ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page ඕනෙනම් යාන්තම් හිනායයි ඔන්න......
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 15,997
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
laugh ඕනෙනම් යාන්තම් හිනායයි ඔන්න...... - 05-12-2012, 04:52 PM

ලොරි අනතුර

දේශපාලකයෝ දෙදෙනෙක් ඊජිප්තුවේ සංචාරයක් සඳහා ගිය ගමනකදී ලෝක ප්‍රසිද්ධ මමි බලන්නටද ගියෝය. සුදු වෙළුම් පටි රාශියකින් මුළු සිරුරම ඔතා තිබූ මමියක් දෙස විස්මයෙන් මුව අයා බලා සිටි එක් දේශපාලකයෙක් මෙසේ කීවේ ය.

’මේ තරම් බැන්ඩේජ් තොගයක් ඔතන්ඩ තරමට මේ ශරීරෙ ඩැමේජ් වෙන්ඩ ඇත්තෙ, අනුමානයක් නැහැ ලොරියක හැප්පිලා වෙන්ඩ ඇති.’

’තමුසෙ කිව්වා හරියට ම හරි. මේ තියෙන්නෙ ලොරි නොම්මරේ, මෙතන ලියලා, BC 1760 කියල.’ අනෙක් දේශපාලකයා කීවේ එතැන පුවරුවක සඳහන් සටහන දෙස බලමිනි.




ඉරද හඳ ද?

’උඹ හිතන්නෙ වඩා වැදගත් වෙන්නෙ ඉරද හඳ ද?’ නාට්‍යයේ පුහුණුවීම් අතරතුර, තේ පානය සඳහා ලද විරාමයේදී සුජිත් නිශ්ශංක ගෙන් ඇසීය.

’ආයි දෙකක් නෑ, ඉර තමයි වැදගත්.’ නිශ්ශංක පිළිතුරු දුන්නේ ය.

’මම නිකමට හිතුවා උඹ ඔය උත්තරේ දෙයි කියල. හඳ අපිට ආලෝකය දෙන්නෙ එළිය ඕනෑ කරන රෑ කාලෙදි. ඉර එහෙම ද? ඉර පායන්නෙ හොඳ ට එළිය තියෙන වෙලාවටනෙ බං. ඉතින් වැඩිය වැදගත් වෙන්නෙ හඳ නේද?’ සුජිත් පැහැදිලි කළේය.



මං දන්නව නෙ

’මගෙ මේ කරාටේ දැනුම පාවිච්චි කරලා මම ඔය ළමයගෙ තාත්තට ගහනවා දැක්කොත්, ඉෂාර මොකද කරන්නෙ.’ කරාටේ පන්තියේ උපදේශකවරයා කරාටේ පුහුණුව අතර සිසුන්හට උපදෙස් දෙමින් සිටියදී එහි සිසුවකු වූ ඉෂාර දෙස බලා ඇසීය.

’මං මුකුත් කරන්නෙ නෑ.’ ඉෂාර ගත් කටට ම පිළිතුරු දුන්නේ ය.

’මොනවා...? ඇයි ඒ?’ උපදේශකවරයා ඉෂාරගේ පිළිතුරෙන් වික්ෂිප්තව ඇසීය.

’සර්ට හැරිලා ගහන්ඩ තරම් අපේ තාත්තාට ශක්තිය තියෙන බව මම දන්නවනෙ.’ ඉෂාර ඉඟිමරමින් කීවේය.




මැරෙන විදිහ

තම බිරිඳ සමඟ මොකක් දෝ කතාවකට තදින්ම බහින් බස් වූ සෙනෙවි සියදිවි නසා ගන්නට තීරණය කළේය. ඔහු තම නිදන කාමරයට වැදී බාල්කයේ ලණුවක් බැඳ එහි අනෙක් කෙලවර තම ඉණේ බැඳ ගන්නවා, හදිසියේ කාමරයට ආ ඔහුගේ බිරිඳ තුෂාරි දුටුවාය.

’මොනවද ඔය කරන්න හදන්නෙ?’ තුෂාරි ඇසුවේ විමතියෙන් මෙන්ම කෝපයෙනි.

’පේන්නෙ නැද්ද? මං එල්ලිලා මැරෙන්න හදන්නෙ?’ සෙනෙවි කඩා පැන්නේ ය.

’ඉතින් මනුස්සයො ඒකට කඹේ ඉනේ ගහගෙන හරියනවද? බෙල්ලෙ එපායැ ගැටගහ ගන්ඩ.’ තුෂාරි සෝපහාසයෙන් කීවේය.

’තමුසෙ නං කියයි. මං මුලින් එහෙම කරලා බැලුවා.

එතකොට බෙල්ල හිරවෙලා හුස්ම ගන්ඩ හොඳටම අමාරු වෙනවානෙ යෝදියෙ.’ සෙනෙවි පිළිතුරු දුන්නේ ය.



දැන් පරක්කුයි

සිරිල් හන්දියට ආවේ තුවාල වූ එක් අතක් කරේ එල්ලාගෙන නොන්ඩි ගසමිනි. ඔහුගේ මුහුණේ දෙතුන් පොළක ද ප්ලාස්ටර් අලවා තිබුණි.

’මොකෝ සිරිල් ඔය වුණේ?’ හන්දියේදී හමුවූ ඔහුගේ ඥාතියකු වූ චමිල ඇසුවේ ඔළුවේ අත ගසා ගනිමිනි.

’අර මනෝ එක්ක පොඩි කතාවකට පැටලුණා.’ සිරිල් වේදනාවෙන් දෙතොල් සපමින් පිළිතුරු දුන්නේ ය.

’මොනවා! තමුසෙ ඒ කමකට නැති බයගුල්ලාගෙන් අම්බානකට ගුටිකෑවා? කෝ දැන් ඒකා? මේ දැන්ම ගිහින් එයත් එක්ක ඔය ගනුදෙනුව බේරාගමු.’ චමිල කීවේ කෝපයෙන් දත්මිටි කමිනි.

’දැන් පරක්කු වැඩියි බං. ඊයෙනෙ මිනිහව භූමදාන කළේ.’ සිරිල් කීවේය.



දැන් ඒකත් හරි

එක් හවස් ජාමයක, කඩුවෙලට යන අදහසින් රාජගිරියේ බස් නැවතුම් පළේ රැඳී සිටි චන්ද්‍රසේන කඩුවෙල බලා යන ලංගම බස් රථයක් පැමිණියෙන් එයට ගොඩ වැදුණේය. දිනපතා හවස මෙම බස් රථයෙන් යාමට හුරු පුරුදු වී සිටි කාර්යාලයීය සේවක සේවිකාවෝ රැසක් එම බස් රථයේ ඒ වන විටත් සිටි අතර රාජගිරියෙන් ද එවැනි ම පිරිසක් එම බස් රථයට ගොඩ වූහ.


බස් මගීහු සියල්ලෝ ම පාහේ එකිනෙකා දන්නා හඳුනන අය වූ බැවින් බස් රථයට ගොඩ වූ තැන් පටන් ඔවුහු අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, උසුළු විසුළු කරමින්, මහ හයියෙන් සිනා වෙමින් සිටියෝ ය. චන්ද්‍රසේනට මෙම බස් මගීන්ගේ ඇවතුම් පැවතුම් මෙන් ම ඔවුන් වෙත පුළුල් සිනාවක් පාමින්, වචනයක් දෙකක් දොඩමින් ටිකට් කඩන කොන්දොස්තර ගේ කල් ක්‍රියාවද ඇල්ලුවේ නැත.


කොන්දොස්තර තැන තමා වෙත පැමිණි විට අවඥාවෙන් ඔහු දෙස බැලූ චන්ද්‍රසේන මෙසේ කීය.


’තමුසෙ කැලේ ඉන්න ඔක්කොම වල්සත්තු ටික මේ බස් එකට දාගෙන නේද?’


කොන්දොස්තර තැන චන්ද්‍රසේන දෙස බලා විරිත්තා මෙසේ පිළිතුරු දුන්නේ ය.


’සර් කිව්වා හරියට හරි. ඒත් රාජගිරියට එනකං බස් එකට එක බූරුවෙක් අඩුවෙලායි තිබුණෙ. දැන් ඒකත් හරි.’




වැඩකාරයා

”අපේ ගෙදර ඉලෙක්ට්‍රික් වැඩ වගයක් කරගන්ඩ තියෙනවා. බැරිද ඒකට හොඳ කෙනෙක් අල්ලලා දෙන්ඩ” බුද්ධදාස හන්දියේ දී මුණගැසුණු පුෂ්පසිරි ගෙන් ඇසුවේය.


”මොකෝ බැරි? අපෙ මාමණ්ඩියා හොඳ විදුලි කාර්මිකයනෙ. මම මිනිහව අල්ලලා දෙන්නං” පුෂ්පසිරි කීවේය.


මොනවා කතා කරනවද බුද්ධෙ? මාමණ්ඩියා ගිය සුමානෙ අපේ ගෙදර ගේට්ටුවේ බෙල් එකක් හයිකළා.


බෙල් එක ගැහැව්වාම අපේ ලැට් එකේ ලයිට් එක පත්තු වෙනවා.” පුෂ්පසිරි කීවේය.




ළිඳ

කීර්ති තම අලුත් නාට්‍යයේ පිටපත ලියා අවසන් කර ලියන මේසයෙන් නැගිට්ටේ, දෑත් දෙපසට විහිදා ඇඟමැලි කඩා නිළියක වූ තම බිරිය දෙස සතුටින් බලමිනි.


’පිටපත නම් හොඳට ලියවුණා කෙල්ලෙ. මේක දුවන්ඩ නම් හොඳ නමක් දාන්ඩ ඕනෙ. මේ පිටපතේ ලොකු ගැඹුරක් තියෙනවා. නාට්‍යයේ නම ඒ ගැඹුරට ගැළපෙන්ඩත් ඕනෙ. නමෙන් ඒ ගැඹුර පිළිබිඹු වෙන්ඩත් ඕනෙ. ඒ වගේම නම කෙටි වෙන්ඩත් ඕනෙ. එතකොට තමයි මේ නාට්‍යය ප්‍රේක්‍ෂකයො වැලඳ ගන්නෙ.’


කීර්ති තම ඇස් ලොකු කොට උරහිස් ගස්සා තම බිරියට කීවේය.


’නම කෙටි වෙන්ඩත් ඕනෙ නම්, ඕකෙ ඔය කියන තරං ගැඹුරකුත් තියෙනවා නම් ‘ළිඳ’ කියල දාමු.’ බිරිය කීවාය.







Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.25210 seconds with 7 queries