සිංහල බෞද්ධ අභිමානය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිංහල බෞද්ධ අභිමානය

    සිංහල බෞද්ධ අභිමානය



    picture.php


    picture.php


    සිංහල බෞද්ධයා යනු මානව ශිෂ්ටාචාරයේ ගහට පොත්ත ලෙස වඩාත් එකට බැදී ඇති වචන යුගලය යයි පැවසීම කිසි සෙත් අතිශෝක්තියක් නොවේ. මෙම අපූරු සුසංයෝගය නොවන්නට ථෙරවාද බුදුදහම මේ වන විටත් ලෝකයෙන් විනාශ වී යාමට බොහෝ දුරට ඉඩ තිබුණි. වර්තමාන ලෝක වාසීන් බුදු දහමින් යම් සිසිස්ලසක් ලබන්නේ යම් සේද එම සැනසුම් සුසුම් පොදක් පාසා එය දිවි හිමියෙන් රැකගෙන පෝෂණය කරන ලද්දා වූ සිංහල බෞද්ධයාට ඔවුන් ණය ගැති වන්නේය.

    අප ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය භාරත වාසීන්ට රැකගත හැකි වූයේ ධර්මාශෝක රජ සමයෙන් අනතුරුව ටික කලක් යනතුරු පමණි. ඉතා කෙටි කලකින්ම බුදු දහම ඇතුලතින් ආක්‍රමණයන්ට ලක්විණි. ඉන්දියාව තුල ථේරවාදය අභිබවා මහායාන දර්ශනය ප්‍රචලිත වීම එහි ප්‍රතිඵලය විය. එම අක් මුල් සිදුනු මහායාන දහම ඉතා සුළු කාලයකදී අන්‍යාගමිකයන්ගේ මතවාදමය ප්‍රහාර සහ බෞතිකමය ආක්‍රමණ හමුවේ ඉන්දියාවෙන් මුළු මනින්ම පාහේ විනාශ වී යන ලදී. වාසනාවකට, මෙම කාලය වන විට ධර්මාශෝක අධිරාජයා විසින් ධර්ම ප්‍රචාරය පිණිස යවනු ලැබූ ධර්ම දූත කණ්ඩායම් අතරින් ප්‍රධාන වූ මහින්ද මාහිමියන් ඇතුලත් කණ්ඩායම මානව වංස කතාවේ නව පරිච්චේදය අරබමින් බුදුදහම ශ්‍රී ලංකා වාසීන් අතර ස්ථාඵනය කර තිබුණි. මෙය ඉතිහාසයේ වඩාත් සාර්ථකම අවිහිංසාවාදී ධර්ම දූත මෙහෙවර ලෙස අදත් රන් අකුරින් ලිය වී ඇත. තම පුතුම ශ්‍රී ලංකාවේ ධර්ම දුත මෙහෙවරට තෝරාගැනීමම ධර්මාශෝක රජතුමා ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ සුවිශේෂිතාවට කදිම සාක්ෂියකි. නොබෝ කලකින්ම මිහිදු මහ රහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි සිය දියණිය වන සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට පිටත් කර එවන ලද්දේ බුදු හිමියන් උතුම් වූ සම්බුද්දත්වයට පත් වීමට සෙවන දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකවක් ද සමගිනි. අද භාරත දේශයෙන් මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශයට පත් වී ඇති මුත් සිංහල බෞද්ධයන්ට උරුමවූ එම බෝධියේ දක්ෂිණ ශාකව අදත් ලෝක බෞද්ධ යන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් අනුරාධපුර මහමෙව්නා උයනේ සුරැකිව පවතී.

    භාරතයේ පසු කලක ඇති වූ අරාජිකත්වය හේතුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුවාසුදහසක් ධර්මස්කන්දයෙහි පහස ලද වම් දළදා වහන්සේද කලිගු රට සිට ශ්‍රී ලංකාද්වීපයට වැඩමවන ලද අතර අදත් මහ නුවර ශ්‍රී දළදා මාලිගයේ වැඩ වසයි. එපමණක් නොව බුදු රජාණන් වහන්සේ ගේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ සර්වඤ්ඤ ධාතූන් වහන්සේලාගෙන් වැඩි කොටසක්ද අදටත් සුරැකි ඇත්තේ මෙම සිංහල බෞද්ධ පින් බිමෙහිය. මෙවන් වූ පිනක් ලද අභිමානවත් ජාතියක් ලොවෙහි වෙනත් කොතැනක හෝ සිටීද?

    මේ සියල්ලටම වඩා සිංහල බෞද්ධයා ලොවට උරුමකළ අනගිතම දායාදය නම් නිර්මලවූ ථෙරවාද බුදු දහම ග්‍රන්ථාරූඩ කරවා එය වර්තමාන මානවයාට ආරක්ෂා කර දීමයි. විසි වන ශතවර්ෂය මුල වන විට රටවල් කිහිපයක් තුල ථෙරවාද ත්‍රිපිටක ධර්මයේ කොටස් විසිර තිබුනද එය වඩාත් විශ්වසනීය හා නිවැරදි ලෙස සුරැකි තිබුනේ ශ්‍රී ලංකාවේය. අදටත් ලොව බොහෝ රට වල බාවිතා කරන ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන් ශ්‍රී ලංකාවේ මාතලේ අලූ විහාරයේ දී ග්‍රන්ථාරූඩ කරන ලද පාලි ත්‍රිපිටකයේ මූලික කොට කරන ලද පරිවර්තනයන්ය.


    එදා බුදුන් උපන් දේශයේ සිට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩ් අනුබුදු මිහිදු මා හිමියන්ට සිංහල බෞද්ධයන් ණය ගැති වන්නේ යම් සේද එමෙන් සිය දහස් ගුණයකින් ශ්‍රී සද්ධර්මය දිවි දෙවැනි කොට රැකගෙන එය ලොවට උරුම කර දුන් සිංහල බෞද්ධයන්ට සකල ලෝක වාසීන් ණයගැති වන්නේ ය.

    බෞද්ධ දර්ශනය පෝෂණය කිරීමට හෙළ අටුවාචාරීන් වහන්සේලාගෙන් සිදු වූ මෙහෙයද අති මහත් ය. එදා දකුණු ඉන්දියාවේ සිට බුද්ධඝෝස හිමියන් පවා ලක්බිමට වඬින ලද්දේ හෙළ අටුවාව පිළිබද එකල අවට රජ්‍යන්හි පැතිර තිබු යශෝරාවය බව ඉතිහාස ග්‍රන්ථවල වාර්තා වී ඇත. එකල බුද්ධඝෝස හිමියන් ගේ ලංකා ගමනේ ප්‍රධාන පරමාර්ථය වුයේද හෙලටුවාව මාගධී බසට පරිවර්තනය කර රැගෙන යමය.

    බෞද්ධ සාහිත්‍යට සිංහල බෞද්ධයාගෙන් සිදු වූ පෝෂණය ලොව වෙනත් කිසිදු ජාතියකින් සිදු වේ නොමැත. පන්සීය පනස් ජාතක පොත් වහන්සේගේ පටන්, ලෝවැඩ සගරාව, බුදුගුනාලංකාරය, ගුත්තිල කාව්‍ය අදිය එදා මෙදා තුල බිහිවූ විශිෂ්ටතම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන් බව අවිවාදිතය.


    ලොව බටහිර ජාතීන් වල් වැදී සිටි යුගයේ රුවන්වැලි සය, අභයගිරිය වැනි යෝද නිර්මාණ සිංහල බෞද්ධයාගේ මහත් වූ ශ්‍රද්ධාවේ ප්‍රතිනිර්මනයන් විය. මහා මෙව්නාවේ සමාධි බුදු පිළිමය, පොළොන්නරුවේ අවුකන පිළිම වහන්සේ ආදී මිනිස් සිත නිවා සනසලන්නාවූ ශ්‍රේෂ්ට නිර්මාණ ලොව අන් කිසිදු රටකින් හමුවේද?

    බුදු දහමට පසුව බිහි වූ කිතු දහම, ඉස්ලාම් ආගම ආදියෙහි පවා ඉතිහාසය බොහෝ හිදැස් වලින් පිරි පවතිද්දී, ඊට බොහෝ කලකට පෙර බිහිවූ බුදු දහමේ ඉතිහාසය අඛණ්ඩව ගලා යන සේ අදටත් කියවිය හැක්කේ එය සිංහලයන්ගේ ඉතිහාසයට බද්ද වූ බැවිනි. ලෝක බෞද්ධ ඉතිහාසය ප්‍රතිස්ථාපනය කිරීමේදී විද්වතුන් විසින් වඩාත් විශ්වසනීය ලෙස පරිශීලනය කරන ලද්දේ සිංහලයාගේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක සාධකයන්ය. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යාගේ පාලන සාමය පිළිබද කාල නිර්ණය කිරීමේදී පවා ඉන්දියානු ඉතිහාසඤයන් පිහිට කරගනු ලැබුවේ සමාලීන සිංහල රජවරුන් පිළිබද වූ ලිඛිත ඉතිහාස ග්‍රන්ථයන් සහ පුර විද්‍යාත්මක සාධකයන් ය.

    අප ශ්‍රේෂ්ට මුතු මිත්තන් විසින් දිවි දෙවෙනි කොට රැකගත් මෙම මහානර්ඝ බුදු දහම පිළිබද හැගීමක් අද ඇත්තේ අතලොස්සකට පමණි. ඇතැමෙක් අද බුදු දහම දකින්නේ පැරණි වටිනා පෙට්ටගමක් ලෙසය්. ඔවුන් මෙයන් නිසි ප්‍රයෝජනයක් නොගෙන එයට දුම් අල්ලමින් පුද පූජා කරමින් සිටීමට පමණක් පෙළබි තිබීම් ජාතියේ අවාසනාවකි. තවකෙකු බලා සිටින්නේ බටහිර උගතුන් ශ්‍රී සද්ධර්මය කියවා අවබෝධ කරගෙන උන්ගේ පර භාෂාවෙන් අපට නැවත උගන්වන තෙක් ය. තවත් මෝඩයන් පිරිසක් කට බලියාන බලා සිටින්නේ බටහිර විද්‍යාඥයන් බුදු දහම පරික්ෂනාගාරයක ඔප්පු කරන තුරුය.

    සසර ගමනේදී සිංහල බෞධයකු වීම තරම් වාසනාවක් සහ අභිමානයක් තවත් ඇත්දැයි ඔබට තවමත් නොතෙරෙය්ද? එවන් වාසනාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගනු වෙනුවට එයට පයින් ගසන පුද්ගලයාට තවත් කල්ප ගණනකට හෝ නිර්මලවූ බුදු දහම මුණ ගැසේ යයි සිතීමත් උගහටය.

    -නාලක ගමගේ-

    මුලාශ්‍රය
    Lanka C News


    මේම මාතෘකාවට යම් සැබඳියාවක් පවතින දේශණයක් පහලින්

    2007 අගෝස්තු මස 07 වන දින කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වු බුදු හාමුදුරුවෝ කාගේ ද? දේශණය අමතමින් මහාචාර්ය නලින් ද සිල්වා පැවැත් වු දේශනය.

    picture.php


    Budu Hamuduruwo Kageda-Prof.Nalin De Silva-Part 1

    Budu Hamuduruwo Kageda-Prof.Nalin De Silva-Part 2


    තෙරුවන් සරණයි!

    ........................................





     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත කතාව. මම අහල තියනවා සමහරු කියනව බුදුන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේය කියල. මට හරියට විස්තරේ අහගන්න උනේ නැහැ.මොනවා උනත් ඉතිං සිංහල රටේ බුදුන් වැඩ සිටියා හා සමානවම ඔය කිව්වා වගේ සිංහල කමයි බෞද්ධ කමයි ගහට පොත්ත වගේ බද්ධ වෙලයි තියෙන්නෙ අදටත්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    තෙරුවන් සරණයි!

    ඇත්ත කතාව. මම අහල තියනවා සමහරු කියනව බුදුන් වහන්සේ වැඩ සිටියේ ලංකාවේය කියල. මට හරියට විස්තරේ අහගන්න උනේ නැහැ.මොනවා උනත් ඉතිං සිංහල රටේ බුදුන් වැඩ සිටියා හා සමානවම ඔය කිව්වා වගේ සිංහල කමයි බෞද්ධ කමයි ගහට පොත්ත වගේ බද්ධ වෙලයි තියෙන්නෙ අදටත්
    :yes::yes:තෙරුවන් සරණයි!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සිංහල බෞද්ධ අභිමානය



    picture.php


    මෙ කරන්නාවූ
    උදාරවූත් අප්‍රාමාණවූත්
    ජාතියේ මෙහෙවර උදෙසා
    අභිමාන වත් වූ ශ්‍රී ලාoකිකයකු වශයෙන්
    ඔබට මාගේ හෘදයාන්ගම ස්තූතිය...!
    ඔබට තෙරුවන් සරණයි....!

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සිංහල බෞද්ධ අභිමානය



    picture.php


    මෙ කරන්නාවූ
    උදාරවූත් අප්‍රාමාණවූත්
    ජාතියේ මෙහෙවර උදෙසා
    අභිමාන වත් වූ ශ්‍රී ලාoකිකයකු වශයෙන්
    ඔබට මාගේ හෘදයාන්ගම ස්තූතිය...!
    ඔබට තෙරුවන් සරණයි....!



    තෙරුවන් සරණයි සහොදරයා!