 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,765
Join Date: Feb 2011
Location: Malambe
|
|
|
දෑස්_අහිමි_ආදරය -
05-19-2012, 10:42 AM
අද මම ටිකක් වෙනස් විදිහෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව.ඒ කියන්නෙ ඔයාලගෙ ජීවිත වලට යම් වටිනා දෙයක් ගන්න පුළුවන් කතා 2ක් ඔයාලත් එක්ක බෙදා හදාගන්න හිතුව. විනාඩි 5ක් අරගෙන මේ කතා 2ක කියවන්න. විනාඩි 5ක කතාව ඇතුළෙ විනාඩි 100ක් හිතන්න තරම් කරුණු ඇති බව ඔබට වැටහේවි. ඔබේ අදහස්, උදහස්,හැඟීම් හා දිරි ගැන්වීම් මෙතන ලියන්න.
දෑස අහිමි ආදරය

තමන්ගෙ දෑස් නොපෙනීම නිසා තමාටත්, ලෝකයාටත් වෛර කළ තරුණියක් හිටිය. ඇය සමජය සමඟ කෙතරම් වෛරයකින් පසු උනාද කියතොත් ඇයට කිසිම යහළුවෙක් හෝ යෙහෙළියක් ආශ්‍රයට හිටියෙ නැහැ. ඒ කොහොම උනත් ඇගේ වාසනාවට ඇයට ඉතා කරුණාවන්ත ආදරවන්තයෙක් හිටිය. ඔහු, ඇයට ඉතා
ලෙංගතුව, ඇයව ආදරයෙන් බලා ගත්ත. මේ තරුණියත් ඔහුට සෑහෙන්න ආදරය කලා. ඒ, සමාජයෙන් නොලැබුණු ආදරය ගෞරවය තම ආදරවන්තයාගෙන් නො අඩුව ලැබුණු නිසා.
දිනක් මේ අන්ධ තරුණිය තම ආදරවන්තයාට, "මට ඇස් පෙනීම ලැබුණොත් මම කරන එකම දේ ඔයාව විවාහා කර ගන්න එක" යැයි පැවසුවා. මෙසේ සති කිහිපයක් ගත වී ගියා. දිනක් මේ තරුණියට ජීවිතේ අසන්නට ලැබුණු සතුටුදායකම ආරංචිය අසන්නට ලැබුණා. ඒ යමෙකු විසින් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව ඇයට නිරෝගී ඇස් දෙකක හිමිකාරීත්වය හිමි උනා. දැන් ඇයට මුළු ලෝකමය පේනව. ඇගේ ජීවිතය ඉතා සුන්දර එකක් බව ඇයට වැටහෙන්න ගත්ත. ඇය මුලින් ම කලේ තම ආදරනීය පෙම්වතා වෙත යාමයි. එහෙත් ඇය දුටු දෙයි ඇගේ සිත වෙනස් උනා. ඇගේ පෙම්වතත් අන්ධ පුද්ගලයෙක්. "මේ මනුස්සය අන්ධ මිනිහෙක්නෙ. මම මෙච්චර කල් ආදරය කලේ අන්ධ මිනිහෙකුටද? මම වගේ ලස්සන, ඇස් පේන කෙල්ලෙකුට මේ වගේ මිනිහෙක් ගැලපෙනවද?". මේ වගේ අදහස් සිය ගනනක් ඇගේ හිතට ගලාගෙන ආව. දෙපාරක් නොසිතාම ඈ ඔහුගෙන වෙන් උනා.
මෙසේ දින සති ගෙවී ගියා. දිනක් ඈ අතට ඇගේ හිටපු පෙම්වතා අතින් ලියා එවන ලද ලියුමක් ලැබුණා. එහි මෙසේ ලියැවී තිබුණා.
"මගේ ඇස් දෙක පරිස්සමින් බලාගන්න රත්තරං"
Last edited by .::|Dark_Knight|::.; 05-19-2012 at 11:27 PM.
|
 |
Senior Member
|
|
Posts: 1,765
Join Date: Feb 2011
Location: Malambe
|
|
|
05-19-2012, 10:50 AM
ගල් කැටවලට මූලිකත්වය
විශාල ජෝගුවක් හා කවරයක් අතැතිව දිනක් මහාචාර්යවරයෙක් තම පන්තියට පැමිනියා. තම සිසුන් ඉදිරියේ සිටගත් ඔහු ජෝගුව ගෙන කවරයේ තිබූ ගල් කැටවලින් ජෝගුව සම්පූර්ණයෙන්ම පුරවා, "මේ ජෝගුව දැන්
පිරිලද තියෙන්නෙ?" යැයි සිසුන්ගෙන් විමසුවා. සිසුන් එක හඬින් "ඔව්" යැයි පිළිතුරු දුන්න. නැවත කවරයට අත දැමූ මහාචාර්යවරයා එහි තිබූ පස් අහුරු කිහිපයක් ජෝගුවට එක් කර එය මනාව සෙළවූවා. එවිට ගල් කැට අතර තිබූ හිඩැස්වලින් පස් ජෝගුව තුළට කිඳ බැස්සා. ඉන් පසු මහාචාර්යවරයා පෙර ප්‍රශ්නයම සිසුන් වෙත යොමු කළා"දැන් මේ ජෝගුව පිරිලද?". සිසුනුත් මහත් කුතුහලයෙන් යුතුව "ඔව්" යැයි පැවසුවා. නැවත් කවරයට අත එබූ මහාචාර්යවරයා ඉන් සිහින් වැලි අහුරු කිහිපයක් ජෝගුවට එක් කොට සෙළවූවා. සිහින් වැලි, ගල් කැට හා පස් අතරින් ජෝගුව තුළට කිඳා බැස්සා. නැවතත් මහාචාර්යවරයා සුපුරුදු ප්‍රශ්නය සිසුන් වෙත යොමු කළා. සිසුන් ද සුපුරුදු පිළිතුර ම ලබා දුන්නා.
මදක් සිසුන් දෙස බලා සිටි මහාචාර්යවරය මෙසේ පැවසුවා.
මේ ජෝගුවත් හරියට අපේ ජීවිතය වගේ.මේකෙ තියෙන ගල් කැට හරියට අපේ ජීවිත වලට ඉතා වැදගත් අම්ම, තාත්ත, බිරිඳ, දරුවො වගේ. පස් හරියට අපේ ජීවිත වලට යම්තරමකට වැදගත් රැකියාව, යාන වාහන, ගේ දොර වගේ. සිහින් වැලි හරියට අපේ ජීවිතේට එතරම් වැදගත් නොවන දේවල් වගේ.
ඔබ මුලින්ම ජෝගුව වැලිවලින් පිරෙව්වොත්, ගල් කැටවලටවත්, පස් වලටවත් එහි ඉඩ නැති වේවි. අන්න ඒ දේම ඔබේ ජීවිතවලටත් මුහුන පාන්න සිද්ධ වේවි.
ඒ කියන්නෙ ඔබ නොවැදගත්, කුඩා කුඩා දේවල්වලට මූලිකත්වය දුන්නොත්,
නොවැදගත් දෙයින් ජීවිතේ සම්පූර්ණයෙන් පුරවගත්තොත් ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට ඔබේ ජීවිතේ තුළ ඉඩකඩ නැති වේවි. අන්න ඒ නිසා සෑම විටම ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට මූලිකත්වය දෙන්න.
දෙමාපියන්ට සළකන්න. බිරිඳ සමග රාත්‍රී අහාරයකට යන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න. ගේ දොර පිළිවෙලට තියාගන්න. යහළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න.
මුලින්ම ගල් කැට ටික හොඳින් බලා ගන්න-ජීවිතේට වැදගත්වන දේට මූලිකත්වය දෙන්න. අනෙක් සියලු දේ සිහින් වැලි කැට පමණයි
සංස්කරණය හා පරිවර්තනය dark_knightගෙනි
උපුටා ගත්තෙ මෙතනින්:ahasgavva.blogspot.com
Add Rep+ If You Like My Thread
         
Last edited by .::|Dark_Knight|::.; 05-20-2012 at 07:21 AM.
|
 |
Senior Member
|
|
Posts: 13,266
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
|
|
|
05-19-2012, 11:13 AM
kalakirenava bn kello gena....thuk vitharak...onna oka thamay mage hithata mulinma ave.... +6
|
 |
Senior Member
|
|
Posts: 1,765
Join Date: Feb 2011
Location: Malambe
|
|
|
05-19-2012, 11:47 AM
Quote:
Originally Posted by AWRORA
kalakirenava bn kello gena....thuk vitharak...onna oka thamay mage hithata mulinma ave.... +6
|
උඹටත් ඒ වගේ අත්දැකීමක් තියෙනවද?
Last edited by .::|Dark_Knight|::.; 05-19-2012 at 11:59 AM.
|
 |
Senior Member
|
|
Posts: 1,765
Join Date: Feb 2011
Location: Malambe
|
|
|
05-19-2012, 12:12 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 13,266
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
|
|
|
05-19-2012, 12:40 PM
Quote:
Originally Posted by .::|Dark_Knight|::.
උඹටත් ඒ වගේ අත්දැකීමක් තියෙනවද?
|
mata nam ehema vela ne thama...vennath epa kiyala prarthana karanava....
|
 |
Senior Member
|
|
Posts: 1,675
Join Date: Apr 2012
Location: I forget it!
|
|
|
05-19-2012, 01:16 PM
|
 |
Senior Member
|
|
Posts: 4,826
Join Date: Aug 2010
Location: maravila
|
|
|
05-19-2012, 01:22 PM
MAXXA MACHAN...!!! elama tamai rep denna balu... :-(
|
 |
Senior Member
|
|
Posts: 7,668
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
|
|
|
05-19-2012, 01:24 PM
aathmarthakaami ganu ohoma thamai,, rep++
|
 |
Senior Member
|
|
Posts: 4,587
Join Date: Aug 2011
Location: $#@%!#
|
|
|
05-19-2012, 01:55 PM
kello kiyanna maha chatar jathiyak machan
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|