සැමියාගේ වරදින් බිරිද පිට යාම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සැමියාගේ වරදින් බිරිද පිට යාම

    married-couple.jpg

    බෝහෝ සැමියන් විවාහ වී දරුවන් ලැබීමත් සමගම සියූම් නිහැඩියාවක් අනූගමනය කරයි. එනම් බිරිඳ සමග තිබූ සබඳතාව මඳක් ලිහිල් කරමින් කතාබහ අඩූ කරමින් මූදල් ඉපයීම,

    රැකියාවට වඩා ඇළුම් කිරීම, රූපවාහිනි හා පූවත්පත් කියවමින් සමාජ හා දේශපාලන දෑනූම වර්ධනය කර ගැනීමට නැඹූරුවීමයි. මෙම තත්ත්වයට එක් හේතුවක් වන්නේ තමා වගකීම් දරන්නෙකු ලෙසින් පවූලෙහි දියූණූව සකස් කළ යූතු යැයි හා වයසට යෑමට පෙර දරුවන්ට බොහෝ දේ ඉතිරි කළ යූතු යැයි ඔහූූ සිතීමය.


    නමූත් ඔහූගේ බිරිඳ තවමත් සූන්දර සමීප සබඳතාවක් පැවැත්වීමට ප්‍රිය කිරීමෙන් ඇගේ සිතට එම ඈත්වීම සියූම් දුක්බර බවක් එක් කෙරේ. මන්ද විවාහයෙන් කලක් ගතවීමත් සමගම බොහෝ පිරිමින් තම බිරිඳ සමග සාප්පූ සවාරියක යෑම චිත්‍රපට ඇරඹීමට යෑම හෝ විනෝදයෙන් කල් ගෙවීම ප්‍රිය නොකරයි.



    අඩූව පූරවා ගැනීමක්

    පිරිමින් මේ සම්බන්ධයෙන් දුරකට නොසිතුවද මෙම අඩූව ඇගේ ජීවිතයට ප්‍රබලව දෑනෙන අතර සැමියාගේ මූදල් සෙවීමේ වෙහෙස මත නිහඬව සිටී. නමූත් ඇයද එම අඩූව පූරවා ගැනීමට හැකි පූත්‍රයෙකු හෝ සහෝදරයෙකු සේම රැකියාවට යන්නියක නම් එකට සේවය කරන්නකු සමග බොහෝ සමීපවීමක් සිදු වේ. නමූත් මෙම සබඳතාව හා හිතවත්කම් ලිංගිකත්වයෙන් හා ආදරයෙන් තොරවීමද කැපී පෙනෙන්නකි. ඇගේ සියලු අවශ්‍යතා සඳහා ඇය සමග ගමන් කරන්නේද අවශ්‍ය මිළදී ගැනීම් කර දෙන්නේද ඔහූ විසිනි. අවසානයේදී පූතා හෝ සහෝදරයා හෝ නොවන තෙවැනි පූද්ගලයා හා ඇය අතර ඇතිවන හිතවත්කම සමීපතාව සැමියා හා ඇය අතර වූ සමීපතාවට වඩා ප්‍රබල වේ.


    අපූරු බැඳීමක්

    විවාහක කතුන් තම කාර්යාලයේ සමග ඇති කර ගන්නා මෙම සමීප සබඳතාව ඉතා අපූරු එකකි. ඇතැම් විට මෙවැනි හිතවත්කම් සැමියාගේ මිතුරෙකු සමගද ඇතිවීමට හැකිය. මෙය ආදරය හෝ ලිංගිකත්වය පදනම් නොවූවක් වූවද සැමියා හෝ පෙම්වතා සමග අන් අය දක්වන සබඳතාවටත් වඩා ප්‍රබල වීමට ඉඩ තිබේ. දෙදෙනා අතර නිතර දුරකතන ඇමතුම් හූවමාරුවීම දුක්බර අත්දෑකීම් බෙදා ගැනීම ජීවිතයේ විවිධ ගැටළු සාකච්ඡා කිරීමට අමතරව එකිනෙකා නොහමූවී හා නොදෑක සිටීමට බැරි තරමින් සියූම් සැඟවූණූ ආදරණීය ස්වභාවයක්ද පිහිටයි.


    සැමියාගේ අනූමැතිය

    තම බිරිඳගේ මෙම හිතවත්කම සමාන්‍ය දෙයක් මිසක හානි කර නොවූවක් බව සැමියා පැහැදිලිව තේරුම් ගත්තද කල්යත්ම ඔහූ එයට ප්‍රිය නොකරන තත්ත්වයක් ඇතිවී නූරුස්නා ස්වභාවයක් ඇති වේ. එයට බලපාන හේතු කිහිපයකි. එයින් එක් හේතුවක් වන්නේ ඇය නිබඳවම ඔහූ හා ඔහූගේ යහගුණය තම සැමියා සමග පැවසීමෙන් තමාට වඩා ඔහූ ඇයට ලොකු වී ඇතැයි යන්න හැඟීමයි. එයට අමතරව ඔහූගේ මිතුරන් නෑයින් මෙම සබඳතාවට විවිධ අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කිරීමෙන් ඔහූ කලබලයට පත් වේ. මන්ද එම සමීප හිතවත්කම දකින පිටස්තරයන් ඔහූට අඟවන්නේ හේතුවක් නැතිව දෙදෙනකු ඔය තරමින් සමීප නොවන බවය.


    එවිට සැමියා තම බිරිඳගේ සමීපතම මිතුරා පිළිබඳව සැකයෙන් බැලීමට හා ඔහූගෙන් ඇයව ඈත් කිරීමට විවිධ උපක්‍රම යොදයි. නමූත් ඔහූ ඒ කිසිවක් එළිපිට නොකරන්නේ එය වරදක් බව හැඟීමෙනි. ඒ වෙනූවට ඔහූ විවිධ නූරුස්නා දේ කීමට පෙළඹේ. එසේ කරද්දී බිරිඳ බොහෝ කෝපයට පත් වන්නේ තමා හා මිතුරා අතර කිසිදු සම්බන්ධයක් නොතිබීමෙනි. අවසානයේදී දෙදෙනා අතර දබරයක් ඇතිවීමට හේතුවකි.



    බිරිඳක ලෙසින් ඔබ කාර්යාලයේ හෝ හැකි පිරිමියෙකු තමාට මේ තරමින් සමීප වූයේ සැමියා ඇගේ කටයූතු ඉටූ කරදීමට දක්වන අවම උනන්දුව නිසා බව බිරිඳක ලෙසින් ඔබ දනී. එහෙයින් එම මිතුරා පිළිබඳව ඔබට ඇත්තේ බොහෝ දෙයින් උපකාර කරන සැබෑ ශක්තියක් හෝ සහකරුවෙකු ලෙසිනි. නමූත් දෙදෙනා අතර අනියම් සබඳකමක් නොවීමෙන් ඒ සඳහා විරුද්ධව කටයූතු කරද්දී ඔබ ඔහූ බේරා ගැනීමට ඉදිරිපත් වන්නේ වැරදි නොකළ පූද්ගලයෙකුට හිරිහැරයක් වීම වළක්වා ගැනීමටය.



    නමූත් මෙහිදී පිරිමි මානසිකත්වයද ඔබට තේරුම් ගැනීමට සිදුවේ. මන්ද තම ආදරය කරන බිරිඳ හෝ පෙම්වතියට අන් පිරිමියෙකු පමණට වඩා සමීප වීම දෑකීමට කිසිදු පිරිමියෙකු ප්‍රිය නොවේ. එය දෑකීමෙන් ඔහූ තුළ ආරම්භයේ සිටම ඊර්ෂ්‍යාවක් ඇති වූවද එය හෙළි නොකර සිතින් වඳ විඳිමින් ජීවත් වේ. අවසානයේදී ඔහූගේ හැඟීම් පූපූරා යයි.



    දෙවනූව ගැහැනියක ලෙසින් ඔබ සිතිය යූත්තේ ඔහූ මේ අයූරෙන් යම් තැනැත්තියකට සමීපව සිටීම අනූමත කරන්නේද යන්නය. එසේ අනූමත නොකරයි නම් ඔහූට මෙවැනි හිතවත් කමකට එරෙහිවීමට අයිතියක් තිබේ.



    ආදර පරිවර්තනයක්

    ආදරය හෝ ලිංගිකත්වය පදනම් නොවූ මෙවැනි සමීප සබඳකම් ආදරයකින්ම කෙළවර වීමක්ද සිදු වේ. එයට එක් හේතුවක් වන්නේ දෙදෙනාගේ සාමාන්‍ය මිත්‍රත්වයට සැමියා ඔහූගේ මිතුරන් හා නෑයින්ගේ විරුද්ධකම් පාමීන් දෙදෙනාව අසරණ කිරීමය. අවසානයේදී ඔවූන් දෙදෙනාද කල්පනා කරන්නේ අප අතර පෙම් සබඳතාවක් තිබේ ද යන්නය. නමූත් ඒ වන විටදී ඔවූන් දෙදෙනා අතර නිල පෙම් සබඳතාවක් නොවූණද එයට වඩා ප්‍රබල මානසික බැඳීමක් පවතී. එහෙයින් පිටස්තර පීඩනය වර්ධනය වෙද්දී එයින් පලා යෑමේ විකල්පයක් ලෙසින් පෙම් සබඳතාවක් ඇතිවීමටද හැකිය.අවසානයේ කාන්තාව රැවටීමකට පවා ලක් වීමට ඉඩ තිබේ


    ප්‍රවේසමෙන්

    සැමියාගේ සහයෝගය නිවැරදිව නොලැබෙද්දී එයට පිළිතුරක් ලෙසින් අන් පිරිමියෙකුට සමීප වී උදව් උපකාර ලැබීම අද සමාජයේ නිබඳවම සිදුවන්නකි. එහෙත් සමාජය එදෙස බලන්නේ වැරදි ඇසකින් සේම සැමියාටද එය අනූමත කිරීම මනෝ විද්‍යාත්මකව අසීරු වේ. එහෙයින් එවැනි හිතවත්කම් අවසානයේදී ඔබට හානියක් වීමට ඉඩ තිබේ. අවසානයේ මුලා වී අසරණ වෙන අවස්ථාද නැත්තේ නොවේ,එහෙයින් දෙවැනි පිරිමියෙකු ඔබේ ජීවිතයට සමීප කර ගැනීම දෙවරක් කල්පනා කර කළ යූත්තකි.

     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    මූට මුළු ලිපියම කොපි කරන්න පුළුවන්! ගත්තු තැන විතරයි දාන්න බැරි
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මූට මුළු ලිපියම කොපි කරන්න පුළුවන්! ගත්තු තැන විතරයි දාන්න බැරි

    :lol::lol::lol:

    අපේ අල්ලපු ගෙදර ඇන්ටිත් පිට යනව......

    ඇන්ටි විතරක් නෙමෙය් ලංකාවේ අද තත්වේ ඕක තමය්.. තෙරෙනෙවනේ මම කියන දේ..
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    ගූඩ් පොස්ට් මචන්

    REP +8


    P/S : You must spread some Reputation around before giving it to prashan3000 again.