හැමදාම EK එකේ අනික් අයගෙන් ඉගෙන ගන්න එක ඇති වෙලා තමා මම මේ දවස්වල ඉගෙන ගත්ත දෙයක් කට්ටියට දෙන්න ඕන කියලා හිතුවේ.මම මුලින්ම කියන්න ඕන මේකෙන් ලබා දෙන්නේ සරල HTML දැනුමක් විතරයි.
වෙබ් සයිට් හදන්න වගේ ලොකු Web Developing වැඩ පිළිවෙලට නම් මීට වඩා ලොකු දැනුමක් වගේම ඊට අදාල software ගැන වෙනම දැනුමක් ගන්න එක වැදගත්. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බ්ලොග් වල එහෙම එඩිට් කරන අයට ඒ පරිසරය හුරු කරන්න වගේ දෙයක් තමා .
හරි දැන් පාඩම පටන් ගනිමු. මුලින්ම HTML කියන්නේ මොකක්ද කියලා බලමු.
Hyper Text Markup Language මේ HTML තවත් එක් programming language නොවන අතර Markup Language ලෙස භාවිතා වන්නකි. අද වන විට මෙහි විවිධාකාරයේ අනුවාදනයන් පවතින අතර XML ආදිය එයින් ප්‍රධාන වේ. මෙවැනි Markup Language එකක් Markup tags රාශියකින් සැදුනක් වන අතර මෙයින් HTML මගින් Markup tags භාවිතා කරන්නේ Web Page එකක් හදුන්වා දීම සදහායි. මෙම HTML ගොනුවක් මගින් Web Page එකක් විස්තර කරන අතර මෙහි HTML Tags හා සාමාන්‍ය අනෙකුත් උපාංග ඇතුලත් වෙනවා.
HTML හදුන්වාදෙන්නේ <html> වැනි tag මගින් වන අතර එහි < හා > ලකුණු යෙදීම අනිවාර්ය වෙනවා. සමාන්යෙන් HTML හිදී ආරම්භක හා අවසාන tag යුගලයකින් සමන්විත වෙනවා. එනම් උදාහරණයක් ලෙස ආරම්භක tag යුගලයක් ලෙස <html> </html> දැක්විය හැකියි. මෙහිදි අනිවාර්යෙන් </html> ලෙස ලිවිය යුතු අතර " < >" අතර " / " යෙදිය යුතු වෙනවා.
උදාහරණ
<html>
<body>
<h1>ශීර්ෂපාඨය</h1>
<p>ප්‍රථම ජේදය</p>
</body>
</html>
මෙහි <html> </html> මෙම tag දෙක අතරේ ඇති සියලු දේ මගින් web page එක අර්ථ දක්වන අතර <body></body> මගින් වෙබ් පිටුවේ web browser මෘදුකාංගයක් මගින් පෙන්විය යුතු කොටස හුවා දක්වයි. <h1> </h1> අතර යම් ශිර්ෂපාඨයක් ඉස්මතු කර දැක්වීමට භාවිතා කරයි.<p></P>මගින් ජේද වෙන් කර දක්වන අතර මෙම සියලු දේ එක් වීමෙන් වෙබ් පිටුවක් සැදෙන බව වටහා ගත හැකිවේ.
සාමාන්‍යෙයන් HTML ඉගෙන ගැනීම සදහා විශේෂ මෘදුකාංග අවශ්‍ය නොවන අතර Notepad වැනි text editing tool එකක් තිබීම ප්‍රමාණවත් වේ.මෙම file පරිගණකය තුල save කිරීමේදී .htm යන extension එක භාවිතා කරනු ලබයි. HTML ගැන යම් වැටහීමක් ඇති වේ යැයි සිතන අතර මීළඟ ලිපියෙන් ප්‍රධාන tag ගැන කතා කරමු.
ප.ලි: මේ Thread එකේම ඊලඟ ලිපියත් දාලා ඒ link එක මෙතන දාන්නම්.
HTML ඉගෙන ගනිමු. (2වන කොටස)HTML Tag
http://www.elakiri.com/forum/showpost.php?p=9099866&postcount=17

Last edited: