Senior Member
Posts: 2,776
Join Date: Jan 2012
Location: Everywere
ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් -
04-07-2012, 12:45 AM
අපි මේ පැටියට ජීවිතය ලබා දීමට අත්වැලක් වෙමු!!!
මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.
ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.
එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Rela මහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. හැබැයි ඒ සති 3කට විතරයි . ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව. මේකට අවශ්‍ය අක්මාවේ කොටසක් ලබාදෙන්න මේ දුවගේ පියා.., නිලූෂ නිශ්ශංක සූදානම්.
මේ ඒ වෛද්‍ය වාර්ථා වල පිටපත් කීපයක් :-
සහතික කරන ලද ලිපි වල පිටපත් :-
කෙනෙක්, එයාට හැකි පමණින් රුපියල් 100ක් මේ සැත්කම වෙනුවෙන් ලබා දුන්නා කියල හිතමු. එතකොට මේ මව් පිය දෙදෙනාට තව එකතු කරන්න ඉතුරු වෙන්නෙ රුපියල් ලක්ෂ 70ක් නෙවෙයි, ඊට රුපියල් 100කට අඩු මුදලක් . ඒ වගේ අය 10 දෙනෙක් එකතු උනොත්.. සිය දෙනෙක්, 1000 දෙනෙක් එකතු වුනොත්.. දරුවෙකුගෙ ආදරේ දන්න, දෙමාපියන්ගෙ සෙනෙහස හඳුනන, පරිත්‍යාග කල හැකි අයෙක් එක රුපියල් 1000ක් මේ ගිණුමට බැර කලොත්. මේ දෙදෙනාට එකතු කරගන්න තියෙන ලක්ෂ 70, ටිකෙන් ටික ලක්ෂ 60ක් බවට පත් වේවි.. ලක්ෂ 50ක් බවට පත් වේවි..... ටිකෙන් ටික තත්පර, මිනිත්තු, පැය ගෙවෙද්දි, " අපිට අපේ දුවව ජීවත් කරවන්න තව ඕන රුපියල් ලක්ෂයක මුදලක් විතරයි.......... " " තව රුපියල් 10000ක් එකතු වුන ගමන්ම සැත්කම කරන්න පුළුවන්... " මේ සිතුවිලි පවා මේ දූ සිඟිත්තියගේ දෙමාපියන්ට මොන තරම් හිතට සහනයක් ගෙන දෙනවාද. දිය බිංදුව බිංදුව එකතු වෙලා මහා සාගරයක් හැදෙනව වගේ, ඔබට හැකි පමණින් මුදල් පරිත්‍යාග කරන්න පුළුවන් රුපියල් 100, රුපියල් 1000 එකතු වෙලා, පරිත්‍යාග කල හැකි අය හැකි උපරිමයෙන් පරිත්‍යාග කරන විශාල මුදල් ප්‍රමාණද එකතු වෙලා මේ සුවිශාල මුදල ඔවුන්ට එකතු කරගන්න ලැබුනාම, මේ පුංචි දුවට ජීවිතයක් ලැබුනා වෙනව නෙවෙයිද..
මුදල් තැම්පත් කල හැකි ගිණුමේ විස්තර
Commercial Bank - Waliweriya.
ගිණුම් අංක - 822 8000 547
විදේශයක සිට මුදල් තැන්පත් කරන අය මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න
RFC Account Details
Name : W. N. N. Wijesinghe
RFC (USD) account No: 422 8000 593
Bank : Commercial Bank
Paypal භාවිතා කර ගෙවීම් කිරීමට:
වැඩි විස්තර සඳහා:-
පියා (නිලූෂ නිශ්ශංක) :-
India - 0091 87 545 905 274
Sri lanka - 0094 776 280 952
මෙම මුදල සපයා ගැනීමට අද දින (18/04/2012) සිට තව ඉතිරිව ඇත්තේ දවස් 7ක් පමණි
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Quote:
මගෙ යාළුවනේ, අද මට බුද්ධි සුබෝධ චන්ද්‍රරත්න කියන අපේ සහෝදරයා වීඩියෝ එකක් එවල තිබ්බ. මේ ඒක, ඔයාලත් බලන්න.
VIDEO
Quote:
දැන් ටිකකට කලින් මල්ලි කෙනෙක් ආව කාර්යාලයට. පෞද්ගලිකව යමක් කියන්න තියනව කිව්ව. නිලූශට වඩා ඒ මල්ලි වයසින් අඩු නිසා එයා කැමතිලු එයාගෙ අක්මාව පිරිනමන්න. මල්ලිට වයස 25යි. මල්ලි ආපහු ගියා. කදුලු අතරින් නොපෙනී ගියා. කාටවත් කියන්න එපා කිව්ව. නම නොකියන්නෙ ඒකයි. හරිම ආඩම්බරයි මල්ලියෙ. "මල් කැකුලකට ජීවිතය දෙමු" වෙනුවෙන් එකතු වුණු දවසෙ ඉදලම ලැබෙන ඔබේ ආදරය අපේ හදවත් ශක්තිමත් කරනව.
Quote:
Teachers, Students, old pupils of Henegama Central College please listen!!!! One of your friends NEEDS your help urgently. (Tony) W.Nilusha Nissanka Wejesinghe 2001AL.... His 10 months old little angel Ruwindi (Ruvini) is suffering from critical liver disease and has been recommended an urgent liver transplant surgery in India by (Prof) Dr. Mohomad Rela. The surgery is estimated to cost Rs.7 million. The Child’s parents are not in a position to raise funds for the surgery and request the public to assist their baby’s cause by sending whatever financial donation possible to A/ No: 8228000547(W.N.N.Wijesinghe) of Commercial Bank. Please Join with us and Help Them.....
Quote:
ගුරුභවතුනි, සිසු සිසුවියනි, ආදි සිසු සිසුවියනි, ඔබ පාසලෙ ආදි සිසුවෙකුට ඔබ සැමගෙ ඉක්මන් සහය ලබාදෙන්න..
~ හේනෙගම ම. ම. වි.
Quote:
සෙලින්කෝ රක්ෂණ ආයතනයේ වැඩකරන මේක දකින අපේ ආදරණීය අයියේ අක්කේ, රුවින්දිගේ තාත්ත නිලුෂ වැඩකරන්නේ සෙලින්කෝ රක්ෂණ ආයතනයේ වැලිවේරිය ශාඛාවෙ. ආයතනය මට්ටමින් නිලුෂ අයියට මුදලින් ආධාරයක් ලැබෙන්නේ නෑ . වැලිවේරිය සෙලින්කෝ රක්ෂණ ආයතන ශාඛාවෙ අයියල අක්කල නිලුෂ අයියට උදව් කරනව. ඒත් අයියේ අක්කේ, සෙලින්කෝ රක්ෂණ ආයතනයේ ඔයාලට කරන්න පුළුවන් උදව්වක් ඔයාලගේ ශාඛාව මට්ටමින් හරි චුටි දුව වෙනුවෙන් කරල දෙන්න.
Quote:
මේ 11/04/2012 දින තබන සටහනකි.. ,
නිලූෂගෙයි කාන්චනාගෙයි චූටි දෝණි දැන් අපි හැමෝගෙම දෝණි වෙලා. හම්බවෙන හැමෝමයි අන්තර්ජාලයේ දූ ගැන හොයල බලන ඔයාලයි හැමෝම අහන්නේ "දැන් අපේ චූටි දෝණිගේ තත්වෙ කොහොමද?" කියල. කියන්න වෙනසක් නෑ චූටි කෙල්ල හොඳින් ඉන්නවා. එත් ඒ තව සති 2 යි. ඒ කාලය ඇතුලත කෙල්ල ඉන්දියාවට යවාගන්න බැරි වුනොත්... අනේ එදාට අපි මොකද්ද දූගේ තත්වෙ ගැන ඔයාලට කියන්නේ..? දූ බලන්න යනකොට " අනේ පුතේ ඔයාව හොඳ කරන මාමල ඔයාව බලන්න එනවා" කියන ඒ අම්මටයි තාත්තටයි අපි මොකද්ද කියන්නේ...?
තව දවස් 14 යි තියෙන්නේ. දැනට ලක්ෂ 10 ක් විතර සල්ලි තියනවා. තව ලක්ෂ 25 ක් ලැබුනොත් දෝණිව ඉන්දියාවට යවන්න පුළුවන්. එයාල ප්‍රතිකාර පටන් ගනී. ඉතිරි ලක්ෂ 35 හොයන්න එතකොට අපිට තව සති 2 ක් හම්බවෙනවා. මේක දකින ඔයාල අහක බලන්න එපා.. මතක් කරන්න ඔයාල දැන් ගනුදෙනු කරන්නේ නැති බැංකු Card එකක් ගෙදර තියෙන්න පුළුවන්. එකේ ඉතුරුවෙලා තියන රුපියල් 100 ක් 200 ක් දූ වෙනුවෙන් දූගේ ගිණුමට දාන්න. මේක තමයි හොඳම වෙලාව. ඔයාල අලුත් අවුරුද්දට සුභ පතල යාලුවන්ට SMS කරන්න රුපියල් 100 ක් 200 ක් වැයවෙනවා නේද? මේ අවුරුද්දේ එක දූට දෙන්න. ඔයාල සුභ පැතුවේ නෑ කියල යාලුවෝ තරහ වෙලා නෑ නේද?.
සමහර විට ඔයාලගේ කාර්ය බහුලත්වය උඩ ඔයාලට චූටි දෝණිට සල්ලි දාන්න අමතක වෙන්න පුළුවන්. චූටි දෝණිගේ ගිණුම් අංකය දැන් චූටි කොල කෑල්ලක ලියල පර්ස් එකේ දාගන්න. එතකොට ඔයාලට බැංකුවට යනකොට කෙල්ලව මතක් වෙයි. Super market තියන බැංකු ශාඛාවේ දූ වෙනුවෙන් රුපියල් 100 ක් දාන්න ඒ ශාඛාව හවස 7 වෙනකල් ඇරල තියනවා. ඔයාලගේ පුංචි දෝණිව අමතක කරන්න එපා. ඔයාලට ගොඩක් පිං...!
මේ 17/04/2012 දින තබන සටහනකි.. ,
රුවින්දි ගැන ලෝකෙ වටේම ඉන්න ඔයාල දැනගන අදට දවස් 13යි. එදා මෙදා ඇතුලත රුවින්දිගෙ page එකට 165,000 ක් ඇවිත් ගිහින්. පොඩ්ඩක් හිතන්න අපු එක්කෙනෙක් රුපියල් 100 ගානෙ රුවින්දිගෙ ගිණූමට දැම්මනම් අද වෙනකොට රුවින්දිගෙ සැත්කම කරල නේද?. මේක දකින දයාබර අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගි මල්ලි, රුවින්දිගෙ ගිණුමට රුපියල් 100ක් දාන්න අපි කාටවත් බැරිකමක් නෑ නේද? මේ චූටි දරු පැටිය වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න අපිට බැරි නෑ නේද? ඔයාගෙ රුපියල් 100ක් එක්ක වටේ අහල පහලිනුත් 100ක් 200ක් එකතුකරල ගිහින් රුවින්දිගෙ ගිණූමට දාල එන්න. මේ දරුපැටිය වෙනුවෙන් මේ දේ කරාට ඔබට පව් නෑ. තව දවස් 8ක් තියනව. අපි කොහොම හරි රුවින්දිගෙ තාත්තට සල්ලි හොයල දෙන්න ඕන. අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි බඩට මේ දවස් වල බත් ටිකක් වැටෙන්නෙ ඔයාල අපි හැමෝම විශ්වාස කරල නේද? අපිට පුලුවන් රුවින්දි ජීවත් කරන්න. අපිට දැන් ලක්ෂ 17ක් විතර තියනව ලක්ෂ 35ක් එකතු උනාම දුවව ඉන්දියාවට යවන්න පුලුවන් එතකොට ටිකක් හරි දරුවගෙ ජීවිතේ ආරක්ෂිතයිනෙ. මේ වෙලාවෙ අහක බලන්න එපා. ඔයාල හැමෝටම ගොඩක් පින්!!!!
මගේ පුංචි ම පුංචි කලේ මට මතක නැ. ඒත් මගේ අම්ම මාව බලා ගත්ත විදිය මට හිතා ගන්න පුළුවන්. මම ඒක හුගක් ම දැනගත්තේ පුතා ඉපදුන දවසේ ඉදල මගේ බිරිද නදීගෙන්. පුතාගේ සුළු වෙනසක් උනත් එයාට දැනුණු විදිය පුදුමයි. දරුවාට අසනීපයක් හැදුණාම ඒ වෙනුවෙන් වෙන කැපවීම, වෙහෙස මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හැම වෙලාවේම මට මගේ අම්මව මතක් වෙනවා. මොන තරම් නම් කැපකිරීමක් අපේ අම්මල අපි වෙනුවෙන් කරනවද?
පුංචි පුතෙක් ඉපදුනා කියලා නදීගේ අම්ම call කරල කියනකොට මම හිටියේ බත්තරමුල්ලේ. ඒ වෙලාවේ ඉදල ඉස්පිරිතාලෙට ඇවිත් පුතුව දකිනකම් කාලය ගතවෙනවා දැනුනේත් නැ. ඒ පුංචි ඇස දෙක මාව ජීවිතේ වෙනමම මනුස්සයෙක් කළා. පුතා ගැන තීරණය ගන්න හැම වෙලාවේම මට මගේ තාත්තාව මතක් වෙනවා. පුතා ගැන ආදරයෙන් හිත පිරෙන හැම වෙලාවේම මගේ තාත්ත මට කොහොම ආදරේ කරන්න ඇද්ද කියල දැනෙනවා.
අපි හැමෝටම වෙනමම කතාවක් තියනවා. ඒත් හැම කතාවේම ලොකුම ලොකු කොටසක් අම්මටයි තාත්තටයි වෙන් කරනන් වෙන බව නම් මට හොදටම විශ්වාසයි. නිලුෂ මල්ලියි කාංචනා නංගියි අම්මල තාත්තලා උණු දවසෙත්, එදා මටයි නදීටයි දැනුණු හැගීමම දැනෙන්න ඇති කියල මගේ හිතට දැනෙනවා. අද ඒ දෙන්න මොනතරම් ගින්ඳරක් උහුලනවා ඇද්ද? වේදනාවෙන් ඇකිලෙමින් අඩන පුංචි දුවව ඔයාල දැක්කනම්.... අනේ දෙවියනේ, ඒ අහිංසකය විදින වේදනාව මට ගන්න පුළුවන් නම්... එකම විදියකට වඩාගෙන දවසම දරුවත් එක්කම ඉන්න කාංචනා ඉවසන ඉවසිල්ල... තමාගේ අතේ ඉන්න මේ කිසිදෙයක් නොදන්නා කිරිසප්පයගේ ජිවිතේ ඉතිරි දින ගණන අතේ ඇගිලිවලටත් අඩුයි කියල කොහොම නම් දරාගන්නද?
ලේ කිරිකරලා මට පොවපු අම්මගේ නමෙන් මම ඉල්ලන්නේ, අනේ රුපියල් 100 ක් මේ පොඩි දරුවට වෙන් කරන්න. ජීවිතේම ඔයාල වෙනුවෙන් කැපකරපු අම්ම ගැන හිතන්න. මේ දුක කියන්න ඔබ හැර මට වෙන කව්රුවත් නැ. තව දවස් 2 ක් යන්න කලින් දරුවාව ඉන්දියාවට එක්ක යන්න ඕනේ. රුපියල් ලක්ෂ 40 ක් මදි. තව මොහොතකින් මේ පණිවිඩය ඔබත් ඇතුළුව 287,962 ක් දෙනා දකිනවා. රුපියල් 100 ක් කියන්නේ ජිවිතයක්. ඔබේ රුපියල් 100 ඇගේ ජීවිතය තීරණය කරාවි.
රුවිඳි අපි හැමෝගෙම දුව. අපේ දුවව බේරලා දෙන්න....!!!
Dear All,
This is the current situation of the baby and her treatments.
Due to some problems of the medical reports, Nilusha can't donate his liver as Global hospital rejects his medical reports. Now the donor is Ruwindi's mother. As hospital regulations, one person should be named as the donor when they are arriving India. So they can't go to India today. Today Kanchana (Ruvindi's Mother) is facing to scans and checkups.
As she finished they can go to India tomorrow but hospital is saying that no use of coming tomorrow and they asked them to come to India Sunday evening and they are going to start treatments on Monday. We hope that Surgery will be happening in the mid of this week.
Mean time Nilusha is staying in Srilanka to collect Kanchana's medical reports and to get a Court order. A Cort order is needed to perform the surgery. Nilusha is hoping to travel to India this Tuesday. So hope to start the surgery in the mid of the week.
Last edited by tintin123; 04-27-2012 at 09:21 PM .
Reason: to add new info
Senior Member
Posts: 2,776
Join Date: Jan 2012
Location: Everywere
04-07-2012, 12:49 AM
bump
Senior Member
Posts: 1,140
Join Date: Mar 2012
Location: yokohama
04-07-2012, 12:53 AM
BUMP
Senior Member
Posts: 25,108
Join Date: Aug 2007
Location: Kandy
04-07-2012, 12:55 AM
Bump
Senior Member
Posts: 46,816
Join Date: Oct 2010
04-07-2012, 12:56 AM
bump
Senior Member
Posts: 2,776
Join Date: Jan 2012
Location: Everywere
04-07-2012, 12:57 AM
BUMP
Senior Member
Posts: 2,776
Join Date: Jan 2012
Location: Everywere
04-07-2012, 12:58 AM
THNX MCHN BUMP WALTA MN MEYALWA DAKLTH TYNWA MATA EEKA MTHK ONEE DAN BN..HODTA BLANAKOTA
Senior Member
Posts: 1,830
Join Date: Jan 2011
Location: Matara
04-07-2012, 01:02 AM
Bump !
Senior Member
Posts: 2,776
Join Date: Jan 2012
Location: Everywere
04-07-2012, 01:06 AM
katiyagema bump dena anith ayth dana ganna and puluwan thrm meeka shre kranna..
Senior Member
Posts: 669
Join Date: Mar 2012
Location: වැලි අස්සේ
04-07-2012, 01:08 AM
බම්ප් මචන්..
Tags
#bump's cant pay bills , උදව් ඕනෑ , උදව් කරමු , එක්ව නැගිටිමු , ගොඩක් පින් , තවත් සත්කාරයක් , පිනකට සෙට් වෙමු , පිනක් කරගමු , සැවොම එක් වෙමු , සුවපත් වෙත්වා , daruwek wenuwen , help!!! , lets help them , we can do it
Thread Tools
Display Modes
Hybrid Mode
Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech