එස්.බී දෙන ලැප්ටොප්

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    එස්.බී දෙන ලැප්ටොප්

    prew_sb-gossip9.jpg
    මෙම වසරේ සරසවි ප්‍රව්ශයට සුදුසුකම් ලැබූ සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

    මුලින් ලැප්ටොප් ලබාදෙන්නේ නොමිලේයැයි රාවයක් පැතිරගිය අතර පසුව හෙළි වුයේ ලැප්ටොප් ගෙවීමේ පදනම මත හා රැකියාවකට යොමු වීමෙන් පසුව ගෙවීමේ එකඟතාව මත මෙම ලැප්ටොප් ලබා දෙන බවයි.

    පරිගණක සැපයුම්කරුවන් සමග පරිගණක ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන් අඩු මිලට පරිගණක ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකර සිටියා.

    ඒ අනුව ඒ අනුව රුපියල් 1,20,000 පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 71,500 කටත් රුපියල් 90,000 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 59,500 කටත් ලබා දීමට පරිගණක සැපයුම්කරුවන් එකඟ වී ඇති බව ඔහු වැඩි දුරටත් හෙළි කර සිටියේ දිනමිණ පුවත්පත කල විමසීමකට අනුවයි.


    dinamina-insde.jpg

    මේ වන විට නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියරේ සිසුන් හට ලැප්ටොප් පරිගණක ලබාගැනීමට ආදාළ තොරතුරු පත්‍රිකාවක් සම්පුර්ණ කිරීමට දී ඇති අතර ඔවුන් ලබා දීමට නියමිත ලැප්ටොප් වර්ග පහත පරිදි වේ.

    රුපියල් 71490 කට ලබාදීමට නියමිත HP Pavilion G6 ලැප්ටොප් පරිගණකය

    1924.jpg


    Intel® Core™ i3 2.0 GHZ 2MB cache
    2GB DDR3 Ram
    320 GB SATA Hard Disk Drive
    DVD±R/RW
    34.6 cm (14.1") Display



    රුපියල් 59490 කට ලබාදීමට නියමිත Core 2 Duo පරිගණකය

    dv9825nr.thumbnail.jpg
    core 2 duo 2.0 ghz,
    2 GB Ddr2 Ram,
    320 GB SATA HDD,
    DVD RW

    34.6 cm (14.1") Display



    නමුත් ඔවුන් සඳහන් කරන පරිදි ලැප්ටොප් පරිගණක දෙක වෙළඳපොලේ 120,000 හා 90,000 වන්නේනම් නැත.HP Pavilion G6 පරිගණකය සාමාන්‍යයෙන් රුපියල් 70000 ක් වැනි මුදලකටත් Core 2 Duo පරිගණකයය 55000 ක් වැනි මුදලකටත් ලබා ගත හැකිය.


    source : gos***9
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    S. B . කියන ඒවා කව්ද විශ්වාස කරන්නේ .....................:no::no:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    gana gena nam mama danne ne machanla.. mama me kade yanawath nemei... hebei gewanna ganna dena eka nam loku benifit ekak.... mokada gewanna ganna nam CrediCard ekak aniwaryen onane wena kenkta...a athin me wede hodai.. hebei api campus yaddi 2002 di apita Mobile phone ekakwath thibbe ne banla....Digital Camera ekak athageweth 2nd year ekedi...