අභිමානවත්~සිංහලයා!!!

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අභිමානවත්~සිංහලයා!!!

අභිමානවත් සිංහලයා!!!

සිංහල ජාතිය බල ගන්වනු වස් අද සිට මෙලෙස සිංහලයන්ගේ අභිමානය ගැන එකතු කරගත් ලිපි ඔබ හමුවේ තැබීම අරඹනු වගයි!!!
ඔබ සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමි.
දිනෙන් දින උත්සන්න වන සිංහල බෞද්ධ විරෝදී ව්‍යාපාර වලට එරෙහිව නැගී සිටීමට අපේ සිංහ පැටවුන්ට අවැසි දිරිය බලය ලැබේවා!!!
අඳ බාලයින්ගේ නීච ප්‍රහාර වලට පිළිතුරු සැපයීමට වඩා අභිමානවත් සිංහල ජාතියේ අභිවෘදිය උදෙසා කරුණු ප්‍රකාශ කරන මෙන් සාදරයෙන් ඇරයුම් කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සැ:යු :- මේවා නොදිරන එවුන් මෙහි රැඳීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතු විය හැක.කරුණාකර එවැන්නන් ඉවත් වන්න.


Great-Photos.jpg

නැපෝලියන් පැරද වූ ඉංග්‍රීසි හමුදාව සිංහලයන්ට පැරදුණු හැටි!


අණදෙන නිලධාරීන් නැතිව කුඩා ගරිල්ලා කණ්‌ඩායම් ලෙස සටන් කරමින් 1803 දී එකල ලොව බලවත්ම රටෙහි බලවත්ම හමුදා ඒකකයේ කොටසක්‌ සහිත ඉංග්‍රීසි යුද හමුදාවක්‌ පැරදවීමට සිංහල මහජන හමුදාවට හැකි වී යෑයි කීම පිළිගැනීමට තරමක්‌ අපහසු කරුණකි. නමුත් එය සිදු වී අවුරුදු 208 ක්‌ ගත වී ඇත. ඉංග්‍රීසි හමුදාවට අණදීම භාරව ගියේ පසුකලෙක නැපෝලියන් පරාජය කිරීමේ වෝටර්ලු මහා සටනේ දෙවැනි පෙළ අණදෙන නිලධාරියකු වූ මේජර් ජෙනරාල් මැක්‌ඩෝවල් බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද පවසයි. එතුමා පවසන පරිදි උඩරටට ගිය රාජකීය 19 වැනි පාබල සේනාංකය නැපෝලියන්ව පරදවන ලද මහා බළකායයි.

සාරවත් රටක්‌ වූ ලංකාවේ මුහුදුබඩ බිම් පටියක්‌ පමණක්‌ ඇතිව සිටීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තරම් නොවීය. එබැවින් 1803 පෙබරවාරියේදී ආක්‍රමණික හමුදාවක්‌ උඩරටට යෑවිණි. ඉංග්‍රීසි යුද හමුදාවේ ප්‍රධානියෙකු වූද, පෙරදිග රටවල් පරාජය කළ සටන්වල ප්‍රධානියෙකු වූද, මේජර් ජෙනරාල් මැක්‌ඩෝවල් අණදෙන නිලධාරියා විය. 2000 කට වැඩි හමුදාවක්‌ යෑවුණ අතර ත්‍රිකුණාමලයෙන්ද කර්නල් බාබට්‌ යටතේ 700 හමුදාවක්‌ නුවර ආක්‍රමණයට යෑවිණි. මහනුවර නගරය ගිනිතබා පාළු කර උපක්‍රමිකව පසුබැසි උඩරට මහජන හමුදාව ස්‌වයං මෙහෙයුමෙන් සටන් කරමින් ඉංග්‍රීසීන් විසින් අල්ලාගෙන සිටි මහනුවර නගරයට ජුනි 24 දින කඩාපැන පැය 10 ක්‌ අභීතව සටන් වැදී ඉංග්‍රීසීන්ට යටත් වීමට සැලැස්‌වූහ. යටත් වී පැය 3 ක්‌ ඇතුළත මුළු නගරයම හිස්‌ කරවා සිංහල හමුදාව යටතට ගෙන ආරක්‍ෂක මුරකාවල් යොදන ලදී. ආක්‍රමණයෙහි නිමිත්ත වූයේ මුහුදුබඩ බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශවල සිට උඩරටට පුවක්‌ වෙළෙඳාමේ ගිය 35 ක්‌ පමණ වූ මුස්‌ලිම් වෙළෙඳ පිරිසකට වධහිංසා කර කන්, නාසා කපා පුවක්‌ තොගය පැහැර ගැනීමය.
 
Last edited:

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
2 , 3 , 4 ,යන පිටු වල ඉතිරි කොටස් ඇතිවග කරුණාවෙන් සලකන්න..:)
මෙහි ඔබ දක්වන ප්‍රතිචාර මත අනෙක් ලිපි එදිරියේදී පල කරනු ඇත..:rolleyes:
අදහස් දැක්වූ ඔබ සැමට ස්තුති!!!:yes:
 
Last edited:

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
එසේ කිරීමට හේතුව වුණේ මෙම වෙළෙඳුන් කණ්‌ඩායම තුළ ඉංග්‍රීසීන්ගේ මැලේ ඔත්තුකරුවන් හා මැලේ සේවා මුක්‌ත භටයන්ද වෙස්‌ වළාගෙන වෙළෙඳුන් ලෙස යැමය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා තමා රජ වී සිංහල රාජ වංශය නැවත ඇරඹීමට සිටි පිළිමතලාවේ මහාදිකාරම නෝර්ත් අණ්‌ඩුකාරයා සමඟ කුමන්ත්‍රණය පටන්ගෙන තිබුණි. එම තොරතුරුවල සත්‍යාසත්‍යතාව බැලීම ඔත්තුකාර පුවක්‌ වෙළෙඳුන්ට පැවරී තිබිණි. 1803 පෙබරවාරි 01 දා කොළඹින් පිටත් වූ සේනාවෙහි බහුතරය වුණේ 625 ක්‌ වූ රාජකීය 51 රෙජිමේන්තුවයි. රාජකීය 19 වැනි පාබල හමුදාව, බෙංගාලි කාලතුවක්‌කු හා බර අවි සේනාංකය, ස්‌වදේශී ලස්‌ක්‍රිඤ්ඤ තුවක්‌කුකරුවන් 1000 ක්‌ පූර්ණ මැලේ හමුදාංකය යනාදී ලෙසට 2000 ට වැඩි හමුදාවක්‌ එහි විය. කුලීකරුවන්. තවලම්, අලි ඇතුන් ආදී ලෙස සේවා සැපයීම් ද ඇතුළත් මෙය සැතපුම් 2 ක්‌ දිග පෙරහැරක්‌ විය. ජාඇල, කරෙණගම (පරණගම) හල්පෙ, අලගොල්ල රාත්‍රිය ගත කරමින් ඔවුහු පස්‌වැනි දින කොටදෙනියාවේ නතර වූහ. දින 4 ක්‌ එහි හිඳිමින් කුඩා බළකොටුවක්‌ ඉදිකර ගබඩා පිහිටුවා සේනා ඛණ්‌ඩයක්‌ ද නතර කළහ. අනතුරුව පෙබරවාරි 10 දා මැක්‌ඩෝවල් කොටදෙණියාවෙන් පිටත්ව මාලගමුව හා දඹදෙණියේ රාත්‍රි ගතකර දඹදෙණියේ දී දින 4 ක්‌ නතර වී කොටුවක්‌ සාදා ගබඩා ඇතිකර හමුදා ඛණ්‌ඩයක්‌ නතරකර ගියේය. එතැන් පටන් සිංහල ගරිල්ලා කුඩා කණ්‌ඩායම් සමඟ ගැටෙමින් ඉදිරි ගමන් බාල වී ගොස්‌ 18 දා ගලගෙදරට ළඟාවිය.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
17 වැනිදා උඩරට මැලේ හේවා කණ්‌ඩායම්වල පහරදීම්වලට ද මුහුණ දෙන්නට සිදුවිණි. මහනුවර කලාපයට ඇතුළුවන ගලගෙදර දුර්ගය ආරක්‍ෂා කරන ගලගෙදර හා ගිරිහාගම මුරපළවලදී ප්‍රහාර ආවද, කාලතුවක්‌කු, මෝටාර් හා රාත්තාල් හයේ විදින බොම්බ යොදා හේවායන් මරා මුරපළවල් බිඳදමා 19 දා සවස මහවැලි ගඟ අසල කටුගස්‌තොට කඳවුරු බැඳගති. ත්‍රිකුණාමලයෙන් කර්නල් බාබට්‌ යටතේ රාජකීය 19 සේනාංකයේ කණ්‌ඩායම් 5 ක්‌, මදුරාසි සුළු අවි ඒකකය, මැලේ හමුදාංකයේ 250 ක්‌, සිංහල කුලී හේවායන් විශාල පිරිසක්‌ ඇතුළු 700 කට අධික බළගණයක්‌ පෙබරවාරි හයවැනිදා ගමන් අරඹා තිබිණි. 19 දා සවස ඔවුන්ගේ කාලතුවක්‌කු හඬ මැක්‌ඩෝවල් හා පිරිසට ඇසෙන්නට විය. සේනාංක දෙකම මහනුවරට ළඟා වී සිටින බව අවබෝධ විය. 19 දා උදය මහවැලි ගඟ අසල වල්පොලදී සිය ගණනක සිංහල හමුදාංකයකින් ප්‍රහාරයක්‌ ආවද, බර අවි යොදා පහර දී ඔවුන් පරාජය කළ හැකි විය. පෙබරවාරි 20 දා දෙපැත්තෙන්ම ආ හමුදාවන් මහනුවරට ඇතුළු වූහ. කොළඹින් ආ අය සැතපුම් 103 ක්‌ද, ත්‍රිකුණාමලයෙන් ආ අය සැතපුම් 142 ක්‌ ද ගමන්කර තිබුණි. නමුත් මහනුවර පාළු වී ගිනිතබා අළු වී තිබිණි. තැනින් තැන බල්ලන් රංචු කීපයක්‌ විය. ගස්‌වල කුරුල්ලන්ගේ හඬද උදය හා හැන්දැවේ පමණක්‌ ඇසිණි.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
සොහොන් පිටියක පාළු බව හා දැඩි නිශ්ශබ්දතාව බිය දනවන සුලු විය. මිනිස්‌ පුලුටක්‌ හෝ නොවීය. නමුත් උඩරැටියන්ගේ උපායශීලී බව දත් මැක්‌ඩෝවල් තදින් මුරකාවල් යෙදීය. ආහාර ද්‍රව්‍ය, වටිනා දේ, වස්‌තු සම්භාරයන් ඉවත් කරගෙන ගොස්‌ තිබිණි. මාලිගාවෙහි කොටසක්‌ පමණක්‌ ගින්නට දැවී ගොසින් ය. එක්‌ කාමරයක බිත්තිය සම්පූර්ණයෙන්ම වීදුරුවලින් ආවරණය වීමද, ගස්‌වල පොතුවලින් සෑදූ මෘදු දිග කඩදාසි රෝල් තිබීමද, මැණික්‌ ගල් ඇල්ලූ දුණු, ඊතල, සැරයටි ආදිය ද විස්‌මය දැනවීය. මාලිගාව හැරුණු විට උළු සෙවිලිකර, සුදුහුනු ගෑ නිවාස කීපයකි. ඒවා ප්‍රභූන්ගේ හා භික්‍ෂුන්ගේ වාසයන්ය. එළිමහන් රඟ මඬලක්‌ ද විය. නගරයෙන් පිටත යටිනුවර රජුගේ දර්ශනීය උද්‍යානයයි. (වත්මන් පේරාදෙනි උයන) ගංගාව අසල මෙන්ම උස්‌බිම්වල පඩිපේලි ආකාර ලියදිවලද වී වගාව තිබුණේ බිම් අඟලකුදු අපතේ නොයවමිනි. මහනුවර සිට ගිරාගම දක්‌වා යටිනුවර යනු උසස්‌ පන්තියේ ප්‍රභූන් ජීවත් වූ කලාපයයි.
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ගංගාවේ විශාල ලෙස මසුන් සිටියද, බෞද්ධයෝ උන්ව ආහාරට නොගත්හ. සුදුම සුදු මුවන් තිදෙනකු රජුගේ උයනෙහි වීම හැම දෙනාගේම විමතියට හේතුවිණි. යුද නිලධාරීහු අසුන් පිට නැඟී නගරය වටා විනෝද සවාරි ගියේ මුර සංචාරය කරන බව කියමිනි. රාජාධි රාජසිංහ රජුගේ මරණයෙන් පසු ඉංග්‍රිසීන් වෙත පලාගිය එම බිසවගේ සහෝදර මුත්තුසාමි කුමරු ඉංග්‍රීසීන්ගේ භාරයේ යාපනයේ මෙකල විසීය. මැක්‌ඩෝවල් ඔහුව ත්‍රිකුණාමලය හරහා මින්නේරියට ගෙන්වා ගති. ඔහුව ඉක්‌මනින් රජ කරවා මහනුවර ජනාවාස කරවීම ද ඒ මගින් ආහාරපාන සපයා ගැනීමද අපේක්‍ෂාව විය. පෙබරවාරි 25 වැනිදා කැප්ටන් බුචන් දඹදෙණියට යවා, විශාල ආහාර තොගයක්‌ ගෙන්වා ගති. නමුත් එසේ ගිය පිරිසට සැඟවී සිටි ගරිල්ලන්ගේ ප්‍රහාරවලට විටින් විට මුහුණ දෙන්නට සිදුවිණි. දිනපතාම සැඟවී සිට කළ පහරදීම්වලින් ඉංග්‍රිසි හමුදාවේ දෙතුන්දෙනා තුවාලවීම හෝ මියයැම සිදුවිය. යුද ගමනේදී උඩරටට ඇතුළු වූ තැන් පටන් සෙබළුන්, කුලීකරුවන්, සිවිල් සේවකයන් හා වෛද්‍යවරුන් ද නොකඩවා උණ රෝගයට ගොදුරු වන්නට පටන් ගති. මෙය කැලෑ උණ ලෙස හැඳින්විණි. අප්‍රිකානු කහ උණ ලෙස ඡේම්ස්‌ කෝඩිනර් මෙය හැඳින්වුවද මේ කහ උණ නොවීය. පෙබරවාරි 1 වැනිදා සිට කොළඹට ආරක්‍ෂාව මදි විය. ලෙප්ටිනන්ට්‌ කර්නල් මැඩිසන් යටතේ 65 රෙජිමේන්තුවේ සෙබළුන් කොටුව තුළ මුරකළ ද කොළඹ නගරයට ආරක්‍ෂාව නැතිව පසු වූණි.