධූරය දරමින්, විවිධ නීති රීති, තනි බලය පාවිච්චි කර වෙනස් කර ඇති බව ද යුද අධිකරණයේ දී ඔප්පු වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
යුද අධිකරණය මගින් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවේ කරුණු සළකා බලා කිසිදු බලපෑමකින් තොරව එය අනුමත කිරීම සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති වගකීමක් බව ද දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
හුට මේ දඬුවම නියම වූයේ සුදු කොඩි කතාව සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාලන පළිගැනීමක් හේතුවෙන් නොවන අතර මේ තීන්දුව ලබා දී ඇත්තේ සිවිල් නීතිය යටතේ නොවන බවත් සඳහන් කළේය.
යුද අධිකරණය දුන් තීන්දුව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා අත්සන් තබා සහතික කිරීම පිළිබඳව වරදවා වටහා නොගන්නැයි ද ඇමැතිවරයා මහා සංඝරත්නයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ විද්වතුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.
උසාවි තීන්දුවකට අපහාස කිරීමේ වරදට තමා සිවිල් නීතිය යටතේ සිරදඬුවම් ලැබූ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි බවත්, ඒ අයුරින් සරත් ෆොන්සේකා මහතාට ද ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලිය හැකි බවත්, ඔහුට සමාව දෙන නොදෙන බව තීරණය කළ හැක්කේ සේනාධිනායකයාට නොව ජනාධිපතිවරයාට බවත් හෙතෙම පැවැසීය.
මෙහිදී කතා කළ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ප්‍රකාශ කළේ යුද හමුදාපතිවරයා වැනි විධායක නිලයක් දරමින් යුද අවි මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩලවල සභාපතිවරයා ලෙස කටයුතු කිරීම ද විනය කඩකිරීමක් බවයි.
දින දෙකක් නොදන්වා සේවයට නොපැමිණි සෙබළුන් ඇතුළු සෙබළුන් 8000 කට විනය කඩකිරීම හේතුවෙන් යුද හමුදාපතිවරයා වශයෙන් සිටියදී සරත් ෆොන්සේකා මහතා දඬුවම් ලබා දී ඇති බව කී ඒ මහතා, හමුදාපතිවරයා විනය කඩ කළේ නම් ඔහුට ද දඬුවම් ලබාදිය යුතු බවත් කීවේය. යුද අධිකරණය සරත් ෆොන්සේකාට දඬුවම් ලබා දී ඇත්තේ විනය කඩකිරීම නිසා යැයි ද හෙතෙම පැවැසීය.
මෙතෙක් සිටි කිසිම හමුදාපතිවරයෙක් යුද අවි මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩලවල සභාපතිවරයා ලෙස කටයුතු කර නැති බවත්, එසේ සභාපති වූ සරත් ෆොන්සේකා මහතා සිදුකර ඇති මූල්‍ය වංචාවන් නිසා ඔහුට දඬුවම් නියම වූ බවත්, ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස කාගෙවත් බලපෑමකට යටත් නොවී තමාට පැවැරී ඇති වගකීම ඉටු කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එස්. බී. දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි අයුරින් සරත් ෆොන්සේකා ද ජනාධිපතිගෙන් සමාව ඉල්ලන්නේ නම් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තීරණයක් ගනු ඇති බව ද ඔහු කීවේය. යුද අධිකරණ තීන්දුව වෙනස් කිරීමට සේනාධිනායකයාට හැකියාවක් නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.

.