ලඟදි දවසක කියෝපු ලංකාදීප පත්තරේක "දෙයියෝ සාක්කි" තීරුවේ පැණිබීම බෝතලයක් හින්ද තමන්ගෙ බාර්යාව අහිමි කරගත්ත සීන් එකක් තිබුණා. ඒක දැකල ලියවෙච්ච කවි ටික තමයි මේ.
නාවික සෙබල තිස් එක් වියෙහියි උන්නේ
විවාහයට දෑවසරයි ගත වෙන්නේ
නුගේගොඩයි බිරිඳගෙ ගම රට වෙන්නේ
පස්සෙන් පහු මොනරාගල නවතින්නේ
දෙදෙනගෙ ජීවිතේ සතුටින් ගතවෙනවා
මසකට වරක් සැමියා නිවසට එනවා
දෙන්නා තුන්දෙනා වන ලකුණක් එනවා
සැමියගෙ ආදරේ තව තව වැඩි වෙනවා
ආදර බිරිඳ දොස්තර වෙත පෙන්වන්න
යන්නට ගියේ අග නගරය වෙත ඔන්න
කලයුතු වැඩකොටස නිම කරගෙන අන්න
බසයට නැගුන මොනරාගල වෙත යන්න
අතර මගදි පිපාසයක් ආවෝතින් බොන්න
සැමිය වෙලඳ සැලට ගියා බීම එකක් ගන්න
බිරිඳ සිටී බස් රථයේ ඔහු එනතුරු යන්න
බසයට ඔහු ගොඩවෙනවා නිවසට යලි එන්න
ඇගෙ ආදර බස් ටික ටික අඩුවෙනවා
සැමියට ඈගෙ වෙනසක් දැන් වැටහෙනවා
වෙනත් අයෙක් ඈහට සංඥා දෙනවා
සුපුරුදු ලෙසට සැමියත් එය ඉවසනවා
පරකඩුවෙදි බස් එක නවතා ඇත්තේ
තේ බොන අය බැහැලා නොවැ යා යුත්තේ
වැසිකිලි යන්න බිරියට අවැසිව ඇත්තේ
නාවික සැමිය ඈ සමගම බැස ගත්තේ
ආදර බිරිඳ වැසිකිලියට ගෙන යනවා
පිපාසයක් සැමියා හට ඇතිවෙනවා
බස් රථයට ආපසු ඔහු ගොඩ වෙනවා
බීම බෝතලය අරගෙන එය බොනවා
පැය ගානක් ගතවීලා සැමියා නැහැ දන්නේ
සිහි නොමැතිව බස් රථයේ අසුනෙහිමය උන්නේ
බිරිඳ සමග මුකුළු කරපු මිනිසත් නැත උන්නේ
ඒ දෙදෙනා ඔහුට හොරෙන් පැනයන්නට යන්නේ
අසරණ සැමිය මාතර රෝහලේ සිටී
ගැබිනි බිරිඳ පෙම් කෙලිමින් සැඟව සිටී
පොලිසිය ඈව සෙව්වා හැමතැනම ගැටී
ඈව සොයා දුන්නෝතින් දහක් වටී
නිමිත්ත : පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බසයකින් වාර්තා වේ.(2012/03/13 ලංකාදීප දෙයියෝ සාක්කි )
Code:
http://kiriputha.blogspot.com/2012/04/blog-post.html
Last edited:




++++++++++


