ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nawakatha saha Ketikatha
Reload this Page ►♥◄ ඔබට තවම මම ආදරෙයි ►♥◄
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
choppe choppe is offline
Senior Member
choppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to allchoppe is a name known to all
 
Posts: 6,540
Join Date: Nov 2007
Location: පාතාලයේ
Love ►♥◄ ඔබට තවම මම ආදරෙයි ►♥◄ - 05-03-2012, 12:07 PM

ගමෙන් කොලඹ ඈවිත් මේ ගෙන්දගම් පොලවෙ පය ගහල පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑ ගගහ බඩු විකුණල, මේසන් බාස්ල ලග අත් උදව් දීලා, කොලඹ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනිසෙක් තමා කලු මහත්තයා. දන්න බාසාවෙන් කියනව නම් ...නවලෝක මුදලාලි මහත්තය. එතුමන් සංගීතය කෙරේ දෑක්වූවේ මහා පුදුමාකාර ආදරයක්.

මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්‍රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත රාශියකට සවන් දීලා. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා. මෙතුමන් තීරණය කරනව සෑම සති අන්තයකම තමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විධානය කිරීමට.

මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ. හේතුව ඈය එතරම් ගීත ශ්‍රවනය නොකරන නිසා. ඒ වගේම දොස්තරවරියක වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා. එම දුව තීරණය කරනව අදාල සාදයන්ට සහභාගි නොවී තමාගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට.

මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින් මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සංගීතයේ මිහිර විදගන්නව. මෙම පෑදුරු සාජ්ජ කණ්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු ප්‍රසන්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායනා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්ණනා කරනව.

මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුණ දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතින ස්ථානයට පෑමිණෙනවා.

ඉතාමත් ප්‍රිය මනාප තරුණයෙකු දෑහෑනට සම වෑදී ගී ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි. ගීය ගයන අතර තුර තරුණයාගේ සහ මෙම කෝටිපති දියනියගේ ඈස් එකට යාවෙනවා. භව ගණනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව.

මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිණෙනව. අදාල තරුණයා ගීත ගායනා කරනව.

එක් දිනක් තරුණිය තරුණයාට පෙම් හසුනක් ලබාදෙනව. තමන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල. මේ වනවිටත් තරුණයාටත් තරුණිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව.

මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්. මේදේ සිදුවිය හෑකිද? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනව. නමුත් ඈයගේ රූප ශ්‍රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈට ලියුමක්දෙනව ආදරය ප්‍රකාශ කිරීම තහවුරු කරල. මෙසේ දෙදෙනා ආදරය කරනව. තරුණියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුණයාව හම්බවෙනව. මෙසේ ඔවුන්ගේ ආදාරය ගලා යනවා.

මේ අතර තරුණ කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනයේ රෑකියාවක් ලබා දී හොදින් සලකනව. නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑ කියනව වගේම මොවුන්ව මුදලාලි මහතාගේ අතටම අහුවෙනව.

ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුණයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව. ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහු සමග පෑනල යයි කියලා. ඔහු ඊට කදිම උපක්‍රමයක් යොදනව. ඒ තමා මේ සම්බන්දයට කෑමතිබව ප්‍රකාශකර තරුණයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම.

ආදරවන්තයො දෙදෙනාත් ඉතාමත් දුකින් තාවකාලිකව වෙන්වෙනව. ඔහු දුරු රටකට යනව. තරුණිය මෙහි තනිවෙනව.

මෙසේ දෙදෙනා රටවල් දෙකක හිටියත් ලියුම් මගින් දෙදෙනා තම අදාරය දිගටම ගෙනියනවා. මේ අතර තරුණිය කෙතරම් ලියුම් ලියුවත් තරුණයා ගෙන් ලියුම් ලීවීම ක්‍රමයෙන් අඩුවී ගොස් නෑවතීම යනව.

ඈ හිත අඬනව. පුලුවන් තරම් අඬනව. නොකා නොබි ඉන්නව. ඈයව අස්වසන පියා පවසන්නෙ ඔහු එරටින් කාන්තාවක් සමග සම්බන්දයක් පටන් ගත්බව තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් දෑන ගත්බවයි.

තරුණයා කෙරෙහි දෑඩි කෝපයක් හා පිලිකුලක් තරුණියගේ හිතේ හටගන්නව. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මුදලාලි මහත්තයා තමන්ට ගෑලපෙන පවුලකින් කෙනෙක්ව ඈට යෝජනා කරනව. ඈත් තම ප්‍රේමවන්තයාගෙන් පලිගන්න ඊට කෑමතිවෙනවා.

මුදලාලි මහතාත් ඉක්මනින්ම විවාහයේ කටයුතු ඉවරකරල දානවා. ඒ ඔහුගේ හිතේ යම් බියක් ඇති නිසා. අර තරුණයා කිසියම් හෝ මොහොතක නෑවත සියරට පෑමිණෙයි කියල.

මෙසේ කාලය ගත වෙද්දි අර තරුණයා ලංකාවට පෑමිණෙනව. ඈවිත් පෙම්වතියව සොයනව. ඈ කසාද බෑදල. මොහු කෙසේ හෝ ඈ සමග කතා කරන්න අවස්ථාවක් ලබාගෙන ඈගෙන් අසනව ඈයි තමාට මෙහෙම කලේ කියල. තරුණිය ඔහුට බෑන වදිනව.

නමුත් තරුණයා දිවුරමින් ප්‍රකාශ කර්න්නෙ තමන් ඈට ලියූ බවත් ඈගෙන් පිලිතුරු නොලෑබුනු බවත්. කෙසේ හෝ දෙදෙනාටම තේරෙනව මුදලාලි මහත්තයා ඔහු එවන ලිපි හන්ගා ඈතිබව. නමුත් දෑන් ඈ කසාද බෑඳල. ඔහු ඈගෙන් නික්මෙනව.

ශ්‍රී ලංකාව තුල බිහිවූ අග්‍රගනයේ ගායයෙකු වන මිල්ටන් මල්ලවාආරච්චි මහතානන් ගීත ගායනයට පිවිසෙන්නෙ ඔය විරහ වේදනාව මතින්. හොදට අහන්න, ඔහුගේ සෑම ගීයකම ඔය විරහව ගෑබ් වෙලා තියානව. මෙම හේතුව මත අදික ලෙස මත්පෑන් වෙත නෑඹුරු වන එතුමානෝ ඉතාම කෙට් කලකදී මෙලොවින් සමු ගන්නව. ඒ තමාගේ පෙම්වතියට අයත් රෝහලේදිම ඈ ඉදිරිපිටදීම වීම දෛවයේ සරදමක්ද?








From FB
Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.13418 seconds with 7 queries