අපි නොවෙමු ඊට වහලුන්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි නොවෙමු ඊට වහලුන්...

    ඉංගිරිසි උගත් මා
    සිංහල උගත් ඈ
    දෛවයේ සරදමින් එක්වුනා
    ඉංගිරිසි එක්ටැමින් හනි හනික බසින්නට
    සිහල කෙත් යායේ ලා ගොයම් සිඹින්නට
    රාවණා කල සිට මැ හෙළයෝ කල දේ දැක්මට
    කුමරතුඟු සේ බසට ආදර දක්වන්නට
    මට ඕනෑ වූවා
    ටියුටරියෙන් අහුලාගත් යර්ස් නොකියන්නට
    තැන නොතැන බලා කඩුව වන වන ඉන්නට
    ඇඟට නොගැළපෙන ඇඳුම්
    මුවට නොගැලපෙන ඩයනා කට්
    වලින් සැරසී
    අදිරදය ගැති වන්නට
    ඇයට ඕනෑ වූවා

    අප්පච්චි පාදර් අම්මා මදර්
    මාමා අන්කල් නැන්දා ආන්ටි
    කියා පොඩි පුතුට උගන්නන්නට
    ඈ තත් දැරුවා
    අනූ අපි යමුද අර ඩාන්ස් එකට?
    අතන ෂෝ එක හොදයි හරිම මොඩ්

    කියන්නට ඈ පුරුදු වූවා
    තෙල්ගාලා හිස පීරාගත්
    සිංහල කෙල්ලන් නැත ගම් වල
    ඉංගිරිසි ඉංගිරිසි තොලගාගත්
    කෙල්ලන් ඇත්තේ දැන් ගම් වල

    ඉංගිරිසිය අපේ මෙහෙකරුවෙකි
    අපි නොවෙමු ඊට වහලුන්....



    :):):):):):):):):):):):):):):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සන දේශාභිමානී අදහස් ටිකක්.. ++++රෙප්

    කසිප්පුවා මේක ආදර්ශයට ගන්නවනම් කොච්චර හොදද??
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉංගිරිසිය අපේ මෙහෙකරුවෙකි
    අපි නොවෙමු ඊට වහලුන්....


    :yes::yes::yes:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නිවහල් නමැවුම් මවනා හිසත් උදාරයි....
    නිවහල් සිතිවිළි සිතනා සිතත් උදාරයි....
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන් උපන් දේශය තමාගේ දේශය ලෙසත්,
    තමා උපන් ජාතිය තම ජාතිය ලෙසත්,
    තමා ජාතක කළ මව තම මව ලෙසත්
    පිළිගන්නටවත් බැරි ජාතියක් ජම්මයක් නැති අවජාතක පිරිස
    සැබෑ අවජාතකයන්ටත් වඩා පහත් අධම නින්දිත, නපුංසක පිරිසක් වන්නේමය..

    මේ මගේ ජාතියයි..මේ මගේ දේශයයි..