බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔබ කියන එක හරියටම හරි! :)
නලින් මහතා පවා සිය වාරයක් ඕකම ලියලා තියනවා...

මම නමැති සංකල්පය සංස්කරණය කරන "මම" තවත් සංකල්ප සංස්කරණය කරනවා. (මේකත් සංස්කරණයක් විතරයි)

නිවන් දකිනකම් එහෙම තමයි.

අපේ චින්තනය චක්‍රීය එකක් නිසා අපිට මේකේ විසංවාදයක් නැහැ. විසංවාදයක් පේන්නේ රේඛීය චින්තනයෙන් සිතන අයට විතරයි.
...
you missed the point machan:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මුල් උදාහරණයම ගත්තහම නිව්ටන් කළේ 'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පය නිර්මාණය කරලා ඒකෙන් ඔහු අත්විඳින දේ පැහැදිළි කිරීමයි. ඉන්පසු ඔහු එය සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළා (මේක ඉතා වැදගත්. සමීකරණය නම් මීට කලින් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබ්බ බව ඔබ දන්නවා ඇති. ඔවුන් දෙදෙනා සමස්ත විශ්වයටම යොදාගත හැකිලෙස නෙවෙයි ඒක ඉදිරිපත් කළේ).

'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ (තිබුනොත් අයින්ස්ටයින්=පිස්සා). ඒක ප්‍රබන්ධයක්\ප්‍රවාදයක්\ඕන වචනයක් කියන්න.

ඒක සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළ හැකි බවටත් නිරීක්ෂණ තිබුනේ නැහැ. එතකොට "සමස්ත විශ්වයටම පොදු ගුණයක් වූ ගුරුත්වාකර්ෂණය" කියන්නේ ප්‍රබන්ධයක් මිසක් වෙන මොකක්ද? නිව්ටන් අවම වශ්යෙන් සමස්ත විශ්වය නිරීක්ෂණය කළාද?




කොහොමත් බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එකයි.

නිව්ටන්ගේ ප්‍රවාදය එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා. පසු නිරීක්ෂණ සමඟ සංගත නැහැ. ඒක නිසා සංශෝධන යෝජනා වුනා.
වැඩක් වුනේ නැහැ.

අයින්ස්ටයින් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රත්ක්ශේප කළා. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නැහැ. ඔහු කිව්වේ 'තියෙන්නේ' ස්කන්ධයක් අසලදී ඇතිවන අවකාශ කාලයේ වක්‍රතාවයක් විතරයි කියලා.

අයින්ස්ටයින් කොහෙවත් කිව්වේ නැහැ ගුරුත්වය "සෑමවිටම වලංගු නොවෙන්න පුලුවන්" කියලා. ඔහු කිවේ ඒක කොහෙත්ම වලංගු නැහැ කියලා.

මේවා ඔක්කොමත් කතන්දර විතරයි. 'අවකාශ-කාලය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ.

මෙතනදී වැදගත්ම දෙය බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එක මිසක ඒක ආවේ දෙවියන්ගෙන්ද බහිරවයන්ගෙන්ද හීනෙන්ද කියන එක නෙවෙයි. කෙකුලේගේ බෙන්සීන් ප්‍රවාදය (ඒකත් කතන්දරයක් විතරයි. ඔහු බෙන්සීන් අණුව දැකලා නෙවෙයි කිව්වේ ) එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා. :)

ඒක ආවේ හීනයකින් (ආවේ කොහෙන්ද කියන එක වැඩක් නැහැ ).
:)
X වෙනයි X සදහා වන සංකල්පය වෙනයි...ඇතැම් සංකල්පයන් ප්‍රබන්ධය කරන ලද දේවල් (ie Santa Clause) වූ පමණින් සෑම සංකල්පක්ම ප්‍රබන්දයන් කියන කාරණය ගම්‍ය වෙන්නෙ නෑ...අනිවාරයෙන්ම "බල්ලා", "වදුරා" වගේ සංකල්පයන් මගින් රීල් දේවල් රිප්‍රසන්ට් කිරීම සිදුවෙනවා...

සෑම සංකල්පයටම නිරීක්ෂණ නෑ...නමුත් අපි සෑම සංකල්පයකටම නිරීක්ෂණ තිබිය යුතුයි කියලා presuppose කරලා එම presupposition එක මත පදනම්ව "අහවල් සංකල්පයට නිරීක්ෂණ නෑ ඒ නිසා ඒක හුදු ප්‍රබන්ධයක්" කියලා කියන එකත් බුද්ධිගෝචර නෑ...ඒසේ කරනවානං අපි LTTE සංවිධානය විසින් ලංකාවෙ ජනතාවගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය ගැන කතාකිරීම හා ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එකේ සිදුවීම් ගැන කතාකිරීම අතර වෙනසක් නැතිව යනවා....මොකද "මානව අයිතිවාසිකම්" කියන සංකල්පයටත් නිරීක්ෂණ නෑ නෙ...ඉතිං ඔයා කියන විදියට "මානව අයිතිවාසිකම්" කියන්නෙ ප්‍රබන්ධයක් එතකොට...

මම කොහෙවත් කිව්වද ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටෝනියානු තියරීස් සමස්ත විශ්වයටම පොදු වූ ගුණයක් කියලා...කැලිකල් මිකැනික්ස් වල තියෙන සීමාසහිතභාවය දුරලීම තමයි මොඩන් ෆිසික්ස් තුලින් කරන්නෙ...

ඒ වගේම තමයි compatability එක ඒ ඒ කාරණා ගැන evaluation එකක් ගැනීම පිණිස භාවිතා කිරීමේ කිසිම වරදක් නෑ...ඇයි ඔයා compatability එක එක්ක ඔච්චර තරහා...

ඒ වගේම X නැමති දේ Y දක්වා reduse කළ හැකි වූ පමණින් X කින්නෙ හුදෙක් ප්‍රබන්ධයක් කියන කාරණය ගම්‍ය වෙන්නෙ නෑ...It simply means X is less fundamental than Y:)
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Machan, you do realize that this whole thread has gone south? :lol: Anyway...

    මම ඉස්සෙල්ලා කියපු එක නැවත කියන්න කැමතියි. නලින් මහතාගේ ප්‍රවාද ගැන කතා කරන්න නම් ඉතාම මූලික දේවල් ගැන පූර්ව එකඟතාවයක් තියෙන්න ඕන.

    ඔබ විරුද්ධ වෙන්නේ (කියවා හෝ නොකියවා) ඔහු අවු. 20 ක් පමණ කාලයක සිට කියන ඉතාම මූලික කාරණා වලට...

    මේ නිසා ඔබට කොනක ඉඳන් දැනුම නිර්මාණය කරන විදිය, සංයුක්ත හා වියුක්ත සංකල්ප, ද්විකෝටික හා චතුශ්කෝටික න්‍යායන් ආදිය ගැන කියලා දෙන්න වෙනවා.

    මම චින්තන පර්ශදයේ සාමාජිකයෙක් වත්, නලින් මහතාගේ ගෝලයෙක් වත් අනුගාමිකයෙක් වත් නෙවෙයි. ඒ නිසා ඔබ කරන්නට බලාපොරොත්තු වන සංවාදය ලබා දෙන්න මට කාලයක් නැහැ.

    ඔබගේ සංවාදයට සුදුසු වන්නේ මේ සඳහා කැපවුනු අය සිටින චින්තන පර්ශදය හෝ කාලය ෆෝරම් එකේ පිරිසයි.

    ෆේස්බුක් එකෙත් ඉංජිනේරු මහත්මයෙක් පවත්වාගෙන යන ජාතික චින්තනය කියල ගෘප් එකකුත් තියනවා.

    පිවිසීමක් ව්දිහට අපේ ප්‍රවාද මුල් ලිපි එකතුවක් පහත ලින්ක් එකෙන් බාගන්න. කලින් ඔබ ප්‍රශ්ණ කරපු දේවල් වලට අදාළ ලිපි කොටසක් වෙනම තිබෙනවා.


    Download

    X වෙනයි X සදහා වන සංකල්පය වෙනයි...ඇතැම් සංකල්පයන් ප්‍රබන්ධය කරන ලද දේවල් (ie Santa Clause) වූ පමණින් සෑම සංකල්පක්ම ප්‍රබන්දයන් කියන කාරණය ගම්‍ය වෙන්නෙ නෑ...අනිවාරයෙන්ම "බල්ලා", "වදුරා" වගේ සංකල්පයන් මගින් රීල් දේවල් රිප්‍රසන්ට් කිරීම සිදුවෙනවා...


    ඔබ රියල් කියල කියන්නේ ඉන්ද්‍රීය ගෝචර දේවල් වලට. ඔබගේ ගෙදර ටොමී කියන බල්ලා ගැන ඔබ හදාගෙන තිබෙන සංකල්පය සංයුක්ත සංකල්පයක්. ඉන් නිරූපණය කරන්නේ ටොමී කියන 'එක්තරා බල්ලෙක්' ගැන.

    ඔබගේ මේ සංකල්පය ඔබගේ මව හෝ පියා හදාගෙන තියෙන සංකල්පයෙන් වෙනස්. ඔබගේ අල්ලපු ගෙදර ඉන්න මහත්මයට ඇස් දෙක උපතින්ම නොපෙනේ නම් ඔහුගේ ටොමී කියන බල්ලා ගැන සංකල්පය සපුරාම වෙනස් එකක්. ඔහුට කන් දෙකත් උපතින්ම නොඇසේ නම් ඔහුගේ ටොමී කියන බල්ලා ගැන සංකල්පය තවදුරටත් වෙනස් වෙනවා.

    නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ කියන්නේ මේ දේවල්...

    නමුත් "බල්ලා", "වදුරා" වගේ සංකල්ප මීට වෙනස්. ඒවා සංයුක්ත සංකල්ප නෙවෙයි. ඒවා ඉන්ද්‍රීය ගෝචර නොවන වියුක්ත සංකල්ප.

    බල්ලා කියන එකෙන් නිරූපණය වෙන්නේ මේ ලෝකයේ බල්ලන්ගේ පොදු ලක්ෂණ නිරූපණය කරන වියුක්ත බල්ලෙක්. එහෙම එකෙක් කවදාවත් සිටියේ නැහැ. ඉන්නෙත් නැහැ. ඌව අල්ලන්නත්, අතගාන්නත් බැහැ.

    මේක විස්තර කරන්න ගියොත් මට දවසම වැය වෙයි. විස්තර මම දාපු ලින්ක් එකේ ඇති.


    මම කොහෙවත් කිව්වද ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටෝනියානු තියරීස් සමස්ත විශ්වයටම පොදු වූ ගුණයක් කියලා...කැලිකල් මිකැනික්ස් වල තියෙන සීමාසහිතභාවය දුරලීම තමයි මොඩන් ෆිසික්ස් තුලින් කරන්නෙ...

    ඔබ නෙවෙයි. ඒක කිව්වේ නිව්ටන්...

    නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය තිබෙන හා තිබිය හැකි, නිරීක්ෂණය කළ හැකි/නොහැකි සියළු ස්කන්ධයක් ඇති වස්තු වලට අදාළව තමයි ඔහු ඉදිරිපත් කළේ.

    සමහර ස්කන්ධයක් ඇති වස්තු වලට විතරක් තිබෙන ආකර්ෂණ බලයක් ගැන ඔබ කියනවා නම් ඒක නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය නෙවෙයි. වෙන මොකක් හරි සංකල්පයක්. මේක තේරුම් ගන්න මෙච්චර අමාරු ඇයි?

    නිව්ටන්ගේ නියම භාවිතා කිරීමේ හෝ තමන්ට කැමති ලෙස යොදා ගැනීමේ කිසිම වරදක් නැහැ. ඒවා සාමාන්‍ය ජීවිතයේදී අත්දකින සංසිද්ධි ගැන නිවැරදිව ප්‍රතිඵල ලබා දෙනවා. ක්වොන්ටම් සංසිදිධි වලට වෙනම තියරීස් වලින් ප්‍රතිඵල ලබා දෙනවා. ඉතා විශාල ස්කන්ධ ගැන කතා කරන මට්ටම් වලදී අයින්ස්ටයින්ගේ ප්‍රවාද ප්‍රතිඵල ලබා දෙනවා.:)