View Single Post
(#2)
Old
Tharuroxforjustice's Avatar
Tharuroxforjustice Tharuroxforjustice is offline
Senior Member
Tharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of lightTharuroxforjustice is a glorious beacon of light
 
Posts: 627
Join Date: Dec 2016
Location: Matara
Send a message via Skype™ to Tharuroxforjustice
01-16-2017, 02:30 PM

Part - 2

හොදයි. අපි බලමු දැන් මොනවද මේ Idea Apps වර්ග කියලා.


Idea Mart Apps


Idea App එකක් විනාඩි 5කදී හදාගන්න ඔබටත් පුලුවන්..!


දැන් කියන්න යන්නේ...

Idea Mart වල කිසිම Coding Skill එකක්, කිසිම Programming Code එකක් පාවිච්චි නොකර SMS මූලික පදනම කරගත් ඇප්ලිකේෂන් එකක් සකස් කරගන්න (SMS based applications ) පුලුවන් වීම
සහ
ඉක්මනින් හා පහසුවෙන් ගැලපෙන audienceලාට ඔයාගේ message එක යවන්න පුලුවන් වෙන්න සකස් කරගන්න පුලුවන් ආකාරය Dialog Idea Mart එකෙන් සලසා දී ඇති ආකාරය ගැනයි.


ඒ වගේම ඒ Messages ඔයාලාට යවන්න පුලුවන් Daily Messages විදියට. එහෙමත් නැත්නම් මුලින් සඳහන් කලා වගේ ඔයාලගේ අවශ්‍යතාව වෙනුවෙන්.


දැන් ඒ මූලික Idea Application ගැන සඳහන් කරන්නම්.



1) Voting Applications ඡන්දය ලබාදීමට ඇප්ලිකේෂන්ස්

මෙහිදී සිදුවන්නේ ඔයාලාට ඉඩ ලබාදෙනවා ඔන්ලයින් මත විමසීමක් කරන්න පුලුවන් විදියට ඇප් එකක් නිර්මාණය කරලා ලියාපදිංචි වෙන අයගෙන් ඡන්දය ලබාගන්න නම් කරන පුද්ගලයින් වෙනුවෙන්.
උදාහරණ විදියට:
  • සිරස සුපර් ස්ටාර්/ Derana Dream Star තරගාවලියේ ඔබ කැමතිම තරුව තෝරන්න ඔබට SMS වලින් ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව..
  • සමිතියට සභාපති තොරා පත් කර ගැනීමේදී..



2) Contact Applications පණිවිඩ ලබාදීමට ඇප්ලිකේෂන්ස්

Subscribe කරපු අයට Requestඑකක් කරලා message එකක් යවන්න, ඔවුන්ගේ අදහස් දක්වන්න, යෝජනා චෝදනා යොමු කරන්න මේ වර්ගයේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුලුවන්.
උදාහරණ විදියට:
  • කැමතිම සිංදුවක් ඉල්ලන්න ..
  • Web Site එකකට Feedback එකක් දෙන්න..



3) Alert Applications ක්ෂණික පණිවිඩ ලබාදීමේ ඇප්ලිකේෂන්ස් ..

ක්ෂණික පණිවිඩ යැවීමට, අනතුරු ඇඟවීමක් කිරීමට, හදීසි ආපදා තත්ව දැනුම් දීමට, වෙනත් විචිත්‍රවත් අවස්තා පිලිබඳ දැනුම් දීමට, ජාතික උත්සව පිලිබඳ දැනුම් දීමට මේ මේ වර්ගයේ ඇප්ලිකේෂන් භාවිතා කරන්න පුලුවන්.
උදාහරණ විදියට:
  • ක්ෂණික පණිවිඩ ප්‍රවෘත්ති සේවාව Ada Derana , News1st, Hiru News
  • හදීසි ආපදා තත්ව දැනුම් දීමට.. ( ගං වතුර, සුලි සුලං)



4) Services Applications සේවාවන් සැපයීමට භාවිතා කරන ඇප්ලිකේෂන්ස්..

මේක තමයි ඔයාලට හොදින්ම මුදල් උපයන්න පුලුවන් එක කිවුවොත් මම නිවැරැදියි.
මේකෙදි කෙරෙන්නේ ඔයා සකස් කරන ලද SMS සෙට් එකක් ඒ කියන්නේ ඔයාගේ Idea එකට අදාලව සකස් කරගනිපු Messages, Tips සෙට් එකක් ඔයාව Subscribe කරපු Subscribersලාට පැයෙන් පැයට, දිනපතා, සතිපතා සහ මාස්පතා වශයෙන් SMS විදියට Automaticallyයවන්න පුලුවන් විදියට සකස් කරන එක.
උදාහරණ විදියට:
  • ඔයාට පුලුවන් ඔයා කරන බ්ලොග් එකට අදාලව Posts Updates Messages විදියට ඔයාව Subscribe කරන අයට යවන්න.
  • ඔයා කරන්නේ Fashion Store එකක් නම් අලුත්ම Fashion Deals / Sale Discounts ගැන Customersලාව දැනුවත් කරන්න පුලුවන්..
  • එතකොට දිලින මල්ලී කරපු ඔබේ ප්‍රියතම අය සිටින ස්ථානය දැනගන්න හදපු ඇප් එක..
  • ඔයා සූප ශාස්ත්‍රයේ ප්‍රවීනයෙක් නම් කෑම හදන කොට පාවිච්චි කරන Tips Tricks ගැන..
  • Celebritiesලා ගැන නවතම තොරතුරු Subscribersලාට දන්වන්න..
  • දිනපතා රටේ සිදුවන විශේෂ සිදුවීම් ගැන දැනුවත් කරන්න..


මේ වගේ දේවල්ම නැතුව අලුත් දෙයක් හිතලා කරන්න..

Newspaper article for clue : Link
Reply With Quote
 
Page generated in 0.01954 seconds with 9 queries