මම එලකිරි ඇවිත් තාම මාසයයිනේ. තාම එලකිරි ගැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම එලකිරියෙන් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා.
එලකිරියෙ එක එක විදිහේ චරිත ඉන්නවා. ඒ නිසා එලකිරිය ඇත්ත සමාජයේ නිරූපකයක් කියල තමයි මටනම් දැනෙන්නෙ.
මේකෙ සමහර වැඩ වලට මට තරහා ගියා මුල් කාලෙ.. එතකොට වලිත් දාගත්තා මම. වලි දාගත්ත හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මේ වෙලාවෙ.
දැන්නම් වැඩිය තරහා යන්නෙ නැහැ, මොකෝ දැන් තේරෙනවා එක එක මානසික මට්ටම් වල අය ඉන්නව කියලා. ඒකට අපි තරහ අරන් -rep දීලා වැඩක් නැහැ.
අපි මොනවා හරි දේකට අකමැතිනම් ඒක අත ඇරලා දාන්න තමයි තියෙන්නෙ. -rep දීලා අනිත් අයගෙ හිත රිද්දන්න ඕනි නැහැ කියලයි මට හිතෙන්නෙ.
මම ඉතින් එක එක ජාතියේ Threads දැම්මා, දන්න අය දන්නවා ඉතින්.වෙලාවකට මම හෙනම ආතල් ගන්නවා. එක වෙලාවකට serious. මගේ හැටි ඉතින් එහෙම තමයි.
මාත් එක්ක හිටපු, මාව හැම දේකටම දිරිමත් කරපු හැමෝවම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා..
මම පොඩි කමට rep කොටු 4ක් එකතු කරල තියෙනවා (තියෙන පෙරේත කමනෙ). ඒ මම දාපු Thread හොඳ නිසා (වලත්ත නිසාද මන්දා?
) වෙන්න ඇති.
කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ... එලකිරි කියන්නෙ අපිට ජීවිතේට ආදර්ශ ගන්න හොඳ තැනක්. ඒ වගේම යාලුවො ඇති කරගන්නත් (ඇයි තරහා කාරයො) කියාපු තැන. ඒ නිසා එලකිරි විනාස නොකර ආදර්ශමත් විදිහට පාවිච්චි කරන එක අපේ යුතුකමක්..
මාත් එක්ක හිටපු හැමෝටමත්, ඉස්සරහට ඉන්න හැමෝටමත් බොහෝම ස්තූතියි..
අපි හැමදාමත් එලකිරියේ....
සිත සැමදා එලකිරි ලඟයි



meya mokada thrread eka bump karanne ? wali yanwa balanna da?bump
meya mokada thrread eka bump karanne ? wali yanwa balanna da?
