View Single Post
(#83)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,374
Join Date: Mar 2015
09-16-2019, 04:38 PM


මෙරට තොරතුරු සහ සන්නිවේදන කේෂත‍්‍රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ඨත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලූනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන නෙළුම් කුලූන හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව සිටියි.

මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත‍්‍රයේ SLT හි ධාරිතාව තවදුරටත් ඔප්පු වනු ඇත.

නෙළුම් කුලූනහි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර නෙළුම් කුලූන ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLT වෙත පැවරුණි.

ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලිසංදේශය යටිතල සංවර්ධනයයි.

එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.

මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය. ඉන් එකක් නම්, නෙළුම් කුලූන පරිශ‍්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප‍්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.

නෙළුම් කුලූන පරිශ‍්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට එ් වෙනුවෙන් අවශ්‍ය සියලූ සන්නිවේදන යටිතලය සැපයීමද එ් යටතේම SLT විසින් සිදුකරන තවත් කාර්යයකි.

මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව නෙළුම් කුලූන ඩිජිටල් රූපවාහිනී සම්පේ‍්‍රක්ෂණ කුලූනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලූන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN,Wide Area Network , හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක‍්‍රමවේදය, තොරතුරු ප‍්‍රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප‍්‍රවේශ පාලන ක‍්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥ පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්, GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක‍්‍රමවේද සහ උප පද්ධති 14ක්ද SLT යටතේ ක‍්‍රියාත්මක වේ.

source
Reply With Quote
 
Page generated in 0.04286 seconds with 9 queries