වසර 30ක කුරිරු යුද්ධයකින් පසු නැගී සිටීමට වෙර දරන රටකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දිය හැකි සේවාව අති මහත් බව පැවසූ සංගක්කාර, ඒ සදහා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් මිදීම ඉතා වැදගත් බව අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය, එතෙක් ස්වේච්ඡාවෙන්-මනාව ක්‍රියාත්මක වූ ක්‍රකට් පරිපාලනය දුර්දාන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූ අවස්ථාව ලෙස සංගක්කාර මෙහිදී හැදින්වීය. ක්‍රිකට් ආයතනය තුල දේශපාලනයට ඇතැම් ක්‍රීඩකයන්ද සම්භන්ධ වූ ආකාරයත්, තම අවශ්‍යතා සදහා පරිපාලකයන් එම ක්‍රීඩකයන් භාවිතා කල අයුරුත් සංගක්කාර විස්තර කරන ලද්දේ ඉමහත් සංවේගයකිනි.
බලකාමයේ ප්‍රතිඵලයක් ලෙස පරිපාලනයේ විශ්වාසනීයත්වය හා විනිවිද බව නැති වී ඇති අතර එහි ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැහැදිලි දීර්ඝ කාලීන දැක්මක් නොමැතිව අතරමං වී ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
වසර ගණනක් කණ්ඩායම පුහුණු කරගත් විනය,විනිවිද බව පරිපාලකයන්ද ඉතා ඉක්මණින් දියුණු කරගත යුතු බව සංගක්කාර අවධාරණය කලේය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය පිලිබද විශිෂ්ට පැහැදිලි කිරීමක් ඔහුගේ දේශනය තුල අන්තර්ගත වූ බව වාර්තා වෙයි. දේශනය අවසානයේදී සභාවෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් සංගක්කාරට හිමිවිය. ක්‍රීඩා කරමින් සිටින අතර මෙම දේශනය පැවැත්වූ පලමු ක්‍රීඩකයා වීමේ ගෞරවය හිමිවන්නේද සංගක්කාරටය.
සිංහලෙන් ගහලම දැම්මේ හැමෝටම කියවන්න ලේසි වෙන හින්දා. මේක ලිව්වේ http://www.espncricinfo.com/srilanka/content/current/story/521971.html ඇසුරෙන්. වීඩියෝ එක එලියට ආවම ඒකත් පෝස්ට් කරන්නං.දේශනය අහපු අයනං කියන්නේ මාර හොදට කරා කියලයි.






