2011 උසස්පෙළ - ගිණුම්කරණය හා භෞතික විද්‍යාව

Aug 2, 2007
2,162
7
0
IN YOUR EYES
2011 උසස්පෙළ - ගිණුම්කරණය හා භෞතික විද්‍යාව

මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා:shocked::growl::lol:

commissioner.jpg



පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.

මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා" :baffled:
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉසෙඩ් ස්කෝර් එකත් කතා කරලා වැඩක් නෑ.
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    අන්තිම කාලේ සුදු කොඩි පේනකොට තමයි ඇත්ත කියන්න මතක් වෙන්නේ....
     

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    dan oya bayla gahala wadak thiyanawada?? okkoma unata passe bayla gahanna witharai me yakko danne... thooo nodakin :growl: :growl: :growl: :growl: