ලොව දිගම පිරිත් නූල් පන්දුව !
ලෝකයේ ප්‍රථම, දිගම පිරිත් නූල් පන්දුව හෙවත් “පිරිත්හුය” ලෙස සැලකෙන අඩි 10ක් දිගැති පිරිත් නූල් පන්දුවක් මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථානයේ ප්‍රදර්ශනය කොට ඇත.
අඩි දහයක් හා අඟල් එකක දිගින් යුත් මෙම “පිරිත්හුය” වටිනා දැවයෙන් නිර්මාණය කොට ඇත්තේ, නිල්ලඹ, වාරියගල, බේලින් ජනපදයේ කේ. ජී. කුලරත්න මහතා ය. හෙතෙම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන්නකු වීම ද විශේෂත්වයකි.
2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල්කොට නිමවා පිරිත් කිරීම අරඹා ඇති මෙම පිරිත් හුයෙහි නූල්පටක් මෙම වෙසක් සතිය තුළ මහනුවරට පැමිණෙන පින් කැමති සෑම සැදහවතකුගේම අතෙහි හෝ ගෙලෙහි බැඳී තුණුරුවනේ ආශීර්වාද කිරීම තම අරමුණ බව එම බෝධිමළු විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරථ හිමිපාණන් පවසති.
තථාගත සම්බුදු වදන කැටි වී ඇති පිරිත් දේශනා හරහා ජීවිත සහනය හා මංගල සම්මත අවස්ථා වලදී රත්නත්‍රයේ ආශීර්වාදය ලැබීම බොදුනු ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති නිසාත්, තමන් වහන්සේ කුඩා කල සිටම පිරිත් දේශනාවලට බලවත් ඇල්මක් දැක්වීම සහ ඉන් ජනයාට විවිධ සහන අත්කර දී ඇති නිසාත් මෙම “පිරිත්හුය” සැකසීමට අවශ්‍ය පියවර ගත් බවත් උන්වහන්සේ කීහ.
සාමාන්‍ය නූල් පන්දු 2600 ක් ඔතා සකසා ඇති “පිරිත්හුය” මෙම 03 දින ඇරඹි සර්වරාත්‍රික පිරිත් දේශනයෙන් පසු පෙරවරු 06 සිට 09 දක්වාත්, චතුමධුර හා අෂ්ඨ පාන පූජා කරමින් පිරිත් කරන බවත් පවසන උන්වහන්සේ ලබන වර්ෂයේ වෙසක් මංගල්‍යය එන තෙක් එහි නූල් එතීම සිදුකරන බවත් පවසති.
ශබ්ද විද්‍යාව අනුව නුලක් දිගේ තරංග ගමන් කරන්නේ යැයි පැවසූ උන්වහන්සේ ගිනස් පොතෙහි මෙවන් දෙයක් ගැන සඳහන් නොවන හෙයින්, මෙය ලොව දිගම පිරිත්හුය වෙනු ඇතැයි ද කීහ.