සිසිර කුමාර මැරුවේ කුඩු චමින්ද/දුමින්දලු

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
සිසිර කුමාර මැරුවේ කුඩු චමින්ද/දුමින්දලු

අත්අඩංගුවේ සිටින දෙමටගොඩ චමින්ද ‘කුඩු දුමින්දගේ’ ගෝලයෙක්

2011 ඔක්තෝබර් 22 වෙනි සෙනසුරාදා, 14:45 සාමාන්‍ය

DumindaFriend.jpg

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා පාතාල සාමාජික ‘කුඩු දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ සමීපතම හිතවතකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මෙම චමින්ද නමැත්තාගේ සොයුරු ‘කුඩු රුවන්’ නමැත්තා කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතාගේ ආධාරකරුවෙකි.
කෙසේ වුවද, දෙමටගොඩ චමින්ද 2004 වර්ෂයේ සිටම ‘කුඩු දුමින්ද’ මහතා සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යමින් මිනී මැරුම් හා බරපතළ අපරාධ ගණනාවක් සිදු කර ඇත.
ඉන්දියාවේදී මොහු අත්අඩංගුවට පත්වීමට දින කිහිපයකට පෙර වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව මහතා විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇතත්, ‘කුඩු දුමින්ද’ මන්තී‍්‍රවරයාගේ බලපෑම් හමුවේ මොහුව නිදහස් කොට තිබේ.
මීට වසරකට පමණ පෙරදී ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ පාතාල හා කුඩු ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ මොහොතේ දෙමටගොඩ ප‍්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායේ හිටපු සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුරුත්තෙට්ටුවේගම මහතා විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට පත්වන මොහොතේ මොහු සතුව හෙරොයින් තොගයක්ද හමු වී ඇති අතර, මොහුව ඝාතනය කිරීමට සැලසුම් කර තිබියදී ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලැබුන නියෝගයක් මත මොහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. අනතුරුව කුඩු දුමින්ද මන්තී‍්‍රවරයා විසින් මොහුව නිදහස් කර ගෙන තිබේ.
පසුගියදා වෙඩි වැදී ඝාතනයට ලක් වූ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුරුත්තෙට්ටුවේගම හා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලකගේ සැක කටයුතු මරණයන්ට මෙම චමින්ද නමැත්තාගේ පැහැදිලි සම්බන්ධතාවයක් ඇතැයි විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානීන්ගේ සැකයට භාජනය වී තිබේ