මේක දාන්න කලින් කියන්න ඕනි මේ දේ.මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි.මගේ රත්තරන් අප්පච්චි තමයි මේක ලිව්වේ.මොනවගේ අවස්ථාවකද කියලා ඔයාලට කවි බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි.

වැඩ සම්පත් සොයා දිනු මව් පොළව හැර
සැතපුම් සිය දහස් ගනනක් එපිට දුර
රටකට යන්න සැරසෙන පුතු තුරුලු කර
මේ ටික කියන්නම් හදකින් කඳුළු බර
සිහිපත් වන විටදි යටගිය දවස ගැන
දස්කම් පැහැ විරුවන් සියළු දෙන
හෙලු ඩා බිදුවලින් රට දැය පුබුදු වුන
කුමටද වෙනත් සුව මවුබිම නොමැති තැන
පැරකුම් දුටුගැමුණු මහසෙන් රජ දුන්නේ
වගලම් දෙටු තිස්ස විජබා දරු වන්නේ
එඩිතර ලෙයයි ඔබ මගේ ගත දිව යන්නේ
එහෙනම් මොකද වෙන රටකට ගැති වන්නේ
සිවු මහ නදී ජලයෙන් මෙහි පොලව තෙමේ
කෙත්වතු කියයි නිදහස් බව සිහල කමේ
ගුණ හැදියාව මිනිසත් කම බිමේ
උරුමය හරින්නට ඔබ හට තරම් නෙමේ
දෙදහස් වසක් තිස්සේ බොඳු වනගේ හද
බැතියෙන් වෙලූ සිරිමා බෝ සමිඳු සඳ
සහ දළදා වහන්සේ වැඩ සිටින ලද
මේ හැර උතුම් වෙන සම්පත් තියෙනවද
කැත්තට උදැල්ලට හුරු අත සවිය තිබේ
අග හිඟ කම් තුරන් කොට ඒ අනුව ඉබේ
ඩා බිඳු හෙලුවොතින් ආදර පුතුනි ඔබේ
පෙරදිග මුතු ඇටය බබලන එළිය ලැබේ
යල මහ දෙකන්නට වැහි බිඳු බිමට හැලේ
ගහ කොළ පල බරව මදනල සමඟ සැලේ
සුන්දර ලක් දිනිති රැකගත් පිරිස හෙළේ
වැගිරුව දහඩියෙහි ඔබ මම අවදි කලේ.....









වැඩ සම්පත් සොයා දිනු මව් පොළව හැර
සැතපුම් සිය දහස් ගනනක් එපිට දුර
රටකට යන්න සැරසෙන පුතු තුරුලු කර
මේ ටික කියන්නම් හදකින් කඳුළු බර
සිහිපත් වන විටදි යටගිය දවස ගැන
දස්කම් පැහැ විරුවන් සියළු දෙන
හෙලු ඩා බිදුවලින් රට දැය පුබුදු වුන
කුමටද වෙනත් සුව මවුබිම නොමැති තැන
පැරකුම් දුටුගැමුණු මහසෙන් රජ දුන්නේ
වගලම් දෙටු තිස්ස විජබා දරු වන්නේ
එඩිතර ලෙයයි ඔබ මගේ ගත දිව යන්නේ
එහෙනම් මොකද වෙන රටකට ගැති වන්නේ
සිවු මහ නදී ජලයෙන් මෙහි පොලව තෙමේ
කෙත්වතු කියයි නිදහස් බව සිහල කමේ
ගුණ හැදියාව මිනිසත් කම බිමේ
උරුමය හරින්නට ඔබ හට තරම් නෙමේ
දෙදහස් වසක් තිස්සේ බොඳු වනගේ හද
බැතියෙන් වෙලූ සිරිමා බෝ සමිඳු සඳ
සහ දළදා වහන්සේ වැඩ සිටින ලද
මේ හැර උතුම් වෙන සම්පත් තියෙනවද
කැත්තට උදැල්ලට හුරු අත සවිය තිබේ
අග හිඟ කම් තුරන් කොට ඒ අනුව ඉබේ
ඩා බිඳු හෙලුවොතින් ආදර පුතුනි ඔබේ
පෙරදිග මුතු ඇටය බබලන එළිය ලැබේ
යල මහ දෙකන්නට වැහි බිඳු බිමට හැලේ
ගහ කොළ පල බරව මදනල සමඟ සැලේ
සුන්දර ලක් දිනිති රැකගත් පිරිස හෙළේ
වැගිරුව දහඩියෙහි ඔබ මම අවදි කලේ.....







Last edited:

