පිළිකා මර්දනයට තක්කාලි
මේ මට ආපු ඊමේල් එකක තිබුනු විස්තරයක්. රී පෝස්ට් නම් සමාවෙන්න. කට්ටියට වැදගත් වෙයි කියල හතිලයි දැම්මෙ.
මූලාශ්‍රය: මුතුහර - සැප්තැම්බර් 2002
තක්කාලි කොතරම් රසවත්දැයි ඔබ දන්නවා ඇති. එමෙන්ම තක්කාලි වලින් කෙරෙන මෙහෙයන් බොහෝය. එනම් ව්‍යංජනයක් වශයෙන්, ජෑම් සෑදීමට, චට්නි හා සෝස් වර්ග සෑදීමට, සැන්ඩ්විචස් සඳහා, පුඩිං හා සූප් වර්ග සඳහා, කෑම මේස අලංකාර කිරීම ආදිය සඳහා ද යොදාගැනේ.
මුලින් මොමටල් ටෝමාට් නමින් හැඳින්වූ තක්කාලි අද ටොමැටෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ. මුලින්ම දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු වැටිය ආසන්නයේ තක්කාලි වවන ලදී. බොලීවියාව, ඉක්වදෝරය හා පීරු යන රටවල ද තක්කාලි බහුලව දක්නට ලැබුණි. 16 වන සියවසේ දී පමණ යුරෝපයට මුලින්ම තක්කාලි වගාව හඳුන්වා දෙන ලදී. ඈත අතීතයේ දී ඇමරිකානුවෝ තක්කාලි කෑමට මහත් බියක් දැක්වූහ. ඔවුන් එය "ආදර ඇපල්" ලෙස හැඳින් වූ අතර මාරාන්තික විෂක් සහිත ඵලයක් ලෙස සැලකූහ. ක්‍රි.ව. 1820 එක් දිනක දී ඇමරිකාවේ රොබට් ගිබන් ජොන්සන් නැමැත්තා තක්කාලි ගෙඩියක් අනුභව කළේය. ඔහු වටා රැස්වී සිටි ජනයා එවෙලේම ඔහුගේ මරණය අපේක්ෂා කළහ. නමුත් ඔහු මියගියේ නැත. ඔහු දෙවැනි තෙවැනි සිව්වැනි තක්කාලි ගෙඩි ද කෑවේය. එවක් පටන් තක්කාලි කාගේත් රසවත් ආහාරයක් බවට පත් විය.
1833 දී ඇමරිකාවේ පටරටින් ගෙන් වූ එළවළුවලට 10%ක තීරු බද්දක් පනවනු ලැබීය. එහෙත් තක්කාලි පළතුරු වර්ගයක් ලෙස සැලකූ වෙළෙන්දෝ එම බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කළහ. තක්කාලි එළවළුවක් ද, පළතුරක් ද යන මේ උද්ඝෝෂණ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගෙනයාමට රජයට සිදුවිය. තක්කාලි අතුරුපසක් නොව එළවළුවක් බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය.
එළවළු අතර විටමින් "ඒ" ලබාදීම අතින් තක්කාලි 16 වැනි තැනත්, පළතුරු අතර විටමින් "සී" ලබාදීම අතින් 13 වැනි තැනත් හිමිකර ගනී. එක් තක්කාලි ග්‍රෑමයක ජලය 93.5% අඩංගු වේ. එපමණක් නොව මැග්නීසියම්, නියැසින්, යකඩ, පොස්පරස්, පොටෑසියම්, රයිබෝප්ලෙවින්, සෝඩියම් ද තක්කාලි වල යහමින් ඇති බව සොයාගෙන ඇත. එළවළුවල ඉතාමත් දුර්ලභ තයමින් ද මෙහි අඩංගු බව පැවසේ. තන්තුමය ස්වභාවය හා සිටමින් සී අඩංගු වීම හේතුවෙන් කාලයක් මුළුල්ලේම තක්කාලි සෞඛ්‍යයට වඩාත් හිතකර ආහාරයක් සේ සැලකිණි. නවතම පර්යේෂණ මගින් එහි මෙතෙක් දැන සිටි ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක් ගැබ්ව ඇතැයි හෙළිදරව් වී තිබේ. එහි ඇති ලයිකොපෙනී නම් රසායනිකය, පුරුෂ ශක්තිය නැති කරන පිළිකා මෙන්ම මුත්‍රාශයේ, අග්න්‍යාශයේ හා ජීර්ණ පද්ධතියේ ඇතිවිය හැකි පිළිකා මර්දනයෙහිලා සමත්ය. තක්කාලි වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පිළිකා තර්ජනය පිටු දැකිය හැක.
නිසි ලෙස පිසින ලද තක්කාලිවල ලයිකොපෙනී බහුලව අඩංගු වේ. නමුත් එසේ පිස ගැනීම එතරම් පහසුකටයුත්තක් නොවේ. තක්කාලි සෝස් මෙන්ම තක්කාලි තැවරුම ආදිය සෑදීමේ දී එහි ඇති අගය ගිලිහී යයි. සෛලයන් හට හානි පමුණුවා ඔක්සිජන් අණු නිෂ්ක්‍රිය කිරීමෙහිලා මෙම රසායනිකය සමත් ය. එමගින් පිළිකා සෑදීමේ තර්ජනය අවම වේ.