ඇත්ත තිත්ත අය නාවට කමක් නැහැ....

Jan 21, 2010
721
278
0
Italy
ඇත්ත තිත්ත අය නාවට කමක් නැහැ....

:D
කවුරු කොහොම මොනවා කිව්වත් මම නම් දේශපාලනය විශ්වාස කරන්නේ නැහැ... හැමෝම මිනිස්සු හැටියට තමන්ගේ මඩිය තද කරගන්න එක තමයි කරන්නේ.... :yes:

හැබැයි කෙනෙක් දඩුවමක් විදිනවනම් විඳින්නේ ඒ කෙනා වරදක් කරලා තියෙන නිසා.... :yes: නරක කෙනෙක් සැපතක් විදිනවනම් විදින්නේ ඒ කෙනා හොඳ දෙයක් කල තියෙන නිසා... :angry: [ මොකද කිරි කලයකට ගොම බින්දුවක් වැටුනොත් ඒ කිරි කාලයෙන් වැඩක් නැති බව අපි හැමෝම දන්නවනේ...] :cool: [අංගුලිමාල ඇඟිලි කැපුවට සත්‍යය තේරුම අරගෙන රහත් පලයට ආව නේද?]

අනික ලංකාවේ වර්තමාන මන්ත්‍රිලා අතුරින් මම පෞද්ගලිකව කැමැත්තක් දක්වනවා මර්වින් සිල්වා මැති තුමාට, ගොඩක් ලොකු විශේෂ කාරනා නිසා නෙමෙයි... කියන දේ කෙලින් කියනවා... කරන දේ කෙලින් කරනවා... හැංගි හැංගි හොරෙන් මැරකම් කරන්නේ නැහැ.... තමන් හරි හෝ වැරදි.. තමන්ගේ මතය කොන්ද කෙලින් තියාගෙන කියන මනුස්සයෙක් නිසා මම ඒ පුද්ගලයාව අගය කරනවා... :yes:

අපි හැමෝම වැරදි කරනවා... :baffled: හැබැයි අපිව වැරදි කරන්න කවුරුවත් පොළඹවන්නේ නැහැ නැහැ... :rolleyes: අපි අපේ කැමැත්තෙන්මයි වැරදි කරන්නේ.... එහෙම අපි වැරදි කර කර අපි තව කෙනෙකුට ඒ වරදේ අයිතිය පවරන එක සාධාරණ නැහැ නේද? [ මම සිගරට් බොනවා, එහෙම කියල මම මගේ යාලුවන්ට බැන්නොත් මුන් නිසා තමයි මම මේකට පුරුදු වුනේ කියල.... එක හරිද? එහෙමත් නැත්තන් මම goldleaf කොම්පැනියට බැන්නොත් මුන් සිගරට් ගෙන නිසා තමයි මේ ඔක්කොම කියල.... එකත සාධාරණද? ]

මම හිතන විදිහට අපි කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න කලින් තව දෙතුන් වතාවක් සිතන්න ඕනේ කියල.... මොකද අපිට මෙහෙම ඉඳං කිසි දෙයක් කියන්න බැහැ.. අපි දන්නේ අපිට අහන්න දකින්න ලැබෙන දේ විතරයි...

සිහලුන් විදිහට පක්ෂ බෙදාගෙන මිනිස්සුන්ට බැනගන්නවට වැඩ හොඳයි.... එදා රට කොටියට දුන්නා නම්... අපිට ලැබිල තියෙන නිදහසෙන් අපි මේ ගන්න ප්‍රයෝජනය මොකක්ද? රනිල් හෝ... පොන්සේකා හෝ... මහින්ද හෝ.. සජිත් හෝ... රටට සේවයක් කරනවා නම් එච්චරයි වෙන්න ඕනේ...

මම අහන්නේ ඔය කියන සේවය ඉටු කරන්න තමන්ගේ පක්ෂය දිනන්න ඕනෙමද? තමන්ට තනතුරු ඕනෙමද? දන මේ පාර්ලිමේන්තුවේ එයාලට ලැබිල තියෙන තනතුරු මදිද.... හැමෝටම පක්ෂ නායකයෙක වෙන්න ඕන වුනොත්... ජනාධිපත් වෙන්න වුනොත්.... හැමදාම අපේ රට එකම තැන තියේවි.... හැමදාම පුටුවලට පොරකන හිවල්ලු වගේ ඉඳීවි...

කගේ හෝ සිත රිදු නානම් සමාවෙන්න..... වැරදි තියෙනවා නම් පෙන්වල දෙන්න....​
 
Last edited:

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    "කියන දේ කෙලින් කියනවා... කරන දේ කෙලින් කරනවා... හැංගි හැංගි හොරෙන් මැරකම් කරන්නේ නැහැ.... තමන් හරි හෝ වැරදි.. තමන්ගේ මතය කොන්ද කෙලින් තියාගෙන කියන මනුස්සයෙක්"

    ඔය කියන දෙවල් සාමන්‍ය මිනිහෙක් වගේ හො විපක්ශයේ මන්ත්‍රි කෙනෙක් කලොත් මොකද වෙන්නෙ?:rolleyes:
    ඊලග දවසෙ ඌව එක්කො පැහරගෙන අතුරුදහන් කරල නැත්නම් නඩු දාල හිරෙත් දාල ඉවරයි.:lol:

    මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක් නේද??:confused: මටනම් පේන්නේ මර්වින්ටනම් ඒව අදාල නැ අනික ඌට මානව අයිතිවාසිකම් කියල දෙයක් ගැන දන්නෙත් නැති එකෙක් .. නැත්නම් පාරේ උනත් මිනිස්සුන්ට ගසයිද !;)
    අපේ රටේ නීතිය වල පල්ලට ගිහින් තියෙන්නේ ඔය මර්වින් වගේ එව්න් ඉන්න හන්දා බන් .:yes::yes:
     
    ඔබ හරි... නමුත් වරද තියෙන්නේ ඔතන නෙමෙයි... එකෙක්.. සද්දේ දැම්මොත් උස්සල හංගල වැඩක් දෙන්න පුළුවන්... දෙන්නෙක් වත් එහෙම කරන්න පුළුවන්.. හැබැයි හැමෝම කොන්ද කෙලින් තියාගෙන තමන් කවුද කියල දැනගෙන වැඩ කලොත් ලෝක නිතිය සාධාරණය ඉටු කරනවා.... එකයි ඇත්ත... අපිට පක්ෂ භේදය වැඩක් නැහැ... අපිට වටින්නේ අපේ අම්මා... මේ මවු බිම... මොකද කවුරු බලයට ආවත කරනේ එකමදේ... අපිට, මේ මහපොළවට කරන දෙයක් නැහැ... බල තණ්හාව විතරයි... ඒ නිසා මොන පක්ෂ තිබ්බත් සාමාන්‍ය ජනතාව වන අපි එක සෙට් එකක් කියන එක අමතක කරන්න හොඳ නැහැ... මොකද දේශපාලකයෝ අපිව වෙන කරලා ඉවරයි... පක්ෂ භේදයක් නැතුව...

    මොකද එහෙම නැත්තන් ඇයි අපිට සාමාන්‍යය ජනතාව කියල කියන්නේ... අපිට සාමාන්‍ය ජනතාව කියල හැම දේශපාලකයෙක්ම කියන්නේ අපිට වඩා උන් උසස් කියල පෙන්නන්න.... අන්න එක තේරුම ගමු.. අපි ගහ මරාගත්ත කියල උන්ට ඒකෙන වැඩක් නැහැ.. උන්ට ඕනේ අපේ මනාපය විතරයි...
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මෙතන වරද තියෙන්නේ අපේ අතේ...

    වරද කරන්නේ අපි...

    ලොක්කන්ගේ ලනු කාලා අපි දඟලනවා....

    උන් මනාප අරගෙන මඩි තද කර ගන්නවා....

    අපේ එකමුතු කම නැති ඒකෙන ඔක්කම වුන් ප්‍රයෝජන ගන්නවා.....​

    ඒ නිසා අපි අපේ කම රැක ගමු.... එකමුතු කම රැක ගමු...

    :yes::yes::yes::yes::yes::yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මෙතන වරද තියෙන්නේ අපේ අතේ...

    වරද කරන්නේ අපි...

    ලොක්කන්ගේ ලනු කාලා අපි දඟලනවා....

    උන් මනාප අරගෙන මඩි තද කර ගන්නවා....

    අපේ එකමුතු කම නැති ඒකෙන ඔක්කම වුන් ප්‍රයෝජන ගන්නවා.....​

    ඒ නිසා අපි අපේ කම රැක ගමු.... එකමුතු කම රැක ගමු...

    පාට කන්නාඩි තියෙනකන් ඔව එකක්වත් කරන්න බැ මචන්
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy

    බලාපියව් යකුනේ.... මේ සින්දුව ඇහෙනකොට මගේ ඇඟේ හිර ගඩු පිපෙනවා.... සිංහලයෙකුනම් උඹ ගේත් ඇඟේ හිරි ගඩු පිපේවි....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දේශපාලන ත්‍රෙඩ් වලින් මම දැක්ක හොදම ත්‍රෙඩ් එකක්..
    මම හිතුව වැඩි වෙලාවක් යන්න කලින් කට්ටිය මරාගෙන කුණුහරප කියාගෙන ඇති කියල..
    මේවගේ කතාකරන්න පුලුවන් ත්‍රෙඩ් තියනව නම් EK එකේ ගොඩක් අය තමන්ගේ අදහස් පල කරයි:yes::yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    දේශපාලන ත්‍රෙඩ් වලින් මම දැක්ක හොදම ත්‍රෙඩ් එකක්..
    මම හිතුව වැඩි වෙලාවක් යන්න කලින් කට්ටිය මරාගෙන කුණුහරප කියාගෙන ඇති කියල..
    මේවගේ කතාකරන්න පුලුවන් ත්‍රෙඩ් තියනව නම් EK එකේ ගොඩක් අය තමන්ගේ අදහස් පල කරයි:yes::yes:

    බොහොම ස්තුත්යි මචං...
    :yes:

    අපි අපි කුණුහරුප කියාගෙන දැගලුව කියල වැඩක් වෙන්නේ නැහැ... හමයන්නේ අපේමයි නේද? අපි අපි අන්තිමේදී ඇන කොට ගන්නකොට ඒකෙන ප්‍රයෝජන ගන්නේ වෙන කවුරුවත් කියල අපි හැමෝම දැනගෙන ජිවත් වෙන එක හොඳයි නේද?
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බොහෝ දෙනා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටයි...
    ඔහු ට ලැබුණු තැනින් ඔහු සැහීමකට පත් වෙලා හිටියනම් ඔහුට අද මේ තත්වය උදා වෙන්නේ නැත... ඔහුගේ බල තණ්හාව නිසා ඔහුට මේ ඉරණම අත්වි ඇත.... ඉතින් ඔය ඔලු ගෙඩි වල තියෙන මොළ කෑලි වලට තට්ටු කරලා බලන්න... ජෙනරාල් කෙනෙක් වෙනවා කියන්නේ ජනාධිපති කම හා සමාන තත්වයක්.... ඉතින් ඇයි ඔහුට එම තත්වය.. ලැබුණු ගෞරවය පවත්වාගෙන... යන්න බැරි වීමට හේතුව.... ඔහුට තව බලය උවමනා උන නිසයි.... පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...

    ඔහුගේ යහපත් සේවය අගය කිරීම නිසා ඔහුට ලැබුණු ජෙනරාල් පදවියෙන් ඔහු සතුටු වූවානම් අදටත් ඔහු ආඩම්බරණිය ජෙනරාල් වරයෙක්.... ඔන්න ඔතනදි... රණ විරුවා නමැති කිරි වීදුරුවට , දේශපාලනය නමැති ගොම බින්දුව එකතුවීමේ පල විපාක ඔබටත් දැන් පෙනෙනු ඇත.....