කහවත්ත ඝාතනයේ මාධ්‍යය හෙළි නොකළ කතාව

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    කහවත්ත ඝාතනයේ මාධ්‍යය හෙළි නොකළ කතාව

    kahawaththa.jpg
    "බලනවා හලෝ..අපේ ගමේ ගෑනු මරනවා..සාස්තරෙක්ට කිව්වලු ඒ මරණ ඉවර වෙන්නේ අම්මෙකුයි දුවෙකුයි මැරුවට පස්සෙයි කියල..අපේ ගෙදරත් අම්මයි මමයි ඉන්නේ තනියම හලෝ...ඔය කියන අම්මයි දුවයි මමයිඅම්මයිද දන්නේ නෑ.."

    රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි කාවින්දි චතුරංගනී මිට මාස කිහිපයකට උඩදී සිය යෙහෙළියකට පැවසු වදන් දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වුයේය.ඒ හදුනා නොගත් මිනිමරුවකු විසින් පී.ජී. නයනා නිල්මිණි (52) සහ එස්.එම්. කාවින්දි චතුරංගනි (18) යන දෙදෙනාපසුගිය ජනවාරි මාසයේ 31 වනදා සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමගයි.


    මව සහ දියණිය දෙදෙනාම මරා දමා දුෂණය කර තිබුණි.මෙයත් සමගම කහවත්ත ප්‍රදේශය යලිත් බියෙන් ඇලලී ගියේය.පුද්ගලයන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක්ගෙන් කට උත්තර ගත අතර මේ සඳහා සමාජ විද්‍යා වාර්තාවක් සකස් කරන ලෙසටද උපදෙස් ලැබුණි.එහෙත් කුරිරු ඝාතකයා පොලිසියට හසුකර ගැනීමට නොහැකි වුනි.ඔහු අපරාධය වූ ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරිකොට තිබුනේද නැත.

    නමුත් ඊයේ දිනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.එහිදී ප්‍රධාන සැකකරුවන් වුයේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරෙකුය.


    එම පුද්ගලයා මිට පෙර අවස්ථා වලදී ප්‍රශ්නකිරීම් වලට ගෙන ආවත් වැදගත් තොරතුරක් හෙලිකරගැනීමට නොහැකිව තිබුණි.නමුත් ඊයේ දිනයේදී පොලිසියට කොටුවීමත් සමග කහවත්ත ඝාතනය සිදුවූ අයුරු ඔහු පාපොච්චාරණය කොට ඇත.

    ඒ අනුව එම ඝාතනය සිදුකොට ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ වුවමානාව මතය.

    ඔහු මිය ගිය අයගේ පවුලේ ඥාතියෙකුද වේ.ජනවාරි 31 වනදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා එම නිවසට ගිය බවත් නිවස තුලදී මවත් දියණියත් ඝාතනය කල බවත් පසුව දියණිය අසල කැලෑවට ගෙනවිත් ඔවුන් විසින් දුෂණය කල බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරා හෙළිකොට ඇත.

    මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා ඔහුගේ ඥාතීන් ගමෙන් පලා ගොසිනි.ඔහුට දේශපාලන බලවතෙකුගේ සහය ලැබෙන බවට ප්‍රදේශවාසින් විශ්වාස කරයි.සැකකරු අත් අඩංගුවට ගැනීමට ප්‍රමාද වුයේද එම දේශපාලන මැදිහත්වීම නිසා බවද ප්‍රදේශ වාසින් පෙන්වා දුන් අතර ඊයේ දිනයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් ප්‍රීතියට පත්වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු නිවාස හතරකට ගිනි තැබිය.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    කහවත්ත ඝාතනයේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ. -පොලිසිය.



    2012 මාර්තු 08 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:22
    රත්නපුර කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා. පසුගියදා කහවත්ත ප‍්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට රාවයක් පැතිර යාමෙන් අනතුරුව ප‍්‍රදේශයේ ජනතාව එම සැකකරුවන්ට අයත් නිවාස 4කට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණා.

    එම සැකකරුවන් අතර කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක්ද සිටින අතර ඔහුට අයත් නිවස 3 කට සහ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන කහවත්ත ඕපාත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසක්ද ගිනිතබා විනාශ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

    අනතුරුව පොලීසිය තත්ත්වය පාලනය කළ අතර ගිනි තැබීම් ආදිය සිදුකළහොත් මෙම ඝාතනයට අදාල සාක්ෂි ඇත්නම් ඒවා විනාශ වන බැවින් එසේ නොකර පොලීසියට සහයෝගය ලබා දෙන ලෙසයි පොලීසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

    කෙසේ වෙතත් ප‍්‍රදේශයේ කලහකාරී තත්ත්වය පාලනය කර අද අළුයම තෙක් කහවත්ත ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසියේ විශේෂ ආරක්ෂාව යොදවා තිබුණා.

    කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ කහවත්තේ ද්විත්ව ඝාතන සිද්ධියට අදාළව කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීම් පමණක් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා හිරු ප‍්‍රවෘත්ති අංශය සමග කියා සිටියා. ඔහු සඳහන් කළේ ඝාතනයේ සැකකරුවන් පිළිබඳව කඩිනමින් රටට තොරතුරු හෙලි කරන බවයි.

    :(:(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ දරුණු අපරාධක් නම් ඉතිං මංත්‍රී කෙනෙකු අනිවාර්යයෙන්ම ගැවීලා තියෙන්න ඔනේ.:no::no:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මේ වගේ උන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙන්න ඕන..
    ඕකුන් ටිකදවසක් ඇතුලේ ඉදලා එලියට එනව..
    රජකාලේ දඩුවම් තමයි දෙන්න ඕන.. හැමතැනදිම දේශපාලනය ඉස්සරහට එනව...
    මේ වගේ පාලකයෝ ඉන්නකම් රටකට හරියන්නේ කොහොමද?
    මේව කරන උන්ටයි කරවන උන්ටයි හෙණගහන්න ඕන..