කටට රහට උයමු...EK cookery class (1)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු...EK cookery class (1)

    එළකිරියන්ට අළුත් දෙයක් දෙන්න හිතුණා. මේක හිතුනේ ශානික් ගේ කෑම කඩය සහ පීට්සා හට් එක ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරපුවට ලැබිච්ච ප්‍රතිචාර නිසා.......
    මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!

    උඩ ඉදන් පටන් ගමු.......සුප් එකක් හදලා..........මේ සමග දාල තියන ෆොටෝ සියල්ල ම මම මේක හදද්දී ගත්ත ඒවා.........

    චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)

    අවශ්‍ය කරන දේ..

    ing1.jpg

    1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)
    2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)
    4 - Oyster හතු 50g
    5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g
    6 - සිහින්ව ලියා ගත් කැරට් 25g
    7- තරමක කෑලි කැපූ කැරට් 25g
    8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)
    9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g

    අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න

    ing2z.jpg

    10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)
    11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)
    14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)
    15 - ගම්මිරිස් තේ හැදි කාලක්
    16 - රස අනුව ලුණු
    17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ
    18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)

    රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ
    එළවළු තෙල් මේස හැදි 3ක්
    ජලය ලීටර 1ක්

    සුප් එක ගණකම් කිරීමට
    13 - බඩ ඉරිගු පිටි මේස හැදි ‍2ක්

    සාදන ක්‍රමය -

    step1y.jpg

    සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)

    step2g.jpg

    ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි ‍2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.

    මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.​

    soup1r.jpg

    මෙලෙස පිළිගන්වන්න........​

    soup2final.jpg

    දැනට බම්ප් එකක් පමණක් දමන්න. හදලා රස, ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න...........

    මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!!
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියම වැඩක්....
    11.gif
    දිගටම කර ගෙන යන්න............:)

    You have given out too much Reputation in the last 24 hours, try again later...:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,667
    3,265
    113
    එල එල..සැහෙන්න මහන්සි වෙලා තියෙනවා..:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Patta machan ! wena kamak nadda ! :P rep+

    ඉදිරියේ දී පීට්සා, මාළුපාන්, ෆ්රයිඩ් රයිස්, ඩෙවල් වර්ග හදන හැටි දාන්නම්........!!!!:yes::yes::yes::yes:
    ටිකක් කල් යයි. මොකද මම හදන ඒව යේ විතරයි ෆොටෝස් දාන්නේ......හදන්න ඉතින් විවේකයක් සෙට් වෙන්න ඕන......!!!!!
    :(
     
    • Like
    Reactions: dumasrc

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තේ එකක් වත් තනියම හදාගන්න බැරි මාත් එක්ක බැලුවම..උඹ ගැන ගොඩක් සතුටුයි ..රෙප්+
     

    abilinmama

    Member
    May 20, 2011
    56
    1
    0
    මට බඩ බුරුල් උනෝ........ බුදු අම්මෝ. කුරුන් ගොයියෝ......