 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 18,757
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
බුදුන් වහන්සේ දුන් පණිවිඩය කුමක් ද? -
04-30-2012, 03:56 AM
කිසියම් දර්ශනයක යථාර්ථය දැකගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් නම් ඒ දර්ශනය බිහි කළ ඓතිහාසික සමාජීය පසුබිම සලකා බැලීම යි. එවැනි පසුබිමක් නොමැති අවකාශයක් තුළින් කිසියම් දර්ශනයක් ඕපපාතික ව බිහි වෙති යි සිතීම මුළාවකි.
සිද්ධාර්ථ ගෞතමයන් බිහි වූයේ ක්‍රිස්තු පූර්ව හවන සියවසේ ගංගා නදී නිම්නයේ ශාක්‍ය ජනපදයේ යි. එතුමාගේ පියා වූ සුද්ධෝදන රජකු වශයෙන් හඳුන්වනු ලැබූව ද ඔහු විශාල රාජ්‍යයක් පාලනය කළ නරවරයකුට වඩා ගෝත්‍රික නායකයකු වන්නට ඇතැ යි නිගමනය කළ හැකි යි (එවැනි ගෝත්‍රික නායකයෝ ද ඇතැම් විට රජුන් වශයෙන් හඳුන්වන ලදහ). ඒ අතර ම මේ අවධිය වනවිට ශාක්‍ය වංශික ගෝත්‍රික සංඝය ජනපද රාජ්‍යයක් බවට පත් වීමේ පරිණාමය ද ආරම්භ වී තිබෙන්නට ඇත. එහෙත් වැඩි කල් නොගොස් ම බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම කොසොල් රට රජ කළ ප්‍රබල රජකු වූ පසේනදි කොසොල් රජු විසින් ශාක්‍ය වංශිකයන් යුද්ධයෙන් පරදවා ශාක්‍ය ජනපදය අත් කරගන්නා ලදි. ශාක්‍ය ජන සංඝය ජනපද රාජ්‍යයක් බවට පත් වීම නිසා ඇති වූ පීඩාකාරි සමාජ පෙරළිය මෙන් ම ඉන් අනතුරු ව සිදු වූ කුරිරු යුද්ධය ද සිද්ධාර්ථ ගෞතමයන් දැකගන්නට ඇති බව නිසැක ය.
සිද්ධාර්ථ ගෞතමයන් බිහි වූ ශාක්‍ය වංශික ගෝත්‍රික ජනපදය වැනි ජනපද කීපයක්, මල්ල, ලිච්ඡවි, වජ්ජි ආදි වූ ජනපද කීපයක් මේ අවදිය වන විට ගංගා නදී නිම්නයේ දක්නට තිබිණ. මේ ජනපද සියල්ල ගෝත්‍රික අවස්ථාවේ වූ ඒවා හෝ ඒ අවස්ථාව පියමං කරමින් රාජාණ්ඩු බවට පත් වෙමින් තිබුණු ඒවා හෝ බව පෙනෙන්ට තිබේ. හවන සියවස තුළ මේ ගෝත්‍රික ජනපදවලට පෙර නොවූ විරූ අතිමහත් විපර්යාසයකට මුහුණ දෙන්නට සිදු විය.
ඒ විපර්යාසයට හේතු සලකා බැලීමට පෙර මේ ගෝත්‍රික සංඝ ජනපදවල ස්වභාවය, සමාජ සංස්කෘතිය සහ පාලනය පිළිබඳ ව අවබෝධයක් ලබාගැනීම අපගේ කාර්යයට ප්‍රයෝජනවත් වනු ඇත. මේ ගෝත්‍රික ජනපද විද්වතුන් බොහෝ ගණනකගේ අධ්‍යයනයට යොමු වී තිබේ. රීස් ඩේවීස්, භණ්ඩර්කාර්, ජයස්වාල්, ෆීල්ට්, දේව් ප්‍රසාද් චතෝපාධ්‍ය ඔවුනතුරෙන් ප්‍රධාන තැනක් ගනිති. මොවුන්ගෙන් මුල් තිදෙනා එක ම මතයක සිටි අතර, ජයස්වාල්ගේ මතය එයට වෙනස් වෙයි. ජයස්වාල්ට අනුව මේවා ගෝත්‍රික සංඝ පාදක කොට බිහි වුණු ඒවා වුව මේ අවධිය වන විට ඒවා නියත ජනපද (Republic) බවට පත් ව තිබිණ. මේ වාදවිවාද අපගේ කාර්යයට අදාළ නො වේ.
ඉහතින් දැක්වූ විද්වතුන් අතරින් අප කවුරුනුත් හොඳින් දන්නා රීස් ඩේවීස් පඬිතුමා ඒවායේ පාලනය පිළිබඳ ව දක්වා ඇති විස්තරය මෙවැනි වෙයි:
පරිපාලන සහ නීතිමය ක්‍රියාදාමයන් මේ ගෝත්‍රික සමාජය විසින් පවත්වාගෙන යන ලද්දේ මුළු මහත් පිරිස ම සහභාගි වූ ජන සභා ඉදිරියෙහි, සියල්ලන්ට ම සහභාගි විය හැකි අයුරිනුයි. මේ සභාවලට මහලු, තරුණ සියලු දෙන ම සහභාගි වූ හ. ශාක්‍ය ජනපදයේ මේ ජන සභා පවත්වන ලද්දේ කපිලවස්තු පුරයේ වූ සන්ථාගාර නමැති ශාලාවේ යි. ඒ සභාවෙහි නායකයා වශයෙන් කිසියම් තැනැත්තෙක් ඒකමතික ව තෝරාගන්නා ලදි. ඔහු ඇතැම් විටක රජු වශයෙන් හඳුන්වනු ලදි. එසේ හැඳින්වූව ද ඔහු රජකු සතු වන කිසිදු ස්වෛරී රාජ්‍ය බලයක් සතු පුද්ගලයෙක් නො වී ය.
මේ ගෝත්‍රික ජනපද පිළිබඳ පරිපූර්ණ විස්තරයක් මාක්ස්වාදි චින්තකයකු වූ දේව් ප්‍රසාද් චතෝපාධ්‍ය සපයා තිබේ.
ඔහු විසින් මේ ගෝත්‍රික සමාජ හඳුන්වා තිබෙන්නේ ප්‍රාථමික කොමියුනිස්ට්වාදි (Primitive Communist) සමාජ ලෙස යි. මේවායේ රාජ්‍ය තන්ත්‍රයක් නො තිබිණ. සමාජයේ වූ සියලු දෙනා ම එක් වී තෝරාගත් නායකයකු - රජකු යටතේ අවශ්‍ය පරිපාලනය සහ නෛතික කටයුතු සිදුකරන ලදි. කිසිවකුට තමන්ගේ ය කියා පෞද්ගලික දේපළක් නො තිබිණ. සියලු දේපළ මුළු සමාජය ම සතු වූ සාමූහික දේපළක් විය. පෞද්ගලිකවාදයට මුල් තැන දෙන වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒවායේ වූයේ සාමූහිකත්වයට මුල් තැන දෙන සාමූහික ප්‍රජාතන්ත්‍රවාදයකි. වස්තුව රැස් කිරීම, එය තමන් සතු කරගැනීම, බලය අත්පත් කරගැනීම, අනෙකා පරදවා නැඟිට සිටීම ආදි වූ පෞද්ගලිකත්වය හා බැඳුණු ආශාවන්ගෙන් මේ ගෝත්‍රික සමාජ මිදුණේ විය. එංගල්ස් මේ ප්‍රාථමික කොමියුනිස්ට් සමාජය හඳුන්වා දී ඇත්තේ සරල ශාන්ත සද්චරියාවක මහිමය (Simple moral grandeur of the ancient gentile society) ප්‍රතිමූර්ත කළ සමාජයක් ලෙස යැ යි දේව් ප්‍රසාද් පවසයි. අප විසින් ඉහතින් දක්වන ලද පරිදි සිද්ධාර්ථ ගෞතමයන් බිහි වූ හවන සියවස පමණ විට මේ ප්‍රාථමික කොමියුනිස්ට් සමාජ ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පැවතිණ. ධන ආයෝජනයට මුල් තැන දෙන, බල ලෝභයට මුල් තැන දෙන පෞද්ගලිකත්වයට මුල්තැන දෙන තරගකාරි සමාජ බවට මේ සරල සුන්දර සමාජ පෙරළෙමින් තිබිණ.
මේ විපර්යාසයට ප්‍රධාන හේතු කීපයක් වූ බව මේ විද්වතුන්ගේ මතය වෙයි.
එක් හේතුවක් නම් මේ ගංගා නදී නිම්නය තුළ ඇති වූ විශාල කෘෂිකාර්මික දියුණුව යි. පෙරදී ගෝත්‍රිකයන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වගා කරගත් ඉඩම් ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කෝෂ්ඨාගාර බවට පත් විය. එයින් බිහි වූ අතිරික්තය වෙළෙඳාමට අනුබල දෙන්නක් විය. ඒ සමඟ ධනය රැස් කරගැනීම, ඒ සඳහා අවශ්‍ය බලය ලබාගැනීම ආදි වූ ආශා ජනතා සිත්සතන් තුළ පහළ වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු වීම යි; මම ය මා ගේ ය යන සංකල්පය මුල්බැසගැනීම යි. මේ වන විට මේ තරගකාරි සමාජය උනුන් හා ඇනකොටාගැනීම වළක්වාගැනීම සඳහා, සාමය සඳහා ප්‍රබල නායකත්වයක්, බලවත් රජකු අවශ්‍ය වීම අනිවාර්ය විය. මෙය සිදු වූ ආකාරය පිළිබඳ විචිත්‍ර වර්ණනාවක් අග්ගඤ්ඤ සූත්‍රයෙන් හෙළි කර තිබේ. මෙසේ පහළ වූ රජුන්ගේ එක ම අභිලාෂය වූයේ අන් සතු ධනය, වස්තුව තමන් සතු කරගැනීම යි. අහිංසක ගෝත්‍රික ජනපද ආක්‍රමණය කර, ඒ ධනය වස්තුව අත්පත් කරගැනීම මොවුන්ගේ අරමුණ විය. මගධයෙහි රජ කළ අජාතශත්‍රැ වජ්ජීන් විසූ ගෝත්‍රික ජනපදය විනාශ කර අත්පත් කරගැනීම හොඳ නිදසුනක් වෙයි. අජාතශත්‍රැ එවේලෙහි සිය ඇමැතියකු බුදුන් වෙත ඇරියේ සිය අධම ක්‍රියාවට කිසියම් සදාචාරාත්මක බවක් ආලේප කරගැනීම සඳහා විය හැකි ය.
මේ තරගකාරි ප්‍රාථමික ධනවාදයේ ආරම්භයත් සමඟ ක්‍රෑර අත්තනෝමතික රාජාණ්ඩු පහළ වීම නොවැළැක්විය හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ මුළු මහත් සමාජය ම එක ම ව්‍යාධියක ගොදුරු වීම යි. මුළු මහත් සමාජය පෙළන මේ මහා ව්‍යාධියෙහි අක් මුල් කුශාග්‍ර බුද්ධිමතකු වූ සිද්ධාර්ථ ගෞතමයන් විසින් දැකගන්නා ලදි. ගෝත්‍රික ජනයා උන්හිටි තැන් නැති වී අන්ත දුගී භාවයට පත් ව ඇති සැටි එතුමන්ට පෙනිණ. මේ ව්‍යාධියට ගොදුරු වූයේ අසරණ දුප්පත් ජනයා පමණක් නොව, අසීමිත ආශාවන්ගෙන් මෙහෙයවනු ලබන ධන හිමියන් ද එලෙස ම අතෘප්තියෙන් අසහනයෙන් පෙළෙන බව එතුමා දුටුවේ ය.
ඇති නැති සියලු දෙනා ගොදුරු කරගෙන ඇති මේ ව්‍යාධියෙන් ඔවුන් මුදාගත හැක්කේ කෙසේ ද? සිද්ධාර්ථ කුමාරයන් ගිහි ගෙය හැරපියා විවිධාකාර වූ දර්ශනවාදීන් සොයා ගියේ මෙයට පිළිතුරක් ලබාගනු පිණිස යි. සතර පෙරනිමිති දැක මුසපත් වූ ලාමකයකු ලෙස සිදුහත් කුමරුන් හැඳින්වීම එවැනි ප්‍රාඥයකුට කරන නිගරුවක් නො වේ ද? තමන් අත්දුටු මේ ව්‍යාධිය එක් පිරිසකට නො ව, මුළු මහත් වර්ගයාට ම පොදු වූ සනාතන ව්‍යාධියක් බව ද එතුමන්ට පසක් විණ.
මිනිසා පෙළෙන මේ ව්‍යාධියෙන් ඔහු මුදාගැනීමට නම් ඔහු වසන සමාජය මෙන් ම ඔහුගේ අභ්‍යන්තරය ද වෙනස් කළ යුතු බව සිද්ධාර්ථ ගෞතමයෝ බුද්ධත්වය ලබාගැනීමත් සමඟ වටහාගත්හ.
සිය ජනතාව ගොදුරු කරගත් අධම සමාජය වෙනුවට ඔවුන්ගේ හිත සුව සලසන ධාර්මික සමාජයක් නිර්මාණය කළ හැක්කේ කෙසේ ද? මේ ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමේ ව්‍යායාමයේ ප්‍රතිඵලය ලෙස යි උන් වහන්සේගේ අවධානය ගෝත්‍රික සමාජ වෙත යොමු වූයේ.
ඒ ගෝත්‍රික සමාජ සතු ව තිබූ මානව හිතවාදි, සමාජවාදි ලක්ෂණ ගැබ් කොටගත් නව සමාජයක් ප්‍රතිනිර්මාණය කරගත හොත් තමන් පතන ධාර්මික සමාජය පසක් කරගත හැකි බව උන් වහන්සේට පෙනිණ. ඒ ගෝත්‍රික සමාජ සතු ව තිබූ සාමූහික අයිතිය, සාමූහිකත්වය, සල්ලහුක වත, පරාර්ථ චර්යාව, සාමූහික ප්‍රජාතන්ත්‍රවාදය ආදි වූ ලක්ෂණ ගැබ් කොටගත් නව සමාජය පවත්නා අධාර්මික සමාජය සඳහා ඉදිරිපත් කළ හැකි හොඳ ම විකල්පය නො වේ ද? සංඝ සමාජයේ බිහි වීම මේ චින්තනයේ ප්‍රතිඵලය විය. ඒ සංඝ සමාජය ඉහතින් දැක්වූ සියලු මානව හිතවාදි, සමාජවාදි ලක්ෂණවල ප්‍රතිමූර්තිය විය. ඒ සංඝ සමාජය එතෙක් භාරතයේ නොතිබුණු නව නිර්මාණයක් විය. වත්මන් ව්‍යවහාරයට අනුව නම් එය සම කළ හැක්කේ කොමියුනිස්ට් පාටියකට යි.
එවන් උත්තරීතර සමාජයක් ජනතා දෑස අබියසට පත් කිරීම මඟින් විශාල චින්තන විප්ලවයක් ඒ ජනතාවගේ සිත්සතන් තුළ ඇති කළ හැකි බව උන් වහන්සේ දුටහ. සිය දෑස අබියස දිස් වන, සිය ගෞරවාදරයට පාත්‍ර වන උත්තර සමාජයක් ඇසුරු කිරීමට, ඒ අනුව යෑමට ජනතාව පෙලඹෙන බව උන් වහන්සේගේ විශ්වාසය විය. ඒ විශ්වාසය නිසා නො වේ ද, චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය... යන වදන් උන් වහන්සේගේ මුවින් පිට වූයේ.
බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වූයේ පෞද්ගලිකත්වය මම ය මා ගේ ය යන සංකල්පය හැකි පමණ තුනී කරගත් නව මිනිසකු බිහි කරලීම යි. පුද්ගලවාදයට, මම ය, මා ගේ ය යන මමායනයට මූලික පදනම වනුයේ මිනිසාට නොනැසෙන ආත්මයක් ඇති ය යන මිථ්‍යාදෘෂ්ටිය බව බුදුන් වහන්සේ වටහාගත්හ. මිනිසාට එවැනි නොනැසෙන ආත්මයක් නොමැති නම්, මිනිසා යනු ඇති වී නැති වී යන සංස්කාර සමූහයක් නම් එවිට මම යන සංකල්පයකට මමායනකට පැවැත්මක් තිබිය නොහැකි ය. භාරතයේ එතෙක් පහළ වූ සියලු දර්ශනවලට පාදක වූයේ මේ ආත්මවාදය යි. පුද්ගලවාදයට පදනම වන ආත්මවාදය ප්‍රතික්ෂේප කරන තුරු පුද්ගලවාදය සමාජයෙන් තුරන් කළ නොහැකි බව බුදුන් වහන්සේට වැටහිණ. කාලයක් යන තුරු බුදුදහම හඳුන්වන ලද්දේ නෛර්යාත්මවාදය ලෙස යි. භාරතයේ පහළ වූ එක ම නෛර්යාත්මවාදය ද බෞද්ධ දර්ශනය විය.
මිනිසාගේ හද-මනස නව සංස්කරණයක් බවට පත් කිරීමට නම් ආත්මවාදය තුරන් කිරීමට අමතර ව කාමසුඛල්ලිකානුයෝගයත් අත්ථකිලමතානුයෝගයත් බැහැර කර, ජීවිතයේ යථාර්ථය වෙත මිනිසා යොමු කළ යුතු බව උන් වහන්සේ දුටහ. ඒ යථාර්ථය නම් දුක්ඛ සත්‍යය යි.
බුද්ධත්වය ලැබීමෙන් පසු දේශනා කරන ලද පළමු දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ බෞද්ධ දර්ශනයේ සාරාර්ථය ගැබ් වී ඇති බව අපට පෙනී යා යුතු යි. එහිදී බුදුන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධය සඳහා දක්වන ලද ආර්යාෂ්ටාංගික මාර්ගය මෙන් ම විභව තණ්හාව යන සංකල්පය ද මිනිසාගේ එලොව පැවැත්මට වඩා මෙලොව පැවැත්ම අවධාරණය කරනසුලු බව අපගේ වැටහීම යි.
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ මේ දර්ශනය භාරතය තුළ ව්‍යාප්ත වීමටත් උන් වහන්සේ අපේක්ෂා කළ ධාර්මික සමාජය බිහි වීමටත් සියවස් දෙකක් පමණ ගත විය. ඒ සමාජය බිහි කරන ලද්දේ අශෝක අධිරාජයා විසිනුයි. අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද ඒ බෞද්ධ රාජ්‍යය ඔහුගේ ඇවෑමෙන් ඉන්දියාවෙන් තුරන් වූව ද එය හිමි කරගැනීමේ භාග්‍යය අප සතු විය. ද
විසිදුනු ප්‍රකාශකයන් පළ කළ අමතක වූ උරුමය කවන්ධයට හිසක් කෘතියෙනි.
|
 |
Senior Member
|
|
Posts: 607
Join Date: Aug 2011
Location: australia
|
|
|
04-30-2012, 04:46 AM
මත ඔය පොත කියෙව්වා .ගොඩක් හොඳ කරුණු තියෙනවා .බෞද්ධ දේශපාලන දර්ශනයක් ගැනත් කතා කරනවා . e .g ajahn buddhadasa . මේ වගේ පොත් තියෙනවනන් upload කරන්න මචන්. good post .bump .rep +
|
 |
Senior Member
|
|
Posts: 3,755
Join Date: Feb 2008
|
|
|
04-30-2012, 04:48 AM
re-post
|
 |
Senior Member
|
|
Posts: 1,545
Join Date: Jun 2011
|
|
|
04-30-2012, 05:31 AM
thanks...
|
 |
Senior Member
|
|
Posts: 3,755
Join Date: Feb 2008
|
|
|
04-30-2012, 06:16 AM
re-post
|
 |
Senior Member
|
|
Posts: 1,606
Join Date: Nov 2011
Location: Sri Lanaka
|
|
|
04-30-2012, 07:50 AM
bump rep+
|
 |
Senior Member
|
|
Posts: 18,757
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

05-02-2012, 04:30 PM
Quote:
Originally Posted by sinhaleseman
මත ඔය පොත කියෙව්වා .ගොඩක් හොඳ කරුණු තියෙනවා .බෞද්ධ දේශපාලන දර්ශනයක් ගැනත් කතා කරනවා . e .g ajahn buddhadasa . මේ වගේ පොත් තියෙනවනන් upload කරන්න මචන්. good post .bump .rep +
|
බොහොම වටින පොතක් මචං.. පුස්තකාලයෙන් ගත්තෙ.. ඒක ගිහින් දුන්නා..
Quote:
Originally Posted by netlife007
re-post
|
බලපු නැති අයට බලන්න දැම්මා මචං.. අවුලක් නෑ..
Quote:
Originally Posted by HashanR
thanks...
|
Quote:
Originally Posted by netlife007
re-post
|
Quote:
Originally Posted by akozlov68
bump rep+
|
බොහොම ස්තුතියි..
|
 |
Senior Member
|
|
Posts: 1,021
Join Date: Oct 2009
Location: Colombo
|
|
|
05-02-2012, 05:59 PM
Quote:
Originally Posted by crazybuddy
ඒ ගෝත්‍රික සමාජ සතු ව තිබූ මානව හිතවාදි, සමාජවාදි ලක්ෂණ ගැබ් කොටගත් නව සමාජයක් ප්‍රතිනිර්මාණය කරගත හොත් තමන් පතන ධාර්මික සමාජය පසක් කරගත හැකි බව උන් වහන්සේට පෙනිණ. ඒ ගෝත්‍රික සමාජ සතු ව තිබූ සාමූහික අයිතිය, සාමූහිකත්වය, සල්ලහුක වත, පරාර්ථ චර්යාව, සාමූහික ප්‍රජාතන්ත්‍රවාදය ආදි වූ ලක්ෂණ ගැබ් කොටගත් නව සමාජය පවත්නා අධාර්මික සමාජය සඳහා ඉදිරිපත් කළ හැකි හොඳ ම විකල්පය නො වේ ද?
|
මානව හිතවාදය කියන්නේ මිනිහට හරියනවනම් අනික් සත්තුන්ට, පරිසරයට කෙළවෙලා ගියත් කමක් නෑ කියන බටහිරින් ජාතක කෙරුණු අතිශය පහත් සංකල්පයකි.
සියළු බෞද්ධයෝ මානව හිතවාදය නම් පහත් සංකල්පය අවඥාවෙන් බැහැර කරන අතර සියළු සත්වයන් කෙරෙහි පවතින කරුණාවම උසස් ලෙස සලකති. 
බුදුන් වහන්සේද ක්‍රියා කළේ සියළු සත්වයන් කෙරෙහි පවතින කරුණාවෙන්ම මිස මානව දයාවෙන් නොවන බව දැනගත යුතුය.
බුදු දහම ගැන මෙබදු මාක්ස්වාදී විචාර කරන්නට මිත්‍යාදෘෂ්ඨික හාල්පාරුවන්ට ඇති අයිතිය කුමක්දැයි පළමුව අසා ගත යුතුය. බටහිරින් ණයට ගත් යල්පැනගිය සංකල්ප වලින් සදාතනික බුදු දහම විචාරයට ලක් කිරීම හාස්‍යජනකය. 
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|