{ඵ්ඩිස්} මෝඩ වැඩ නිසා ඔබ කපෝතියි
වැලකීමට
මෙවර මෙම තේමාව තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වනිතාවන් හා බාලිකාවන් අතර මෙම වසංගතය වේගයෙන් පැතිර යෑමේ භයානකත්වයක් තිබීමයි. මෑතකදී ගත් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළේ කාන්තාවන්ගෙන් අඩක්ම, එනම් 50%ක්ම එච්.අයි.වී වෛරසයෙන් ආසාදිත වූ බවයි. මෙම තත්ත්වය ඉතා භයානකය. එබැවින් ඊට එරෙහිව විශේෂ සැලකිල්ලකින් කි්‍රයා කිරීමට කටයුතු කරගෙන යෑමට අධිෂ්ඨානය කොට ඇත.
ඒඩ්ස් යනු කුමක්ද?
“Aquired Immune Deficency Syndrome“යන්න කෙටියෙන්, එහි මුලකුරු පමණක් ගෙන“AIDS“ වචනය සෑදී ඇත. එය සිංහලෙන්, —මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය හීන කරන මාරක රෝගය˜ යනු පරිවර්තනය කරති. මෙම වසංගතය හටගෙන පැතිර යෑමට හේතුවන වෛරසය එච්.අයි.වී නමින් හැඳින්වේ. එනම්, “Human Immuno suppression virus“ යනු වේ.මෙය ඉතා භයානක වෛරසයකි. මෙය කෙනෙකුගේ ශරීර ගතවීමෙන් සති ගණනක් තුළ ඒඩ්ස් රෝගය වැළඳිය හැක. ඇතැම් විට මෙම රෝගය වැළඳීමට මාස ගණනක් හෝ වසර ගණනක් ගත විය හැකිය. එහෙත් කෙනෙකුගේ ශරීරය තුළ සැඟවී ඇති මෙම වෛරසය එම කාලය තුළ තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළුවීමේ භයානකත්වයක් ඇත.
මිනිස් සිරුර තුළ ස්වාභාවිකවම ලෙඩ රෝගවලට එරෙහිව කි්‍රයා කිරීමේ ශක්තියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ශක්තිය – ෙසෙලය —සුදු රුධිරාණුව˜ White Blood Cell) - නමින් හැඳින්වේ. මිනිසාගේ රුධිරය සමඟ සංකලනය වී පවතින මෙම —සුදු රුධිරාණුව˜ සිරුර තුළ ලෙඩරෝග ඇති කරන රෝග බීජ විනාශ කර දමයි. එමගින් මිනිසා නිරෝගීව ජිවත් වීමේ වාසනාව ලබා ගන්නේය.
එහෙත් එච්.අයි.වී නම් වූ වෛරසය කෙනෙකුගේ ශරීර ගත වී කලක් යන විට —සුදු රුධිරාණුව˜ නම් වූ ෙසෙලයට පහර දෙන්න පටන් ගනී. එමගින් සුදු රුධිරාණුව ක්‍රමයෙන් විනාශයට පත් වෙයි. මෙයින් වන්නේ ශරීරය තුළ පවතින ලොඩරෝගවලට එරෙහි ප්‍රතිශක්තියක් නැති වී යාමයි. මෙම අසාධ්‍ය දුර්වල තත්ත්වයට —ඒඩ්ස්˜ යනු කියනු ලැබේ.
මෙවැනි තත්ත්වයකට පත් වූ සිරුරක ඛෙලහීනතාවය හේතුකොට ගෙන ඕනෑම රෝගයක් ඉතා පහසුවෙන් වැළෙඳන්න හැකි වනු ඇත. එවන් තත්ත්වයකට පත් වූ රෝගියෙක් සුව කිරීම ඉතා අපහසු කාර්යයකි. එහි ප්‍රතිඵලය වන්නේ එවැන්නෝ ඒඩ්ස් රෝගයට ගොදුරුවී අකාලයේ මිය යෑමයි.
2003 වසර අවසානය වන විට මුළු ලොවෙහිම එච්.අයි.වී වෛරසය සමග ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 37.8 ක් වේ. මෙම වෛරසයට වසරකට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 4.8 ක් පමණ වේ. මේ වනතෙක් 2009 දෙසැම්බර් පළවෙනිදා තෙක් – මෙම වෛරසයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මිලියන 65ක් පමණ වේ. මේ වනතෙක් මුළු ලොවෙහිම ඒඩ්ස් වැළඳුනු රෝගීන් මිලියන 25 ක් පමණ මිය ගොස් ඇත. මෙසේ මිය යන්නන්ගේ අනුපාතය තත්ත්පර 10ට කෙනෙකු බැගින් වේ.
මෙම වෛරසය 95%ක්ම පැතිරයන්නේ දියුණු වන තුන්වන ලොවේ රටවලය. මෙම වෛරසය ලැගුම් ගත් වැඩි අයකගේ වයස් පරතරය 15-24 වන බවත් හෙළි වී ඇත. එනම් රටට සමාජයට යමක් කළ හැකි තරුණ තරුණියන් මෙයට බිලිවන බව මෙයින් වැටහේ. මොවුන්ගෙනුත් 2003 වසරේ රෝගාතුර වූවන් ගෙන් 50%ක්ම කාන්තාවන් බව සඳහන් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී වෛරසය ශරීර ගතවූවෙකු ගැන වාර්තා වූයේ 1986 දීය, ඔහු විදේශිකයෙකි. ලාංකිකයෙකුට මෙම වෛරසය ශරීරගත වූයේ 1987 දීය. 2004 සැප්තැම්බර් මාසය වන විට එච්.අයි.වී වෛරසය ශරීර ගත වූ ශී්‍ර ලාංකිකයන්ගේ සංඛ්‍යාව 591 කි. මොවුන්ගෙන් 346 දෙනෙක් පිරිමින් වන අතර 245 දෙනෙක් ගැහැනුන්ය. ඒඩ්ස් රෝගය වැළඳුණු අය 174 දෙනෙකි. මෙම රෝගය හේතු කොට ගෙන මියගියවුන් 129 දෙනෙකි. එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ ළමුන්ගේ සංඛ්‍යාව 12 කි.
එච්.අයි.වී. වෛරසය ශරීර ගතවූවන්ගේ සංඛ්‍යාව 591 ක් බවට වාර්තාවූවත්, 2004 සැප්තැම්බර් මාසය දක්වා 3500-7000 අතර අයට මෙම වෛරසය ශරීර ගත වී ඇති බව විවිධ පරීකෂණ වලින් හෙළි වී ඇත. මොවුන්ගෙන් 82% ක්ම වයස 15-49 අතර වේ. මෙය වළක්වා ලීමට පමා වන සෑම මිනිත්තුක්ම ගෙවී යන්නේ අප රටේ ජනතාව මරුවා සමග වාසය කරන තත්ත්වයකිනි.
*ඒඩ්ස් පමණක් නොව සියලූම වර්ගයේ සමාජ රෝග 98% ක් පමණ හටගන්නේ අනියම් ලිංගික සබඳතා හේතු කොටගෙනය.
*මීට අමතරව සුළු වශයෙන් රුධිර පාරවිලයනය
Transfusion)- නිසාද මෙම රෝගය හට ගැනේ.
*තවද ගැබිණි මවකට මෙම වෛරසය ශරීර ගත වී තිබේ නම් ඇයගේ දරුවාගේ ශරීරයටද එය ඇතුළු විය හැකිය. එයින් එම දරුවාගේ ජීවිතයද අසාර්ථක වනු ඇත.
විශේෂයෙන් ස්තී්‍ර පුරුෂයින් අතර තිඛෙන අනියම් ලිංගික සබඳතා සහ සම ලිංගික සබඳතා මීට හේතුවන බව පැහැදිලිවම ඔප්පු වී ඇත. උදාහරණ වශයෙන් කරුණු එකක් දෙකක් ගෙන බලමු.
—ඉතා ඈත ගමක —අවිවාහක˜ පුද්ගලයෙක් මට මෑතදී මුණ ගැසුනා. ඔහුත් එක්ක කතා කරන කොට ඔහු කිවුවා ගමේදී ලිංගික සම්බන්ධතා දෙකක් පැවැත්තුවා කියලා. එකක් ගමට ආ කාන්තාවක් සමග. අනෙක් සම්බන්ධතාව තම —සහෝදරයාගේ˜ බිරිඳ සමග. එතකොට අපිට ප්‍රශ්නයක් පැන නැගුනා කොයි සම්බන්ධතාව තුළින්ද මේ පුද්ගලයාට රෝගය වැළඳුනේ කියලා… මේ සිද්ධියේදී බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එක පැත්තකින් මේ පුද්ගලයාගේ සහෝදරයාගේ පවුල් ඒකකය. මේ රෝගය සහෝදරයාට වැළෙඳන්න පුළුවන්, සහෝදරයාගේ විවාහය කඩාකප්පල් වෙන්නත් පුළුවන්˜
මෙම —රාවය˜ පුවත කෙතරම් වේදනාසහගත සිද්ධියක්ද? තම සහෝදරයාගේ භාර්යාව තම කාමාශාවට නතුකර ගන්නා මෙම තත්ත්වය කෙතරම් පාපකාරී කි්‍රයාවක්ද? මෙම පාපය එළිපිට කියන තරම් ඔහුට ධෛර්යයක් තිබීම කෙතරම් අවාසනාවන්තද? හෙට දවසක ඔහු තම සහෝදරිය හෝ මව ගැන සිතා බලයිද?
—ඔහු ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අයෙකි. සිය වෘත්තිමය අවශ්‍යතාවකට හම්බන්තොට සිට කොළඹ ඒමට බසයකට නැගි ඔහු එහිදී තරුණියක හා හාද විය. පසුව සබඳතාවක් බවට පත් වූ ඒ හාදකම කෙතරම් දුර දිග ගියේදයත් කොළඹ යමින් සිටි මෙම තැනැත්තා තරුණියත් සමඟ කළුතරින් බැස ඇය සමග හෝටලයක ගත කළේය. මෙම කෂණික සබඳතාවයේ අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඔහුට —ඒඩ්ස් රෝගී වෛරසය ශරීරගත වීමයි.˜
එච්.අයි.වී. වෛරසය ශරීර ගතවීමටත්, ඒඩ්ස් රෝගය වැළඳීමටත් හේතු වූ මෙවන් සිදුවීම් රැසක් ඇත. එම සිදුවීම් ලියන්නට පටන්ගතහොත් පිටු 150 කින් හෝ 200 කින් සමන්විත පොතක් විය හැකිය.
මෙයින් පෙනී යන්නේ මෙම වසංගත ඒඩ්ස් රෝගයට මුල්වන්නේ කාමය වරදවා හැසිරීම බවයි.
මෙය සනාථ කරන අන්දමින් වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා මෙසේ කරුණු දක්වයි.
—මේ දිනවල එබඳු රෝගීන්ගේ පැමිණීමේ වැඩිවීමක් අපි දකිනවා. ඒකට හේතුවෙලා තියෙන්නේ අප සමාජය තුළ ලිංගික —සම්බන්ධතාව ගොඩ නගා ගැනීම˜ ඉතා පහසු කරුණක් බවට පත්ව තිබීම. ඒ වගේම මාධ්‍ය හරහා මිනිසුන්ට කරන පෙළඹවීම වැඩියි. මීට වසර ගණනාවකට ඉහතදී අපේ සායනවලට ආවේ වයස අවුරුදු 40 ඉක්මවූ රෝගීන්. නමුත් දැන් අපේ සායනවලට බහුලව එන්නේ වයස අවුරුදු විසි ගණන්වල තරුණ පිරිස්˜—මෑත සිට —කාර්යාලවල˜ අනියම් ලිංගික සම්බන්ධතාවල විලාසිතාවක් දක්නට ලැඛෙනවා. මේ තුළින් ඇති විය හැකි ප්‍රශ්න ගැන හිතන්න ඕන. ප්‍රශ්න පැන නැගීමට ප්‍රථම, මේ රෝග වැළෙඳන්නේ එක් පුද්ගලයෙකුට වුණත්, ඒ හරහා දරුවන්ට, දෙමාපියන්ට, සමාජයට ඇතිවෙන ප්‍රශ්න බර පතළයි˜
—අපේ සායනවලට එනවා ලිංගික ශ්‍රමිකයන් (ගණිකාවන්), එවැනි කාන්තාවන් සමග අපි කථා කරන කොට…. ළමයින් එන්නේ නැද්ද කියලා (අහනකොට ඔවුන් කීවේ) —බොහෝ අය එනවා. පාසල් ළමයි එනවා˜ කියලා… —පාසල් ඇඳුම් බෑග් එකේ දාගෙන එනවා˜ කියනවා. —උඩින් ටී ෂර්ට් එකක් දාගෙන එනවා˜ අඩුම වශයෙන් මේ කාන්තාවන් ළඟට යන අයෙකුට දරන්න ඕන වියදම රු1000/- සිට ඉහළ අගයක් වෙනවා.˜
—අපිට තිඛෙන ප්‍රශ්නය මේකයි. ළමයින්ට (මෙතරම්) සල්ලි කොහෙන්ද මේවගේ ගණනක් ගෙවන්න? අපිට මේ කාන්තාවෝ කිව්වා. —සමහර ආයතනවල (ගණිකා මඩම්වල) බොස් එක්ක මේ ළමයි ගිහින් කතා කළාම ගණන භාගයක් අඩු කරනවා˜ කියලා. මේක මේ ළමයි මෙවැනි තැන්වලට ඇද ගන්න —භාග ටිකට්˜ එකක් කඩනව වගේ වැඩක්නේ. ළමයින්ට සල්ලි දෙනකොට දෙමාපියන් හැමවිටම තම දරුවන් ගැන සොයන්න ඕන. දරුවෝ දෙමාපියන් දෙන සල්ලිවලට මොනවද කරන්නේ කියලා˜
—පාසල් ළමයි ලබාගන්නා මේ අත්දැකීම් තවත් යහළුවන්ට කියනවා. එතකොට තවත් පිරිසක් මෙය කෙරෙහි (මෙම ගණිකාවන් කෙරෙහි) යොමුවනවා. එක් සුළුදෙයකින් තම මුළු ජීවිතයම අඳුරු වෙන්න පුළුවන්˜
ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය පවසන්නේ තවත් දෙයකි.
එය මෙසේය:
—ශ්‍රී ලංකාවේ නම් ගණිකා වෘත්තියේ යෙදෙන්නන්, මැද පෙරදිග සේවය සඳහා යන කාන්තාවන්, නව යොවුන් වියේ පසුවන පාසල් ශිෂ්‍යාවන්, අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වන්නන්, ඇඟලූම් කලාපයේ සේවිකාවන් යන කාන්තාවන් ඒඩ්ස් රෝගයට ලක්වීමේ වැඩි අවදානමක් සහිත කොටස්ය. මොවුන්ගෙන් මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් සිටින මිලියන 1.2 ක් වන ශ්‍රී ලාංකීය කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී˜
—…… සංචාරක කර්මාන්තයේ දියුණුවීමත් සමගම සංචාරක මඟපෙන්වන්නන් (ටුවරිස්ට් ගයිඩ්ස්), හෝටල්වල —රූම් බෝයි˜ වශයෙන් සේවය කරන තරුණයන් මෙන්ම මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත වන කුඩා පිරිමි ළමුන් (බීච් බෝයිස්) මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතී˜
මෙම සටහන්වලින් පෙනීයන්නේ මෙම ඒඩ්ස් රෝගය වැළඳීමට හා පැතිර යෑමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ —අනියම් ලිංගික සම්බන්ධතා˜ බවයි. මෙහි කිසිදු සැකයක් නැත.
මෙම ප්‍රතිකාර ක්‍රම නියම විසඳුමක් වෙයිද?
එච්.අයි.වී / ඒඩ්ස් වැළඳීම සම්බන්ධව මෙතරම් පැහැදිලිව කරුණු කාරණා ගෙන දක්වන වගකීම් භාර අය, ඊට පවසන ප්‍රතිකාර ක්‍රම දෙස බලන විට ඇති වන්නේ මහත් වේදනාවකි.
ඔවුන් පවසන ප්‍රතිකාර ක්‍රමය මෙයයි. —මෙම වසංගතය පැතිර යෑම වැළැක්වීමට ඒ ගැන විශේෂ දැනුමක් ලබා ගත යුතුයි¦ පිරිමියෙකු හෝ ගැහැනියක් තම ලිංගික සම්බන්ධතාව තමාට විශ්වාසවන්ත සහකාරයෙකුට හෝ සහකාරියට සීමා කරගත යුතුයි. ඒ හැර අන් අය සමඟ ලිංගික සම්බන්ධතාව තබාගන්නා විට කොන්ඩොමය නමින් වූ උපත් පාලන කොපුව
Condom)- පාවිච්චි කළ යුතුයි˜
මෙය ඇත්තෙන්ම, —කැහි ගෑනි එපා කියලා හොටු ගෑනි ගත්තා වගේ කථාවක්˜ මෙයින් කවදාවත් මෙම ප්‍රශ්නය විසෙඳන්නේ නැත. —කබලින් ලිපට වැටුනා˜ වගේ වෙනවා මිසක්.—කවුද මේ විශ්වාසවන්ත සහකාරයා හෝ සහකාරිය?
*ඇයි තම ලිංගික සම්බන්ධතාව —අඹු – සැමි දෙදෙනා අතර පමණක් තබා ගත යුතුයි˜ යනු නොකියන්නේ?
*ඇයි කොන්ඩෝමයක මාර්ගයෙන් තවත් අය සමඟ ලිංගික සම්බන්ධතා තබාගැනීමට උනන්දු කරවන්නේ?
*අඹු – සැමි දෙදෙනා අතර පවතින ආදරය හා බැඳීමෙන් යුතු වූ සදාචාරය මොවුහු නිර්වචනය කරන්නේ කුමන ආකාරයටද?
බුදුන් වහන්සේගේ —කාමය˜ පිළිබඳ ශික්ෂා පදයට ඔවුන්දෙන විවරණය කුමක්ද?
සැබවින්ම, මෙම ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කළහොත් මිනිස් සමාජය තව තවත් දරුණු තත්ත්වයකට පත්වනවා සිකුරුයි. ඉන්පසු කියන්නන් ලියන්නන් කවුරුත් නැති හෙට දවසක් උදාවිය හැකිය.
නියම විසඳුමක් ලබාගැනීමට ……..
මෙවන් තත්ත්වයෙන් මිනිස් සමාජය ගලවා ගැනීමට, විශේෂයෙන් අප රට තුළ මෙම රෝගය නැත්තටම නැති කිරීමට කරුණු තුනක් අනුගමනය කළ යුතුයි.
1- පවිත්‍ර සදාචාරාත්මක චින්තනයක් සිතෙහි ධාරණය කරගැනීම.
2- ඊට සරිලන සේ ජීවත් වීමට යහපත් පරිසරයක් ඇති කරගැනීම.
3- වැරදි සිදුවන විට එය වළක්වාලීමට අවශ්‍ය නිසි පියවර ගැනීම.
සදාචාරාත්මක චින්තනයක්
මිනිස් වර්ගයා ශ්‍රේෂ්ඨවූත් උතුම් වූත් දේව නිර්මාණයකි. ඔවුනට බුද්ධියක් ඇත, කල්පනා කිරීමේ ශක්තියක් ඇත, හොඳ නරක තෝරා බේරාගැනීමේ හැකියාවක් ඇත, ඔවුනට විලිලැජ්ජා ගතියක් ඇත. ඔවුන් තම ශරීරය ආවරණය කර ගැනීම පිණිසි ඇඳුම් අඳිති.
ඔවුනට සමූහ බැඳීමක් ඇත. දෙමාපියන්, දූදරුවන්, නෑදෑයින්, වැඩිහිටියන් හා ඔවුනතර ඇති ඥාති සම්බන්ධතා හඳුනති. ඔවුන් උගන්වති, ඉගෙනගනිති, එමගින් දිනෙන් දින දැනුම වර්ධනය කරගනිති. විශේෂයෙන් ඔවුනට ආගමක් ධර්මයක් ඇත. එමගින් විශිෂ්ඨ මගපෙන්වීමක් ඇත.
එබැවින් ඔවුන් නොමග නොයා යුතුයි. දනින දකින දේ කිරීමටත් කෝපය හටගත් විට සණ්ඩුදබර කිරීමටත්, කාමාශාව හටගත් පමණින් එය සන්සිඳවා ගැනීමට තිරිසනුන් මෙන් කාන්තාවන් පසුපස ලූහුබැඳ යෑමටත් තැත්නොකළ යුතුයි. හේතුව ඔවුන් පහත් ඝනයේ කැලෑ සතුන් -තිරිසනුන් නොවීමයි.
කොයි කාර්යයක් වූවද, එය කි්‍රයාවට නැංවීමේ පිළිවෙල ඔවුන් දනී. ඒ ගැන මනා දැනුමක් ඔවුනට ඇත. ලොවෙහි මිනිස් වර්ගයා හැර වෙනත් කිසිම සත්තව ජාතියකට —විවාහය˜ යනු බන්ධනයක් නැත. මොවුනට මෙම බන්ධනය තිඛෙන්නේ මංමාවත්වල බල්ලන් මෙන් නොහැසිරී තම ශාරීරික අවශ්‍යතා නිසි ආකාරයට ඉටු කර ගැනීමටයි. එබැවින්, සෑම කෙනෙකුම තම ආත්ම පාරිශද්ධිය හා සදාචාරත්මක පවිත්‍රතාවය සිතෙහි ධාරණය කරගත යුතුයි, කාමව වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතුයි. මෙය කෙනෙකුගේ වින්තනයක්, ප්‍රතිපත්තියක් විය යුතුයි.
නබි මුහම්මද් (සල්) තුමා පැවසූහ: —නියත වශයෙන්ම මිනිසාගේ සිරුරෙහි මාංශ කැබැල්ලක් තිබේ, එය යහපත් තත්ත්වයක තිඛෙයි නම් ඔහුගේ සෑම කි්‍රයාවක්ම යහපත් වෙයි. එය පරිහානියට පත් වේ නම් ඔහුගේ සියළු කි්‍රයා අයහපත් වෙයි. දැනගන්න එයයි හදවත˜ (මූලාශ්‍රය: බුහාරි).
තවත් වරක් එතුමා මෙසේ පැවසූහ: —අල්ලාහ් (දෙවියන්) ඔබගේ (ශාරීරික) හැඩරුව හෝ ඔබගේ සම්පත් දෙස නොබලයි. එහෙත්, (ඔහු) ඔබගේ හදවත් හා කි්‍රයාවන් බලයි.˜
මෙම නබි වදන් අනූව අපගේ හදවත් හා එහි හටගන්නා සිතිවිලි පවිත්‍ර විය යුතුයි, එහි ජීවිතය සම්බන්ධ උතුම් චේතනාවක්, ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එම ප්‍රතිපත්තියෙහි ස්තී්‍ර පුරුෂ ලිංගික සම්බන්ධතා ගැන පැහැදිලි තීරණයක් තිබිය යුතුයි.
කොයිතරම් උතුම් චින්තනයක්, ප්‍රතිපත්තියක් හෝ ආගමක් වූවද එය කි්‍රයාවට නැංවීමට නම් ඊට අදාළ පරිසරයක් තිබිය යුතුයි. ඒ අතින්, කාමය වරදවා නොහැසිරීමට නම්, එයින් ඒඩ්ස් වැනි සමාජ රෝග නොවැළඳීමට නම් ඊටම සරිලන සමාජ ක්‍රමයක්, පරිසරයක් තිබීම අවශ්‍යයි.
—ඔබගේ දරුවා සත්වියට පා තැබූ විට සලාතය (දේව නැමදුම) ඉටුකරන ලෙස පවසන්න. ඔවුන් දසවියට පත් වූ පසුවත් සලාත් නොකළේ නම් ගහන්න, මෙම වියට පත් වූ විට ඔවුන්ගේ නිදියහන වෙන්කොට තබන්න. (දරුවන් කීප දෙනෙක් එක් යහනේ එක් වී නිදාගන්න ඉඩ නොදෙන්න)˜ යනු නබි (සල්) තුමා පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
මෙහි කරුණු දෙකක් ඇත. එකක් දේව නැමදුම. අනෙක: තනි තනිවම නිදා ගැනීම යනාදියයි. මේ දෙක අතර කිට්ටු සම්බන්ධතාවක් ඇත.
කීප දෙනෙකු – කුඩා ළමුන් පමණක් නොව, වැඩිහිටියන් පවා – එකට ගැටී ගෙන නිදාගන්නා විට අත් පා ස්පර්ශ වීමේ තත්ත්වයක් ඇති වෙයි. අනුන්ගේ රහස් පෙදෙස් දැකීමේ තත්ත්වයක් ඇති වෙයි. එවිට වැරදි සිතීම් පහළ වීමට ඉඩ කඩ ඇති විය හැකිය. මෙය මගහරවා ගැනීමට සෑම සියලූ දෙනාම නින්දට යන විට තනිතනිවම සිටිය යුතුයි.
මෙම තත්ත්වයෙහි වැරදි නොකිරීමට උදව්වන ප්‍රධාන දෙයක් වන්නේ දේව විශ්වාසයයි. එය දේව නැමදුමෙන් සිතෙහි ධාරණය වන්නේය. එවිට මිනිසා නොමඟ නොයයි. නබි (සල්) තුමා මෙම ඉගැන්වීම් දරුවෙකුගේ ආරම්භ අවධියේම ගෙන එනමෙන් ඉහත නබි වදනින් ගෙන දක්වන්නේය.
මේ අනූව නිවසක ගැවසෙන ස්ත්‍රී, පුරුෂයින්, වාහනයක යන ස්ත්‍රී පුරුෂ මගීන් පෝලිමක තෙරපීගෙන සිටින පුරුෂයින් හැප්පීමෙන්, උරෙන් උර ගැටෙන සේ වාඩිවීමෙන් වන්නේ විපතක් නොවේද? අද සමාජයේ ඊට උදාහරණ රැසක් ඇති බව කිව යුතුද?
එබැවින් ස්ත්‍රී පුරුෂයන් අතර වැරදි ඇතිවීමට නොහැකි පරිසරයක් තිබිය යුතුයි. පියා- දුව, සහෝදරයා – සහෝදරිය, සීයා – මිනිබිරිය, බාප්පා – දුව මාමා – ලේලි නැන්දා – බෑනා, මස්සිනා – නෑනා, මිතුරන් – මිතුරියන් යන අය අතර වූවද වැටක්, සදාචාරාත්මක හැසිරීම් රටාවක් තිබිය යුතුයි. අනවශ්‍ය විහිළු කිරීම් හා කථා බස් නොතිබිය යුතුයි.
නොඑසේ නම් වන්නේ කුමක්ද?
දූෂණයට ලක් වූ ගැහැණු ළමුන් 229 කගේ පරීකෂණයෙන් හෙළි වූයේ මෙම කරුණුය. ඔවුන්ගෙන් 128 දෙනෙක් විවාහ වූ පිරිමින් අතින් දූෂණයට ලක්වී ඇත. 24 දෙනෙක් දූෂණය කොට ඇත්තේ නිතර දෙවේලේ ඒ ළමුන්ගේ නිවෙස්වලට යන එන කිටිටු ඥාතීන් විසිනි. 4 දෙනෙක් බාප්පලා විසින්ද, 4 දෙනෙක් එක් කුස උපන් සහෝදරයින් විසින්ද, දෙදෙනෙක් සීයලා විසින්ද, 18 දෙනෙක් ඔවුන්ගේම තාත්තලා විසින්ද දූෂණය කොට ඇත.
අද රටේ සිදුවන මෙවැනි ස්තී්‍ර දූෂණ, ස්තී්‍රන්ට කරන විවිධ අතවර, මිනී මැරුම් යනාදී දහස ගණන් උදාහරණ ඇත. එබැවින් ස්ත්‍රී පුරුෂයින් නිදහසේ හැසිරීමට (Free Mixing)- ඇති ඉඩකඩ සම්පූණයෙන් වසා දැමිය යුතුයි.
සංචාරක කර්මාන්තය, ගණිකා මඩම්……
මෙය විධිමත් කළ යුතුයි. මෙනමින් අප රටට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය එච්.අයි.වී/ඒඩ්ස් වසංගතයට ගොදුරු වූවන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ස්ත්‍රී දූෂණය, සමලිංගික සහභාගීත්වය හා ළමා දූෂණයෙහි හැසිරෙන්නන් බවට තොරතුරු ඇත.
ඔවුන්ගේ මාර්ගයෙන් අසභ්‍ය පොත්පත් හා පින්තූර ඛෙදාහරින බවට බොහෝ සාකෂි ඇත. මේවා කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුයි.
ගණිකාවන්ගේ කි්‍රයාකාරිත්වය මුළුමනින්ම නවතාලීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ගණිකා මඩම් පවත්වන්නන්ට එරෙහිව නීතිමය පියවරක් ගෙන කටයුතු කළ යුතුයි. ඉතාමත් නින්දිත, පාපකාරී, තිරිසන් කි්‍රයාවක් —ගණිකා වෘත්තිය˜ නමින් සමාජ ඒකකයක් ලෙස තබාගැනීමේ කි්‍රයාව සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි.
ඇඟලූම් සේවක සේවිකාවන්, පිරට රැකියාවලට යන සේවක සේවිකාවන්, කාර්යාලවල සේවය කරන සේවක සේවිකාවන්, ති්‍රවිධ හමුදාවේ සේවය කරන සේවක සේවිකාවන් යන අය අතර අවකල් කි්‍රයා ඇති වීමේ සියලූ මාර්ග වසා දැමිය යුතුයි.
තරුණ තරුණියන්, පාසල් සිසුන්, කුඩා දරු දැරියන් වරදට යොමුවන්නේ කොතැනද යනු පරීකෂාකර බලා එම තැන් ඇහිරිය යුතුයි. ඩෙංගු උණ වළක්වාලීමට එම මදුරුවන් විනාශ කිරීමට පියවර ගන්නා සේම අපගේ නව පරපුර වැනසෙන තැන් සොයා විනාශ කළ යුතුයි.
රූපවාහිනිය, පුවත් පත්, සඟරා, සිනමාහල් යනාදිය තුළින් මිනිසා නොමග යවන සුළු චිත්‍රපට, නාට්‍ය, වෙළඳ දැන්වීම්, පින්තූර, අදහස්, අඩනිරුවත් නැටුම්, රාගය උත්සන්න කරන ගීත යනාදියට තිතක් තැබිය යුතුයි.
පෙම් උයනේ සංකල්පය අත්හැරිය යුතුයි. වෙරළ බඩ පෙදෙස්, උද්‍යාන, දුම්රියස්ථාන හා බස්ගාල් කරන ස්ථාන, බස්වල පිටුපස ආසන වැනි ස්ථානවල අශෝභන අන්දමින් හැසිරෙන ස්තී්‍ර පුරුෂයින්ගේ එම කි්‍රයාව නැවැත්විය යුතුයි. ඒ සඳහා රජය පමණක් නොව මහජනතාවද දැඩි සැලකිල්ලෙන් යුතුව හා සාමකාමීව කටයුතු කළ යුතුයි.
දේශපාලන පකෂ තම වාසිය තකා තරුණ තරුණියන් —ජොලි කිරීමට˜ අවසථාව සැලසෙන —යොවුන් පුර˜ වැනි සමුළු පැවැත්වීම ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. එයින් නව පරපුර නොමග යෑමේ වාතාවරණයක් පවතී නම් අනිවාර්යයෙන්ම එය නැවැත්විය යුතුයි.
සෑම ස්ත්‍රී පුරුෂයෙක්ම නිසි වියට පැමිණි විට විවාහ වීමේ අවස්ථාව ලබාදිය යුතුයි. එයට කිසිදු අංශයක් බාධා ඇති විය නොයුතුයි. එයින් බොහෝ දුරට දුරාචාරයේ හැසිරීම වැළැක්වෙන අතර පිරීමින්ට වගකීමකුත් ස්තී්‍රන්ට ආරකෂාවකුත් සැලසේ.
ඉස්ලාමීය මග පෙන්වීම
ඉස්ලාමය —දුරාචාරයේ හැසිරෙනු එපා˜ යනු පැවසීමට වඩා පුළුල් අර්ථයක් ගෙන දෙන විලසින්, —ඔබ දුරාචාරයට ළං නොවන්න˜ (අල්කුර්ආන් 17¦ 32) යනු අවවාද කරයි. මේ ගැන අප මඳක් කල්පනා කළ යුතු වේ.
ඕනෑම දෙයක ළංවීමක් තිබුනොත් එහි කි්‍රයාවක් ඇති වෙයි. විදුලියේ ධනාත්මක හා රිනාත්මක දෙක වෙන්ව තිබියදී විදුලිය කි්‍රයාත්මක නොවෙයි. යම් විටක මේ දෙක ළං වූයේ නම් එහි කි්‍රයාවක් සිදුවෙයි, විදුලි එළිය ලැඛෙයි. මෙලෙස – ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර වැටක් – බාධකයක් – තිබුනහොත් නොමනා කි්‍රයා අවම කර ගත හැක. එසේ නොමැතිව, ස්තී්‍ර පුරුෂ දෙදෙනා වැටක් නැතිව, නිදහසේ හැසිරෙන පරිසරයක් වූවහොත් එයින් වැරදි සිදුවිය හැකිය. ඉහත කරුණු ඊට සාධක වෙයි.
නබි (සල්) තුමා වරක් මෙසේ පැවසූහ: —දෑස් කරන දුරාචාරය (අන්‍ය ස්තී්‍ර පුරුෂයන් දෙස වැරදි චේතනාවෙන්) බැලීමයි, කන්වල දුරාචාරය (අසභ්‍ය දේට ඉතා ආශාවෙන්) සවන් දීමයි, කටේ දුරාචාරය (කාන්තාවන් හෝ පුරුෂයන් වර්ණනා කොට) කථා කිරීමයි. අත්වල දුරාචාරය (සීමාව ඉක්මවා) අත් තැබීමයි, පාදවල දුරාචාරය (වැරදි කිරීම සඳහා) පිය නැගීමයි. (මෙම කි්‍රයා තුළින්) සිතේ ආශාවන් ඇති වෙයි. ඉක්බිතිව එම සිත නොයෙක් සිතිවිලි බිහි කරයි. පසුව රහස් පෙදෙස එය ඇත්තක් හෝ බොරුවක් කරයි. (එනම් එම වැරදි කි්‍රයාව ඉටු කරයි, නැති නම් ඉටු නොකරයි)˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
මෙලෙස මෙම පාපකාරී කි්‍රයාවට අවස්ථාවක් නොලැඛෙන සේ සමාජ ක්‍රමයක් පරිසරයක් ඇති කර ගැනීම අප කාගේත් වගකීමකි. එවිට ඒඩ්ස් මාරයාගේ ප්‍රවේශයට මාර්ගයක් ලැඛෙන්නේ නැත.
වැරදි සිදුවීම වැළැක්වීමට…..
ඉහත සඳහන් පරිදි වැරදි නොකරන පරිසරයක් ඇති කොට, ආගම දහමෙන් සියලූ දෙනා නිතිපතා දැනුවත් කිරීමෙන් පසුවද සුළු වශයෙන් වැරදි කරන්නන් සිටිය හැකිය.
එවැන්නන් යහමග ගෙන ඒමට අවශ්‍ය උපදෙස්, අවවාදනුශාසනා යනාදිය දිය යුතුයි, ආදරයෙන් හා කරුණාවෙන් ඔවුන් හොඳ මාර්ගයට ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ කිසිවක් ප්‍රයෝජනවත් නොවුනේ නම්, සමාජයේ යහපත තකා ඔවුන්ට ද~ුවම් දිය යුතුයි. ඉස්ලාමයට අනූව විවාහ වූවන් දුරාචාරයේ හැසිරුනා නම් ඔවුන්ට මරණීය ද~ුවම දිය යුතුයි. විවාහ නොවූ අය නම් කස පහර සියයක් දිය යුතුයි.
මෙසේ ද~ුවම් දීම කෙසේ සාධාරණ වන්නේද? යනු මාධ්‍යවේදියෙකු වරක් ඉස්ලාමීය විද්වතකුගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් එතුමා හොඳ උදාහරණයක් මෙසේ පවසා එහි සාධාරණත්වය ගෙන දැක්වූයේය.
—කෙනෙකුගේ අතේ ඇඟිල්ලක තුවාලයක් හට ගනී. එම තුවාලයට දිගු කලක් විවිධ ඛෙහෙත් කළත් එය සුව වනවා වෙනුවට දිනෙන් දින නරක අතට හැරෙනු පෙනේ. ඇතැම් විට එය පිළිකාවකට හැරෙන්නත් ඉඩ තිඛෙනු දක්නට ඇත. මෙවන් අවසථාවක කළ යුත්තේ මුළු ශරීරයේ ආරකෂාව තකා එම ඇඟිල්ල වෛද්‍යවරයාගේ මාර්ගයෙන් කපා දැමීමයි. එය නොකළොත් පිළිකාව ශරීරය පුරා පැතිරී ජීවිතයම නැති වී යයි. එය කපා දැම්මොත් අහිමි වන්නේ ඇඟිල්ලක් පමණයි. ආරකෂා කරගන්නේ සම්පූර්ණ ශරීරයයි, ජීවිතයයි.˜
—එමෙන්ම දුරාචාරයේ හැසිරෙන අය යහමග ගෙන එන්න මහත් උත්සාහයක් දැරීමෙන් පසුවද ඔවුන් නොහැදුනේ නම් නිසි ද~ුවම් දීම ඉතා අවශ්‍ය වන්නේය. එයින් අපට අහිමි වන්නේ පාපයේම ජීවත් වූ සුළුතරයකි. එහෙත්, ආරකෂා කරගන්නේ කෝටි සංඛ්‍යාත ජනයින්ගේ ලෝකයකි. මීට අදාළ ඉස්ලාමීය දණ්ඩ නීතිය කෙසේ නම් දරඳ~ුවන්නේද?˜
මෙම විස්තර වලින් එම මාධ්‍යවේදියා සෑහීමකට පත් වූ බව වෙයි.
ඉස්ලාමයෙහි දණ්ඩ නීතිය කි්‍රයාත්මක වන්නේ දෙවනුවයි. පළමුව කෙරන්නේ යහපත් මිනිස් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය අවවාදානුසාසනා දී ඊට අනුකූලවූ සමාජ ක්‍රමයක්, පරිසරයක් ඇති කිරීමට උත්සාහ දැරීමයි.
අවසාන වශයෙන් …….
ඒඩ්ස් හා වෙනත් සමාජ රෝගයන්ගෙන් තොර වූ මිනිස් සමාජයක් බිහි කිරීමට ඉහත සඳහන් ක්‍රමවිධි අනුගමනය කිරීම හැර වෙනත් මගක් නැති බව කල්පනා කරන කාටත් වැටහෙනවා ඇත.
ඒ හැර —ඒඩ්ස් වලින් ආරකෂා වීමට විශ්වාසවන්ත සහකාරයෙකු / සහකාරියක් සමග ශාරීරික සම්බන්ධකම් තබා ගන්න. ඊට වැඩි අය සමග ශාරීරික සම්බන්ධකම් පවත්වන්නේ නම් උපත් පාලන කොපු පාවිච්චි කරන්න˜ යනු පැවසීම දුරාචාරයට නව මඟපෙන්වීමකි. එය නොකළ යුතුයි.
ඒ වෙනුවට කිව යුත්තේ, ඔබගේ ශාරීරික, ලිංගික සම්බන්ධකම් තබා ගත යුත්තේ අඹු – සැමි දෙදෙනා අතර පමණයි˜ යනුවෙනි.
මෙසේ කීම බුද්ධියට එකඟය, සියල්ලට එකඟය, මිනිස් ස්වභාවයටද එකඟය.
ඉතින් උතුම් සදාචාර සමාජයක් බිහිකිරීමට පාඨක ඔබ සූදානම් වීම ඔබගේ ධාර්මික වගකීමක් නොවේද?
වැදගත් ද
වැලකීමට
මෙවර මෙම තේමාව තෝරා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ වනිතාවන් හා බාලිකාවන් අතර මෙම වසංගතය වේගයෙන් පැතිර යෑමේ භයානකත්වයක් තිබීමයි. මෑතකදී ගත් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කළේ කාන්තාවන්ගෙන් අඩක්ම, එනම් 50%ක්ම එච්.අයි.වී වෛරසයෙන් ආසාදිත වූ බවයි. මෙම තත්ත්වය ඉතා භයානකය. එබැවින් ඊට එරෙහිව විශේෂ සැලකිල්ලකින් කි්‍රයා කිරීමට කටයුතු කරගෙන යෑමට අධිෂ්ඨානය කොට ඇත.
ඒඩ්ස් යනු කුමක්ද?
“Aquired Immune Deficency Syndrome“යන්න කෙටියෙන්, එහි මුලකුරු පමණක් ගෙන“AIDS“ වචනය සෑදී ඇත. එය සිංහලෙන්, —මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය හීන කරන මාරක රෝගය˜ යනු පරිවර්තනය කරති. මෙම වසංගතය හටගෙන පැතිර යෑමට හේතුවන වෛරසය එච්.අයි.වී නමින් හැඳින්වේ. එනම්, “Human Immuno suppression virus“ යනු වේ.මෙය ඉතා භයානක වෛරසයකි. මෙය කෙනෙකුගේ ශරීර ගතවීමෙන් සති ගණනක් තුළ ඒඩ්ස් රෝගය වැළඳිය හැක. ඇතැම් විට මෙම රෝගය වැළඳීමට මාස ගණනක් හෝ වසර ගණනක් ගත විය හැකිය. එහෙත් කෙනෙකුගේ ශරීරය තුළ සැඟවී ඇති මෙම වෛරසය එම කාලය තුළ තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළුවීමේ භයානකත්වයක් ඇත.
මිනිස් සිරුර තුළ ස්වාභාවිකවම ලෙඩ රෝගවලට එරෙහිව කි්‍රයා කිරීමේ ශක්තියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ශක්තිය – ෙසෙලය —සුදු රුධිරාණුව˜ White Blood Cell) - නමින් හැඳින්වේ. මිනිසාගේ රුධිරය සමඟ සංකලනය වී පවතින මෙම —සුදු රුධිරාණුව˜ සිරුර තුළ ලෙඩරෝග ඇති කරන රෝග බීජ විනාශ කර දමයි. එමගින් මිනිසා නිරෝගීව ජිවත් වීමේ වාසනාව ලබා ගන්නේය.
එහෙත් එච්.අයි.වී නම් වූ වෛරසය කෙනෙකුගේ ශරීර ගත වී කලක් යන විට —සුදු රුධිරාණුව˜ නම් වූ ෙසෙලයට පහර දෙන්න පටන් ගනී. එමගින් සුදු රුධිරාණුව ක්‍රමයෙන් විනාශයට පත් වෙයි. මෙයින් වන්නේ ශරීරය තුළ පවතින ලොඩරෝගවලට එරෙහි ප්‍රතිශක්තියක් නැති වී යාමයි. මෙම අසාධ්‍ය දුර්වල තත්ත්වයට —ඒඩ්ස්˜ යනු කියනු ලැබේ.
මෙවැනි තත්ත්වයකට පත් වූ සිරුරක ඛෙලහීනතාවය හේතුකොට ගෙන ඕනෑම රෝගයක් ඉතා පහසුවෙන් වැළෙඳන්න හැකි වනු ඇත. එවන් තත්ත්වයකට පත් වූ රෝගියෙක් සුව කිරීම ඉතා අපහසු කාර්යයකි. එහි ප්‍රතිඵලය වන්නේ එවැන්නෝ ඒඩ්ස් රෝගයට ගොදුරුවී අකාලයේ මිය යෑමයි.
2003 වසර අවසානය වන විට මුළු ලොවෙහිම එච්.අයි.වී වෛරසය සමග ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 37.8 ක් වේ. මෙම වෛරසයට වසරකට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 4.8 ක් පමණ වේ. මේ වනතෙක් 2009 දෙසැම්බර් පළවෙනිදා තෙක් – මෙම වෛරසයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මිලියන 65ක් පමණ වේ. මේ වනතෙක් මුළු ලොවෙහිම ඒඩ්ස් වැළඳුනු රෝගීන් මිලියන 25 ක් පමණ මිය ගොස් ඇත. මෙසේ මිය යන්නන්ගේ අනුපාතය තත්ත්පර 10ට කෙනෙකු බැගින් වේ.
මෙම වෛරසය 95%ක්ම පැතිරයන්නේ දියුණු වන තුන්වන ලොවේ රටවලය. මෙම වෛරසය ලැගුම් ගත් වැඩි අයකගේ වයස් පරතරය 15-24 වන බවත් හෙළි වී ඇත. එනම් රටට සමාජයට යමක් කළ හැකි තරුණ තරුණියන් මෙයට බිලිවන බව මෙයින් වැටහේ. මොවුන්ගෙනුත් 2003 වසරේ රෝගාතුර වූවන් ගෙන් 50%ක්ම කාන්තාවන් බව සඳහන් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී වෛරසය ශරීර ගතවූවෙකු ගැන වාර්තා වූයේ 1986 දීය, ඔහු විදේශිකයෙකි. ලාංකිකයෙකුට මෙම වෛරසය ශරීරගත වූයේ 1987 දීය. 2004 සැප්තැම්බර් මාසය වන විට එච්.අයි.වී වෛරසය ශරීර ගත වූ ශී්‍ර ලාංකිකයන්ගේ සංඛ්‍යාව 591 කි. මොවුන්ගෙන් 346 දෙනෙක් පිරිමින් වන අතර 245 දෙනෙක් ගැහැනුන්ය. ඒඩ්ස් රෝගය වැළඳුණු අය 174 දෙනෙකි. මෙම රෝගය හේතු කොට ගෙන මියගියවුන් 129 දෙනෙකි. එච්.අයි.වී. වෛරසය ශරීර ගත වූ ළමුන්ගේ සංඛ්‍යාව 12 කි.
එච්.අයි.වී. වෛරසය ශරීර ගතවූවන්ගේ සංඛ්‍යාව 591 ක් බවට වාර්තාවූවත්, 2004 සැප්තැම්බර් මාසය දක්වා 3500-7000 අතර අයට මෙම වෛරසය ශරීර ගත වී ඇති බව විවිධ පරීකෂණ වලින් හෙළි වී ඇත. මොවුන්ගෙන් 82% ක්ම වයස 15-49 අතර වේ. මෙය වළක්වා ලීමට පමා වන සෑම මිනිත්තුක්ම ගෙවී යන්නේ අප රටේ ජනතාව මරුවා සමග වාසය කරන තත්ත්වයකිනි.
*ඒඩ්ස් පමණක් නොව සියලූම වර්ගයේ සමාජ රෝග 98% ක් පමණ හටගන්නේ අනියම් ලිංගික සබඳතා හේතු කොටගෙනය.
*මීට අමතරව සුළු වශයෙන් රුධිර පාරවිලයනය
Transfusion)- නිසාද මෙම රෝගය හට ගැනේ.*තවද ගැබිණි මවකට මෙම වෛරසය ශරීර ගත වී තිබේ නම් ඇයගේ දරුවාගේ ශරීරයටද එය ඇතුළු විය හැකිය. එයින් එම දරුවාගේ ජීවිතයද අසාර්ථක වනු ඇත.
විශේෂයෙන් ස්තී්‍ර පුරුෂයින් අතර තිඛෙන අනියම් ලිංගික සබඳතා සහ සම ලිංගික සබඳතා මීට හේතුවන බව පැහැදිලිවම ඔප්පු වී ඇත. උදාහරණ වශයෙන් කරුණු එකක් දෙකක් ගෙන බලමු.
—ඉතා ඈත ගමක —අවිවාහක˜ පුද්ගලයෙක් මට මෑතදී මුණ ගැසුනා. ඔහුත් එක්ක කතා කරන කොට ඔහු කිවුවා ගමේදී ලිංගික සම්බන්ධතා දෙකක් පැවැත්තුවා කියලා. එකක් ගමට ආ කාන්තාවක් සමග. අනෙක් සම්බන්ධතාව තම —සහෝදරයාගේ˜ බිරිඳ සමග. එතකොට අපිට ප්‍රශ්නයක් පැන නැගුනා කොයි සම්බන්ධතාව තුළින්ද මේ පුද්ගලයාට රෝගය වැළඳුනේ කියලා… මේ සිද්ධියේදී බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එක පැත්තකින් මේ පුද්ගලයාගේ සහෝදරයාගේ පවුල් ඒකකය. මේ රෝගය සහෝදරයාට වැළෙඳන්න පුළුවන්, සහෝදරයාගේ විවාහය කඩාකප්පල් වෙන්නත් පුළුවන්˜
මෙම —රාවය˜ පුවත කෙතරම් වේදනාසහගත සිද්ධියක්ද? තම සහෝදරයාගේ භාර්යාව තම කාමාශාවට නතුකර ගන්නා මෙම තත්ත්වය කෙතරම් පාපකාරී කි්‍රයාවක්ද? මෙම පාපය එළිපිට කියන තරම් ඔහුට ධෛර්යයක් තිබීම කෙතරම් අවාසනාවන්තද? හෙට දවසක ඔහු තම සහෝදරිය හෝ මව ගැන සිතා බලයිද?
—ඔහු ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අයෙකි. සිය වෘත්තිමය අවශ්‍යතාවකට හම්බන්තොට සිට කොළඹ ඒමට බසයකට නැගි ඔහු එහිදී තරුණියක හා හාද විය. පසුව සබඳතාවක් බවට පත් වූ ඒ හාදකම කෙතරම් දුර දිග ගියේදයත් කොළඹ යමින් සිටි මෙම තැනැත්තා තරුණියත් සමඟ කළුතරින් බැස ඇය සමග හෝටලයක ගත කළේය. මෙම කෂණික සබඳතාවයේ අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඔහුට —ඒඩ්ස් රෝගී වෛරසය ශරීරගත වීමයි.˜
එච්.අයි.වී. වෛරසය ශරීර ගතවීමටත්, ඒඩ්ස් රෝගය වැළඳීමටත් හේතු වූ මෙවන් සිදුවීම් රැසක් ඇත. එම සිදුවීම් ලියන්නට පටන්ගතහොත් පිටු 150 කින් හෝ 200 කින් සමන්විත පොතක් විය හැකිය.
මෙයින් පෙනී යන්නේ මෙම වසංගත ඒඩ්ස් රෝගයට මුල්වන්නේ කාමය වරදවා හැසිරීම බවයි.
මෙය සනාථ කරන අන්දමින් වෛද්‍ය ශාන්ත හෙට්ටි ආරච්චි මහතා මෙසේ කරුණු දක්වයි.
—මේ දිනවල එබඳු රෝගීන්ගේ පැමිණීමේ වැඩිවීමක් අපි දකිනවා. ඒකට හේතුවෙලා තියෙන්නේ අප සමාජය තුළ ලිංගික —සම්බන්ධතාව ගොඩ නගා ගැනීම˜ ඉතා පහසු කරුණක් බවට පත්ව තිබීම. ඒ වගේම මාධ්‍ය හරහා මිනිසුන්ට කරන පෙළඹවීම වැඩියි. මීට වසර ගණනාවකට ඉහතදී අපේ සායනවලට ආවේ වයස අවුරුදු 40 ඉක්මවූ රෝගීන්. නමුත් දැන් අපේ සායනවලට බහුලව එන්නේ වයස අවුරුදු විසි ගණන්වල තරුණ පිරිස්˜—මෑත සිට —කාර්යාලවල˜ අනියම් ලිංගික සම්බන්ධතාවල විලාසිතාවක් දක්නට ලැඛෙනවා. මේ තුළින් ඇති විය හැකි ප්‍රශ්න ගැන හිතන්න ඕන. ප්‍රශ්න පැන නැගීමට ප්‍රථම, මේ රෝග වැළෙඳන්නේ එක් පුද්ගලයෙකුට වුණත්, ඒ හරහා දරුවන්ට, දෙමාපියන්ට, සමාජයට ඇතිවෙන ප්‍රශ්න බර පතළයි˜
—අපේ සායනවලට එනවා ලිංගික ශ්‍රමිකයන් (ගණිකාවන්), එවැනි කාන්තාවන් සමග අපි කථා කරන කොට…. ළමයින් එන්නේ නැද්ද කියලා (අහනකොට ඔවුන් කීවේ) —බොහෝ අය එනවා. පාසල් ළමයි එනවා˜ කියලා… —පාසල් ඇඳුම් බෑග් එකේ දාගෙන එනවා˜ කියනවා. —උඩින් ටී ෂර්ට් එකක් දාගෙන එනවා˜ අඩුම වශයෙන් මේ කාන්තාවන් ළඟට යන අයෙකුට දරන්න ඕන වියදම රු1000/- සිට ඉහළ අගයක් වෙනවා.˜
—අපිට තිඛෙන ප්‍රශ්නය මේකයි. ළමයින්ට (මෙතරම්) සල්ලි කොහෙන්ද මේවගේ ගණනක් ගෙවන්න? අපිට මේ කාන්තාවෝ කිව්වා. —සමහර ආයතනවල (ගණිකා මඩම්වල) බොස් එක්ක මේ ළමයි ගිහින් කතා කළාම ගණන භාගයක් අඩු කරනවා˜ කියලා. මේක මේ ළමයි මෙවැනි තැන්වලට ඇද ගන්න —භාග ටිකට්˜ එකක් කඩනව වගේ වැඩක්නේ. ළමයින්ට සල්ලි දෙනකොට දෙමාපියන් හැමවිටම තම දරුවන් ගැන සොයන්න ඕන. දරුවෝ දෙමාපියන් දෙන සල්ලිවලට මොනවද කරන්නේ කියලා˜
—පාසල් ළමයි ලබාගන්නා මේ අත්දැකීම් තවත් යහළුවන්ට කියනවා. එතකොට තවත් පිරිසක් මෙය කෙරෙහි (මෙම ගණිකාවන් කෙරෙහි) යොමුවනවා. එක් සුළුදෙයකින් තම මුළු ජීවිතයම අඳුරු වෙන්න පුළුවන්˜
ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය පවසන්නේ තවත් දෙයකි.
එය මෙසේය:
—ශ්‍රී ලංකාවේ නම් ගණිකා වෘත්තියේ යෙදෙන්නන්, මැද පෙරදිග සේවය සඳහා යන කාන්තාවන්, නව යොවුන් වියේ පසුවන පාසල් ශිෂ්‍යාවන්, අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වන්නන්, ඇඟලූම් කලාපයේ සේවිකාවන් යන කාන්තාවන් ඒඩ්ස් රෝගයට ලක්වීමේ වැඩි අවදානමක් සහිත කොටස්ය. මොවුන්ගෙන් මැදපෙරදිග රටවල රැකියා සඳහා ගොස් සිටින මිලියන 1.2 ක් වන ශ්‍රී ලාංකීය කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී˜
—…… සංචාරක කර්මාන්තයේ දියුණුවීමත් සමගම සංචාරක මඟපෙන්වන්නන් (ටුවරිස්ට් ගයිඩ්ස්), හෝටල්වල —රූම් බෝයි˜ වශයෙන් සේවය කරන තරුණයන් මෙන්ම මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත වන කුඩා පිරිමි ළමුන් (බීච් බෝයිස්) මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතී˜
මෙම සටහන්වලින් පෙනීයන්නේ මෙම ඒඩ්ස් රෝගය වැළඳීමට හා පැතිර යෑමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ —අනියම් ලිංගික සම්බන්ධතා˜ බවයි. මෙහි කිසිදු සැකයක් නැත.
මෙම ප්‍රතිකාර ක්‍රම නියම විසඳුමක් වෙයිද?
එච්.අයි.වී / ඒඩ්ස් වැළඳීම සම්බන්ධව මෙතරම් පැහැදිලිව කරුණු කාරණා ගෙන දක්වන වගකීම් භාර අය, ඊට පවසන ප්‍රතිකාර ක්‍රම දෙස බලන විට ඇති වන්නේ මහත් වේදනාවකි.
ඔවුන් පවසන ප්‍රතිකාර ක්‍රමය මෙයයි. —මෙම වසංගතය පැතිර යෑම වැළැක්වීමට ඒ ගැන විශේෂ දැනුමක් ලබා ගත යුතුයි¦ පිරිමියෙකු හෝ ගැහැනියක් තම ලිංගික සම්බන්ධතාව තමාට විශ්වාසවන්ත සහකාරයෙකුට හෝ සහකාරියට සීමා කරගත යුතුයි. ඒ හැර අන් අය සමඟ ලිංගික සම්බන්ධතාව තබාගන්නා විට කොන්ඩොමය නමින් වූ උපත් පාලන කොපුව
Condom)- පාවිච්චි කළ යුතුයි˜මෙය ඇත්තෙන්ම, —කැහි ගෑනි එපා කියලා හොටු ගෑනි ගත්තා වගේ කථාවක්˜ මෙයින් කවදාවත් මෙම ප්‍රශ්නය විසෙඳන්නේ නැත. —කබලින් ලිපට වැටුනා˜ වගේ වෙනවා මිසක්.—කවුද මේ විශ්වාසවන්ත සහකාරයා හෝ සහකාරිය?

...