කාලයකට පස්සේ එළකිරි අඩවිය අපිට නැවට ලැබුනා..
ඒ ගැන මුලින් ම අපේ ඇඩ්මින් සහෝදරයන්ට වගේම.. ඒ සම්බන්ධව හොයලා බලලා ක්‍රියා කරපු සියළුම සාමාජිකයන්ට..
ස්තුතියි වන්ත වෙනවා..
කොහොම වුනත් එළකිරි අඩවිය ටික කාලයකට නිහඩ වේලා ඉද්දි..
බොහෝ දේවල් අපේ රටේ වගේම මුළු ලෝකයේම නොයෙකුත් ප්‍රවෘත්ති බිහි වුනා..
ඒ හැම දෙයක් ගැනම කියන්න නෙවෙයි මම දැන් යන්නේ..
අද මම කතා කරන්නේ චිත්‍රපටි නරඹන්න වැඩි ඇල්මක් තියෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්මයි..
ඉහළින් ම ත්‍රේඩ් එකේ මාතෘකාව දැක්කාම කට්ටියට තේරුම් යන්න ඇති..
මම කතා කරන්න උත්සහ කරන චිත්‍රපටිය ගැන.. පොඩිවට හරි වැටහිමක් ඇවිල්ලා ඇති කියලා හිතනවා.
කොහොමත් මේ චිත්‍රපටිය මාස දෙකකට කලින් අප වෙත ලගා කරපු " ට්‍රාන්ස්ෆොර්මර් 3 " චිත්‍රපටියට ලැබුන ප්‍රතිචාරයට
සමාන කිසිම අඩුවකින් තොරව මේ චිත්‍රපටියටත් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා කිසිම තැකිමකින් තොරව කියන්න පුලුවන් කම තියෙනවා..
මුල් වරට වානරයන් සම්බන්ධව පදනම් කරලා නිර්මාණය කරපු චිත්‍රපටිය මේ චිත්‍රපටිය විතරක් ම නෙවෙයි..
කලින් හදපු චිත්‍රපටි ගැන පොඩිවට හරි මතක් කරනවා නම්..
- Planet of the Apes (1968)
- Beneath The Planet Of The Apes (1970)
- Conquest of the Planet of the Apes (1972)
- Planet Of The Apes (2001)
Rise Of The Planet Of The Apes (2011)
මේ මාසයේ අලුතින් ම (05/08/2011) බිහි වුන " රයිස් ඔෆ් දර් ප්ලැනට් ඔෆ් දර් එප්ස් " චිත්‍රපටිය විද්‍යාත්මක ප්‍රබන්ධ වු කතා මාලාවක් තමයි ගෙතිලා තියෙන්නේ..
ත්‍රාසය කුතුහලය ආදරය එක් කරමින් නිර්මාණය වුන තවත් හොද චිත්‍රපටියක් කියලා අපිට කියන්න පුලුවන් කම තියෙනවා..
මෙහි ඇතුලත් වේලා තියෙන කතාව කෙටියෙන් පැහැදිලි කරනවා නම්..
මිනිසා විසින් කරනු ලබන ජාන වර්ධන පරික්ෂණ වලදි.. වානරයන්ගේ සිතුවිලි, ඒ වගේම හැගිම් වර්ධනය වේලා මිනිසුන්ව තමන්ගේ යටතේ
ගෙන ලෝකයම තමන්ගේ ආධිපත්‍යය දැරිමට ගන්න උත්සහයක් පිළිබදවයි කතාවෙන් අඩංගු වේලා තියෙන්නේ..
රූපට් වොයිට් ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටියට..
ඩෝලර් මිලියන 90 ක මුදලක් වැය කොට නිර්මාණය වුන මේ චිත්‍රපටිය අපි බැලිය යුතුම ච්ත්‍රපටියක් යන කාණ්ඩයට මම අඩංගු කරන්න කැමතියි..
මේ චිත්‍රපටිය ගැන ඔගොල්ලන් දරණ අදහස් වගේම..
මේ චිත්‍රපටිය අපේ සහෝදර සහෝදරියන් නැරඹුවා නම්.. ඒ අයගේ අදහස් දැන ගන්නත් කැමතියි..

