නොවිසඳුණු අභිරහස ~ නස්කා චිත්‍ර ~

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
නොවිසඳුණු අභිරහස ~ නස්කා චිත්‍ර ~

මොනවද මේ නස්කා චිත‍්‍ර ?

පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?

1.jpg



නස්කා චිත‍්‍ර

නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.


2.jpg



නස්කා නිම්නයේ නස්කාවරු

ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?

බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

අහසින් ගිය නස්කාවරු

සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.

ජර්මානු ගණිතඥ මරීයා රීචේ

දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

අභිරහස අභිරහසක්ම තමයි

තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.


උපුටා ගැනීම : මෙතනින්

හොඳ නම් REP+ කමක් නෑලු.... :P
 
Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මම නම් හිතන්නේ නෑ ඔය නිර්මාණ පිටසක්වල ජීවින් වෙනුවෙන් නිර්මාණ වුනා කියලා. ඔවුන් ඒවා වෙනත් යම් අදහසකින් ඒවා නිර්මාණය කරන්න ඇති. ඔය වාගේම නිර්මාණ තවද ලෝකයේ තිබෙනවා, ඇයි Crop Circles???? ඒවත් ලෝකයේ විවිධ ගොවිපොළ වල් වල දකින්න ලැබෙනවා. සමහරුන් පවසන්නේ ඒවාත් පිටසක්වල ජීවීන් ගේ ක්‍රියාකාරකම් කියායි.


    මමත් ඉස්සර සිතුවේ මේවාට පිටසක්වල ජීවින් ගේ සම්බන්ධයක් ඇත කියායි. මා ඒ බව තරයේ විශ්වාශ කළා. එත් දැන් මා එම විශ්වාශයෙන් බැහැරව සිටි.
     

    DJ Ali puncha

    Member
    Dec 17, 2011
    408
    65
    0
    GONE FROM EK FOREVER
    මම නම් හිතන්නේ නෑ ඔය නිර්මාණ පිටසක්වල ජීවින් වෙනුවෙන් නිර්මාණ වුනා කියලා. ඔවුන් ඒවා වෙනත් යම් අදහසකින් ඒවා නිර්මාණය කරන්න ඇති. ඔය වාගේම නිර්මාණ තවද ලෝකයේ තිබෙනවා, ඇයි Crop Circles???? ඒවත් ලෝකයේ විවිධ ගොවිපොළ වල් වල දකින්න ලැබෙනවා. සමහරුන් පවසන්නේ ඒවාත් පිටසක්වල ජීවීන් ගේ ක්‍රියාකාරකම් කියායි.


    මමත් ඉස්සර සිතුවේ මේවාට පිටසක්වල ජීවින් ගේ සම්බන්ධයක් ඇත කියායි. මා ඒ බව තරයේ විශ්වාශ කළා. එත් දැන් මා එම විශ්වාශයෙන් බැහැරව සිටි.

    :cool:
     

    DJ Ali puncha

    Member
    Dec 17, 2011
    408
    65
    0
    GONE FROM EK FOREVER
    සංසුන් පොඩ්ඩා;11666857 said:
    අපිට පුළුවන් මතයක් ප්‍රකාස කරන්ඩ විතරයි .. අපිට කියන්ඩබැහැ අද රටේ වෙනදේ එහෙම අපි කොහොමද සතවර්ෂ ගණනක ප්‍රකාශ නිකුත් කරන්නෙ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: maheshsenadheera