'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යම් දවසක බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදී සිටින අවස්ථාවක, බුදුරජාණන්වහන්සේ නමක් දේශනා කරන මේ ලෝකය පිලිබඳ සත්‍ය විස්තර අසා දැනගන්න ලැබෙන තෙක් සත්වයා ජීවත් වෙන්නේ ඝන අන්ධකාරයක!!! එයාලට කියනවා 'අඍතවත් පෘතග්ජනයෝ' කියල. ඒ උදවියට නොනවතින සංසාර ගමනේම යෙදෙන්න වෙනවා කවදා හෝ බුදුකෙනෙකුන්ගෙන් හෝ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකු ගෙන් ධර්මය අසා අවබෝධ කරගෙන තමන්ගේ ගැලවීම සලසා ගන්නා තෙක්!!! කොච්චර ඉදිරියට ගියත් වෙන්නේ අතීතයේ සිදුවූ විදියටමයි!!! දුක් විඳින්න වෙන එකේ සීමාවක් නෑ... බලන්න ලෙඩ වෙලා, අත/පය නැතුව, නැත්නම් අත/පය කැඩිලා/බිඳිලා මිනිස්සු විඳවන විඳවිල්ල... පිළිකා හැදිලා තැන් තැන්වලින් කපල දාල, එහෙන් මෙහෙන් බට දාල ඉන්න උදවිය දැකල නැද්ද? තමන්ට එහෙම වෙන එකක් නෑ කියල sure ද? නෑ!!! කිසිම sure එකක් නෑ!!! තව මොහොතකින් මොකකින් මොකක් වෙයිද කියල විශ්වාසයක් නැති, හරිම අනිත්‍ය, unsure, අවිනිශ්චිත දෙයක් මේ අපේ ජීවිත!!!

    ඔය අතරේ, සැප විඳින ජීවිතත් කොච්චර නම් තියනවද? ඒත් මොකද්ද ඇති ඵලේ?? කොච්චර සුළු කාලෙකටද?? හොඳට සැපසේ කාල, බීල, නටල, විනෝද වෙලා ඉඳල මැරිච්ච අයට වෙලා තියන දේවල් දන්නවා නම් හුඟ දෙනෙක් අන්ත අසරණ වෙනවා!! නොදන්න නිසා විනෝදෙන් හිටියට, ඇත්ත දැනගත්තොත් යන එන මං නැතිවෙනවා!!! අපි ඕවා දන්නවා... පෙරේත ලෝකේ හැටි, ඒ තත්වෙට වැටිච්ච උදවිය විඳවන විඳවිල්ල දන්නවා... මිනිස්සු 'ධනාත්මක චින්තන', 'සුභවාදී ආකල්ප' වගේ පිස්සු කියවන්නේ නොදන්න කමට!!! මේ සංසාර ගමනේ එහෙම ඒවා නෑ... තිබුනත් බොහොම තාවකාලිකයි!!! දුක 99.9% යි සැප 0.1% යි කියල කිව්වොත් නම් සෑහෙන නිවැරදියි!! ඉතින් ඔයාල ඔය සේරම නොදන්නවා උනත්, ඔය කවුරු පිළිගත්තත් නැතත්, සිද්ධවෙන්නේ ඔහොමයි!!! මට කියන්න තියෙන්නේ අර කලින් කිව්වා වගේ, TV එකක වගේ, ඒක හදල තියන හැටි, වැඩකරන හැටි මොනවා නොදන්නවා උනත්, දැම්මම රූප පේන බව දන්නවා නේ... ඔන්න ඔය විදියට ඔයාල සංසාර කතාව ගැන නොදැන උන්නත්, දිගින් දිගට පවතින්න දුන්නොත් ඔයාලට ගොඩක් දුක්විඳින්න වෙනවා!!!

    හැබැයි සංසාර ගමන සිද්ධවෙන්නේ හේතු නිසා ඵල හටගන්නා ධර්මතාවයෙනුයි. හේතු නැති උනාද, ඵල හැදීම නවතිනවා!!! සංසාර ගමන නවතිනවා!!! බුදුරජාණන්වහන්සේ නමකගෙන් හෝ උන්වහන්සේ ගේම ආර්ය ශ්‍රාවකයෙකු ගෙන් ලෝකය ගැන, තමන්ගේ ජීවිතය ගැන අහන්න ලැබුණු පුද්ගලයා මේ තේරුමක් නැති සංසාර ගමනෙන් මිදෙන්න තීරණය කරනවා!! ඔහු බුදුරජාණන්වහන්සේ ගේ සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා!! එයාට දැනගන්න ලැබෙනවා මේ සියලු දුක් කරදර ලොකු නොදැනුවත් කමක් නිසා සිද්ධවෙන දෙයක් බව!!! යමක් අවබෝධ නොවීම නිසා සිදුවන දෙයක් බව!!! නොදන්න කම තමන්ගේ අඩුපාඩුවක්... නොදන්න හන්දයි වැරදුනේ... වැරදුන හන්දයි ඉපදෙන මැරෙන ස්වභාවයෙන් ගැලවෙන්න බැරි උනේ!!! ඉතින් ඔහු නිදහස්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා!! ඒ කියන්නේ පියවරෙන් පියවර තමන්ගේ අවබෝධය දියුණු කරගන්නවා!! දැන් ඔබ මෙසේ තමන්ගේ අවබෝධය සම්පූර්ණ කරගන්න ක්‍රියාත්මක උනොත්, සාර්ථක වෙන ප්‍රමාණය අනුව අවස්ථා 4කින් ඔබටත් ඔය කියන සසර දුකෙන් සදහටම නිදහස් වීමට පුළුවන් වෙනවා!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඔය කවුරු කවුරුත් යනවයි කියන 'සංසාරේ' තියෙන්නේ කොහෙද? බැරිවෙලාවත් ප්‍රශ්ණයක් මතු වුනොත්, එහෙමත් නැත්නම් කවුරුහරි ඇහුවොත්, මොකද්ද දෙන පිළිතුර?? ඇත්තටම නම්, 'සංසාරේ යනවයි' කිව්වට, මේක මේ එහෙම අරහේ මෙහෙ 'යන' කතාවක් නෙවෙයි!!! මෙතන වෙන්නේ හරි 'බහුබූත' සිදුවීමක්!!! 'දවල් හීනයක්' වගේ... හීනෙකින් වත් හිතන්න බැරි දෙයක්... විහිලු වැඩක්!!! ඒත් ඒ සිදුවීමේ ප්‍රතිඵල හරිම දරුණුයි!!! භයානකයි!!! මොකද, මේ මම, ඔයාල, ඉන්න තරමක් සත්තු ජාති (මාළුවෝ, කුරුල්ලෝ සේරම), පෙරේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ, නිරිසත්තු ඔක්කොම හැදෙන්නේ (උපදින්නේ) ඒ විදියට!!! (එහෙම බහුබූත සිදුවීමක් නිසා අපි ඉපදුනාට, දැන් කොහොමද ඉපදිච්ච අපිට, මේ විඳින දේවල් දැනෙන විදිය??) ඉතින්, මෙතැනදී ඇත්තටම නම් වෙන්නේ 'එකක්' කඩන්වැටෙන කොට ඒකෙ තිබිච්ච ලක්ෂණම තියන, නමුත් ස්වරූපය වෙනස්විය හැකි 'වෙනින් එකක්' තව තැනක හටගැනීමක්!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'පැළවෙනවා' කියලයි!!! ඔන්න ඔය දිගින් දිගට පැළවෙන ස්වභාවය තමයි සංසාර ගමන කියල හඳුන්වන්නේ!!! ඒ ස්වභාවය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි... තම තමන්ගේ සිත්වලයි!!! ඒ කියන්නේ, මේ ප්‍රශ්ණේ තියෙන්නේ තමන්ගේ ගාව!!! ඉතින් මේ ප්‍රශ්ණේ විසඳගන්න කොහෙවත් යන්න ඕනේ නෑ... කිසිදේකට බයවෙන්න ඕනෙත් නෑ!!! නොදන්න කම විතරයි තියෙන්නේ!!! මං බුදුහාමුදුරුවොන්ගෙන් ඔක්කොම අහල දැනගත්ත... දැන් ඉතින් ඒ නොදන්න කම (අවිද්‍යාව) 'කුඩේකුඩු' කරනවා!!! නිදහසේ අයිනක් අල්ලන් වාඩිවෙලා හිතන්න... කල්පණා කරකර බලන්න!!! ආයේ සංසාර කතාවල කෑලි වත් හොයන්න වෙන්නේ නෑ!!!

    නොදන්න කම තමයි මේ සේරගේම මුල!!! පටිච්චසමුප්පාදය දන්නවා නම්, පොඩ්ඩක් මතක් කරගන්න... දන්නේ නැති අය නිකම් ඉන්න:P (මං කියල දෙඤ්ඤං:)) අවිද්‍යා පච්චයා සංඛාරා... (අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවේ...) කියලයි වැඩසටහන පටන්ගන්නේ!!! අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා... (අවිද්‍යාව ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ උනොත්...) කියලයි වැඩසටහන අවසාන වෙන්නේ!!! මේ සත්‍ය නොදන්නා කමට, අවිද්‍යාව හන්ද, 'අං' ඇවිල්ල වගේ දෙයක් තමයි කාට කාටත් වෙලා තියෙන්නේ... ඒ 'අං' වලට කියනවා කෙලෙස් කියල!!! ඔය කෙලෙස් තමයි නැවත නැවත හටගැනීම ඇති කරන්නේ... ඒ කෙලෙස් තියෙන්නේ හිතේ... ඒ නිසා, 'කෙලෙස් සහිත හිත' තමයි සංසාරය කියල අඳුන්වන්නේ!!! හිතේ කෙලෙස් තිබුනොත් වෙන්නේ කකුලෙන් අදිනවා වගේ වැඩක්! නිදහස් වෙන්න දෙන්නේ නෑ!! කෙලෙස් නැති වුනාම, නිකෙලෙස්!!! ඒ කියන්නේ අරහත්ඵලය සාක්ෂාත් කල කෙනෙක්!!! එයා පිරිණිවන් පානවා!!! ඉතින් අවිද්‍යාව එහෙමපිටින් නැතිවෙච්ච දාට සංසාර කතාව ඉවරයි... එතනින් මගේ කතාවත් අවසාන වෙනවා!
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    දැන් ඔය කවුරු කවුරුත් යනවයි කියන 'සංසාරේ' තියෙන්නේ කොහෙද? බැරිවෙලාවත් ප්‍රශ්ණයක් මතු වුනොත්, එහෙමත් නැත්නම් කවුරුහරි ඇහුවොත්, මොකද්ද දෙන පිළිතුර?? ඇත්තටම නම්, 'සංසාරේ යනවයි' කිව්වට, මේක මේ එහෙම අරහේ මෙහෙ 'යන' කතාවක් නෙවෙයි!!! මෙතන වෙන්නේ හරි 'බහුබූත' සිදුවීමක්!!! 'දවල් හීනයක්' වගේ... හීනෙකින් වත් හිතන්න බැරි දෙයක්... විහිලු වැඩක්!!! ඒත් ඒ සිදුවීමේ ප්‍රතිඵල හරිම දරුණුයි!!! භයානකයි!!! මොකද, මේ මම, ඔයාල, ඉන්න තරමක් සත්තු ජාති (මාළුවෝ, කුරුල්ලෝ සේරම), පෙරේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ, නිරිසත්තු ඔක්කොම හැදෙන්නේ (උපදින්නේ) ඒ විදියට!!! (එහෙම බහුබූත සිදුවීමක් නිසා අපි ඉපදුනාට, දැන් කොහොමද ඉපදිච්ච අපිට, මේ විඳින දේවල් දැනෙන විදිය??) ඉතින්, මෙතැනදී ඇත්තටම නම් වෙන්නේ 'එකක්' කඩන්වැටෙන කොට ඒකෙ තිබිච්ච ලක්ෂණම තියන, නමුත් ස්වරූපය වෙනස්විය හැකි 'වෙනින් එකක්' තව තැනක හටගැනීමක්!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'පැළවෙනවා' කියලයි!!! ඔන්න ඔය දිගින් දිගට පැළවෙන ස්වභාවය තමයි සංසාර ගමන කියල හඳුන්වන්නේ!!! ඒ ස්වභාවය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි... තම තමන්ගේ සිත්වලයි!!! ඒ කියන්නේ, මේ ප්‍රශ්ණේ තියෙන්නේ තමන්ගේ ගාව!!! ඉතින් මේ ප්‍රශ්ණේ විසඳගන්න කොහෙවත් යන්න ඕනේ නෑ... කිසිදේකට බයවෙන්න ඕනෙත් නෑ!!! නොදන්න කම විතරයි තියෙන්නේ!!! මං බුදුහාමුදුරුවොන්ගෙන් ඔක්කොම අහල දැනගත්ත... දැන් ඉතින් ඒ නොදන්න කම (අවිද්‍යාව) 'කුඩේකුඩු' කරනවා!!! නිදහසේ අයිනක් අල්ලන් වාඩිවෙලා හිතන්න... කල්පණා කරකර බලන්න!!! ආයේ සංසාර කතාවල කෑලි වත් හොයන්න වෙන්නේ නෑ!!!

    නොදන්න කම තමයි මේ සේරගේම මුල!!! පටිච්චසමුප්පාදය දන්නවා නම්, පොඩ්ඩක් මතක් කරගන්න... දන්නේ නැති අය නිකම් ඉන්න:P (මං කියල දෙඤ්ඤං:)) අවිද්‍යා පච්චයා සංඛාරා... (අවිද්‍යාව නිසා සංස්ඛාර ඇතිවේ...) කියලයි වැඩසටහන පටන්ගන්නේ!!! අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා... (අවිද්‍යාව ඉතිරි නැතුව නොඇල්මෙන් නිරුද්ධ උනොත්...) කියලයි වැඩසටහන අවසාන වෙන්නේ!!! මේ සත්‍ය නොදන්නා කමට, අවිද්‍යාව හන්ද, 'අං' ඇවිල්ල වගේ දෙයක් තමයි කාට කාටත් වෙලා තියෙන්නේ... ඒ 'අං' වලට කියනවා කෙලෙස් කියල!!! ඔය කෙලෙස් තමයි නැවත නැවත හටගැනීම ඇති කරන්නේ... ඒ කෙලෙස් තියෙන්නේ හිතේ... ඒ නිසා, 'කෙලෙස් සහිත හිත' තමයි සංසාරය කියල අඳුන්වන්නේ!!! හිතේ කෙලෙස් තිබුනොත් වෙන්නේ කකුලෙන් අදිනවා වගේ වැඩක්! නිදහස් වෙන්න දෙන්නේ නෑ!! කෙලෙස් නැති වුනාම, නිකෙලෙස්!!! ඒ කියන්නේ අරහත්ඵලය සාක්ෂාත් කල කෙනෙක්!!! එයා පිරිණිවන් පානවා!!! ඉතින් අවිද්‍යාව එහෙමපිටින් නැතිවෙච්ච දාට සංසාර කතාව ඉවරයි... එතනින් මගේ කතාවත් අවසාන වෙනවා!
    අපිට දැන් හොඳටම පැහැදිලියි ඔයත් කෙලෙස් තියන කෙනෙක් කියල.මම ඔයාට මෛත්‍රී කරනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපිට දැන් හොඳටම පැහැදිලියි ඔයත් කෙලෙස් තියන කෙනෙක් කියල.මම ඔයාට මෛත්‍රී කරනවා

    aa... me ara 'anidassana' unnaha ne!! nonaa kenekwathda manda? kohomahari olu dekak, ath kakul hathara ganane wath thiyana kenek wenna athi neda? 'api' kiyala bahuwachanen kiyanne...:lol::lol:

    mayithree karanna!!!:yes: eka oyata wagema hamotama godaak prayojanawath weyi!!!:yes::yes:

    me... mage kesel maa gaawa thibichchaawe... dan oya 'pandi talks' danna hithanna wath epa!!! mokada saahena amaaru wenawa... amaaruyi kiyanne mokuthma kiyanna bari wenawa...:no::no::no:

    thawa tika kalak yanakota ohela wage 'out-of-phase' inna ayata kata uththara nathiwennama wadeevi!!! 'mage' hati ehemayi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කලින් thread එකේදිත් කියපු කතාවක් තියනවා, රෝහිතස්ස කියල දෙවිකෙනෙක් බුදුහාමුදුරුවෝ මුණගැහිලා කියපු දෙයක් සම්බන්ධව. අහල / කියවල තියනවද දන්නේ නෑ! හැබැයි මෙන්න මේවගේ ඒවායින් තමයි ධර්මය අහල තමන්ට මොකද්ද කරන්න තියෙන්නේ, කොහොමද වෙන්න ඕනේ, කියන ඒවා දැනගන්න තියෙන්නේ! ඒත් මේවගේ දේවල් ඇහෙනවා හරි අඩුයි!! ඉතින් මෙහෙමයි කතාව. දවසක් බුදුරජාණන්වහන්සේව මුණගැහෙන්න ආව රෝහිතස්ස කියන දිව්‍යපුත්‍රයා ඇහුවලු, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ඇවිදගෙන ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙලවර දකින්න පුලුවන්ද?" කියල. බුදුරජාණන්වහන්සේ එක්වරම කිව්වලු, "බෑ!" කියල. ඒ ගමන රෝහිතස්ස දිව්‍යපුත්‍රයා කියනවලු, "ආශ්චර්යයි ස්වාමිනි!! හරි පුදුමයි!! භාග්‍යවතුන් වහන්ස, මට පෙර ජීවිතයක් ලැබුණා බොහොම වේගයෙන් ගමන් කරන්න පුළුවන්... ඉතින් මට උවමනාවක් ආව ලෝකයේ කෙලවර බලන්න යන්න... මම ඉතින් වැඩිය නතරවෙවී ඉන්නෙත් නැතුව බොහොම වේගයෙන් ඈතට ඈතට ගියා... ඒත් මට ලෝකේ කෙලවරට යන්න බැරි උනා... මම අතරමගදී ආයුෂ ඉවරවෙලා චුත උනා" කියල. ඉතින් බුදුහාමුදුරුවෝ උත්තර දුන්නලු, "බෑ... බෑ... ඒ විදියට ඇවිදගෙන ගිහිල්ල නම් කවදාවත් ලෝකේ කෙලවර දකින්න ලැබෙන්නේ නෑ... හැබැයි ලෝකේ කෙලවර දකින්නේ නැතුව අපිට ගැලවීමක් ලැබෙන්නෙත් නෑ..." කියල. පස්සේ, බුදුරජාණන්වහන්සේ රෝහිතස්ස දිව්‍යපුත්‍රයාට තෝරලා දුන්නලු, "අපි කෙළවරක් දකින්න ඕනේ ලෝකය තියෙන්නේ ඔය විඥාණය සහිත, ඔය සංඥා සහිත, ඔය මනස සහිත බඹයක් පමණ ශරීරයෙයි!! ලෝකේ හැදෙන ජාති සේරමයි, ලෝකයෙන් නිදහස් වීමයි, ලෝකයෙන් නිදහස්වීමට මාර්ගයයි සේරම තියෙන්නේ ඔතනයි" කියල...

    ආයේ මතකද අර මං ගත්තු උදාහරණේ? ඇස් පේන්නෙත් නැතුව, කන් ඇහෙන්නෙත් නැතුව, ඉපදුනා නම් තමන්ගේ මුළු ලෝකයම 'ඔලුගෙඩියේ ඉඳලා දෙපතුල් වලට යනකම්' ප්‍රමාණයට සීමා වෙන බව!! ඉපදිච්ච දවසේ ඉඳල අහපු / දැකපු විකාර කතා නැති උනා නම් දුක, දුකෙන් නිදහස්වීම සේරම හරි ලේසි දෙයක් වෙන්න තිබුන!! පුංචි පුංචි ඇත්තෝ කොච්චරක් නම් සසර දුකින් එතෙර උනාද?? මේ දැන් ඉන්න උදවිය පෙරුම් පුරන්න ඕනෙලු!! දැන් කාලේ බැරිලු!! ...කුණුහරුප කතා අහල / කියවල ඔළුගෙඩි කුරෝලු වෙලා!!! දුක තේරෙන්නේ තමන්ට... තව කොච්චරක් දුක් විඳින්නද? කියල තේරුණාම 'ඉක්මනටම මේකෙන් ගැලවෙන්න ඕනේ...' කියල උවමනාව ඇතිවෙන්නේ තමන්ට... ගැලවෙන්නේ කොහොමද? මොනවද ඒකට කරන්න ඕනේ? කියල නොදන්නා එක විතරයි ගැටලුව!! ඉතින් කරන්න ඕනේ දේ දැනගන්න ලැබුණාම, පුළුවන් ඉක්මනට අවශ්‍යදේ කරගන්න එක තමයි බුද්ධිමත් කෙනා කරන්නේ!! අරහත් ඵලය සාක්ෂාත් කිරීම තමයි මෙතැනින්ම සේරම දුක් නිමා කරන්න කරගන්න තියන දේ. ඒ කියන්නේ නිවන් දකින්න ඕනේ!! ඒක මේ මලායින් පස්සේ කරගන්න තියෙන දෙයක්, මෙතනින් ගිහිල්ල යන්න තියන 'තැනක්', ආයේ සංසාරෙට නොවැටෙන්න ආරක්ෂාකාරීව 'නතරවෙන්න පුළුවන් නවාතැන් පොලක්', වගේ විකාර හිතන්න තියාගන්න එපා!! බුදුහාමුදුරුවෝ කිව්වේ, ලෝකය හටගන්නා සේරම තියෙන්නේ මේ ශරීරය ඇතුලේයි... නිදහස් වීමයි, නිදහස්වීමට ක්‍රමයයි සේරම තියෙන්නෙත් මේ ශරීරය ඇතුලේමයි... කියලා නේ.

    ඊළඟට, බුදුහාමුදුරුවෝ 'ලෝකය' කියන එකේ තේරුම, 'ලෝකය' කියල කියන්නේ ඇයි කියල, මෙන්න මේ විදියට කියලා දුන්න. නැසී වැනසී යනදේටයි ලෝකය කියන්නේ!! කියල. ඉතින් තේරෙනවද කතන්දරේ?? මේ නැසී වැනසී යන ශරීරය අවබෝධකර නොගත්ත එකයි අවුල!!! වෙන කාගෙවත් ඒවා දිහා බල බල ඉන්න නෙවෙයි, ඔය තම තමන්ගේ ඒවා ගැන හරියට බලාගත්තේ නැති එකයි අඩුව!! ඒක තමන්ගේ වැරද්දක්!!! ඒ වැරැද්ද හදාගන්න... එතකොට සේරම හරියාවි...
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ඔයා ප්‍රිය වචනයක්වත් කතා කරන්න දන්නා කෙනෙකුත් නොවෙයි.ප්‍රිය වචන මොනවද කියල දන්නා කෙනෙකුත් නොවයි. ඒවායින් මනසට ඇතිවන සුවපහසුව ගැන දන්නා කෙනෙකුත් නොවෙයි. අඩුම ගනනේ පංච සිලයවත් ආරක්ෂා කරන කෙනෙක් නොවෙයි (මත්පැන් බොන).ඔයා අමනුෂ්යින්ගේ පැත්තටයි බර. ඔයාගේ thread එක කියවල යම් දෙයක් දැනගෙන වැරද්දක් කියල දෙන අයටත් පරුෂ වචන වලින් බනින නමුත් ඒ අතරේ කොහෙන්හරි දැනගත්ත ධර්මය කොටස් විශාල වශයෙන් ඒ thread එකටම දමන.ඒ අතරේ නිවන් දැක්කා කියන කිසියම් උන්මාදයකින් පෙලෙන කෙනෙක්. ඔයා මම කියල කෙනෙක් ඇත්තටම නැහැයි කියල බුදුහාමුදුරුවෝ කියල තියන නිසා එහෙම හිතාගෙන සියලුම දුශ්චරිත වල යෙදෙන කෙනෙක්. ඔයා වගේ අය බුද්ධ ධර්මයට නිගාවක්. අන්‍ය ආගමික අය මේවා දැකල උපහාසයෙන් හිනා වෙනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා ප්‍රිය වචනයක්වත් කතා කරන්න දන්නා කෙනෙකුත් නොවෙයි.ප්‍රිය වචන මොනවද කියල දන්නා කෙනෙකුත් නොවයි. ඒවායින් මනසට ඇතිවන සුවපහසුව ගැන දන්නා කෙනෙකුත් නොවෙයි. අඩුම ගනනේ පංච සිලයවත් ආරක්ෂා කරන කෙනෙක් නොවෙයි (මත්පැන් බොන).ඔයා අමනුෂ්යින්ගේ පැත්තටයි බර. ඔයාගේ thread එක කියවල යම් දෙයක් දැනගෙන වැරද්දක් කියල දෙන අයටත් පරුෂ වචන වලින් බනින නමුත් ඒ අතරේ කොහෙන්හරි දැනගත්ත ධර්මය කොටස් විශාල වශයෙන් ඒ thread එකටම දමන.ඒ අතරේ නිවන් දැක්කා කියන කිසියම් උන්මාදයකින් පෙලෙන කෙනෙක්. ඔයා මම කියල කෙනෙක් ඇත්තටම නැහැයි කියල බුදුහාමුදුරුවෝ කියල තියන නිසා එහෙම හිතාගෙන සියලුම දුශ්චරිත වල යෙදෙන කෙනෙක්. ඔයා වගේ අය බුද්ධ ධර්මයට නිගාවක්. අන්‍ය ආගමික අය මේවා දැකල උපහාසයෙන් හිනා වෙනවා

    තව කියන්න... තව කියන්න... ඔය ටික හොඳටෝම මදි... ටිකක් ලොකු අකුරෙනුත් දාන්න... පුළුවන් නම් පත්තරේටත් දාන්න... ඒත් මදිනම් පිටේ bord එකක් ගහගෙන ලෝකේ වටේ යන්න...:)

    oyaa anya aagamika neweyi kiyala hondatama sure neda???
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    නිවාඩුවට ගමේ ආවා. ඔක්කොම ටික කියවලා දැම්මා මුල ඉඳලා. වැඩේ හොඳයි.

    සමහර වෙලාවට මාතෘකාවෙන් පිට යනවද මන්දා.

    දැන් මම කරපු කර්ම වලට අනුව යම් ශක්ති ප්‍රමාණයක් විද්‍යුත් තරංගයක ආකාරයෙන් තියෙනවා. එතකොට මට අදාල ශක්තිය එක කැටියක් විදිහට තියෙන්නේ කොහොමද වෙනත් ශක්තියක් බවට පරිවර්තනය නොවී?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිවාඩුවට ගමේ ආවා. ඔක්කොම ටික කියවලා දැම්මා මුල ඉඳලා. වැඩේ හොඳයි.

    සමහර වෙලාවට මාතෘකාවෙන් පිට යනවද මන්දා.

    දැන් මම කරපු කර්ම වලට අනුව යම් ශක්ති ප්‍රමාණයක් විද්‍යුත් තරංගයක ආකාරයෙන් තියෙනවා. එතකොට මට අදාල ශක්තිය එක කැටියක් විදිහට තියෙන්නේ කොහොමද වෙනත් ශක්තියක් බවට පරිවර්තනය නොවී?

    ඔයා වගේ අය සම්බන්ධ වෙනඑක ගැන සන්තෝසයි! ඒත් හැබැයි මේවා මේ... "ඔන්න ඔහේ කියවලා දැම්ම..." style එකට කරන්න බැහැ!!
    හොඳට තෙරුම්ගනිමින් කියවන්න ඕනේ!! කරුණු මතක තියාගන්න ඕනේ!!
    හුඟ දෙනෙක් හරියට වැඩේ කරන්නේ නෑ... ඒත් මතක හිටින්න ඕනේ වැදගත් ඒවා මතක හිටිනම ඕනේ!! එකයි මාත් දෙතුන් පාර, එක එක විදියට දාන්නේ. මට තරමක 'චාටර්' එකක් තමයි... ඒත් මේ වැඩේ කෙරෙන්නම ඕනේ!!! ඒ හන්ද මම සේරම ලියනවා. හැබැයි මාත් වැඩ / ලෙඩ / ප්‍රශ්ණ සේරමත් මැද්දෙන් තමයි මේක කරන්නේ ඉතින් පරක්කු වෙනවා!!
    තව කරුණක්! 'මාතෘකාවෙන් පිට යනවා...' වගේ හිතුනට ප්‍රශ්ණයක් කරගන්න එපා!! off-road ලේසියි!! එතකොට බයිලා කාරයොත් auto හැලෙනවා!! බාධාත් අඩුයි!! අනික මම destination එක දන්නවා!!!
    ඉතින්, ඔය 'කර්ම ශක්ති' කතාව එහෙම චුට්ටක් පැත්තකින් තියල, උවමනාවෙන් දිගටම බලන්න...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි හැමෝටම ඇඟක් කියල එකක්, 'කයක්' තියනවා නේ... නේද?? ඉතින් ඕක නාවල scent / powder දාල, ලස්සන ඇඳුම් අන්දවල තියාගන ඉන්නවා... රස කෑම ජාති හොය හොයා කවනවා... party වලට එහෙම ගියාම ටිකක් හොල්ලනවා... ලෙඩ උනාම බෙහෙත් කරනවා... මගේය කියල හිතන්, බදාගෙන ඉන්නවා... ඒ උනාට නිකමට හරි හිතල තියනවද, කොහොමද 'මේක' හැදිලා තියෙන්නේ? මොනවද 'මේකේ' තියෙන්නේ? මොකද්ද 'මෙතන' වෙන්නේ? කියන දේවල් ගැන?? දැනගන්න එපාය!! තමන්ගේ එක නේ...

    තමන්ගේ මුළු ලෝකයම ඔච්චරයි!!! 'ලෝකය' හටගන්නා සියල්ලයි, ලෝකයෙන් නිදහස් වීමයි, ලෝකයෙන් නිදහස්වීමට මාර්ගයයි සේරම තියෙන්නේ ඔය කාට කාටත් ලැබිල තියන 'ශරීර කූඩු' අස්සේ බව බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙද්දී, තමන්ගේ කය ගැන විමසලා බලන්නේ නැතුව, අරහත්වයට පත්වෙනවා... ණිවන් අවබෝධ කරනවා... වගේ බරපතල මතෘකාවල් ගැන කතාකරන්න තිය හිතන්නවත් බෑ!!! හුඟ දෙනෙක් කරන්නේ බොරුවක්... අවශ්‍ය දේ ගැන දසමයක වත් සැලකිල්ලක් දක්වන්නේ නැතුව, පණ්ඩිතකම් කියවන්න තියාගන්නවා!! අන්න ඒකයි මේ මාතෘකාව මහා ජරමරයක් වෙලා තියෙන්නේ... බුදුහාමුදුරුවෝ 'කය' ගැන කිව්වේ, 'වැස්ස කාලෙට උතුරන අසුචි වළක් වගෙයි!' කියලයි!! ඔය හැමෝටම තියෙන්නේ එහෙම එකක්!!! සේරමලා අසූචි වලවල්!!! දවස් 3ක් 4ක් දත් මදින්නේ, මූන / ඇඟ මොකවත් හෝදන්නේ නැතුව, වතුර පෙන්නන්නේ වත් නැතුව, ඉඳල බලන්න!! තමන්ගේ ගඳ තමන්ටවත් උහුලගන්න බැරි වේවි!! බැලුවනම් ඇත්තටම වටිනවා... මොකද වෙන අයට 'පාට් දාන්න' ලොකු talks දාන්න යන්නේ නැහැ නේ, 'අනේ මාත් ගූ ගොඩක් නේද?' කියල තේරුණා නම්!!

    ඔය විදියට මේ 'කය' කියන සකස් වෙච්ච, හැදිච්ච, සන්කතයෙහි යථා ස්වභාවය ණුවනින් විමස විමසා බලනවට කියනවා කායානුපස්සනාවේ යෙදෙනවා කියල!! ඒ සතර සතිපට්ඨානය කියලා හඳුන්වලා දීල තියන, සිහිය පිහිටුවාගන්න, සිහිය දියුණුකරගන්න තියන භාවනා වලින් පලවෙනි එක. හොඳම භාවනාවක්!! කරන්නේ නැති එකෙනුයි ලෝක යුද්ධ, දේශපාලන ප්‍රශ්ණ වගේ සේරමත් ඇතිවෙලා තියෙන්නේ!! ...අපිට ඒවායින් වැඩක් නෑ!! අපි බලමු 'අපිට' මොකද වෙන්න යන්නේ?? කියල... thread එකට දාපු නම තෝරගත්තෙත් මෙන්න මේකට!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    කායානු පස්සනාව කියන්නේ මම අහල තියෙන විදිහට මේක.

    1) ඉඳගෙන සිටින විට ඉඳගෙන සිටින වග දැන ගනී.
    2) සිටගෙන සිටින විට සිටගෙන බව දැන ගනී.
    3) ඇවිදිනකොට ඇවිදින බව දැන ගනී.
    4) නිදියනකොට නිදි බව දැන ගනී.

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කායානු පස්සනාව කියන්නේ මම අහල තියෙන විදිහට මේක.

    1) ඉඳගෙන සිටින විට ඉඳගෙන සිටින වග දැන ගනී.
    2) සිටගෙන සිටින විට සිටගෙන බව දැන ගනී.
    3) ඇවිදිනකොට ඇවිදින බව දැන ගනී.
    4) නිදියනකොට නිදි බව දැන ගනී.


    hari! maath dannawa!! kiyanna one naa!!!
    oya witarak neweyi hamoma owa ahala athi!!!
    balana eka witarayi karanna nathuwa aththe... mokada seramala 'okkoma danna' uadwiya ne!! e handa amuthuwen balanna deyak naa... ne? :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඇඟ තනිකරම, පොළවෙන් උරාගත් සාරයෙන් හැදිච්ච ශාක ආහාර හා/හෝ ඒ ශාක ආහාරයට අරගෙන හැදිච්ච සතුන්ගේ මස්/මාන්ස/කිරි ආහාරයට අරගෙන හැදිච්ච එකක් බව ඔයාල හැමෝම දන්නවා නේ? අම්මට පෝෂණය මදි උනොත් ළමය හැදෙන්නේ නෑ... ඉපදිච්ච ළමයට කිරි නොදී දවස් කිහිපයක් තිබ්බොත් මැරෙනවා... ඕව දන්නවා නේ? නේද?? ඊළඟට, අපේ ඇඟවල් වල ලේ/මස්/ඇට/නහර වගේ දේවල් මිසක්ක, යකඩ/plastic/ලී/රබර් වලින් හැදිච්ච මොකවත් නෑ නේ? කෘතිමව දැම්මොත් මිසක්?? ඉතින් මේ ඇඟ හරියටම කියනවා නම්, කෝටු වලින් සැකිල්ල හදල, ඒවාට මැටි ගහල බිත්ති බැඳලා, හදපු ගෙයක් වගෙයි!! අපේ ඇටකටු set එක නොතිබුනා නම්, සේරම කෑලි බෑලි ටික එකට එක්කහු වෙලා, තනිකරම 'ගුලියක්' වගේ තියේවි!! මොකද මේකේ හැඩය/shape එක තනිකරම ලැබෙන්නේ ඇටකටු set එකෙන්!!! ඊළඟට, ඇඟේ හම නැති උනා නම්, මල්ලක් ලිහුවා වගේ කෑලි බෑලි සී සී කඩ යාවි... හිතාගන්න බැරි කමක් නෑ නේද?? පොඩියට 'මල්ල ඉරිච්ච ඒවා' පින්තුර වලින් හරි දැකල ඇති නේ?? ඔය accident වලදී එහෙම දකින්න තියෙන්නේ...

    අප්පිරියද??? අප්පිරිය වෙලා වැඩක් නෑ!!! මේ තම තමන්ගේ 'ඇඟ' ගැන කියන්නේ... නාවල, කවල/පොවලා, scent/powder දාල, ජෙල් ගාල කොන්ඩේ පීරලා තියන් ඉන්න එකේ ඇතුල්පැත්ත මෙහෙමයි!!! කැතයි නේද?? කුණුගොඩක් කියල තේරෙනවා නේද?? ඒත් කරන්න දෙයක් නෑ... ඔය හැමෝටම තියෙන්නේ එහෙම ඇඟවල් තමයි!! හැබැයි, මේගැන හිතන්න බය වෙන්න එපා!!! මේවා හිතන්න බය උනා කියල ලැබෙන දෙයක් නෑ!!! බය උනොත්, ඒකෙන් තමන්ට වෙන්නේ ලොකු පාඩුවක් විතරයි!!! නැවත නැවත උපදිනවා කියන්නේ, දිගින් දිගටම ලැබෙන්නේ මෙහෙම 'කුණුගොඩවල්ම' තමයි!!! ඒ හන්ද තමයි ඉවරයක් කරගන්න ඕනේ!!! ඉවරයක් කරගන්න තමයි ණිවන් දකින්න ඕනේ!!! වෙන විකල්ප මොකවත්ම නෑ!!! මේ විදියට කරන්නම වෙනවා!!! ඉතින් ආයේ කවදාවත් 'බය' කියන එක ඇති නොවෙන්න, අපි මේක ඉවරයක්ම කරලා දාමු!!!

    බුදුහාමුදුරුවෝ තවත් උදාහරණෙක කිව්වා, මේ ඇඟ, දෙපැත්තෙන් කටවල් ගැටගහපු, ධාන්‍ය පුරවපු මල්ලක් වගෙයි!! කියල... නුවණැති කෙනා ඒ මල්ල ලිහල, එක එක ජාතියේ ධාන්‍ය වෙන වෙනම ගොඩ ගගහ බලනවා!! කියල... එතකොට, ගොඩවල් 32 කට හරියන්න 'බඩු' තියනවා ඔයාල හැමෝගෙම ඇඟවල් වල!!! ලේ/මස්/ඇට/නහර... කියල තෝරලා තියෙන්නේ ඒවා තමයි!! ඒටික හඳුන්වලා තියනවා, 'දෙතිස් කුණපයන්' කියල!! හැබැයි, අපි එහෙම බලන්න යන්නේ නෑ... පොඩ්ඩක් වෙනස් විදියට බලමු!! ඒත් ඔය rational thinking නැතුව බැරි උදවියට, එහෙම තිබුනොත් මිසක් හරියන්නේ නැති, කිව්ව පලියට පිළිගන්න මොකද්ද මොකද්ද වගේ උදවියට, ඔය ජාති 32ම කෑල්ලෙන් කෑල්ලට analize කර කර බලල, කියන්න යන ඒවයි ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්!!! doubts මොකවත්ම තියාගන්න ඕනේ නෑ!!! තම තමන්ට තම තමන්ගේ බුද්ධියෙන් බලන්න තියෙන්නේ ඔන්න ඕවා තමයි!!! ඉතින්, හොඳට බලන්න... කිසි අවුලක් නෑ... හිතේ මොකුත්ම සැකයක් ඉතුරු නොවෙන්න, හොඳට හොයල හොයල බලල සැහීමකට පත්වෙන්න!!! ඒකමයි ඕනේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ අපේ ජීවිත ගැන කිව්වේ, ධාතු 6ක එකතුවක්... සංඥා ආයතන 6ක එකතුවක්... හිත හැසිරෙන තැන් 18ක එකතුවක් කියලයි!!! ඊළඟට කිව්වා ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්න... සත්‍ය තියෙන්නේ රකින්න... ත්‍යාගය (චාගෝ) තියෙන්නේ අතහරින්න... සංහිඳීම තියෙන්නේ පුහුණු කරන්න... කියලයි!!! දන්නවද?? අර කලින් කරපු technical කතන්දරෙන් කිව්වෙත් මේ කරුණුමයි... දැන් කියන්න තියෙන්නෙත් ඒවමයි!! මොකද ලෝකය හටගන්නා සේරමයි, ලෝකයෙන් නිදහස්වීමයි, ලෝකයෙන් නිදහස් වීමට මාර්ගයයි සේරම තියෙන්නේ මේ බඹයක් පමණවූ අපේ ශරීරයෙයි කියල බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ, අපේ මුළු ලෝකයම එච්චරයි නේද? කියල තෙරුනායින් පස්සේ, වෙන වෙන දේවල් හොය හොයා දඟලන්නේ මොකටද?? කලින් වටපිටාවේ විස්තර එක එක විදියට කියාගෙන ආවේ හැමෝටම මේ මාතෘකාව සම්බන්ධයෙන් එකවගේ දැනුමක් නැති නිසා, අවශ්‍ය පසුබිම හදන්නයි... දැන් තමයි ඇත්තටම නම් හොඳ හරිය පටන්ගන්නේ!! කලින් කියපු technical කතාව හුඟාක් අයට 'බර වැඩි' උනත්, 'දිරවපු' උදවියත් හිටිය!! කතාවට ආවයින් පස්සේ නේ මං අනික් උදවිය ගැන දැනගත්තේ... ඉතින්, මේක එහෙම්පිටින්ම සරලයි!!! නිවපු ඇල්වතුර වගෙයි... ඒ හන්ද උවමනාවෙන් දිගටම බලන්න!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොමද මේ ඇඟ ධාතු හැටියට බලන්නේ?? හරීම සරලයි... මේ ඇඟවල් වල තියන දේවල්, කෑලි බෑලි සේරම, ඒවායේ ස්වභාවය අනුව එක එක ගොඩවල් වලට වෙන්කරනවා! කෑලි ගලවන්න යන්නේ නෑ!! හිතෙන් කල්පණා කරකර බලන්නයි තියෙන්නේ... ඉතින් බලන්න!!!

    අපිට තියනවා ඇටකටු/දත්/නියපොතු/සම/මස් වගේ තද ජාති! ඒ සේරම එක ගොඩකට දාන්න... බුදුහාමුදුරුවෝ ඒ 'තද' දේවල් හඳුන්වලා දීල තියෙන්නේ 'පඨවි ධාතුව' කියලයි!! ඇත්තටම මේ ශරීරයක තියන පඨවි ධාතු සියල්ල මහ පොලව වගෙයි!! ඇයි? පොලවෙත් ගල් ජාති/පස් ජාති/මැටි ජාති වගේ ගොඩාක් දේවල් තියනවනේ... ඊළඟට ලේ/මුත්‍රා/දාඩිය වගේ ඒවා තව ගොඩකට දාන්න! ධර්මයේදී 'ආපෝ ධාතුව' කියල තමයි මේවා අඳුන්වන්නේ!! ඒ කියන්නේ වැගිරෙන, ගලාගෙන යන දේවල්... හරියටම නම් ජලය වගෙයි!! ඊළඟට මේ ඇඟේ රස්නේ ගතිය තියනවා, ආහාර දිරවන ගතිය තියනවා, ශරීරය වර්ධනයවෙන ගතිය තියනවා! මේ ඇවිල්ල නොයෙකුත් ආකාරයේ ශක්තීන්. 'තේජෝ ධාතුව' කියල තමයි බුදුහාමුදුරුවෝ හඳුන්වල දීල තියෙන්නේ!! ගින්න/ගින්දර වගේ සලකන්න කියලයි අපට කියල දුන්නේ!! ඊළඟට මේ ඇඟවල් වල තැන තැන එක්රැස් වෙච්ච වාතය තියනවා, තැනින් තැනට ගමන්කරන වාතය තියනවා, 'ගුඩුස්' ගාල උඩින් පිටවෙන/'පූං' ගාල පහලින් පිටවෙන වාතය තියනවා! මේ සේරම ඇවිල්ල තවත් ජාතියක්! 'වායෝ ධාතුව' කියල තමයි හඳුන්වල තියෙන්නේ!! සුළඟ වගේ සලකන්න කියලයි කියල දුන්නේ!! ඊළඟට තව එක ජාතියක් තියනව. ඒ තමයි 'හිදැස්' නැත්නම්, ඉඩකඩ තියන තැන්! මේ අපේ නාස් සිදුර, කන් සිදුර වගේ හිස් අවකාශ තියෙන්නේ... අන්න ඒවා! 'අවකාශ ධාතුව' කියලා තමයි හඳුන්වලා තියෙන්නේ!! මේ අවකාශයි බාහිර පරිසරයේ තියන අවකාශයි දෙකම එකවගෙයි!! දෙකම සමානයි කිව්වා!! හරි නේද??

    එතකොට දැන් මෙතන පැහැදිලිවම ජාති හතරක දේවල් තියනවා!! 1) පඨවි 2) ආපෝ 3) තේජෝ 4) වායෝ ...හරි නේ?? මෙන්න මේ හතර ජාතියට පොදුවේ කියනවා සතරමහා ධාතු කියල!!! ඊළඟට බුදුහාමුදුරුවෝ මේ සතරමහා ධාතු සමාන කරලා පෙන්නුවා මිහිපිට දකින්න තිබෙන 1) පොලව (පස්) 2) ජලය 3) ගින්දර 4) වාතයට!! මොකද්ද මේකෙන් කියන්නේ?? මේ ඇඟ හැදෙන්නේ තනිකරම මිහිපිට තිබෙන සාරය උරාගෙන!! පෘථිවි සාරයෙන්!!! මේකේ, තැන් තැන්වල තියන හිස් අවකාශ හැරෙන්න, වෙන අද්භූත / අදෘශ්‍යමාන දේවල් මොකවත්ම නෑ!!! තේරුණාද?? මළායින් පස්සේ සිරුර ආයෙම පොලවට පස්වෙලා යනවා නේ... පිච්චුවත් අළු ගොඩ හරි ආයෙම පොලවට එකතුවෙනවා නේ... අන්න ඒකයි!!

    ඊළඟට, මොකද්ද මේ පොලවේ සාරයෙන් හැදිච්ච, තව විදියකින් කිව්වොත් සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, ඇඟේ එහෙම නැත්නම් 'කයේ' ස්වභාවය?? මේක හරිම un-sure නේ!! නැසී වැනසී යන සුළුයි!!! කොයිවෙලේද කියන්න බෑ!! තද සීතලෙන්, තද රස්නෙන් නැසී වැනසී යන්න පුළුවන්... කුසගින්නෙන්, පිපාසයෙන්, ආහාර විසවීමෙන් නැසී වැනසී යන්න පුළුවන්... සත්තු හපාකාල, සර්ප විෂ හන්ද නැසී වැනසී යන්න පුළුවන්... හදිසි අනතුරුවලින්, ලෙඩ රෝගවලින් නැසී වැනසී යන්න පුළුවන්... නේද?? ඔන්න ඔය 'නැසී වැනසී යන' ස්වභාවයට පාලි භාෂාවෙන් කියන්නේ 'රුප්පති' කියලයි!! අන්න ඒ හන්දා බුදුහාමුදුරුවෝ මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කය, 'රූපයක්' වශයෙන් හඳුන්වලා දුන්න!! "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති" (නැසී වැනසී යන ස්වභාවය නිසා රූප යයි කියමි) කිව්වා!! පැහැදිලියි නේ??
     
    මම නම් හිතන්නේ නොවෙනස් වෙන ආත්මයක් කියලා එකක් නෑ :no: විඤාණය කියලා එකක් තියෙන්නේ මේවා හරියට ගලන ගග වගේ මොහොතෙන් මොහොත වෙනස්වෙනවා ස්ථීර නෑ
    මම මේ කිව්වේ මගේ මතේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාතර කිඹුලා;10332425 said:
    මම නම් හිතන්නේ නොවෙනස් වෙන ආත්මයක් කියලා එකක් නෑ :no: විඤාණය කියලා එකක් තියෙන්නේ මේවා හරියට ගලන ගග වගේ මොහොතෙන් මොහොත වෙනස්වෙනවා ස්ථීර නෑ
    මම මේ කිව්වේ මගේ මතේ

    one nathi dewal hithanna epa!!:P
    oyaa hitha hitha kiyanna one naha... Buduhamuduruwo Okkoma Kiyala thiyenne!!!
    oyala thaama hariyata danne naa...
    hithanna, balanna kiyana dewal e widiyata kara kara, follow karan yamu!! kalabala wenna epa!!
     
    Last edited:
    one nathi dewal hithanna epa!!:P
    oyaa hitha hitha kiyanna one naha... Buduhamuduruwo Okkoma Kiyala thiyenne!!!
    oyala thaama hariyata danne naa...
    hithana, balanna kiyana dewal e widiyata kara kara, follow karan yamu!! kalabala wenna epa!!

    කිඹුල්ලු ටිකක් කලබලයි ස්වභාවයෙන්ම :dull: :) ;)

    මේ ලොකු සේවයක් කරන්නේ මේ ත්‍රෙඩ් එකෙන් පින් සිද්ධවෙනවා :yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාතර කිඹුලා;10332506 said:
    කිඹුල්ලු ටිකක් කලබලයි ස්වභාවයෙන්ම :dull: :) ;)

    මේ ලොකු සේවයක් කරන්නේ මේ ත්‍රෙඩ් එකෙන් පින් සිද්ධවෙනවා :yes:

    Pin kathaawa paththakin thiyamu!
    Awanka Uwamanaawakin, nihathamaaneewa follow karana udawiyawa මේ ත්‍රෙඩ් එකෙන් NIWAN 'DAKKANAWA'!!!:yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේ සහරමහ ධාතු වලින් හැදිච්ච 'අපි' කොහොමද මෙහෙම දඟල දඟල ඉන්නේ?? මේ... ඒ සතරමහා ධාතු වලට (කයට) 'පණ' ඇවිල්ල!!! නැත්නම් කොහේ දඟලන්නද? පණ ගියගමන් 'මේක' නැසී වැනසී යනවනේ... තියාගන්න නම් එක්කෝ freeze කරන්න ඕනේ :P නැත්නම් එම්බාම් කරන්න ඕනේ :P මෙන්න මේ පණ තියන ස්වභාවයට, සජීවී ස්වභාවයට, එහෙමත් නැත්නම් සක්‍රිය ස්වභාවයට, හේතුවෙන දේත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ තවත් එක ධාතු ජාතියක් හැටියටයි!! ඒකට කියන්නේ 'විඥාණ ධාතුව' කියලයි!! විඥාණය පවතින තාක් මේ ඇඟේ හුස්ම වැටෙනවා... රුධිර ධාවනය සිද්ධවෙනවා... අහාර ජීර්ණය, පරිවෘත්තීය ක්‍රියා සේරමත් සිද්ධවෙනවා!! ඔය අතරේ සිදුවන වැදගත්ම දෙය තමයි විඥාණයේ ක්‍රියාකාරිත්වය නිසා, මේ ශරීර වලට දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්‍රතිචාර දක්වන ස්වභාවයක් ලැබිලා තියනවා!! එයිනුත් වඩාත්ම වැදගත් දේ තමයි මේ කයට චේතනා පහළකොට, යම් යම් දේවල් කියන්න, කරන්න , හිතන්න හැකියාව ලැබිලා තියනවා!!!

    දැන්, මේ කය සතරමහා ධාතු වලින් හැදිච්ච, සකස්වෙච්ච, නැසී වැනසී යන ගතියෙන් යුතු දෙයක් නිසා මේකට 'රූපයක්' කියල කිව්ව බව දන්නවනේ? එහෙම කිව්වම මේකේ සක්‍රිය බවක්, සජීවී බවක් ගැන කියවෙන්නේ නෑ!!! 'සතරමහා ධාතු එකතුව' ගැන විතරයි කියවෙන්නේ!!! ඒත් මේ රූපයට 'පණ' තියන කම්, සජීවී/සක්‍රිය තත්වයේ පවතින කම්, මේකට නිකම්ම නිකම් රූපයක් කියල බෑ... ක්‍රියාකාරිත්වය දැක්වෙන විදියට අඳුන්වන්න ඕනේ!!! අන්න ඒ හන්දා 'සජීවී කය' හඳුන්වන්නේ 'නාමරූප' කියලයි!!! 'නාම' කියන කොටසින් හැඳින්වෙන්නේ මේ කයෙහි ක්‍රියාකාරීත්වයයි!!! පැහැදිලියි ද??

    ඊළඟට, බුදුරජාණන්වහන්සේ මේ සජීවී කයක පවතින ක්‍රියාකාරීත්වය තමවහන්සේ විසින්ම අවබෝධකරගෙන අපට කියා දුන්නා!! ඒ තමයි අර කලින් කියපු, දැනගන්න/මනසිකාර කරන/විඳින/හඳුනගන්න/ප්‍රතිචාර දක්වන ස්වභාවය!! ධර්මයේ මේ ක්‍රියාකාරිත්වය සඳහන් වෙන්නේ 'වේදනා, සඥා, චේතනා, ඵස්ස, මනසිකාර' යනුවෙනුයි!! (විදීම, හඳුනා ගැනීම, චේතනා පහළකොට සිතීම/කීම හෝ ක්‍රියාත්මක වීම, ස්පර්ශය සහ මනසිකාරය) {ඉදිරියේදී මේවා ගැන වඩාත් හොඳින් දැනගන්න ලැබෙයි!}

    ඉතින්, බුදුහාමුදුරුවෝ අපේ ජීවිත තුන් ආකාරයකින් තෝරලා දුන්න බව මතක නේ?? ධාතු 6ක එකතුවක්... සඥා ආයතන 6ක එකතුවක්... හිත හැසිරෙන තැන 18ක එකතුවක්... කියල!! මේවායෙන් පලවෙනි ආකාරය ගැන ඔන්න ඉතින් කතා කරලා ඉවරයි!!! කයක් කිව්වාම, පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච, අවකාශ සහිත දෙයක් විතරයි!! විඥාණය ක්‍රියාත්මකව තිබෙන තාක් මේ කය සක්‍රියව පවතිනවා!! කය බිඳී යනකොට විඥාණයේ ක්‍රියාකාරීත්වය ඇණහිටිනවා!!පැහැදිලියි නේද?? මේ ටික දහ පාලොස් පාරක් හරි කියවන්න... හොඳට හිතට වදිනකම් කියවන්න... ආයේ ආයෙම කල්පණා කර කර බලන්න...