▒▪▫ BitLet වලින් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරමු ▪▫▒

J11

Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    BitLet වලින් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරමු

    bitletlogo.png


    BitLet කියන්නෙ මොකක්ද?

    BitLet කියන්නෙ online torrent client එකක්. මේකෙන් අපිට ᶣtorren, vuze වගේ ටොරන්ට් client එකක් නැතිව අපේ browser එක භාවිතා කරල ටොරන්ට් එකක් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    කොහොමද BitLet පාවිච්චි කරන්නෙ?

    BitLet පාවිච්චි කරන්න හරිම ලේසියි.

    ඉස්සෙල්ලම http://www.bitlet.org/ එකට ලොග් වෙන්න.

    ලොග් වුණාට පස්සෙ පල්ලෙහා pic එක වගේ පේජ් එක බලාගන්න පුළුවන්.

    mainy.png


    1 කියල තියෙන තැනට ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ ටොරන්ට් එකේ meta file එකේ url එක add කරන්න. meta file කියන්නෙ .torrent file එක. the pirate bay වගේ සයිට් එකකින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් එක copy කරල මෙතන paste කරන්න.

    2 meta url එක දැම්මට පස්සෙ මේ button එක click කරන්න. මේක ක්ලික් කරාට වෙනම popup window එකක් open වෙලා ටොරන්ට් එක save කරන්න place එකක් අහයි. කොහෙහරි folder එකක් හරි desktop එක හරි තෝරල save button එක ඔබන්න.

    3 මේ button එක ක්ලික් කරල pc එකේ තියෙන torrent file එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න පුළුවන්.

    ඔක්කොම හරියට කරානම් පල්ලෙහා pic එක වගේ ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනීවි.

    down2.png


    5. කොළ පාට arrow එකෙන් ඩවුන්ලෝඩ් වෙන speed එක KB/s වලින් පෙන්නනව.
    6. රතු පාට arrow එකෙන් අප්ලෝඩ් speed එක පෙන්නනව.

    1. ඩවුන්ලෝඩ් precentage bar එක.

    2.
    Status : කියන තැන කොළ පාට රවුමක් පෙන්නනවනම් ඔක්කොම හොඳයි
    Status : කියන තැන කහ පාට රවුමක් පෙන්නනවනම් port එක change කරන්න.
    Status : කියන තැන රතු පාට රවුමක් පෙන්නනවනම් මෙහෙම කරන්න.
    8. settings click කරල Port කියන place holder එකට 8080 දාන්න.
    Maximum upload rate කියන place holder එකට 4 වගේ පොඩි ගාණක් දාන්න.

    දැන් ආයෙ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන්න දාල බලන්න.

    7. ඩවුන්ලෝඩ් process එක pause කරන්න ඕනෙ නම් pause ඔබන්න.

    Pause කරපු torrent එකක් ආයෙ resume කරන්න ඕනෙ නම් main page එකේ පල්ලෙහා torrent එකේ නම තියෙන තැන ක්ලික් කරන්න save කරන්න place එකක් අහනකොට ඉස්සෙල්ල ඒ file එක save කරපු තැනම තෝරන්න. දැන් torrent එක resume වෙයි.

    resumer.png


    BitLet වල තියෙන වාසිය තමයි පාවිච්චි කරන්න OS එකේ බලපෑමක් නැති එක. Java තියෙනවනම් වැඩේ ගොඩ.

    Thread එක හොඳයි කියල හිතෙනවනම් reply එකක් දාල යන්න.:D
     
    Last edited:

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    machan meke apita download wena torrent eke link eka ganna be neda?
    mata link eka ganna puluwan site eka deepanko

    මේකෙ මචං direct link ගන්න බැහැ, මේක torrent client එකක් වගේමයි.. peers වලට connect වෙලා browser එක හරහා download කරන්නෙ..