View Single Post
(#4)
Old
stufftothink stufftothink is offline
Senior Member
stufftothink has a spectacular aura aboutstufftothink has a spectacular aura aboutstufftothink has a spectacular aura about
 
Posts: 345
Join Date: Feb 2013
Location: Sansara
05-17-2019, 01:23 AM

Quote:
Originally Posted by aliya View Post
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට ලොතරැයියක්..! වීසා නොමැතිව ඇමරිකාවේ දින 180 ක් ගත කිරීමට අවසර දෙයි..!

(ලංකා ඊ නිව්ස් -2019.මැයි.16, ප.ව.9.40) පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ලෝක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු වීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවාසීන්ට ලොතරැයි දිනුමක් ලබා දී තිබේ. ඒ නම් කල් තබා නිශ්චිත කරුණු දැක්වීමක් අනුව ලබා ගන්නා වීසාවකින් තොරව ශ්‍රී ලාංකිකයන්ට දින 180 ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාව ලැබෙන ඇමරිකාවේ වීසා රහිත වැඩ සටහනට (Visa Waiver Program ) ශ්‍රී ලංකාව ඇතුලත් කර ගැනීමයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම් මයික් පොම්පියෝ අද මේ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10 ක් ඉහත කී වීසා රහිත වැඩ සටහනට අලුතින් ඇතුලත් කළ බව කීය.

මෙකී වැඩ සටහනට ඇතුළු වන රටවල වැසියන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට පැය 72 කට පෙර අන්තර් ජාලයට ගොස් ඒ සඳහා පිරවිය යුතු පෝරමය පිරැවීමෙන් පසු ඩොලර් 14 ක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත්‍රයක් ලබා ගත හැකි වේ. ඉන්පසු ගුවන් ටිකට් පතක් රැගෙන ඇමරිකාවට ඇතුළු වෙද්දී පෙර කී අවසර පත්‍රය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වූ විට ඇමරිකාව තුල දින 180 ක් ගත කිරීමට අවශ්‍ය අවසරය ලබා දී රටට ඇතුළු කරනු ඇත. මෙම අවසරය ලැබෙන්නේ සංචාරක සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඇමරිකාවට එන්නන්ට පමණකි. දින 180 ට වැඩි කාලයක් ඇමරිකාවේ ගත කරන්නේ නම් වීසා අයැදුම් කළ යුතුය.

මෙය යුරෝපීය රටවල පුරවැසියන් ඇමරිකාවට ඇතුළු වෙද්දී භුක්ති විඳින වරප්‍රසාදය හා සමාන ය.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොල සහ වරායවල් වලට ප්‍රවේශවීමට ඇමරිකානු හමුදාවන්ට ඉඩ දෙමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාව එකඟ වීම හේතුවෙන් මේ වාසිය ශ්‍රී ලංකාවට ලැබුණු බව සඳහන් වේ.

මේ පිලිබඳ ඒපී පුවත් සේවය පළ කළ විස්තරාත්මක පුවත පහත දිගුවෙන් කියැවිය හැකිය.
https

ශ්‍රී ලංකාව මේ රටවල් ඇතුළට එකතු කිරීමට හේතුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියා කිරීමට ඇමෙරිකානු යුද කඳවුරක් පවත්වා ගෙන යාමට අවසර දීමයි.


https://lk24.news/2019/05/16/%E0%B7%...A-10%E0%B6%9A/
Reply With Quote
 
Page generated in 0.01430 seconds with 9 queries