සිනහසෙන්න...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වාලුකාවේ ඇන්ද සිතුවම්
    බොඳව යද්දී මාරුතේ
    හිසට සෙවනක් නැතිව වැතිරී
    නිදන අගුවක හාමතේ
    කඳුළු පොදකින් තනිය මැකුනත්
    සිනාසීයන් ජීවිතේ
    සොඳුරු හෙටකට පිරූ පෙරුමන්
    කඳුළු පොකුරක තනි වෙලා
    සිහිනයෙන් කිවු කථාවක් ඇත
    ක්ෂිතිජ පලසක ලියැවිලා
    අවර කෙලවර සිකුරු තරුවක්
    බුබුල කලුවක තැවරිලා
    මිළින සමනල සමය හිනැහෙයි
    හතර රියනක සැතපිලා
    හිරුට හිනැහෙන ඉරටු පේලිය
    හිසට ඉහලින් පෙල සැදී
    සඳේ තෙලි තුඩ
    පාළු ගෙපැලේ රටා පැදුරක රුව ඇදී
    පියන් ගැලවුන කවුළු අතරින්
    දරිදු බව යහනට වැදී
    සුසුම් රළකට උරුම කී
    ජීවිතය මදහස මල් විදී
    බඹර තුඩකට පිදුන මධු විත
    ඉවත යද්දී ඉරිතලා
    දෙබර මුව විත දෝත පෑ සැටි
    බඹර කඳුලක් ඉකිලලා
    අතර මගකදී ගැයූ ගීතය
    දෙතොල් අතරෙම ගොලු වෙලා
    කතර මැද්දෙන් පිපේ සියපත
    සිනා සිසිලක නැහැවිලා.....




    ගොඩ දවසකින් ලිව්වේ මේ....
    :):):):):):):):):):):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ..........
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ.........
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...........
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ ........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    14.gif
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ..........
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ.........
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...........
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ ........
    පට්ටම සින්දුවක් බං
    මාත් ආසයි:):):)
     
    • Like
    Reactions: niko111