අවුරුදු එනවා........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු එනවා........

    මීන රාශියෙං මේෂ රාශියට ඉර තව රව්මක් කැරකෙනවා.........
    නැකැත් සීට්ටුව පෙලට හදාගෙන සිංහල කට්ටිය සැරසෙනවා.......
    තක්කිට තරිකිට රබං ගහන්නට නැන්දලා මාමලා රොක් වෙනවා.....
    රතිංඥා පෙට්ටිය කෙඩෙන් ගෙනෙන්නට කොල්ලො කුරුට්ටෝ දිවයනවා......


    බක් මහ කියලා පෙන්වන්නට මෙන් කොහාද තාලෙට නද දෙනවා....
    ඒ හඩ සද්දෙට වඩා සද්දයෙන් මාමලා බීගෙන මොරදෙනවා......
    කාර් වලිං පුට් බයිසිකලෙන් තව පයිනුත් කට්ටිය දුව යනවා.....
    බාර් එකේ ඇති බෝතල් ඔක්කොම ගෙදර ගෙනල්ලා පුරවනවා..........

    හාල් ගෝනියක් පෙගෙන්න දාලා අම්මලා ඒවා කොටවනවා.......
    මුංඇට බැදලා කොටවලා අරගෙන අමුතුම සුවදක් පැතිරෙනවා....
    පැනි බෝතල් ටික පැන්ට්‍රි කබඩ් එක ඇතුලෙං හෙමිහිට හිනැහෙනවා....
    කරස් කරස් ගා කොකිසක් කන්නට මගෙ කට තවමත් පොපියනවා.....

    අව්වයි වැස්සයි නරියගෙ මගුලයි වාගෙයි අද දින පවතිනවා.....
    වැස්සට අව්වට බයනැති උදවිය අදත් ශොපින් යන්නට යනවා....
    සුනාමි ආවත් අපි නං බය නෑ කඩවත සුනාමි නොම එනවා.....
    කැන්ඩි එකේ මහ සෙනග පහුකරං සුනාමියත් කොහොමද එනවා... :rofl:

    පෙට්‍රල් සෙඩ් වල අයිතිකාරයෝ කුටු කුටු ගාලා මුමුනනවා.....
    අවුරුද්දෙං පසු ඉස්ටොක් එක තව තර කර ගන්නට සැරසෙනවා....
    අන්න බලන් සකි මෙන්න බලන් සකි ඒ එන පොට හොද නැති වෙනවා...
    ආයෙත් ඉන්ධන මිලට කෙලයිදෝ බඩේ ගින්දරත් විමසනවා.....

    ෆෙස්ටිවල් එකට එලව්න්ස් ලැබුනා ඒකත් අරගෙනමයි යන්නේ....
    ඊලග මාසේ සැලරි ඇඩ්වාන්ස් එකත් සාක්කුව පුරවන්නේ.....
    අතරින් පතරින් නයිට් එලව්න්ස් එක එහෙමත් ලැබිලා නේද අනේ....
    ඔක්කොම අරගෙන කඩ මුදලාලිට පුදලා අව්රුදු කමුකො පනේ.....

    අව්රුදු එනවා අවුරුදු යනවා නෑ එය හැමදා පවතින්නේ.....
    අවුරුද්දෙං පසු මොන මොන දේවල් වැඩිවෙයිදෝ නෑ අපි දන්නේ...
    අපේ ආන්ඩුව අපිට හරි ශුවර්, කිසි විට
    නෑ නොහොදක් දෙන්නේ....
    හත්දාස් පන්සියයක් ඇති අපහට අවුරුදු කාලා සැනසෙන්නේ.....
     
    • Like
    Reactions: maheshsenadheera

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    elazzzzzzzz..but mata me sare na bn...shit..italy walata awa vacation ekakata.....
    aiyoooo..duka hithenawa......kamak na...okkotoma happy new year...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මා තේ භවත්වන්තරයෝ - සුඛි දීඝායුකෝ භව


    2012...jpg


    ඔබ සැමට ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!

    ~සස්ලිට්~
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹනම් සිංදු/කවි ලියන මැශිමක්....
    මේ නව් අවුරුද්දේ තව තවත් සිංදු/කවි ලියන්නට සංකල්ප , දනුශ සංකල්පට පහළ වේවා....!
    සුභ අලුත් අවුරුද්දක් වේවා..! :D
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹනම් සිංදු/කවි ලියන මැශිමක්....
    මේ නව් අවුරුද්දේ තව තවත් සිංදු/කවි ලියන්නට සංකල්ප , දනුශ සංකල්පට පහළ වේවා....!
    සුභ අලුත් අවරුද්දක් වේවා..! :D
    11.gif
    ජයවේවා මචං..

    2j5e00.jpg.gif