මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේ&#3501

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේ&#

    චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...


    මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
    මහපට ඇගිල්ල - තම දෙමව්පියන්
    දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්
    මැද ගිල්ල - තමා පිලිබදව
    සිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝ සහකාරිය
    පස්වන ඇගිල්ල - දුදරුවන්
    මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?
    :):):)

    image001kaf.jpg



    මුලින්ම ඔබේ දෑත් රුපයේ දක්වා ඇති පරිදි එකතු කර, ඇගිලි දක්වා ඇති දිශාවන්ට තබා ගන්න..(මෙහිදි මැද ගිල්ල නමා එකතු කර තමා දෙසට වන්නටද,සිව්වැනි ඇගිල්ල ඉදිරියට කර අගින් ස්පර්ශ වන ලෙසද තබා ඇත.)

    දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....

    මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..

    මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..

    මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ දිනක අප හැරදා යනු ඇත...

    දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..

    දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල් ජීවිත ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...

    දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..


    සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..

    දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..:oo::oo::oo:

    එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...


    ඉස්සුවේ මෙතනින්...:P

    http://clakshan.blogspot.com/2012/02/why-wedding-ring-should-be-put-on.html


    මගේ 4000 වැනි පෝස්ට් එකට මේවගේ කොපියක් දාන්න වීම ගැන කණගාටු වෙමි..
    මන්ද යත්..විභාගය අත ලඟ..අත පොත ලඟ බැවිනි...
    :(:(:(:(

    ඇනටොමි පාර්ට් එකට විශේෂ ස් තූ ති ය.........

    Originally Posted by Kassaso ..:cool::cool:


    TriggerFingerlabel.jpg



    ඊට පස්සෙ කියන්නම් උඹ කියපු කතාව වෙන්නෙ කොහොමද කියල..
    අපේ ඇඟිලි දිග අරින්න නවන්න පුලුවන් වෙන්නෙ muscle වල ක්‍රියකාරිත්වය නිසා.ඇඟිලිවලට සම්බන්ඳ muscle සමහරක් පිහිටල තියෙන්නෙ වැලමිට සහ මැණික් කටුව අතර.ඒව ඇඟිලි වලට සම්බන්ඳ කරන්නෙ cable වගේ ජාතියකින්.ඒවට කියන්නෙ tendon කියල.අත පිටිපස්ස අල්ලල බලන්න ඔයලා ඒව අහු වෙයි.
    ඉතින් ඇඟිලි දිග අරින්න තියෙන muscle එක තම Extensor Digitorum කියන්නෙ.මේ muscle 1 මහපට ඇඟිල්ල හැර අනිත් ඔක්කොටම සම්බන්ඳ කරනවා.මහපට ඇඟිල්ල සඳහාම වෙන්වෙච්ච වෙනම muscle තියෙනවා..(extensor policis)

    හැබයි විශේෂත්වය කියන්නෙ ඊට අමතරව දඹර ඇඟිල්ල සහ සුලැඟිල්ලට වෙන වෙනම muscles තියෙනවා extensor Indicus සහ Extensor Digiti Minimi කියලා.ඒ හින්ද මහපට ඇඟිල්ලට,දබර ඇඟිල්ලට සහ සුලඟිල්ලට පොදු extensor එක නැතුව උනත් දිග අරින්න පුළුවන් ඒ එයාලට වෙනම muscles තියෙන නිසා.
    හැබයි දුප්පත් මැද ඇඟිල්ලටයි වෙද ඇඟිල්ලටයි එයාලටම කියල muscle එකක් නැහැ.ඒ හින්ද මහපටඇඟිල්ල පීඩනයක් යටතේ නැවිල ඉන්නකොට වෙද ඇඟිල්ල දිග් කරන්න බැහැ.මොකද දෙන්නම ක්‍රියා කරන්නෙ එකම muscle එකක් මගින් නිසා.හැබැයි අනිත් ඇඟිලි ලේසියෙන්ම දිග අරින්න පුලුවන්. ඒ එයාලටම කියල වෙනම muscles පිහිටලා තියෙන නිසා...
     
    Last edited: