කන් දෙක පරිස්සම් කරගමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කන් දෙක පරිස්සම් කරගමු

    1224616135DO5Kin.jpg


    ශ්‍රවනාබාධ දැන් ඉස්සරට වැඩිය ගොඩක් වැඩියි. ඇමෙරිකාව වගේ රටක් ගත්තොත් ජනගහනයෙන් වයස 20 ට වැඩි අයගෙන් 30% කට විතර ශ්‍රවනාබාධ තියනවා. ලෝකය පුරාම බැලුවොත් මේ ප්‍රමාණය මිලියන 55 කටත් වඩා වැඩියි. බොහෝ දෙනා තුල මේ ගැන ඇති උනන්දුව මුල් කරගෙන ඇමෙරිකාවේ Boston විශ්ව විද්‍යාලයේ Brian Fligor විසින් කරන ලද පැහැදිලි කිරීමක් තමයි මේ.



    Earphone ගසාගෙන සංගීතයට ඇහුන්කන් දීම ශ්‍රවනාබාධ වලට කෙතරම් බලපානවද?


    මේක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. මේක ඒ ඒ පුද්ගලයා සංගීතයට අහුන්කන්දෙන කල පරාසය හා කෙතරම් ශබ්දයකින් (volume) ඇහුන්කන් දෙනවද කියන එකත් බලපානවා. සාමාන්‍ය earphone පාවිච්චි කරනවානම් හා ඉතා අධික ශබ්දයකින් (90% of maximum volume) දිනකට පැය 2ක් පුරා සතියකට දින 5ක් අසන්නේ නම් සැලකිය යුතු ආකාරයක ශ්‍රවනාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. (ඒ කියන්නේ sensitive කන් තියන අයෙක්ට 40 decible (dB) ප්‍රමාණයක නොඇසීමක්). මේ නිසා සියුම් ශබ්ද ඇහෙන්නේ නෑ. මෙවැනි තත්වයක් යටතේ පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් තවමත් තව කෙනෙක් ගෙදරදී කියන දෙයක් අහල තේරුම් ගන්න පුළුවන් උනත් බාහිර ශබ්ද (background noise) වැඩි වෙනකොට (office එකක වගේ තැනක) කිසි දෙයක් තේරුම් ගන්න බෑ.



    හැබැයි මේ වගේ තත්වයක් ඇති වෙන්නේ අවුරුදු 10ක් විතර earphone වලින් සින්දු ඇහුවොත් විතරයි කියල තමයි කියන්නේ.
    එක එක පුද්ගලයන් ගත්තමත් ඒ අයගේ කන් වල sensitivity එකේ ලොකු වෙනසක් තියනවා. අඩු sensitivity එකක් තියන යට ශ්‍රවනාබාධ ඇතිවීමේ ඉඩකඩ අඩුයි. නමුත් කාට කොයි කන් තියනවද කියල කන් ඇහෙන්නේ නැතුව යනකන් දන්නේ නැති එකයි ප්‍රශ්නේ.
    මෙම ශබ්දය නිසා ඇතිවන ශ්‍රවනාබාධ වලින් මූලිකවම අබාධ ඇති වෙන්නේ කනේ කන් බෙරයට හෝ බලු විට පෙනෙන අට සහිත කොටස නොව කනේ ඉතාමත් ඇතුලින් ඇති මද කන (middle ear) කොටසටයි. එනම් කනට ස්නායු සම්බන්ද වන කොටසයි. පුද්ගලයෙක් අධික ශබ්දයට දිගටම අහුන්කන්දෙනකොට මෙම ප්‍රදේශයේ ඇති සෛල වෙහෙසීමට පත් වී තාවකාලිකව ක්‍රියාකාරිත්වය නවත්වනවා. එවිට ශබ්දය හොඳින් ඇසීමට නම් volume එක වැඩි කරන්න අවශ්‍ය වෙනවා. මේ වගේ දිගින් දිගටම අධික ශබ්දයට ඇහුන්කන් දුන්නොත් එම සෛල මිය යනවා. මෙම සෛල නැවත වැදීමක් සිදු වෙන්නේ නෑ.




    වෛද්‍ය මතය වෙන්නේ පුද්ගලයෙක් දිනකට volume එක 80% මට්ටමෙන් පැය එක හමාරකට වැඩිය ඇහුන්කන් දීමෙන් වැළකිය යුතු බවයි. උපරිම ශබ්දයෙන් දිනකට විනාඩි 5 කට වඩා ඇහුන්කන් දීමෙන් වැළකිය යුතුයි. බස් එකක වගේ යනකොට හුඟක් අය බාහිර ශබ්ද අභිබවා යන විදියට උපරිමය දක්වා ශබ්දය වැඩි කරනවා. මේක කනට හොඳ දෙයක් නෙවෙයි. සද්දේ වැඩියෙන් දාල ඇහුවට කමක් නෑ හැබැයි වැඩි වෙලාවක් ඒ විදියට අහන්න නරකයි.


    දැනුමක් ලබාගත්තනම් කැමති එකක් දීල යන්නකෝ

    byeb07.gif
    byeb07.gif
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇත්ත බන් ,දැන් කට්ටියට අරක කනේ ගහ ගත්තේ නැත නම් පාරෙයි වාහන වලයි යන්න බැනේ ..
    දවසක් කෝච්චියේ එකෙක් ඕක කනේ ගහගෙන ගිහිල්ල බහින තැන අමතක වෙලා.:angry::angry::lol:.කෝච්චිය අදිනකොට මෙන්න එනවා බහින්න:P:P
    හිටපු මිනිස්සු බැන්න:angry::angry::angry::angry::angry:..යන කෝච්චියෙන් පැනල මළොත් එහෙම .:(:(. තරුණ කොල්ලෙක් .. ඊලග තැනින් බැස්සුවා .:D:D:D:D:D:P.
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Elakiri thread eka kolloOo sirah!!! hebei eka deyak thiyenava mama thread eka mulinma dekke nikan " Than deka parissam keragamu " vage :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mama nam 40~50% kata wadiya wadi karala ahanne na , samahara un earbud kane gahan sindu ahanakota watapita okkotamath hondata ahenawa :nerd: