අපේ හාඩ් එක
උපාංග හරහා RAID සම්භන්ද කිරීම හා වැඩසටහනක් හරහා RAID සම්භන්ධ කිරීම
පරිඝණකයේ ප්‍රධාන ගබඩා මාධ්‍ය වන්නේ යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික පද්ධති කිහිපයකින් සමන්විත Hard disk එකය.දැනට වසර 35කට පමණ පෙර දත්ත ගබඩා සඳහා හඳුන්වා දුන් මෙම උපකරණය තවමත් ප්‍රමාණවත් වර්ධනයක් අත් කරගෙන නැත.අනෙකුත් ගබඩා මාධ්‍ය හා සැසදීමේදී (සීඩී හා ටෙප් බැකප් ආදී) ඒවායේ දත්ත හුවමාරු වේගය වැඩි වුවත් පරිඝණකයේ අභ්‍යන්තරයේ ඇති රැම් තරම් වේගයක් එයට ලගා කරගත නොහැක.මෙසේ වේගය වර්ධනය කිරීමට ප්‍රධානම බාදකය 80% වන යාන්ත්‍රික කොටස් වල එතරම් වැඩිදියුණු කිරීමට තරම් සක්‍යතාවයක් නොවූ හෙයිනි.
Hard disk වල වේගය තත්පරයට මෙගාබයිට් 33 සිට තත්පරයට මෙගාබයිට් 250 දක්වා අද වන විට වර්ධනය වී තිබේ.Hard disk එක පරිඝණකයට සම්භන්ද වන ආකාරය අනූව වර්ග දෙකක් වේ.එනම් IDE හා SATA යන වර්ග දෙකයි.
මින් SATA තැටිය භාවිතා වේගය අතින් සැලකූ කල වඩා හොද තත්වයේ පවතී.පරිඝණකය Hard disk එක හා දත්ත හුවමාරු කරගනු ලබන්නේ Hard disk එක මත ඇති ඉලෙක්ට්‍රොනික පාලක පද්ධතිය හරහාය.පාලක පරිපථයෙන් දත්ත හුවමාරුකරන වේගයට සමාන වේගයකින් Hard disk එකේ යාන්ත්‍රික කොටස්වලට දත්ත සැපයිය නොහැක.මීට හේතුව වන්නේ පාලක පද්ධතිය විද්‍යුත් ශක්තිය දත්ත හුවමාරුව සඳහා යොදාගන්නා අතර Hard disk එක යාන්ත්‍රික ශක්තිය හා විද්‍යුත් ශක්තිය යන දෙවර්ගයම යොදාගනිමින් පාලක පද්ධතිය සමග දත්ත හුවමාරු කරගැනීමට සිදුවන නිසාය.එනම් පාලක පද්ධතිය විසින් ඉල්ලන වේගය යාන්ත්‍රික කොටස් වලට සැපයීමට අසමත් වේ.
මේ සාධකය Hard disk එකෙන් දත්ත ලබාගැනීම හා ඇතුලත් කිරීමේ වේගය වර්ධනය කිරීමට ඇති විශාලම හා එකම බාධාවයි.
යාන්ත්‍රික කොටස් වලින් සමන්විත වීම නිසා ඒවා ගෙවී යාම නිසාත් නිසියාකාරව චලනය නොවීමත් ආනතිය වෙනස් වීමත් නිසා එහි ගබඩා කරන දත්ත වල නිර්වද්‍යතාවය හා ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිය.මේ නිසා මේනා නිතර නිතර පිටපත් කර තබාගත යුතු වේ.දැන් වෙළදපොලේ ඇති පරිඝණක වැඩසටහන් සඳහා දත්ත ලබාගැනීම හා පිටකිරීමේ වේගය වැඩි විශාල දත්ත
ගබඩා කල හැකි දත්ත ගබඩාවන් අවශ්‍යය.මේ නිසා Hard disk එකේ මේ දුර්වලතා යන් හදුනාගෙන ඒවා ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය පරිඝණක ක්ෂේත්‍රයට තදින්ම දැනී තිබේ.

RAID (Redundant Array Of Inexpensive Disks)තාක්ෂණය
මෙසේ Hard disk වල ඇති සීමා යම්තාක් දුරට අවම කිරීම සඳහා පරිඝණකයට තවත් උපාංගයක් හරහා හෝ වැඩසටහනක් ආශ්‍රෙයන් Hard disk කිහිපයක් සම්භන්ද කොට තනි දත්ත ගබඩාවක් ලෙස පරිඝණකයට දැනෙන්නට සලස්වන ක්‍රමවේදය RAID (Redundant Array Of Inexpensive Disks)
යනුවෙන් හදුන්වයි.එනම් මෙම ක්‍රමය Hard disk කිහිපයක් යොදාගනිමින් උපාංගයක් හෝ වැඩසටහනක් ආශ්‍රෙයන් ඒවා තනි Hard disk එකක් ලෙස හැසිරෙන ආකාරයට සකසා දත්ත හුවමාරු වේගය වැඩිකරගැනීමටද දත්තවල නිර්වද්‍යතාවය හා ආරක්ෂාව වැඩිකරගැනීමටද සකසා ඇති තාක්ෂණික ක්‍රමවේදයකි.මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ Hard disk කිහිපයක් හා මෙම තාක්ෂණය යොදාගන්නේ උපාංගයක් හරහානම් ඒ සදහා අවශ්‍යවන උපාංගයද (RAID Card) හෝ RAID තාක්ෂණය යොදාගත හැකි Mother Bord එකක් හා RAID තාක්ෂණය යොදාගත හැකි පාලක වැඩසටහනකි.

මේ ආකාරයට ගබඩා පද්ධතියක් සකසා ගැනීමෙන් පහත දැක්වෙන වාසි සැලසේ
- දත්තවල හුවමාරු වේගය වැඩි කරගත හැකි වීම
- දත්තවල නිර්වද්‍යතාවය වැඩි වීම
- දත්ත ස්වයංක්‍රීයවම වෙනත් ස්ථානයක පිටපත් වීම.මේ නිසා දත්තයකට හානි සිදුවුවහොත් එම දත්තය පිටපත් කල ස්ථානයෙන්ම ක්ෂණිකවම ලබාගැනීමට ඇති හැකියාව.
- පද්ධතියේ ඇති එක ගබඩාවක් අක්‍රිය වුවහොත් ස්වයක්‍රියවම එම ගබඩාවට සමානව ඇති අනෙකුත් දත්ත ලබාගෙන පරිළණකය ක්‍රියාකිරීමට සැලැස්වීම.
- දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරගැනීමට ඇති හැකියාව.
RAID 0
මෙහිදී සිදුවන්නේ කුමක්ද?මෙම ආකාරයට දත්ත ගබඩාකිරීමේ ක්‍රම විධි කිහිපයක් පවතී.මෙහි ප්‍රධානම ලක්ෂණය වන්නේ Hard disk කිහිපයම පරිඝණකය විසින් තනි Logical Driver එකක් ලෙස (එනම් C driver එක ලෙස) සලකනු ලැබීමයි.මෙහිදී සිදුවනු ලබන්නේ එකම දත්තයන් එකවිට පද්ධතියේ සියලුම Hard driver වල ගබඩා වීම (Mirroring)හෝ දත්තය කොටස් වලට කඩා පද්ධතියේ සෑම Hard driver එකටම එකම දත්තයේ කොටස් කොටස් වෙන වෙනම ගබඩා කිරීමට සැලැස්වීමයි.මෙය Striping ලෙස හඳුන්වයි.මෙසේ සිදුකිරීම එනම් දත්තයන් කඩා වෙන වෙනම ගබඩා කිරීමට හෝ එකම දත්තය මාධ්‍ය කිහිපයකම ගබඩා කිරීම නිසා දත්තයන් ලබාගැනීම හා දත්තවල ආරක්ෂාව තහවුරු වනු ඇති.Striping හිදී මෙම තත්වය යම්තාක් දුරකට වෙනස් වේ.එනම් දත්තය එක් එක් කොටස් වලට කඩා වෙන වෙනම ගබඩා කොට නැවත දත්තය ලබාගැනීමේදී දත්තවල කොටස් ඒවා ගබඩාකොට ඇති මාධ්‍යවලින් එකින් එක ලබාගෙන ඒ සියල්ලක්ම එකතු කොට අවශ්‍ය කාර්යය කිරීම සඳහා යවනු ලබයි.යම් විදිහකින් එක් මාධ්‍යයක් අක්‍රිය වුවහොත් එම මාධ්‍යෙය් ඇති දත්ත කොටස නොලැබී ගොස් සම්පූර්ණ දත්තයම ලබාගැනීමට අපහසුවීම මෙහි ඇති එක් දුර්වලතාවයකි.
එනම් Striping ආකාරයට RAID තාක්ෂණය යොදාගෙන ඇතිනම් එක් Hard disk එකක් අක්‍රිය වුවහොත් සම්පූර්ණ දත්තය ලබා ගැනීමට නොහැකි වේ.දත්තයන් කොටසක් නොලැබී යා මීට හේතුවයි.නමුත් වේගය අතින් බැලූ කල එය ඉහල ස්ථානයක සිටී.මේ තත්වය මඟහරවා ගැනීම සඳහා Parity bite නමින් ක්‍රමවේදයක් යොදාගනී.
මේ ක්‍රමවේදයට අනූව පද්ධතියේ ඇති එක් ගබඩාවක් හෝ ගබඩාවන් කොටසක් පද්ධතියේ ඇති ගබඩාවල දත්තයන් bite ලෙස(දත්තයන් ගබඩා කරන විට දත්තයන් කඩන කුඩාම ඒකකය) ගබඩා කරන විට එකම අවස්ථාවේ ගබඩා දෙකක ගබජා වෙන බිට් එදකක් සලකා බලා එම යුගලය 0.0 හෝ 1.1 නම් පැරටි බිට් එක 0 ලෙසත් එම යුගලය 0.1 හෝ 1.0 නම් පැරටි බිට් එක 1 යනුවෙන්
සඳහන් දත්තයක් එම වෙන්වූ ඉඩ ප්‍රමාණයේ හෝ දත්ත ගබඩාවේ ගබඩා කරගනී.මෙහි ඇති වාසිය වන්නේ යම් හේතුවක් නිසා දත්ත ගබඩා දෙකකින් එක් ගබඩාවක් අක්‍රිය වී දත්තයේ කොටසක් ගබාගැනීමට නොහැකි වුවහොත් ලබාගත් දත්තයේ බිට් එක කුමක්දැයි සොයාබලා ලබා ගැනීමට නොහැකි වූ දත්තය කුමක්දැයි පැරටි බිට් අඩංගු ගබඩාවේ කොටස වෙත ගොස් එම දත්ත යුගලයට අදාල පැරටි බිට් එක අනූව තීරණය කල හැක.

Windows XP Professional හෝ පාලක වැඩසටහනක් පමණක් හරහා Striping RAID ක්‍රමවේදය යොදා ඇති විටදී එය පැරටි බිට් ගබඩා කල හැකි වන ලෙස සකස් කල නොහැක.
RAID 1
මෙහිදී Hard disk 2ක් එකට එකතු කොට එම එකම දත්තය එකවර සම්පූර්ණයෙන්ම ගබඩා දෙකෙහිම ගබඩා වන පරිදි සකස් කොට ඇත.මෙහි ඇති වාසි කීපයක්ම වේ.එනම් සෑම අවස්ථාවකදීම දත්තයේ පිටපතක් ලබාගැනීමට ඇති හැකියාවත් එක් ගබඩාවක් අක්‍රිය වූ විට ස්වංක්‍රියවම අනෙක් ගබඩාව ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවත්ය.එනම් එකවර ගබඩා දෙකෙන්ම දත්තය කියවීමට ඇති හැකියාවත් නිසා දත්ත ලබාගැනීමේ වේගයද අධික වේ.තවද මෙහි ඇති තවත් වැදගත් කමක් වන්නේ පද්ධතියේ එක් ගබඩාවක් ඉවත් කලහොත් එයට අලුතින් ගබඩාවක් එකතු කිරීම ඉතාමත් පහසු වීමයි.එමෙන්ම ස්වයංක්‍රියව එම අලුත් ගබඩාවට දත්ත පිටපත් කිරීම සිදුවේ.මෙම ක්‍රමය Mirror RAID ලෙස හඳුන්වයි.
මෙහි ඇති අවාසියක් වන්නේ එකම ප්‍රමාණයේ ගබඩා දෙකක් තිබුනද එකම දත්තය එම ගබඩා දෙකේම ගබඩා කිරීමට සිදුවීම නිසා ගබඩා කල හැක්කේ එක ගබඩාවක තැන්පත් කල හැකි දත්ත ප්‍රමාණය පමණි.
මෙහි ඇති අවාසියක් වන්නේ එකම ප්‍රමාණයේ ගබඩා දෙකක් තිබුනද එකම දත්තය එම ගබඩා දෙකේම ගබඩා කිරීමට සිදුවීම නිසා ගබඩා කල හැක්කේ එක ගබඩාවක තැන්පත් කල හැකි දත්ත ප්‍රමාණය පමණි.
RAID 0+1
මෙහිදී RAID 0 ක්‍රමවේදයත් (stripe), RAID 1 ක්‍රමවේදයත් (Mirror) සංකලනය කොට අවම වශයෙන් Hard disk 4ක් යුගල ලෙස සම්භන්ද කරයි.මෙහිදී එක යුගලයක දත්ත stripe (දත්ත කොටස් වලට කඩා එකිනෙකහි ගබඩා කිරී)දත්ත ගබඩා කරන අතර අනිත් යුගලය විසින් එම ගබඩා වන දත්තවල පිටපතක් ගබඩා කොට ගනී.මෙහිදී දත්තවල ආරක්ෂාව වැඩි වන අතර වේගයද වැඩි වේ.දක්ක ගබඩා වන යුගලයේ එක් ගබඩාවක් හෝ අක්‍රිය වුවහොත් පිටපත් කරගන්නා දත්ත ගබඩාවෙන් එම අක්‍රිය වූ දත්ත ගබඩාවේ දත්තයන් නැවත ලබාගැනීමට ඇති හැකියාව නිසා දත්තවල නිර්වද්‍යතාවයද ආරක්ෂා වේ.
ඉහත සියලුම ක්‍රමවේද සැලකූ විට ඉතාම සාර්ථකම ක්‍රමය මෙය වේ.මේ නිසා බොහෝ ආයතන RAID ක්‍රමවේද අතරින් වඩාත්ම භාවිතයට ගැනෙන්නේ මෙම RAID 0+1 ක්‍රමයයි.
උපාංග හරහා RAID සම්භන්ද කිරීම හා වැඩසටහනක් හරහා RAID සම්භන්ධ කිරීම
මේ දෙආකාරය සැලකූ විට වැඩසටහනක් හරහා RAID සම්භන්දය ලබාගැනීමට එතරම් මිලක් වැය නොවේ.ඔබට අවශ්‍ය වන්නේ බොහෝවිට Hard disk කිහිපවක් පමණි.නමුත් වේගය අතින් බැලූ කල එය දෙවැනි ස්ථානයට පත් වේ.
තවද RAID සම්භන්දය ලබාගැනීමට පෙර පාලක වැඩසටහන ගබඩා කල යුතු වේ.මේ නිසා RAID සම්භන්ද පාලක වැඩසටහන හරහාම සිදුකල යුතු නිසා පාලක වැඩසටහනකින් තොරව එය ක්‍රියාකල නොහැකි වීම එයි ඇති තවත් අඩුපාඩුවකි.
මේ අවූව උපාංගයක් හරහා RAID සම්භන්දතාවය ලබාගැනීම ඉතාමත් හොද ක්‍රමයයි.මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ඊට අදාල උපාංගයක් (RAID control card)හෝ RAID සම්භන්දතාවය ලබාගත හැකි ලෙස සකස් කර ඇති
මවු පුවරුවක් එකක් හා හාඩ් ඩිස්ක් කිහිපයක් පමණි.
අවසාන වශයෙන් කිව යුත්තේ නොකඩවා ලැබෙන දත්ත සිඝ්‍ර ලෙසත් නිර්වද්‍ය ලෙසත් ප්‍රධාන වශයෙන්ම වේගයෙන් දත්ත ලබාගැනීමටත් ඔබට අවශ්‍ය වන්නේ නම් ඔබටත් RAID තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකිය යන්නයි.මේ සදහා ඔබට
අවශ්‍ය වන්නේ....

- Hard disk කිහිපයක්
- RAID control card එකක් හෝ RAID තාක්ෂණ පහසුකම් ලබාදෙන මවුපුවරුවක් හෝ වින්ඩෝස් එක්ස්පී වැනි RAID වලට සහයෝගය දක්වන පාලක වැඩසටහනක්ය.
මෙහි දෙවන කොටසින් RAID සම්භන්ද කරන අයුරු ලබාපොරොත්තු වන්න.